ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින්ට දඩුවම් (Menna wedak)
ශ‍්‍රී ලංකාවට එරෙහිව උපවාසයක යෙදුණු තමිල්නාඩු රංගන ශිල්පීන් පෙනී සිටින චිත‍්‍රපට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රදර්ශනය කිරීම අත්හිටුවීමට ජාතික චිත‍්‍රපට සංස්ථාව අද පොරොන්දු වු බව 'රාවණා බලය' සංවිධානය පවසයි.
එම සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තැකන්දේ සද්ධාතිස්ස හිමියන් කියා සිටියේ, එකී පොරොන්දුව සඳහන් ලිපියක් ද ඔවුන්ගෙන් ලබාගත් බවයි.
'රාවණා බලය' සංවිධානය චිත‍්‍රපට සංස්ථාව ඉදිරිපිට අද පෙරවරුවේ උද්ඝෝෂණයක් කළේය.
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් චිත‍්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතා ප‍්‍රකාශ කලේ, ශ‍්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවල යෙදෙන දකුණු ඉන්දීය සිනමා ශිල්පීන්ගේ චිත‍්‍රපට මෙරට තුළ ප‍්‍රදර්ශනය කිරීම සඳහා එම චිත‍්‍රපට ආනයනකරුවන්ගේ ඉල්ලීමක් ලැබුණහොත්, එම ඉල්ලීම් අමාත්‍යාංශය වෙත යොමුකරන බවයි.
මේ අතර අයි.පී.එල් තරගාවලියට ශ‍්‍රී ලාංකික ක‍්‍රිඩකයින් සහභාගි නොකරන්නැයි ඉල්ලමින් රාවණා බලය සංවිධානය ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයට ද මෙවැනිම ලිපියක් භාරදී තිබිණ.
ඒ සඳහා ලැබුණු පිළිතුරු ලිපියෙන් පසු ඔවුන් කියා සිටියේ ක‍්‍රිඩකයින් ආපසු පැමිණෙන අවස්ථාවේදී එම ක‍්‍රීඩකයින්ට දඩුවම් ලබා දෙන බවයි.
