සංගක්කාර ගැන කතා ටිකක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    My All-Time Favorite Player

    A true legend of nowadays cricket - classic sanga.........

    Kumar Sangakkara
    Sri Lanka
    Full name Kumar Chokshanada Sangakkara

    200461.jpg


    200757.jpg


    Born October 27, 1977, Matale

    Current age 37 years 48 days

    Major teams Sri Lanka, Asia XI, Central Province, Colombo District Cricket Association, Deccan Chargers, Durham, ICC World XI, Jamaica Tallawahs, Kandurata, Kandurata Maroons, Kings XI Punjab, Marylebone Cricket Club, Nondescripts Cricket Club, Sunrisers Hyderabad, Warwickshire

    Playing role Wicketkeeper batsman

    Batting style Left-hand bat

    Bowling style Right-arm offbreak

    Fielding position Wicketkeeper

    200735.jpg


    200755.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සංග ක්‍රිකට් ඉනිම අවසන් කලත් මතු දිනෙක රට වෙනුවෙන් දේශපාලනික ඉනිමක් ආරම්බ කරන්න ලැබේවා කියලයි මගේ පැතුම ..
    ඔහු මෙරටේ ඉහලම තැනට සුදුස්සෙක් හැම අතින්ම ..එහාකියාවත් ඔහු සතුයි ...

    රේප් ඉවරයි ...
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මරුසිරා;17561722 said:
    සංග ක්‍රිකට් ඉනිම අවසන් කලත් මතු දිනෙක රට වෙනුවෙන් දේශපාලනික ඉනිමක් ආරම්බ කරන්න ලැබේවා කියලයි මගේ පැතුම ..
    ඔහු මෙරටේ ඉහලම තැනට සුදුස්සෙක් හැම අතින්ම ..එහාකියාවත් ඔහු සතුයි ...

    රේප් ඉවරයි ...

    බුදු අම්මෝ සංගා දේශපාලනයට නම් එන්න එපො ලංකාවේ තාම මහත්මා දේශපාලනයක් නෑ අනික දේශපාලනය කියන්නේ වෙනම විෂයක් යමක දක්ෂයෙක් උන පමණින්ම ප්‍රසිද්දිය තිබ්බ පමනින්න්ම සාර්ථක දේශපාලකයකු විය නොහැකියි.

    උදා : SF නොහොත් GENERAL සරත් ෆොන්සේකා, පබා නොහොත් උපේක්ෂා, සනත් ජයසුරිය, අනර්කලී, අර්ජුන නම් යම් පමණකට සාර්ථකයි
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ නියත වශයෙන්ම මා ශ්‍රී ලංකාවේ
    තරගවදින අවසන් එක්‌දින තරගාවලියයි

    - සංගා

    ටෙස්‌ට්‌ සමුගැනීම ගැන තීරණය පසුවට

    ලබන පෙබරවාරි මස පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී එක්‌දින ක්‍රිකට්‌ පිටියෙන් සමුගන්නා බවට කර ඇති ප්‍රකාශය නැවැත සනාථ කරමින්, මේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ සිය අවසන් එක්‌දින තරගාවලිය වන්නේ යෑයි, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති සංචාරක එංගලන්ත කණ්‌ඩායම සමග 6 වැනි එක්‌දින තරගය අවසානයේ එම තරගයේ වීරයා බවට පත්වූ කුමාර සංගක්‌කාර මාධ්‍ය හමුවේ පවසා සිටියේය.

    'මම මගේ සමුගැනීම තීරණය කළේ තරමක කාලයකට පෙරයි. මම ඒ තීරණයේ ස්‌ථාවරව සිටිනවා. තව දුරටත් ඉදිරියට ක්‍රීඩා කරනවාද කියලා ගැටලුවක්‌ නැහැ. මේ තමයි සමුගැනීමට නිසි කාලය' යෑයි කියා සිටියේය.

    'මම 2018 ලෝක කුසලානය වනතුරු ක්‍රීඩා කරන්නට හැකියාවක්‌ නැහැ. ඒ සඳහා තව වසර 4 ක කාලයක්‌ ඉතිරිව තිබෙනවා. අද දිනේෂ් චන්දිමාල් පැමිණ සුවිශේෂි, වැදගත් ඉනිමක්‌ ක්‍රීඩා කළා (පන්දු 31 කදී ලකුණු 35 ක්‌) අන්න ඒ වගේ ලහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා වැනි ක්‍රීඩකයන්ට හොඳ දක්‍ෂතාවක්‌ සහ හැකියාවක්‌ තිබෙනවා. අපි ඒ අයට ප්‍රමාණවත් තරම් කාලයක්‌ සහ අවස්‌ථා ලබාදිය යුතුයි. හරියට අපේ මුල් කාලේ අපට ඒ අවස්‌ථාව හිමිවුණා වගේම...' යෑයි පැවසූ 37 හැවිරිදි සංගක්‌කාර තමන් මේ දක්‌වා ටෙස්‌ට්‌ පිටියෙන් සමුගන්නා දින වකවානුවක්‌ තීරණය කර නැති බවද අවධාරණය කර සංගක්‌කාර තේරීම් කමිටුව සමග සාකච්ඡා කර ඔවුනට තමන්ගේ සේවය තව කොපමණ කලක්‌ අවශ්‍යවේද යන්න දැනගනිමින් එම තීරණය ගන්නා බව පැවසීය.

    කෙසේ වෙතත් සිය සමුගැනීමෙන් අනතුරුව හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම් ෙෆdaඩ් සමගින් ඔහුගේ පුහුණුව ලබන සරේ ප්‍රාන්ත කණ්‌ඩායමට එක්‌වීමේ අදහස මෙහිදී සංගක්‌කාර විසින් පවසන ලදි.

    'ෙෆdaඩ් ශ්‍රී ලංකාව වෙනුවෙන්a විශිෂ්ට සේවයක්‌ කළ කෙනෙක්‌. ඒ වගේම පෞද්ගලිකව මා වෙනුවෙනුත්. මම ඔහුත් සමග වැඩ කරන්න බොහොම කැමතියි. මම හිතනවා මට සරේ කණ්‌ඩායමත් සමග හොඳ ක්‍රීඩා වාරයක්‌ තිබෙයි කියලා' යෑයි වැඩිදුරටත් පවසන ලදී.

    අදාළ තරගය තමාගේ ගම්පියසේ සංගක්‌කාර තරගවදින අවසන් එක්‌දින තරගය බවට පත්වූ අතර තමන්ට සමුදීමට රැස්‌වූ ප්‍රේක්‍ෂකයන් 'සංගා.. සංගා....' ලෙසින් හඬනගමින් ඔහුට දැවැන්ත ප්‍රතිචාරයක්‌ දක්‌වන අතරවාරයේ ජයග්‍රාහී ශතකයකින් ඔවුනට සංග්‍රහ කරමින් තරගයේ වීරයා බවට පත්වූ සංගක්‌කාර 'අපි ක්‍රීඩකයන් වශයෙන් ගිවිසුම්ගතව බැඳී සිටින්නේ ක්‍රිකට්‌ ආයතනය සමග වුවත් අපේ සැබෑම ගිවිසුම තිබෙන්නේ ක්‍රීඩාලෝලීන් සමගයි. මහනුවර මගේ අවසන් තරගය වෙනුවෙන් මෙහි පැමිණි සියලු ක්‍රීඩා ලෝලීන්ට මම ස්‌තුතිය පිරිනමනවා' යෑයි මෙහිදී කියා සිටියේය.