මචන්,සංගනනයක් තියෙන්නෙ/තියන්න ඕනෙ අවුරුදු 10 කට සැරයක්.අන්තිමට තිබ්බෙ 2011/2012.
තියෙන්න තිබ්බෙ 2021/2022.නමුත් කොවිඩ් නිසා තියන්න බැරි උනා.
සංගනනයක් එක සැරේටම තියන්න බෑ .උඹල දකින්නෙ ලේබල් අලවන එක උනාට ඒකට යට්න් ලොකු ප්‍රොසෙස් එකක් තියනව.ඕකට ලෑස්ති වෙන්න පටන් ගත්තෙ 2017/2018 ඉඳල.ඒ කාලෙම ප්ලෑන් කරල ඒකට මුදල් වෙන් කරනව.රටක සංගනනයක් තියන්න අත්‍යාවශ්‍ය යි.
මේ සැරේ වෙන් කරල තියන සල්ලි වලිනුත් දෙපාර්තමේන්තුව ගොඩක් ලොකු ඉතුරුවක් කරන්න ප්ලෑන් කරල තියනව.
මේ පාර කරන්න හදන්නෙ CAPI තාක්ශනය භාවිතා කරල tab වලින්.මේ වෙද්දි ඒකට අවශ්‍ය app එක හදල ඉවරයි.මේකෙන් කොල භාවිතය අවම කරන්න බලාපොරොත්තු වෙනව.තව සංගනන තොරතුරු කෙටි කාලයක් තුලදී රිලීස් කරන්නත් ප්ලෑන් එකක් තියනව.
යක්ක පුත්තු sex හොයල අංක එක උනාට තවම ගොඩක් උන්ට තාක්ශනය හරියට භාවිතා කරන්න අමාරුයි.
සංගනනයක තොරතුරු එකතු කරන්නෙ tax ගහන්න නෙවෙයි.(ඒකටත් අදාල යම් තොරතුරු ගන්නව ඇති) මූලික අරමුණ ඒක නෙවෙයි.
මේකට කෙලවන්නෙ නැතුව පුලුවන් උපරිමයෙන් උදව් කරන්න.
ඇත්ත. ජන සන්ගනනයක් කියන්නේ ගෝලීය ප්‍රමිතීන්ට අනුව අඩුම වශයෙන් අවුරුදු දහයකට සැරයක්වත් කරන්න ඕන දෙයක්. අද කාලෙනම් ඒක අඩුම අවුරුදු 5කට සැරයක්වත් කරන්න ඕන කියන තැන තමයි ගොඩක් අය ඉන්නේ. මොකද ඉස්සර වගේ නෙවෙයි දැන් ලෝකෙ වෙනස් වෙන වේගේ වැඩියි. ඔය වගේ ජන සන්ගනනයක් කරලා තමයි, ඊලඟ අවුරුදු දහය ඇතුලත රටේ ප්‍රතිපත්ති, ආර්ථික දේශපාලන දිශානතිය වගේ දේවල් තීරණය වෙන්නේ. අපි හිතුවට රටේ ජනගහනය, ගෑණු කීයද, පිරිම කීයද කියන එක විතරයි මේකෙන් හොයන්නේ කියලා, ඊට වඩා ගොඩක් දේවල් මේකෙන් හොයාගන්නවා. ජනගහනයට අදාල සියළුම තොරතුර ( මිනිස්සුන්ගේ අධ්‍යාපනය, ආර්ථිකය, ලෙඩ රෝග ) වගේ ගොඩක් දේවල් වලින් රටේ අනාගතය මොන වගේ වේ විද, රටට අනාගතේදි මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වේවිද, ඒවට ගන්න පුළුවන් විසඳුම් මොනවද වගේ දේවල්ද, ගොඩක් මේකෙන් තීරණය කරනවා ( ලන්කාව කෙසේ වෙතත් දියුණු රටවල නම් මෙහෙමයි ). මෙතනදී මේක කරන්න අණිවාර්‍ය දෙයක්.
මේක නොකළොත්, සමහරවිට කවදා හරි බලාගන්න පුළුවන් ගෝටගෙ ආණ්ඩුවෙන් මොනොරේල් එක වියදම් වැඩියි කියල වියත්මගේ පඩයෙක් ලොකු ටෝක් එකක් දීලා ඒක වැඩක් නෑ කියපු නිසා අතෑරියට පස්සේ, දැන් අළුත් ආණ්ඩුවෙන් ඒක තිබ්බ නම් සුපිරි කියන තැනට පත් වුනා වගේම දෙයක් වෙන එක. ඊලඟට එන ආණ්ඩුවෙන්, මේකම අනිත් පැත්ත හරවලා සන්ගනනේ කරා නම් ඡන්දෙටත් වඩා වටිනවා කියන්න පුළුවන්. සමහරවිට රනිලම ඊලඟ පාර දින්නොත්, ඌම ඇවිත් කියයි, "කොහෙද ජනතාව සන්ගනනෙට විරුද්ධ වුන නිසා අපිට සන්ගනනේ කරන්න බැරිවුනා, ඒ නිසා අපිට දැන් රට ගැන හරි ප්‍රථිපත්තියක් හදන්න දත්ත මදි, අමාරුයි" කියලා.