ෂඩ් අභිඥා

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
[FONT=&quot]ඉද්ධිවිධ ඥාණය -[/FONT]
[FONT=&quot]මෙම ඥාණය තුළින් කෙනෙකුට ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවනි. ඒ කියන්නේ ඒ කෙනාට තමන් වගේ සිය දහස් දෙනක් වුනත් මවන්න පුළුවනි. ඒ සැනෙකින් ආයෙමත් එක්කෙනෙක් වෙන්න පුළුවනි. කාටවත් නොපෙනී යන්න පුළුවනි. බිත්ති[/FONT], [FONT=&quot]තාප්ප[/FONT], [FONT=&quot]කඳු[/FONT], [FONT=&quot]පර්වත වල නොවැදී ඒවා හරහා වුනත් ඉර්ධියෙන් යන්න පුළුවනි. ජලය මත ස්පර්ශ නොවී ඇවිදගෙන යන්න පුළුවනි. ගංගාවක කිමිදී ගිලෙනවා වගේ මහ පොළොවේ කිමිදී වෙන තැනකින් මතුවෙන්න පුළුවනි. කුරුල්ලෙක් අහසේ පියාසර කරනවා වගේ භාවනා ඉරියව්වෙන් අහස පුරා යන්න පුළුවනි. මෙවැනි මහා පුදුම දේවල් කරන්න දක්ෂතාවය ඇතිවෙන ඥාණයටයි ඉද්ධිවිධ ඥාණය කියලා කියන්නේ.

[/FONT]
[FONT=&quot]දිබ්බසෝත ඥාණය -[/FONT]
[FONT=&quot]මේ කියන්නේ දිව්‍ය ශ්‍රවනය ඇතිකර ගැනීමයි. මේ ඥාණය ලැබූ කෙනෙකුට මේ ලෝකයේ මිනිසුන්ගේ කතාබහ විතරක් නෙවෙයි දෙව්ලොව දෙවියන්ගේ කතාබහක් පවා ඇසීමේ හැකියාව ලැබෙනවා. දුර ළඟ භේදයක් නැහැ. ඕනම දුරක කතාකරන දෙයක් ළඟ ඉන්නවා වගේ අහන්නට පුළුවනි. මේ විද්‍යාවට කියන්නේ දිබ්බසෝත ඥාණය කියලයි.

[/FONT]
[FONT=&quot]පරචිත්තවිජානන ඥාණය -[/FONT]

[FONT=&quot]මේ විද්‍යාව පහල කරගත්ත කෙනෙකුට ඕනම කෙනෙක් සිතන දේ දැනගන්න පුළුවනි. මේ හිතේ එක එක ස්වභාවයන් ඇතිවෙනවා. සමහර අවස්ථා වල ආසාව ඇති වෙනවා. තව වෙලාවක ආසාව නෑ. සමහරවිට තරහ ඇති වෙනවා. තව වෙලාවක තරහ නෑ. සමහර වෙලාවට හිත ඇකිලෙනවා. වැඩකට යොදවන්න බෑ. එතකොට නිදිමත හැදෙනවා. සමහරවිට සිත විසිරෙනවා. එතකොටත් වැඩකට යොදවන්න අමාරුයි. මෙවැනි නොයෙක් අකාරයෙන් හිතේ ඇතිවෙන වෙනස්කම් මේ විද්‍යාව පහල කරගත්ත කෙනාට එක සැණින්ම දැනගන්න පුළුවනි. මේ ඥාණයේ තියෙන විශේෂත්වය තමා වෙන කෙනෙක් හිතන දේ[/FONT], [FONT=&quot]කල්පනා කරන දේ[/FONT], [FONT=&quot]සැලසුම් කරන දේ මේ කෙනාට ඒ මොහොතෙම තේරෙන එක....... අර හිතන[/FONT], [FONT=&quot]කල්පනා කරන කෙනාට සමාන්තරවම.[/FONT]
 
  • Like
Reactions: sudunone

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
[FONT=&quot]පුබ්බේනිවාසානුස්සති ඥාණය -[/FONT]
[FONT=&quot]මේ විද්‍යා ඥාණය සාක්ෂාත් කළ කෙනාට තමන්ගේ ජීවිතය ආපස්සට බලන්න පුළුවනි. තමන් සංසාරයේ කවර ආකාරයේ ජීවිත ගෙවා තිබෙනවාද[/FONT], [FONT=&quot]කවර ආකාරයේ කාම් බීම් කාල තියෙනවාද[/FONT], [FONT=&quot]කවර අකාර[/FONT][FONT=&quot]යේ සැප දුක් විඳල තියෙනවාද කියල බලන්න පුළුවනි. යම් කෙනෙක් ගමකට යනවා. ඒ[/FONT][FONT=&quot] ගමෙන් වෙනත් ගමකට යනවා. ඒ ගමෙන් තවත් ගමකට යනවා. ආපහු [/FONT][FONT=&quot]හැරිලා කලින් හිටිය ගමටම එනවා. ඇවිදින්කල්පනා කරනවා.... "මම අසවල් ගමට ගියා. අසවල් අය මුණ ගැහුනා. අසවල් අසවල් කෑම කෑවා. අසවල් සැප දුක් ලැබුනා. එතනින්[/FONT][FONT=&quot] අසවල් ගමට ගියා. එතනදි අසවල් පුද්ගලයන් මුණගැහුනා. අසවල් දේ කෑවා. මේ මේ සැප දුක් වින්දා. එතනින් අසවල් තැනට ගියා. ආපහු මෙතනට ආවා."...... මේ විදියට බලන්න පුළුවනි. මේක විශේෂිත වූ ඥාණයක්. [/FONT]'[FONT=&quot]පෙර විසූ කඳ පිළිවෙළ ද[/FONT][FONT=&quot]ක්නා නුවණ[/FONT]' [FONT=&quot]කියලයි සිංහලෙන් කියන්නේ. සමහරුන්ට කල්ප ගණන් ආපස්සට දකින්න පුළුවනි. සමහරුන්ට ජීවිත දෙතුන් දාහක්...... සමහරුන්ට ලක්ෂ ගණනක් ආපස්සට දකින්න හැකියාව[/FONT], [FONT=&quot]හපන්කම තියෙනවා මේ පුබ්බේනිවාසානුස්සති කියන විද්‍යා ඥාණය උපදවා ගත්තහම.[/FONT]

[FONT=&quot]චුතූපපාත ඥාණය -[/FONT]

[FONT=&quot]මේ සසර සැරිසරන සත්වයන් චුත වෙන ආකාරය[/FONT], [FONT=&quot]ඒ වගේම යළි උපදින ආකාරය දකින්න පුළුවනි මේ විද්‍යා ඥාණය ලබපු කෙනෙකුට. සත්වයන් චුත වීමේදී ඒ ඒ කෙනා විසින් තම තමන්ගේ සිත[/FONT], [FONT=&quot]කය[/FONT], [FONT=&quot]වචනය මෙහෙයවා කරන ලද කර්මානුකූලව තමා චුත වෙන්නේ. ඔහු ජීවත්ව සිටියදී කරන ලද කර්මයන්ට අනුව ඔහුගේ විඤ්ඤාණය සකස් වෙනවා. ඒ කර්මානුරූපව සකස් වෙච්ච විඤ්ඤාණය තමා චුත වෙන්නේ. ඉතින් ඒ විඤ්ඤාණය විපාක දීමට සුදුසු පරිසරය ඇති තැනකට යැවෙනවා.[/FONT] [FONT=&quot]ඒ සිදුවන්නේ තනිකරම කර්මානුරූපවයි. භවය කියන්නේ ඒකටයි. සමහරු බිත්තර ඇතුලේ උපදිනවා. සමහරු මව් කුසක උපදිනවා. කිරි බීල වැඩෙන හුඟක් සත්තු උපදින්නෙ මව් කුසේ. සමහරුන් සංසේදජ යෝනියේ.... ඒ කියන්නෙ තෙත් පරිසරයේ උපදිනවා. තවත් සමහරුන් ඕපපාතිකව. ඒ කිව්වේ කර්මානුරූපව ඉබේ පහල වෙනව. දෙව් ලොව දෙවිවරුන්[/FONT], [FONT=&quot]අපායෙ නිරි සතුන් වගේම ප්‍රේතයනුත් උපදින්නේ ඕපපාතිකවයි. චුතූපපාත ඥාණය ලැබූ කෙනෙකුට මේ සෑම චුති-උපත් අවස්ථාවක්ම දැකගන්න පුළුවනි. භාග්‍යවතුන් වහන්සේ ඒක උපමාවක්න් මේ විදියට වදාරණවා......... ඔන්න කෙනෙක් තරමක් උස කඳු මුදුනකට නගිනවා. නැගලා පහළ ගම දිහා බලනවා. ගමේ ඈතින් ඈත ගෙවල් තියෙනවා. සමහරු ගෙවල් ඇතුළෙ ඉන්නවා. සමහරු ගෙවල් වලින් පිටත් වෙනවා. සමහරු පාරෙ ඇවිදිනවා. ඉතින් මේ චුතූපපාත ඥාණය ලබාගත්ත කෙනා අර කන්ද උඩට නැගගත්ත කෙනා වගේ. එයා පහළ බලද්දී දකින දෙයට සමාන දෙයක් නුවණින් දකිනවා. ඒ සත්වයන් කර්මානුරූපව උපදින ආකාරයත්[/FONT], [FONT=&quot]කර්මානුරූපව චුත වෙන ආකාරයත්.

[/FONT]
[FONT=&quot]ආසවක්ඛය ඥාණය -[/FONT]
[FONT=&quot]රහතන් වහන්සේ කියන්නේ මේ උතුම් විද්‍යා ඥාණය සාක්ෂාත් කළ කෙනාටයි. මේ ඥාණය ලබන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ වීම තුළිනුයි. ආස්‍රව කියලා කියන්නේ කෙලෙස් වලට. මේ ආස්‍රව චිත්ත අභ්‍යන්තරයෙහි මුල් බැසගෙන තියෙනවා. බැලූ බැල්මට පේන්නෙ නෑ. නමුත් මේ ආස්‍රවයන් නිසා පුද්ගලයන්ට උපතක් කරා යන්නට මඟ සකස් වෙනවා. ආස්‍රව වර්ග තුනක් ගැන බුද්ධ දේශනා වල සඳහන් වෙනවා මේ විදියට.[/FONT]

[FONT=&quot]කාම ආස්‍රව[/FONT]
[FONT=&quot] - කාමයන් පිළිබඳ ඇල්ම උපදින ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දේ[/FONT]

[FONT=&quot]භව ආස්‍රව[/FONT]
[FONT=&quot] - විපාක පිණිස කර්ම සකස් වෙන ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දේ[/FONT]

[FONT=&quot]අවිජ්ජා ආස්‍රව[/FONT]
[FONT=&quot] - අනවබෝධය කරාම[/FONT], [FONT=&quot]ආර්ය සත්‍ය අවබෝධයෙන් තොර බව කරාම යන්නට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දේ[/FONT]

[FONT=&quot]මේ ආස්‍රවයන් සම්පූර්ණයෙන්ම ක්ෂයවී යාම තමා ආසවක්ඛය ඥාණය කියන්නේ. ඒ විද්‍යා ඥාණය ගැනත් භාග්‍යවතුන් වහන්සේ ලස්සන උපමාවක් වදාළා මේ විදියට.... ඔන්න කන්දක් තියෙනවා. ඒ කන්ද මුදුනේ පැන් පොකුණක් තියෙනවා. ඒ පොකුණේ වතුර ඉතාමත් පැහැදිලියි. ඔන්න දැන් ඇස පෙනෙන කෙනෙක් ඒ කන්ද මුදුනට නගිනවා. අර පොකුණ දිහා බලනවා. ඉතා හොඳින් පෑදී ඇති ජලය තියෙන ඒ පොකුණේ අ[/FONT][FONT=&quot]ඇති සෑම දෙයක්ම පේනවා. ඒ කියන්නේ පොකුණේ අඩිය පේනවා. පීනන මසුන් පේනවා. කැට කැබිලිති පේනවා.[/FONT][FONT=&quot]සෑම දෙයක්ම පේනවා. ඒ වගේ ආසවක්ඛය ඥාණය ලබාගත් කෙනාට ආස්‍රවයන්ගේ ක්‍රියාකාරීත්වය[/FONT], [FONT=&quot]ඒවායේ හටගැනීම[/FONT], [FONT=&quot]නැතිවීම වගේම හේතු වන කරුණුත් බොහොම පැහැදිලිව පේනවා. ප්‍රඥාව දියුණු කරන ආකාරයත්[/FONT], [FONT=&quot]ඒත් එක්කම ආස්‍රවයන් ගෙවිලා[/FONT], [FONT=&quot]නැතිවෙලා යන ආකාරයත් එයාට පේනවා. ප්‍රඥාව දියුණු කිරීමෙන්මයි ආස්‍රවයන් සකස්වෙන හේතුව ප්‍රහාණය වෙන්නේ. ඒ විදියට ආස්‍රවයන් ක්ෂය වී ගියාට පස්සේ එයා ඒ බව නුවණින් දකිනවා. ඒ තමයි ආසවක්ඛය ඥාණය නැමති නිර්මල බුදු දහමක් තුළ පමණක්ම හමුවන උතුම්ම විද්‍යාව.[/FONT]
 
kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    සාදු! සාදු!! සාදු!!!
    පින්වත් මිතුර, බොහොම පින් මේ තොතුරු ගෙන ඒම ගැන...

    තෙරුවන් සරණයි!
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Gautama Buddha describes the following as iddhi power.

    • Multiplying the body into many and into one again
    • Appearing and Vanishing at will
    • Passing through solid objects as if space
    • Ability to rise and sink in the ground as if in the water
    • Walking on water as if land
    • Flying through the skies
    • Touching anything at any distance (even the moon or sun)
    • Traveling to other worlds (like the world of Brahma) with or without the body.
    http://en.wikipedia.org/wiki/Iddhi

    :yes:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මට මේ ආස්‍රවයන් කියන අදහස ඒ තරම් පැහැදිලි නැහැ. ඒ කියන්නෙ තණ්හාවක් ඇති වීමට ඉඩකඩ ඇති බව ද?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං මේ එක එක ධ්‍යාන ලබාගන්න අනුගමනය කලයුතු මාර්ග මොනවාද?
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මට මේ ආස්‍රවයන් කියන අදහස ඒ තරම් පැහැදිලි නැහැ. ඒ කියන්නෙ තණ්හාවක් ඇති වීමට ඉඩකඩ ඇති බව ද?

    ආසාවන්, තණ්හාවන් කියන අදහස...:)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ප්‍රාතිහාර්ය

    මමියක් හින්ද ලොකු වලියක්.

    මට මේ කතාවත් එක්ක මතක් වුණා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ නොදිරා පවතින දේහය පිළිබඳ කතාව. උන්වහන්සේගෙ ගුරු හිමියන් සිද්ධාලෝක නම් ඖෂධය වැළඳුවෙ අශ්ව ලොමකට ටිකක් අරන්, ඒකත් තුන් පාරක් ගසා දැමීමෙන්. ශ්‍රී රාහුල හිමියන් බෝතලේ පිටින් ගහල ඇරියලු. ඊට පස්සෙ ටික වෙලාවක් සිහි නැතුව ඉඳල තියෙනව. මේ ඖෂධයෙ බලගතුකම නිසා උන්වහන්සෙගෙ සිරුර නරක් නොවී අවුරුදු 4000ක් ද කොහෙද පවතින බව අවසාන කාලෙ විසූ ගල්ගුහාවෙ ඇති තඹ පත්‍රයකත් සටහන් කර තිබුණලු.

    නමුත් පෘතිගීසිකාරයින් මේ දේහය ඩැහැගෙන ගෝවට ගෙන ගියා. එසේ ගෙන යාමට මුල් වූ ෆ්රැන්සිස් සේවියර් මුහුදු ගමනේ මැදදි රෝගි වී මිය ගියා. අනික් නාවිකයින් නොදිරන සිරුර ඔහුගේ බව ප්‍රකාශ කරල, සේවියර්ට සාන්තුවර තනතුරක් ලබා දුන්නා- ප්‍රාතිහාර්යයක් පානවනම් සාන්තුවරයෙක් වෙන්න පුලුවන් ඒ ආගමේ.

    මෙතනදි පැහැදිලි එක දෙයක් තමයි, පිළිගත හැකි කථා වස්තුව ඇත්තෙ රාහුල හිමියන් සම්බන්ධව බව. බෙහෙතක් හේතුවෙන් සිරුරක් නොදිරා පැවතිය හැකිය කියන එක තමයි වඩාත්ම පිළිගත හැකි මතය.

    මම මේ කතාව අභිඥා පිළිබඳ හුයෙ දැම්මෙ හේතුවක් ඇතුව.

    ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව බුදු හිමියන්ට මෙන්ම උන් වහන්සේගෙ ශ්‍රාවකයන්ටත් තිබුණා. නමුත් ප්‍රාතිහාර්ය පා අනුගාමිකයන් ඇති කර ගැනීම උන් වහන්සේ ශ්‍රාවකයන්ට තහනම් කළා. හේතුව පැහැදිලියි. ප්‍රාතිහාර්ය හැම කෙනෙක්ම පිළි ගන්නෙ නෑ. පිළි ගත්තත් ප්‍රාතිහාර්ය නිසා ඇති වෙන ශ්‍රද්ධාව තේරුමක් ඇති දෙයක් නෙවෙයි. ප්‍රාතිහාර්යය ප්‍රාතිහාර්යයක්මයි කියල ඔප්පු කරන්න අනික් අය එක්ක වාද කරන්න වෙනවා. මොකද, ඔප්පු කරන්න බෑනෙ. ප්‍රාතිහාර්ය ගැන කළකිරුණම, විශ්වාසය නැතුව ගියාම, ශ්‍රද්ධාවත් නැතුව යනවා. ඒ නිසා ශ්‍රද්ධාව ඇති කර ගත යුත්තෙ ප්‍රාතිහාර්ය දිහා බලල නෙවෙයි.
     
    Last edited:

    "බෙහෙතක් හේතුවෙන් සිරුරක් නොදිරා පැවතිය හැකිය කියන එක තමයි වඩාත්ම පිළිගත හැකි මතය."

    මේ සිද්ධියේ කිසිම ප්‍රාතිහාරයක් නෑ..ඒ බෙහෙතේ ක්‍රියාකාරිත්වය නැවතුනාම ඔය සිරුරත් දිරලා යයි..
     
    ඉතාම වටිනා දහම් කරුනු දැක්වීමක්.(ඉතා සරල සිංහලෙන්)කරුනු ගොනු කිරීම සඳහා සෑහෙන වෙහස වී ඇති බව පෙනෙනවා.සබ්බ දානං ධම්ම දානං ජිනාති බුදු වදන අනුව ඔබ කල ඇති දේ මහානර්ඝයි.:):):)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මමියක් හින්ද ලොකු වලියක්.

    මට මේ කතාවත් එක්ක මතක් වුණා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ නොදිරා පවතින දේහය පිළිබඳ කතාව. උන්වහන්සේගෙ ගුරු හිමියන් සිද්ධාලෝක නම් ඖෂධය වැළඳුවෙ අශ්ව ලොමකට ටිකක් අරන්, ඒකත් තුන් පාරක් ගසා දැමීමෙන්. ශ්‍රී රාහුල හිමියන් බෝතලේ පිටින් ගහල ඇරියලු. ඊට පස්සෙ ටික වෙලාවක් සිහි නැතුව ඉඳල තියෙනව. මේ ඖෂධයෙ බලගතුකම නිසා උන්වහන්සෙගෙ සිරුර නරක් නොවී අවුරුදු 4000ක් ද කොහෙද පවතින බව අවසාන කාලෙ විසූ ගල්ගුහාවෙ ඇති තඹ පත්‍රයකත් සටහන් කර තිබුණලු.

    නමුත් පෘතිගීසිකාරයින් මේ දේහය ඩැහැගෙන ගෝවට ගෙන ගියා. එසේ ගෙන යාමට මුල් වූ ෆ්රැන්සිස් සේවියර් මුහුදු ගමනේ මැදදි රෝගි වී මිය ගියා. අනික් නාවිකයින් නොදිරන සිරුර ඔහුගේ බව ප්‍රකාශ කරල, සේවියර්ට සාන්තුවර තනතුරක් ලබා දුන්නා- ප්‍රාතිහාර්යයක් පානවනම් සාන්තුවරයෙක් වෙන්න පුලුවන් ඒ ආගමේ.

    මෙතනදි පැහැදිලි එක දෙයක් තමයි, පිළිගත හැකි කථා වස්තුව ඇත්තෙ රාහුල හිමියන් සම්බන්ධව බව. බෙහෙතක් හේතුවෙන් සිරුරක් නොදිරා පැවතිය හැකිය කියන එක තමයි වඩාත්ම පිළිගත හැකි මතය.

    රහල් හිමියන් තම දේහය නොදිරා තිබීමට සිද්ධාලෝක රසය නැමැති ඖෂධය පාවිච්චි කළ නිසා දිගටම එහි නිය රැවුල් වැඩෙමින් පැවතුණී.මේ පිළිබද එතුමන් විසින් සවිස්තරව තඹ සන්නසක ලියූ ශ්ලෝකයක සදහන් වේ.නමුත් මේ අශව කෙන්දේ කතාව එන්නේ සරස්වතී තෛලයට බවයි මගේ මතකය එමගින් එතුමාට අසමසම ධාරණ ශක්තියක් හා ස්මරන ශක්තියක් ලැබුණායයි කියැවෙනවා

    කාලයක් තිස්සේ විශාල වෙහෙසක් දරා අවසානයේදී රහල් හිමියන්ගේ සිරුර රැගෙන ඉන්දියාවට පලා යෑමට පෘතුගීසීන් සමත් වු බව කියවේ. මිශනාරි කටයුතුවලට සහභාගී වීමට පැමිණි ෆ්රැන්සිස් සේවියර් තුමා අතරමගදී අතීසාරය සැදී මිය යෑම නිසා ඔහුගේ සිරුර ලෙස නිය රැවුල් වැවුන රහල් හිමිගේ දේහය වංචනිකව සදහන්කොට ගෝවට රැගෙන ගොස් බැසිලිකා දේවස්තානයේ තැම්පත් කර බවද කියැවේ.

    මම මේ කතාව අභිඥා පිළිබඳ හුයෙ දැම්මෙ හේතුවක් ඇතුව.

    ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව බුදු හිමියන්ට මෙන්ම උන් වහන්සේගෙ ශ්‍රාවකයන්ටත් තිබුණා. නමුත් ප්‍රාතිහාර්ය පා අනුගාමිකයන් ඇති කර ගැනීම උන් වහන්සේ ශ්‍රාවකයන්ට තහනම් කළා. හේතුව පැහැදිලියි. ප්‍රාතිහාර්ය හැම කෙනෙක්ම පිළි ගන්නෙ නෑ. පිළි ගත්තත් ප්‍රාතිහාර්ය නිසා ඇති වෙන ශ්‍රද්ධාව තේරුමක් ඇති දෙයක් නෙවෙයි. ප්‍රාතිහාර්යය ප්‍රාතිහාර්යයක්මයි කියල ඔප්පු කරන්න අනික් අය එක්ක වාද කරන්න වෙනවා. මොකද, ඔප්පු කරන්න බෑනෙ. ප්‍රාතිහාර්ය ගැන කළකිරුණම, විශ්වාසය නැතුව ගියාම, ශ්‍රද්ධාවත් නැතුව යනවා. ඒ නිසා ශ්‍රද්ධාව ඇති කර ගත යුත්තෙ ප්‍රාතිහාර්ය දිහා බලල නෙවෙයි.
    අහසින් ගිය බමුණාගේ කතාව හොද උදාහරණයක් :)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0

    රහල් හිමියන් තම දේහය නොදිරා තිබීමට සිද්ධාලෝක රසය නැමැති ඖෂධය පාවිච්චි කළ නිසා දිගටම එහි නිය රැවුල් වැඩෙමින් පැවතුණී.මේ පිළිබද එතුමන් විසින් සවිස්තරව තඹ සන්නසක ලියූ ශ්ලෝකයක සදහන් වේ.නමුත් මේ අශව කෙන්දේ කතාව එන්නේ සරස්වතී තෛලයට බවයි මගේ මතකය එමගින් එතුමාට අසමසම ධාරණ ශක්තියක් හා ස්මරන ශක්තියක් ලැබුණායයි කියැවෙනවා

    කාලයක් තිස්සේ විශාල වෙහෙසක් දරා අවසානයේදී රහල් හිමියන්ගේ සිරුර රැගෙන ඉන්දියාවට පලා යෑමට පෘතුගීසීන් සමත් වු බව කියවේ. මිශනාරි කටයුතුවලට සහභාගී වීමට පැමිණි ෆ්රැන්සිස් සේවියර් තුමා අතරමගදී අතීසාරය සැදී මිය යෑම නිසා ඔහුගේ සිරුර ලෙස නිය රැවුල් වැවුන රහල් හිමිගේ දේහය වංචනිකව සදහන්කොට ගෝවට රැගෙන ගොස් බැසිලිකා දේවස්තානයේ තැම්පත් කර බවද කියැවේ.

    අහසින් ගිය බමුණාගේ කතාව හොද උදාහරණයක් :)

    ස්තුතියි අමිල, වරද පෙන්වා දුන්නාට.