ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන මුල්ම තරගයෙන් නැමීබියාවට පරාදයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු වටයේ මුල්ම තරගයෙන් නැමීබියාව හමුවේ ලකුණු 55කින් පරාජයට පත් විය.

    තරඟයේ මුලින් පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 163ක් ලබා ගත්තේය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19කදී සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 108ක් පමණි.




    අද උදේ ලෝක කුසලාන පළමු තරගෙන් ශ්‍රී ලංකාව ජයගන්නට වැඩි වාසි - Crictracker

    10/16/2022 09:01:00 AM
    sri-lanka-namibia-world-cup-2022

    2022 ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය ඕස්ට්‍රෙලියාවේදී අරඹමින් මුල්ම තරගය අද ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර පැවැත්වේ.
    ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ 9.30 ට තරගය ඇරඹෙන අතර ස්ථානය : සයිමන්ඩ්ස් ක්‍රීඩාංගනය, ගීලොන්ග්ය.
    ගියවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව දුර්වල ස්ථානයකින් අවසන් කළ නිසා මෙවර ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ වටයකින් පසු තරගාවලියට පිවිසීමට නියමිත අතර මේ හේතුවෙන් මුලින් තරග වදින්නට සිදුව ඇත්තේ ආධුනික කන්ඩායමක් වන නැමීබියාව සමගයි.

    2022 ආසියානු කුසලාන ශූරයන් වන ශ්‍රී ලංකාව 2022 T20 ලෝක කුසලානයේ A කාණ්ඩයේ තරගයෙන් හිටපු ලෝක විස්සයි20 ශූරයන් වන ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීම පැහැදිලි බව ක්‍රිකට් අනාවැකි පවසන crictracker වෙබ් අඩවිය ලිපියක් පළකරමින් පෙන්වාදී තිබේ.


    කෙසේ වෙතත් මෙම ජය පහසු ජයක්නොවනු ඇති බවත් නැමීබියාව හොඳ මට්ටමක සිටින කන්ඩායමක් බවත් ඔවුන් පෙන්වා දී ඇත.
    නැමීබියාව අවසන් වරට සිය විස්සයි20 තරගය ක්‍රීඩා කළේ මැයි මාසයේදීය. ඔවුන් සිම්බාබ්වේට එරෙහිව තරගාවලියක් ජය ගෙන තිබේ. ඔවුන් පෙරහුරු තරගයෙන් අයර්ලන්තය ලකුණු 11කින් පරාජය කළ අතර සිම්බාබ්වේ සමග පැවැති අනෙක් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමිණි.‍
    අද තරගය පවත්වන පිටියේ වාර්තාව අනුව සාමාන්‍යයෙන්, කඩුල්ල සැබෑ පිම්මක් ලබා දෙන අතර එහිදී පිතිකරුවන්ට පන්දු යවන්නන්ට වඩා සුළු ආන්තිකයක් ඇත. කාසියේ වාසිය දිනූ නායකයාට පළමුවෙන් පන්දු යැවීමට අවශ්‍ය විය හැකිය.
    යනුවෙන් සඳහන් කර තිබේ. සයිමන්ඩ්ස් ක්‍රීඩාංගණයේ මෙතෙක් සත්කාරකත්වය ලබාදී ඇත්තේ එක් විස්සයි20 තරගයක් පමණක් වන නමුත් එම ස්ථානයේ දේශීය ක්‍රිකට් රැසක් පවත්වා ඇත.
    ශ්‍රී ලංකා පිල

    පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස් (Wk), ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (ඇ), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක

    නැමීබියාව:

    Stephan Baard, Michael van Lingen, Jan Nicol Loftie-Eaton, Gerhard Merwe Erasmus (c), David Wiese, Zane Green (wk), JJ Smit, Ruben Trumpelmann, Pikky Ya France, Bernard Scholtz, Ben Shikongo

    අද තරගයේ විය හැකි හොඳම පිත්ත කුසල් මෙන්ඩිස් බවද ක්‍රික්ට්‍රැකර් පෙන්වා දෙයි.


    කුසල් මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනු ඇත. ඔහුට යම් දුරට සාර්ථක ආසියානු කුසලාන ස්ථානයක් තිබූ අතර එහිදී ඔහු තරඟ 6 කදී ලකුණු 155 ක් රැස් කළේ සාමාන්‍ය 25.83 ක් ලෙසයි.
    හොඳම ලකුණු 60 සමඟින් ය. මෙන්ඩිස් පළමු තරඟයේදී සාර්ථක පහරක් එල්ල කිරීමට බලාපොරොත්තු වේ.

    හොඳම පන්දු යවන්නා ඩිල්ෂාන් මධුශංක බවද ක්‍රික්ට්‍රැකර් පෙන්වා දෙයි.

    මධුශංක 2022 ආසියානු කුසලානය අතරතුර කාගේත් සිත් ගත්තේය. ඔහු එම තරග මුළු සංඛ්‍යාවේදී කඩුලු 6ක් දවාගත් අතර ඉන්දියාවට එරෙහිව 24ට කඩුලු 3ක් ලෙස හොඳම ලකුණු සංඛ්‍යාව සමඟින් 7.75ක දක්ෂතාවකින් පන්දු යැවීය. කෙසේ වෙතත් ආබාධයක් හේතුවෙන් ඔහු අද තරග වදින්නේ නැත.


    එකොළොස් වන ඉරිදා ඩුබායි හිදී පැවැත්වෙන ආසියානු කුසලාන අවසාන මහා තරගයේ දි පකිස්ථානය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ජෝතිර්වේදී බී.ජි.පි. කරුණාරත්න මහතා පවසයි.

    ජෝතිෂ්‍ය විද්‍යාත්මකව ග්‍රහචාරයට අනුව බලන කල නියත වශයෙන්ම සේ බව පෙනී යන්නේ යයිද ඔහු පැවසීය.

    එපමණක් නොව ඉදිරියේදී පැවැත්වෙන 20-20 ලෝක කුසලානයද ශ්‍රී ලංකාව දිනා ගන්නා බවද ඔහු කියා සිටී.

    අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    😂😂😂කෝ මේකේ ක්‍රිකට් ලෝලියෝ ටික..

    me inne

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟ දිනන්න ආරම්භ වූවා පමණක් බවත් ඉදිරියේදී තවත් බොහෝ ජයග්‍රහණ ඔවුන් ගෙන එනු ඇති බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන් එදා ඇතැම් තීන්දු තීරණ ගනිද්දී සමහරුන් ඊට විවේචන කළ බවද හෙතෙම පැවසීය.

    දැන් ක‍්‍රීඩාව සදහා ක‍්‍රමවේදය් සකස් කර ඇති බවත් කවුරුන් ක‍්‍රීඩා අමාත්‍යවරයා වුවත් එම ක්‍රමවේදය බිඳ නොහෙලන්නේ නම් ක්‍රීඩාව ඉදිරියට යනු ඇති බවත් ඔහු කියා සිටියේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ශූරයින් වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

    ඉතිං අැත්තනේ..මාත් කිව්වෙ නාමල් තමා මේ ජයග්‍රහණ වලට මුල කියලා..
    https://elakiri.com/threads/මං-සිස්...තවත්-බොහෝ-දිනනවා-නාමල්.2071558/#post-28166474
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,027
    113
    Colombo
    එකෙක් මෑන් ඔෆ් ද සීරීස් වෙන්නත් බලන් ඉන්නව නේද ?

    දෙයියො පාස්ටර් ට කියල ගේමක් ගහල දෙයිද ?
     
    • Haha
    Reactions: zid2021