සංගක්කාර ගැන කතා ටිකක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සංගක්කාර ගැන කතා ටිකක්

    මේ තමයි සංගක්කාර

    wpid-279022982236463.jpg


    Kumarශී‍්‍ර ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවන් අතළොස්ස අතරට වැටෙන කුමාර් සංගක්කාර ටෙස්ට් කී‍්‍රඩකයකු වශයෙන් ඔහු පෑ විශිෂ්ටත්වය අපූරුය. එක්දින අන්තර්ජාතික තරග සම්බන්ධයෙන් වුවද තත්ත්වය එය එසේම විය හැකි නමුත් සංගක්කාර යනු හුදු කි‍්‍රකට් කී‍්‍රඩකයකු පමණක්ද නොවේ.
    මානව හැගීම් වටහාගැනීමේ සුවිශේෂී හැකියාකින් යුත් කුමාර් සංගක්කාර නීතිය, කලාව මෙන්ම සාහිත්‍යය කෙරේද සංවේදී මිනිසෙකි. අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් අතර අතිශයින් දුර්ලභ එවන් කී‍්‍රඩකයකු සම්බන්ධයෙන්, එංගලන්තයේ ‘ද ගාර්ඩියන්’ පුවත් පතට ඩොනල්ඞ් මැක්රේ විසින් සපයන ලද ලිපියක සිංහල අනුවාදය මෙසේ සටහන් වෙයි.
    ……………………………
    එංගලන්තයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ඩරම් ප‍්‍රාන්ත පිල වෙනුවෙන් කී‍්‍රඩා කළ සංගක්කාර සසෙක්ස් පිලට එරෙහිව හෝවිහිදී පැවති කි‍්‍රකට් තරගයේ අත්හැර දමන ලද දිනයේ අවසන සීතලේ ගැහෙමින් සිටියේය. කළේ කී‍්‍රඩාගාරයෙන් ලබා ගත්, ඔහුට වඩා විශාල කබායක් ඇඳ ගෙන මා හා කතාකරමින් සිටින විට සීතල වැස්සක් වැටෙමින් තිබිණ.
    කතාව දිග හැරෙන විට හා ගැඹුරු සිතුවිල්ලට වැටෙත්ම අපේක්ෂාවේ ගිනි සිළුවක් මෙන් ඔහුුගේ විචක්ෂණ භාවයත් සුහදත්වයත් දිලිසේ.
    ඔහු සමග පැයක් ගත කිරීමෙන් පසු ඇති වෙනස අමතක කළ නොහැකිය. එංගලන්ත කණ්ඩායමේද දීප්තිමත්, සුහදශීලී අය සිටින නමුත් මෑතක සිට ඔවුන් සමග කතා කිරීම අතිශයින්ම අසීරු වී ඇත. ඉල්ලීමක් කළ ද එංගලන්ත කණ්ඩායමේ හොඳම කී‍්‍රඩකයෙක් හමුවීම මෑතක සිට කෙතරම් පාලනය කර ඇත්ද යත් කණිෂ්ඨ කී‍්‍රඩකයෙකු පවා සම්මුඛ සාකච්ඡුාවකට හමු වීම ‘අනුග‍්‍රාහක අවස්ථාවක්’ හා බැඳී තිබිය යුතුය.
    එවැනි හමුවීම් පවා අවංකත්වය හා පෞද්ගලිකත්වය සීමා කිරීමේ ප‍්‍රයත්න ලෙස හැෙඟ්. නිසැකවම නූතන කි‍්‍රකට් ලෝකයේ යෝධයකු වන නමුත් සංගක්කාර ඊට හාත්පසින්ම වෙනස්ය.
    ඔහු ශී‍්‍ර ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික තරග 547 කට සහභාගි වී ඇති අතර ඔහුගේ ටෙස්ට් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 58.07 කි. එය ඔහුගේ සමකාලීනකයන් මෙන්ම දැනට කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමු ගෙන ඇති දැවැන්තයන් වන රාහුල් ඩ‍්‍රාවිඞ්, රිකි පොන්ටින්, සචින් තෙන්ඩුල්කාර් හා ජැක් කලිස් ඉක්මවා යයි.
    ගැටුම් හා ආපදාවන්, ඉවසීම හා විවිධත්වය, ඛේදය හා ජයග‍්‍රහණය වැනි කරුණු ගැන කතා කිරීමේ දී සැබෑ සංගක්කාරගේ ගුණය ඉස්මතු වේ. ඔහුට එහි දී මාධ්‍ය නිලධරයෙකුගේ හෝ ආයතන සම්බන්ධීකාරකයෙකුගේ සරල මගපෙන්වීම් අවශ්‍ය නැත.
    ”කි‍්‍රකට් කී‍්‍රඩා කිරීමට අවස්ථාවක් ලැබීම විශ්මිත ආශ්වාදයක්” යැයි 36 හැවිරිදි සංගක්කාර පවසයි.

    ”පුද්ගලික සම්බන්ධතාවයන් තුළ දී සමරු පොතක සටහනක් තැබීමේ දී පවා මම බෙහෙවින් කෘතගුණවේදී වෙනවා. ඒක ‘හලෝ කොහොමද? පැමිණියාට බොහොම ස්තූතියි’ වගේ දෙයක් වෙන්න පුළුවන්”
    ළමයෙක් කිසියම් දිනක සමරු පොතේ තබන සටහනට වඩා මේ වචනය සිහිපත් කරාවි. අප බොහෝ දෙනෙක් මේවා ගණන් ගන්නේ නැහැ.
    ඒ වුනාට ඒවා තමයි අපට අවශ්‍ය. අපගේ ප‍්‍රමුඛතාවය විය යුත්තේ වඩාත් සුහද සම්බන්ධතා, වඩාත් සුහද ආශ‍්‍රය, විවිධ අදහස් හා මතවාද හුවමාරු කර ගැනීමයි” යයි සංගක්කාර කියයි.
    බෙදුනු ප‍්‍රජාවන් එකතු කිරීමට කි‍්‍රකට් කී‍්‍රඩාවට ඇති හැකියාව ගැන සංගක්කාර විශ්වාස කරයි. පසුගිය මාසයේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගයේ දී අර්ධ ශතකයක් ලබාගත් සංගක්කාර නිදහසේ වර්ධනය වීමට ඉඩ හරින්නේනම් කී‍්‍රඩාවේ ඇති බලය සිහිපත් කරයි.
    ඩකා නුවරදී ඔහු ලබා ගත් අපරාජිත ලකුණු 52 සුවිශේෂී වන්නේ පසුගිය ලෝක ශූරතා හතරකදීම ශී‍්‍ර ලංකාව අවසන් තරගවලින් ලත් පරාජයන් සැලකීමේ දීය. මෙම තරග මාලාවේ මුල් තරගවලින් ඔහුට ලකුණු ලබා ගැනීමේ සාර්ථකත්වයක් පෙන්වීමට නොහැකි විය. එහෙත් ඔහුගේ සේවය වඩාත්ම අවශ්‍ය මොහොතක ඔහු ඊට මුහුණ දුන්නේය.
    ”පිටතින් නම් මා බොහොම සන්සුන් ගතියක් පෙනෙන්න ඇති” ඔහු කියයි.
    ”ඒත් ඇතුළතින් වූයේ මහත් කැළඹීමක්. මහේලයි මමයි පන්දුවට පහර දෙමින් සිටින විට ඔහු දැවී ගියා. හොඳයි මම ඉන්නවානෙ කියා මා හිත හදා ගත්තා. කොහොම හරි ගොඩ දාන්න ඕනෑ යි කියලා මම සිතා ගත්තා. මට ඒකට අවස්ථාව ලැබුණා”
    ”අවසාන ලකුණු තුන ගන්න කලින් මම හිතුවෙ අප දිනුවා කියා. මම හිතින් සතුටු වුනා කල් වැඩියි. ඒත් එතකොටම තිසර පෙරේරා හයේ පාරක් ගැහුවා” යයි සංගක්කාර සිය කි‍්‍රකට් දිවියේ අනුස්මරණීය මොහොතක් වදන්වලට හැරවීය.
    ජයග‍්‍රහණයෙන් පසු කණ්ඩායමේ අනෙක් කී‍්‍රඩකයෝ සංගක්කාර ඔසවා ගෙන පිටිටනිය වටේ ගියහ.
    ”ආපහු ඇඳුම් මාරු කරන කාමරයට ගියාම කරන්නේ මොකක්ද කියල හිතා ගන්න බැරිව ගියා. ලොකු සතුටක්. ඒ වගේම මහන්සිය. පී‍්‍රතිිවෙවී ඉන්නවද? සිදු වුනේ මොකක්ද කියල හිතනවද? ගෙදරට කතා කරනවද? විස්තරය කියලා සතුට බෙදා ගන්නවාද? මේ කිසිවක් හිතාගන්න බැරුව ගියා”
    ”මම වාඩි වෙලා පී‍්‍රතියෙන් උදම්ව ඉන්න අතරේම සෑම දෙනාටම කෘතවේදී වුනා”
    ”මම බෞද්ධයෙක්. අපේ කණ්ඩායමේ කි‍්‍රස්තියානි, හින්දු සහ මුස්ලිම් අය ඉන්නවා. අප නිහතමානී වෙන්න ඕන. අපට දෙවියන්ගේ, මිතුරන්ගේ, පවුලේ ආධාරකරුවන්ගේ සහාය අවශ්‍යයි. ලෝක ශූරතාවය දිනු කණ්ඩායමක සාමාජිකයෙක් කියන විට ඒ සියල්ලම අවශ්‍යයි” සංගක්කාර කියයි
    ”කොහොම වුණත් අප ලංකාවට ගියාම ලැබුණු පිළිගැනීම අප කිසි දිනක බලාපොරොත්තු වූවක් නෙමෙයි”

    ”කිලෝ මීටර් 40 ක් එක දිගට සෙනග පිරී සිටියා. ඒක හරිම සතුටක්. ජාතිය ආගම මොනව වුනත් ශී‍්‍ර ලාංකික හැම කෙනෙක්ම සිටියා. ඒක තමන් ගේ ආසාව ඇත්තටම මුදුන් පත් කළ දරුවන් 15ක් ආපසු ගෙදර එනකොට පිළිගන්න හිටිය මහා පවුලක් වගේ”
    ”ඒක මට හොඳින් දැනුණා. මොකද කි‍්‍රකට් කියන්නේ කී‍්‍රඩාවක් විතරක් නොවෙයි. පශ්චාත් යුද කාලීන සමාජයේ අන්තර් වාර්ගික සම්බන්ධතා ගොඩ නැගීමේදී එය වඩාත් අවශ්‍යයි”
    වසර 2011 දී ලෝර්ඞ්ස් ශාලාවේ දී කවුඞ්රි අනුස්මරණ දේශනය කළ අවස්ථාවේදීත් ඔහු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලනයේ ඇති ¥ෂණ හෙළි කෙළේය. දැන් එහි ප‍්‍රගතියක් දක්නට ඇත්ද යන්න ප‍්‍රශ්නයට ඔහු අද මුහුණ දෙන්නේ මේ ආකාරයෙනි.
    ”මා හිතන්නේ ඒ ඉතිහාසය නැවත ඇති නොවීමට විශාල ප‍්‍රයත්නයක් ගන්නවා”
    ”එපමණ කාලයක් අප මුහුණ දුන් පීඩාවෙන් පසුව, ශී‍්‍ර ලංකාව නැවත ගොඩ නැගීමේ අවශ්‍යතාවය ගැන සම්පූර්ණ එකඟතාවයක් තියෙනවා. සුවපත්වීමේ කි‍්‍රයාවලිය සිදු වෙමින් පවතිනවා. කි‍්‍රකට් කී‍්‍රඩාව සුභ අනාගතයක් කරා ගෙන යෑමට ලොකු උත්සාහයක් ගන්නවා” යයි සංගක්කාර පැවසීය.
    තියුණු සමාජ සවිඥානයකට මුහුණ දුන් කණ්ඩායම් ඇත්තේ කීපයකි. 1983 සිට පුරා වසර 26 ක් පැවති සිවිල් යුද්ධයේ බලපෑම ගැන ඇසු විට සංගක්කාර මොහොතක් සිතා බැලූවේය.
    ”අපේ කණ්ඩායම තුළ කවුරුත් අගය කළ, අපේක්ෂා කළ, ජාති, වාර්ගික හා ආගමික විවිධත්වය සුුවිශේෂී ලෙස නියෝජනය වුනා. එකිනෙකා තේරුම් ගන්න, අගය කරන්න හා එකට වැඩ කරන්න අපට පුළුවන් වුනා. ඒකෙන් අප හැම දෙනා තුළම වගකීම පිළිබඳ හැඟීමක් ඇති වුනා.”
    ”සුනාමිය (2004 දෙසැම්බර්* තීරණාත්මක අවස්ථාවක්. මුරලි, මහේල සහ තවත් කි‍්‍රකට් කී‍්‍රඩකයන් එක්ක ආධාර අරගෙන ගියාම සිදුව ඇති විනාශය දැක්කා. එය අපගේ ජීවිත වෙනස් කළා”
    ”ඒ මිනිස්සුන් එක්ක කතා කළාම, ඔවුන් තුළ ඇති වේදනාව ශෝකය දැනුනා. තම බිරිඳ හා දරුවන් නැති වූ මිනිසෙක් අපට හමු වුනා. එයා තනිවෙලා. ඒක හරිම ඛේදවාචකයක්. ඒකෙන් කි‍්‍රකට් කණ්ඩායමත් වෙනස් වුනා” යයි සංගක්කාර මෙතෙක් කලක් සැගවී තිබූ යමක් හෙළිදරව් කළේය.
    එච්. අයි. වී. වෛරසය ශරීරගතවීමෙන් ‘ඒඕස්’ රෝගය වැළඳුණ මිනිසුන්ට තනිවම මුහුණ දීමට සිදු වන සමාජ පිළිකුල තුරන් කරන්නේ කෙසේද යන්න ගැන දැන ගැනීමට ඇතැම් විට ලන්ඩනයේ ටෙරන්ස් හිගින්ස් භාරය නැරඹීමට සංගක්කාර යයි. බොහෝ වැදගත් කාර්යන් සිදු වන්නේ නිහඬවය.
    ”අප කිසියම් දෙයක් දෙන කොට එය හැමතිස්සෙම පත්තරවල වැටෙන්න ඕන නැහැ”
    ”එය සල්ලි දීම හෝ ඔවුන් සමග පින්තූරයක් ගැනීම විතරක් නොවෙයි. ඔබගේ කාලය වැය කිරීම හා කෙනෙකුගේ ජීවිතයේ සාධනීය භුමිකාවක් වීමක්…. මුදලක් දීලා යන එක පහසු වැඩක් වුණත් අප සාමුහික රඟපෑමක් විදියට පරිත්‍යාග කරන්නේ නැහැ. ඒ වුනාට අප තරගයේ වීරයාට, තරගාවලියේ වීරයාට ලැබෙන ත්‍යාග මුදල් එකතු කරලා හදිසි වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය කෙනෙකුට දෙනවා” සංගක්කාර පැවසීය.

    වසර 2009 ලාහෝර් නගරයේදී තුවක්කුකරුවන් 12 දෙනෙකු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට පහර දුන් අවස්ථාවේදී ඔහුද එහි සිටියේය. ඔහුගේ කලවයටද මූණිස්සම් වැදී තුවාල සිදුවිය.
    ”මට ඒ අවස්ථාවේදී සිහිපත් වුණේ අනෙක් මිනිසුන් දිනපතාම මුහුණ දෙන එවැනි තත්වයන් ගැන”
    ”ඊට ගත වුණේ විනාඩි තුනක් වැනි කෙටි කාලයක් වුණත් ඛේදවාචකයකින් නැගී සිටීමට අපේ මිනිසුන්ට ඇති හැකියාව ගැන අදහසක් ඇති වුනා. ඒ බසයේ සිටි හැම දෙනෙක්ම මාසයක් ඇතුළත නැවත කී‍්‍රඩා පිටියට ගියා. හොඳට සෙල්ලම් කළා”
    ”පස්සේ දවසක, මාර්ග බාධකයකදී මා නැවතූ සෙබළෙක් මගෙන් ඇහුවා ‘හලෝ කොහොමද? කියලා. මා දැක්කා ඔහු හිටියේ ගල්ගැහිලා. මේ වගේ දෙවල් වලට ඔබ දිනපතාම මුහුණ දෙනවා නේද කියා මා කිව්වා.”
    ”නෑ. ඒක මගේ රස්සාව, ඒත් ඔබ වීරයෙක්, ඒ වගේ දෙයක් ඔබට විය යුතු නැහැ.’ ඔහු පිළිතුරු දුන්නා.
    එහෙම කියන්නේ අවම වැටුපකට රට වෙනුවෙන් සටන් කරන මිනිහෙක්. කොළඹ දී වාහනයක් නතර කරන හැම විටම එයාගෙ ජීවිතය අනතුරේ.
    අප වීරයන් කියන්නේ එයාගේ නිහතමානීකම නිසා. සැබෑ වීරත්වය කියන්නේ තමන්ට වඩා අනෙකුගේ ජීවිතය ඉහළින් තබා ”මගේ රස්සාව ඔබ රැුකීම කියන එකයි” ඒ සංගක්කාරගේ අදහස්ය.
    ලාහෝර් ප‍්‍රහාරය, කි‍්‍රකට් කී‍්‍රඩාවේ යහපත් ගුණාංග, ඔහුගේ ‘ලෝඞ්ස්’ දේශනයේ ප‍්‍රධාන තැනක් ගෙන තිබිණ.
    නීතිඥවරයෙකු වන ඔහුගේ පියා 1983 ‘කළු ජූලියේදී’ පළා යන දෙමළ ජතිකයන් 25 දෙනෙකුට තම නිවස විවෘත කිරීම සිහිපත් කරමින් පුද්ගලිකත්වය හා දේශපාලනය මනා ලෙස සංකලනය කර ප‍්‍රබෝධමත් බලපෑමක් ඇති කිරීමට ඔහු සමත් විය. එංගලන්තයේ එම්. සී. සී. (මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජය* වැනි සම්ප‍්‍රදායික තැනකදී මෙවැනි පෞද්ගලික හා දේශපාලනික කරුණු ගැන කතා කිරීමේ දී ඔහුට කිසියම් සැකයක් තිබුණේම නැද්ද?
    ”ශාලාව දිහා පළමුවෙන්ම බැලූවාම මට බයකුත් ඇති වුනා. මගේ කතාව ලියා අවසන් කිරීමට පැය දෙකකට කලින්, එදා හවස එහි කටු සටහනක් මම දුන්නා”
    ”මම ලෝර්ඞ්ස් ශාලාවට ඇතුළුවන විට කි‍්‍රස්ටෝපර් මාර්ටින් ජෙන්කින්ස් මහතා (අන්තර්ජාතික වශයෙන් ඉතා ඉහළින් සම්භාවනාවට පාත‍්‍ර වූ කි‍්‍රකට් මාධ්‍යවේදියෙකි* එතැන සිටියා… ‘මොකද කතාව ගැන හිතන්නේ’ මම ඇහුවා. ‘මට හිතෙන්නෙ ඒක හොඳයි. වැදගත් කතාවක්’. ඔහු පිළිතුරු දුන්නා… එයා පොඩි හිනාවක් දැම්මා. මමත් හිතුවා කමක් නැහැ කියලා.”
    ”කතාව අවසානයේ පිරිස නැගි සිටින විට මට හිතුණේ ඒක සම්ප‍්‍රදායිකව කරන දෙයක් කියල. ඒත් ඒක මහත් උද්‍යෝගයෙන් කරපු එකක්”

    ”එවැනි දෙයක් කලින් කරල තියෙන්නේ ඩෙස්මන්ඞ් ටුටුට විතරයි. ඔවුන් ඒක අගය කරන්න ඇති. ඒත් ඒක (ලෝඞ්ස්හි පැවැත්වූ කොලින් කවුඞ්රි අනුස්මරණ දේශනය* අපේ රටේ ප‍්‍රශ්නයක් ඇති කළා. ඒත් ඊට ලැබුණූ මහත් ප‍්‍රතිචාරයෙන් ඒ ප‍්‍රශ්නය යටපත් වුනා. එම කතාව විවිධ පරම්පරා තුළ ඇති කළ දෝංකාරය මහත් සතුටක්.” යයි සංගක්කාර නිහතමානීව පැවසීය.
    සංගක්කාර විස්සයි 20 තරගවලින් විශ‍්‍රාම ගෙන ඇති නමුත් සීමිත ඕවර් තරග සඳහා 2015 ලෝක කුසලාන තරගාවලිය තෙක් කී‍්‍රඩා කරනු ඇත.
    ”මම තවත් වැඩි කාලයක් සෙල්ලම් නොකරන නිසා හැම තරගයක්ම වැදගත්. කී‍්‍රඩා සමාජයක්, ප‍්‍රාන්ත තරගයක් වුවත් ජාත්‍යන්තර තරගයක් වුවත් මම හැකි උපරිම ආකාරයෙන් කී‍්‍රඩා කරනවා. මම ඒකෙන් උපරිම වින්දනයක් ලබනවා” යයි පැවසූ සංගක්කාර ඩරම් සහ සසකේස් පිල අතර තරගයේ ලකුණු 159 ක් ලබාගනිමින් ඩරම් පිලේ ගෞරවය රැුකගත්තේය.
    සංගක්කාර වඩාත් අගය කරන්නේ ටෙස්ට් තරගයි. කලක් ඔහු පිතිකරුවෙකුගේ දක්ෂතාවය තක්සේරු කළ ආකාරය සිහිපත් කරමින් සිනාසුනේය.
    වසර 2007 වන විට ටෙස්ට් ශතක 20 ක් ලබා ගත් ඕනෑම පිතිකරුවෙකු ශ්‍රේෂ්ඨයෙකු සේ පිළිගැණින. ශතක 30 ලබා ගැනීම ඊටත් වඩා උසස් මට්ටමකට පැමිණීමකි. එහෙත් ටෙස්ට් ශතක 35ක් ලබා ගැනීමෙන් පසු ඔහු තමා ගැන සිතන්නේ කුමක් ද?
    ”ඒකෙන් ලොකු සතුටක් දැනෙනවා. තවත් ඉදිරි ඉලක්ක කරා යෑමට පෙළෙඹීමක් වෙනවා”
    ”ඒ වැඩි පිළිගැනීමකට ඇති ආශාව නිසාම නොවෙයි. ඔබට හිතෙනවා ඊට වඩා දෙයක් කිරීමට හැකියාව තියෙන බව. ‘මම හොඳින් සෙල්ලම් කළා. දැන් ඇති කියා හිතන්න බැහැ. ඔබට එය ඉක්මවා යන්න පුළුවන්. ඒ කියන්නේ 35 ට වඩා ඉදිරියට යන්න පුළුවන්.”
    එංගලන්තයේ නව පුහුණුකරු පීටර් මුවර්ස් ය. ඔහු මීට පෙරද එම තනතුර දැරුවේය. ඔහුගේ සහායක පෝල් ෆාබ්රේුස් පසුගිය 20:20 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාවේ පුහුණුකරු විය. ඉංගී‍්‍රසි ජාතිකයකු වන ඔහු සංගක්කාර හොඳින් තේරුම් ගනී.
    ”ෆැබී හොඳ කෙනෙක්. එයා මිනිසුන්ව හොඳින් තේරුම් ගන්නවා විතරක් නෙමෙයි අනෙක් අයට එයාව තේරුම් ගන්නත් අවස්ථාව දෙනවා. ඒක පැය මිලියන ගණනක් කරන විග‍්‍රහයට වඩා වටිනවා”
    ”සමහර කනගාටුදායක දේවලූත් සිදු වුනා. එයා අපිත් සමග හිටියානම් හොඳයි. ඒත් ෆැබි එංගලන්තයට අවශ්‍ය වුනා.” යයි සංගක්කාර තමන් හැරගිය පුහුණුකරුවා පිළිබඳ පැවසීය.
    එංගලන්තයට මෑතකදී අත් වූ පරාජයන් සංගක්කාර දකින්නේ කෙසේද? මේ ඔහුගේ අදහස්ය.
    ”සෑම කෙනෙක්ම මෙවර ‘අළු බඳුන’ තරගාවලිය දෙස උනන්දුවෙන් බලා ඉන්නවා. මොකද, කි‍්‍රකට් කී‍්‍රඩාවේ එදා මට්ටමෙන්ම අදටත් පවතින එකම තරගාවලිය ඒක නිසා. ඒක කණගාටුවට කාරණයක්. ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව දීර්ඝ කාලයක් පවතින්න නම් ඒ වගේ තරගාවලි තව තවත් අවශ්‍යයි”
    ”ඔස්ටේ‍්‍රලියාව ඉතාමත් උසස් මට්ටමෙන් කී‍්‍රඩා කළා. පන්දු යැවීම, පන්දුවට පහරදීම හා පන්දු රැුකීම යන හැම අතින්ම එංගලන්තයට වඩා බොහොම ඉස්සරහින් සිටියා”
    ”වසර කීපයක්ම ඔස්ටේ‍්‍රලියාවට ඉස්සරහින් හිටි එංගලන්තයට ඒක ( ඕස්ටේ‍්‍රලියාව හමුවේ ලද 5-0ක තරගවලි පරාජය* පුදුමයක් වෙන්න ඇති. ඒත් මිචෙල් ජොන්සන්, බ‍්‍රැඞ් හැඩින්, ස්ටීවන් ස්මිත්, කි‍්‍රස් රොජර්ස් හා ඬේවිඞ් වෝනර් වැනි නවකයන් සමග ඔස්ටේ‍්‍රලියාව ප‍්‍රබල කණ්ඩායමක්. ඔවුන්ට බොහොම දුෂ්කර සමයක් තිබුණත් ඒවා පසුකර ශක්තිමත් තැනකට පත්වෙලා තියෙනවා. සමහර වෙලාවට වාසිය අනිත් පැත්තට යන විට කෝප වෙන්න පුළුවන්. අදහස්වල හා චරිතවල වෙනස්කම් තිබෙන්න පුළුවන්. අවංක කම, වගකීම හා වගවීම ලබා ගන්න තර්ක කරන්න වෙනවා”
    පසුගිය වසර 14 තිස්සේ සංගක්කාර එම ගුණාංගවලට අමතරව බුද්ධිය හා උදාර ගුණය ශී‍්‍ර ලංකාවට හා ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාවට එක් කළේය.
    ඔස්කාර් වයිල්ඞ් ගැන කිව හැක්කේ තවත් ටෙස්ට් කී‍්‍රඩකයන් කිහිප දෙනකුට පමණි.
    ”සාහිත්‍ය හැම විටම මගේ ඇෙඟ් තිබුණා”
    චාල්ස් ඩිකන්ස් ගේ කතා ළමයින්ට කියා දීමේදී ලත් රසවත් අත්දැකීමක් ද ඔහු කීවේය.
    ”දරුවන්ට ඬේවිඞ් කොපර්ෆීල්ඞ් කියවන්න මට හිතුණා. ඒත් දෙවැනි පිටුවට යන කොටම ඒ ගොල්ල බෙරිහන් දෙන්න පටන් ගත්තා. මම කියවීම නැවැත්වුවා. මගේ බිරිඳටත් සිනාව නතර කර ගන්න බැරි වුනා” යයි සංගක්කාර පැවසීය.
    දිනය පැමිණි විට, සමහර විට ලබන වසරේදී, සංගක්කාර ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමු ගැනීමෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අඩුවක් දැනෙනු ඇත. එහෙත් ඒ වනතෙක්, හැම විටම, කී‍්‍රඩාවට වඩා වැඩි දෙයක් ගෙනෙන, තරගයක දී උපරිමයේ පිළිබිමුවක් වන මේ මිනිසා අපට ආශ්වාදයකි..
    (එංගලන්තයේ ‘ද ගාර්ඩියන්’ පුවත් පත වෙනුවෙන් ඩොනල්ඞ් මැක්රේ විසින් සපයන ලද ලිපියක් ඇසුරිනි*
    කාරුණික අනුග‍්‍රහය- විජිත බුලත්සිංහල



    කුමාර් සංගක්කාරට තිබූ නළු පිස්සුව

    17118.jpg


    කුමාර් සංගක්කාර ගැනප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයින්දක්වන අදහස්
    කුමාර් වෝක්ෂනාද සංගක්කාර එහෙමත් නැත්නම් යාළු මිත්‍රයො කියන විදිහට සංගා කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී අනන්‍යතාවයක්. එහෙමත් නැත්නම් සුවිශේෂී සලකුණක්. සංගා තුළ මුසුව ඇති ගුණාංග මේ ලෝකෙ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයකු තුළ මුසුවී නැති බව බොහෝදෙනෙක් පවසන දෙයක්. මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ අපූරු ගුණාංග පිළිබඳව ක්‍රිකට් විස්තර විචාරකයින් කීපදෙනෙක් සමග කතා කරන්න අපි හිතුවා. ඒ අනුව සංගා ගැන මුලින්ම අපට තොරතුරු කියන්න එක් වුණේ ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරක රංජිත් ප්‍රනාන්දුයි.

    “මට මතකයි සංගක්කාර මුලින්ම එන්.සී.සී. ක්‍රීඩා සමාජයට බැඳුනු කාලෙ. එතකොට ඔහු සාමාන්‍ය මට්ටමේ ක්‍රීඩකයෙක්. කොහොම හරි ඔහු අපේ ක්‍රීඩා සමාජයට බැඳෙන එක ගැන අප තුළ තිබුණෙ ලොකු කැමැත්තක්. මොකද ක්‍රීඩකයෙකු හැටියට විතරක් නමෛයි, ත්‍රිත්ව විද්‍යාලයෙන් එන ක්‍රීඩකයෙක් වීමත් ඊට හේතුවක් වුණා. ඊට කළින් හිටිය නිමල් මාරලන්ද, රවී රත්නායක වැනි ත්‍රිත්ව විද්‍යාලයෙන් ආ ක්‍රීඩකයින් ඉතා හොඳින් ක්‍රීඩා සමාජය තුළ සාමාජිකත්වය දැරුවා.”

    රංජිත් සංගා පිළිබඳ අතීතය මතක් කරන්න පටන් ගත්තෙ එහෙමයි.
    කොතරම් හොඳින් ක්‍රීඩා කළත් ඒ මුල් කාලෙ සංගාට ජාතික කණ්ඩායමට ඇතුළත්වෙන්න අවස්ථාවක් තිබුණෙ නැතිලු. මොකද ජාතික කණ්ඩායමේ විතරක් නමෛයි. එන්.සී.සී. ක්‍රීඩා සමාජයෙත් ඒ වෙනකොට දක්ෂ ක්‍රීඩකයින් රැසක් ඉඳලා තියෙනවා.

    “කොහොම හරි සිම්බාබ්වේ කණ්ඩායම ලංකාවට ආ වෙලාවක සංගක්කාර ඒ කණ්ඩායමට තේරුණා. මට මතක විදියට ඒ තරගයෙදී සංගක්කාර ලකුණු 160 ගණනක් රැස් කළා. ඒ තරගය බලන්න ඇවිත් හිටියා. එතකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වූ ඩේව් වට්මෝර්. එයා මගෙන් ඇහැව්වා “මේ මිනිහව මෙච්චර දවසක් හංගලා හිටියෙ කොහෙද?” කියලා. එහෙම තමයි එයාට ජාතික කණ්ඩායමට ඇතුළු වෙන්න මග පෑදුනේ. එදා ඉඳලා මේ Kumar-Sangakkara2දක්වාම ක්‍රම ක්‍රමයෙන් සංගක්කාර දියුණු වුණා. ලොකුම දෙය තමයි එයා තුළ තියෙන උනන්දුව.”

    රංජිත් කියනවා.
    සංගක්කාර ඉගෙනීමටත් දක්ෂයෙක්. අර මුල් දවස්වල කණ්ඩායමේ අවස්ථාවක් ලැබෙන්නෙ නැති වුණාම වෙන කෙනෙක් නම් ක්‍රිකට් දමලා ගහලා ගිහිල්ලා ‍පොත පතේ වැඩකරන්නත් ඉඩ තිබුණලු.
    “ඒත් සංගක්කාර ඒ හැම දෙයක්ම දරාගෙන බොහොම ඉවසීමෙන් තම ගමන ගියා. ඒ වගේම තමන්ගෙ ක්‍රීඩා සමාජයට තිබුණු බැඳීම අඩු කළෙත් නැහැ. ඒ ප්‍රතිඵල තමයි අද අපි සංගක්කාර තුළින් දකින්නෙ.” ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

    සංගා ගැන ඊළඟට අපට තොරතුරු කිව්වෙ ඉංග්‍රීසි බසින් ක්‍රිකට් විස්තර විචාරයේ යෙදෙන තවත් ප්‍රවීණයෙකු වන රොෂාන් අබේසිංහයි.
    “සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවකු වයසටයත්ම ඔහුගෙ ඉරියව්වල ජවය අඩුවෙනවා. ඒත් සංගක්කාර ලකුණු ලබාගන්න විදිහ දැක්කම ඔහුට වයස කිසිම ප්‍රශ්නයක් ‍නෙවෙයි කියලා මට හිතෙනවා.”
    රොෂාන් සංගක්කාරව දකින්නෙ එහෙමයි

    “ඒ වගේම මුළු ලෝකයම මහත්මයෙකු හැටියට පිළිගන්න ක්‍රීඩකයෙක් තමයි සංගක්කාර කියන්නේ ඒ නිසා තමයි ඔහුව එම්.සී.සී. දේශනය පැවැත්වීම සඳහාත් තෝරගත්තේ. ඒ දේශනයට තෝරගන්නේ සුවිශේෂී පුද්ගලයින්වයි. සංගක්කාරට පස්සෙ ඒකට තෝරගත්තෙ ටෝනි ග්‍රේග්වයි.”
    ඔහු වැඩිදුරටත් පවසනවා.
    ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක කමල් දේශප්‍රිය සංගක්කාරව දකින්නෙ ලොව අංක 3 පිතිකරුවන් අතරින් විශිෂ්ටතම පිතිකරුවා හැටියටයි. විශේෂයෙන්ම එක්දින තරගවලදී නියම විදිහට මැනලා බලලා ක්‍රීඩාකරන පිතිකරුවෙක් හැටියටත් කමල් සංගක්කාරව හඳුන්වනවා.
    “ඒ වගේම පිට්ටනියෙදි විතරක් ‍නෙවෙයි ඉන් පිටතදිත් නියම විදිහට ඔලුව පාවිච්චි කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් තමයි සංගක්කාර කියන්නේ. ඔහුට තිබෙන සන්නිවේදන හැකියාවත් ඉතා ඉහළයි. ඉංග්‍රීසි වගේම සිංහලත් එක විදිහටම හසුරවන්න ඔහුට තියෙන්නේ අපූරු හැකියාවක්. එම්.සී.සී. දේශනය සඳහා ලංකාවෙන් අවස්ථාව ලද එකම ක්‍රීඩකයා ඔහුයි. ඒකෙන්ම පෙනෙනවා ඔහුට අන්තර්ජාතික මට්ටමෙන් තියෙන පිළිගැනීම. සංගක්කාර සාමාන්‍ය ජිවිතයේදිත් ඉතා නිහතමානි ක්‍රීඩකයෙක්. සමහර ක්‍රීඩකයො පිස්සු නටනකොට පිස්සු නටන්න පුළුවන් ක්‍රීඩකයො මහත්වරු විදිහට හැසිරෙනවා කියන එකට හොඳම උදාහරණය තමයි සංගක්කාර.”

    අවසන් වශයෙන් අපට සංගා ගැන තොරතුරු කිව්වේ තවත් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන කැළුම් ශ්‍රීමාල්.
    “මං හිතන විදිහට කුමාර්ව මුලින්ම ටී.වී. එකේ වැඩසටහනකින් පෙන්නුවේ මමයි. ඒ ඔහු ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ක්‍රීඩා කරන කාලෙ. මං ඒ දවස්වල සිරසෙ ‘කඩුල්ල’ ක්‍රිකට් වැඩසටහන කරනවා. දවසක් එන්.සී.සී. එකට ගියා අපේ වැඩසටහන රූගත කරන්න මාත් එක්ක. ‘ක්‍රිකට් ෂෝ’ ඉංග්‍රීසි වැඩසටහන කරන්න බ්‍රයන් තෝමසුත් ඇවිත් හිටියා. කොහොම හරි මගෙ වැඩසටහනට එන්නං කියපු ක්‍රීඩකයා එදා ආවේ නෑ. ඒ වෙලාවෙ යන්තම් දැලි රැවුල තියෙන පුංචි හාදයෙක් බොහොම අපූරුවට පන්දුවට පහර දෙන හැටි බලලා මට හිතුණා එයාව වැඩසටහනට ගන්න. ඒ තමයි කුමාර්. මං ළඟට ගිහින් විස්තරේ කියල ඇහැව්වා වැඩසටහනට එකතුවෙන්න කැමතිද කියලා. එයා මගෙන් ඇහැව්වා ‘මං හරියයිද අයියෙ ඔය වැඩේට’ කියල. කොහොම හරි කුමාර් වැඩේට සහභාගි වුණා. එක ඉංග්‍රීසි වචනයක්වත් කතා කරන්නෙ නැතුව බොහොම චතුර විදිහට සිංහලෙන් කතා කළ හැටි මට අද වගේ මතකයි.”
    කැලුම් කිව්වා.

    කොහොම හරි ඒ වෙලාවේ ‘ක්‍රිකට් ෂෝ’ එක කරන්න ඇවිත් හිටිය බ්‍රයන් තෝමස්ටත් එනවා කියපු ක්‍රීඩකයා කණුව තියලා. ඒ පාර කැලුම් බ්‍රයන්ට කිව්වලු ඒකටත් කුමාර්ව ගමු කියලා.
    “මචං එයාගෙ ඉංග්‍රීසි කොහොමද දන්නෙ නැහැ නේද?”
    බ්‍රයන් ඒ වෙලාවෙ එහෙම කිව්වලු. පස්සෙ කැලුම් විස්තරේ කියලා සංගාගෙන් ඇහැව්වලු ඉංග්‍රීසි වැඩසටහනටත් සහභාගිවෙන්න පුළුවන්ද කියල.
    “නෝ ‍ප්‍රොබ්ලම්… ඔයාලට ප්‍රශ්නයක් නැත්නම් මටත් ප්‍රශ්නයක් නෑ” කියලා. සංගා වැඩේට බැස්සලු. කොහොම හරි බ්‍රයන් ප්‍රශ්නයක් දෙකක් අහද්දි ආයෙත් බ්‍රයන්ට අහන්න දෙයක් නැති තරමට සංගා නම් අපූරුවට ප්‍රශ්නවලට උත්තර දීලා තියෙනවා.
    “මං කුමාර්ව හඳුන්වන්න කැමති වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනන්‍යතාවය විදිහටයි. නිහතමානීකම, උගත්කම, දක්ෂකම කියන හැමදේම සංකලනය වූ ක්‍රීඩකයෙක්. ලංකාවේ විතරක් නමෛයි මං මුළු ලෝකයේම දැකලා නැහැ. කුමාර් කියන්නෙ අපට ලොකු සම්පතක්.”
    කැලුම් කියනවා.

    ක්‍රිකට් සෙල්ලම් කරන්න විතරක් නමෛයි, රඟපෑමටත් කුමාර් තුළ අපූරු දක්ෂතාවයක් තියෙන බව කැලුම් කියනවා. ක්‍රිකට් ක්‍රීඩාවට නොආවා නම් සමහරවිට රඟපෑමට යොමුවෙන්න ඉඩ තිබ්බා යැයි කුමාර් වතාවක් කැලුම්ට කියලා තියෙනවලු. ඔහු පෙනී සිටින වෙළෙඳ දැන්වීම්වල ඔහුගෙ මුහුණෙ හැඟීම් ප්‍රකාශ කිරීම් තුළ දක්ෂ නළුවෙකුගෙ පෙර නිමිති ඇති බව ඔහු පවසනවා.
    “කුමාර් හොඳ රසඥතාවයක් ඇති සංගීත රසිකයෙක්. වතාවක් කොළඹ සරසවියෙ පැවැත්වූ අමරදේවයන්ගේ සංගීත ප්‍රසංගයක් බලන්න ඕනෙ කියලා මට කිව්වා. ඒ ප්‍රසංගයෙ නිවේදන කටයුතු කළේ මමයි. මං සංවිධායකයින්ට ඒ බව කිව්වම ටිකට් 5ක්ම දුන්නා. ඒ ප්‍රසංගයට ආරාධිතයෙක් හිටියෙ නැහැ. අන්තිමට ඒකෙ ප්‍රධාන ආරාධිතයා වුණේ කුමාර්.”
    කැලුම් වැඩිදුරටත් පවසනවා.

    ගැමුණු රත්නායක
    Lakbima





    post එක හොදයි කියලා හිතෙනවනම් තව කෙනෙකුට කියවන්න අවස්ථාව දෙන එක වටී නම් විතරක් "bump" එකක් දාගෙන යන්න
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහු, සංගා, ලෝක පරිමානයෙන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ අපූර්ව අනන්‍යතාවයක්.........
    එය ලාංකික වීම ගැන අපි සතුටු සහ ආඩම්බර වෙමු!
     
    • Like
    Reactions: hodakolla

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    sir don ta passe hodama test player tamai sanga ,ape ratata india ,australiya ,england walata wage test matches hambaunanam sanga katawth kadanna bari record tiyala melahakatath