සංග්‍රාම භූමිය-10

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සංග්‍රාම භූමිය-10

    ZKX8Y1f.jpg

    ඉතිහාසයේ හොඳම ෆයිටර් වර්ගයේ යුද ගුවන් යානය කුමක්ද දැයි සම්බන්ධව වාද විවාද පවතියි.ඒවා අතරින් වඩාත් කතා බහට ලක්වූ යානයක් වන්නෙ එක්සත් ජනපදයේ එෆ්-4 පැන්තම් යානයයි.1950 දශකයේ අග භාගයේදී හඳුන්වාදුන් මෙම යානය බෝම්බ හෙළීමට,ගුවන් සටන් සඳහා මෙන්ම සතුරු යානා හඹාගොස් වැනසීම ආදී කාර්යයන් තුන සඳහා භාවිතා කල බහුකාර්යය යුද ගුවන් යානයකි.මෙම යානයට මාර්ච් 2.2ක වේගයකින් පියාසර කල හැකිය.වියට්නාම යුද්ධය පැන්තම් යානය සිය බලපරාක්‍රමය පතුරවාගෙන සිටි සමයකි.1990 දශකයේදී යානා විශ්‍රාම යවන ලදි.




    1.ගුවනේ සිට ගුවනට​

    9frNtut.jpg

    සිය ප්‍රාථමික අවිය ලෙස ගුවනේ සිට ගුවනට එල්ල කල හැකි මිසයිල භාවිතා කල ප්‍රථම ඇමෙරිකානු යුද ගුවන් යානය වන්නේ පැන්තම් යානයයි.එක්සත් ජනපද ගුවන් හමුදාව,නාවික හමුදාව සහ මැරීන් හමුදාව මෙම යානා භාවිතා කලහ.ඊට අමතරව ඊශ්‍රායලය,ඉරානය සහ තුර්කිය සතුවද එෆ්-4 යානා තිබිණි.වියට්නාම යුද්ධයෙදී එක්සත් ජනපද ගුවන් හමුදාවේ පැන්තම් යානා, තනිවම මිග් යානා 107ක් බිම හෙළු බව වාර්තා කර තිබේ.





    2.ගුවනේ සිට ගොඩබිමට

    GhT6xyk.jpg

    එෆ්-4 යානා බෝම්බ හෙළීමේ හැකියාව වියට්නාම යුද්ධයේදී අතිශය වැදගත් විය.එහි විවිධාකාරයේ බෝම්බ වර්ග රැගෙන යා හැකිවිය.ලේසර් නියාමක බෝම්බ,පොකුරු බෝම්බ මෙම යානාවලින් වියට්නාමයට හෙළන ලදි.





    3.සෑම් මිසයිල දඬයම

    KpC27rn.jpg

    වියට්නාම යුද්ධයේදී ඇමෙරිකානු ගුවන් යානාවලට එල්ල වූ ප්‍රබල තර්ජනයක් වුයේ සතුරු සෑම් මිසයිල ප්‍රහාරවල ඉලක්ක බවට පත්වීමයි.සතුරන්ගේ සෑම් මිසයිල පිහිටුවා තිබූ මධ්‍යස්ථාන වැනසීම සඳහා "Wild Weasel" එනම් එෆ්-4සී යානා හඳුන්වා දෙන ලදි.මෙම යානාවල තිබූ AGM-45 Shrike මිසයිල සහ සාම්ප්‍රදායික බෝම්බ යොදාගෙන සතුරු මිසයිල තිත්පොලවල් වනසා දමන ලදි.





    4.ඔත්තු බැලීම

    kXGDuv9.jpg

    මෙම කාර්යය සඳහා යොදාගත් පැන්තම් 2 යානාවල නාසයේ කැමරා සවිකර තිබිණි.යානය සතු වේගයත් ,ඡායාරූප ගැනීමට නිර්මාණය කල විශේෂිත කැමරාත් නිසා වැදගත් ස්ථානවල සේයාරූ සංග්‍රාම සැලසුම්කරුවන්ට ඉක්මණින් ලබා දිය හැකිය විය.





    5.පරීක්ෂාව සහ ඇඟයීම​

    TIK5uJs.jpg

    නාසා ආයතනය සහ හමුදාව විවිධ අංශවල පර්යේෂණ සහ අත්හදා බැලීම් සඳහා මෙම යානය භාවිතා කලේ එය සතු සුපිරි වේගය නිසාය.එෆ්-4 යානය එකල ලෝක වාර්තා 15කට හිමිකම් කියූ බව සඳහන් වේ.මෙහි දැක්වෙන්නේ වීඑක්ස්-4 "Vandy One" යානයක් එස් ආර්-71 යානයක් අසලින් පියාසර කරන අයුරුය.





    6.ගුවන් සංදර්ශන

    Dcs3VIM.jpg

    එෆ්-4 යානා 1960 දශකයේදී සහ 1970 දශකය මුල් කාලයේදී එක්සත් ජනපද නාවික හමුදාවේ Blue Angels සහ ගුවන් හමුදාවේ Thunderbirds යන කණ්ඩායම් විසින් භාවිතා කරන ලදි.පැන්තම් යානයේ වේගය සහ ශබ්දය ප්‍රේක්ෂකයින් පිනවීමට සමත් විය.නමුත් පැන්තම් යානා මිල අධික වීමට්,නඩත්තුව පහසුනොවීමත් නිසා පසුකාලීනව ඒවා ගුවන් සංදර්ශන සඳහා යොදා නොගත්හ.





    7.ඉලක්ක ගත ඩ්‍රෝන්

    3C97I5k.jpg

    ආයු කාලය අවසන් වීමත් සමග පැන්තම් යානා රැසක් මිනිසෙක් රහිතව පියාසර කල හැකි අයුරින් වෙනස් කරන ලදි.ඒවා මිසයිල අත්හදා බැලීම් සහ වෙනත් පරික්ෂණ සඳහා යෙදවීය.​




    පැන්තම් යානාවල සුසාන බිම

    pWJPdC9.jpg


    ඇරිසෝනා කාන්තාරයේ ඩේවිස්-මොන්තන් ගුවන් හමුදා කඳවුරේ පිට සියගණනක් එෆ්-4 යානා ගාල් කර තිබේ.





    Source:businessinsider.com

    -HarshaLulzSec-
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    vietnam waladi ochchara margins walin dogfights dinne US pilot la Vietcong eunta wada godak training eka athin honda hidalu ne ?

    -----------------------------------------------------

    Good post bro. TFS :D
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සෑම් මිසයිල වල විශේෂත්වය මොකක්ද????
    dogfighting ගැන thred එකක් දාපන්..

    ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිල(surface-to-air missile (SAM)) සෑම් කියන කෙටි නමින් හඳුන්වනවා.උරහිසේ තබාගෙන දියත් කල හැකි මිසයිල වල ඉදලා ට්‍රක් රථවල සිට ගුවන් ගත කරන රුසියානු එස්-400 මිසයිල දක්වා මේවා විවිධ ප්‍රමාණවලින් යුක්ත වෙනවා.මේවා බහුලවම භාවිතා කරන්නේ ගුවන් ගමන් නිෂේධන කලාප ඇති කරන්න.ඒ කියන්නේ මෙම මිසයිල සහ රේඩාර් පද්ධතියකින් ආවරණය කරන ප්‍රදේශයක් හරහා සතුරු ගුවන් යානාවලට ගමන් කරන්න අමාරුයි.වියට්නාම යුද්ධය සමයේදී වියට්කොංවරුන් ඇතුලුව උතුරු වියට්නාම් හමුදා සෑම් මිසයිල පද්ධති යොදාගෙන යැංකි ගුවන් යානා බිම හෙළුවා.යොම් කිපූර් යුද්ධයේදී මුල් භාගයේදී ඊශ්‍රායල ගුවන් හමුදාවට ඊජිප්තුවේ සෑම් මිසයිල පද්ධති නිසා සැලකිය යුතු විනාශයක් අත් වුනා.ගොඩබිමින් සූවස් ඇළේ බටහිර ඉවුර ලඟාවී සෑම් මිසයිල පද්ධති විනාශ කරන තෙක්ම ඊශ්‍රායල ගුවන් හමුදාව සූවස් ඇල ආශ්‍රිතව ප්‍රහාර දියත් කිරීම අසීරු විය.

    වෙලාවක් ලැබුනොත් බලමු මචං
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිල(surface-to-air missile (SAM)) සෑම් කියන කෙටි නමින් හඳුන්වනවා.උරහිසේ තබාගෙන දියත් කල හැකි මිසයිල වල ඉදලා ට්‍රක් රථවල සිට ගුවන් ගත කරන රුසියානු එස්-400 මිසයිල දක්වා මේවා විවිධ ප්‍රමාණවලින් යුක්ත වෙනවා.මේවා බහුලවම භාවිතා කරන්නේ ගුවන් ගමන් නිෂේධන කලාප ඇති කරන්න.ඒ කියන්නේ මෙම මිසයිල සහ රේඩාර් පද්ධතියකින් ආවරණය කරන ප්‍රදේශයක් හරහා සතුරු ගුවන් යානාවලට ගමන් කරන්න අමාරුයි.වියට්නාම යුද්ධය සමයේදී වියට්කොංවරුන් ඇතුලුව උතුරු වියට්නාම් හමුදා සෑම් මිසයිල පද්ධති යොදාගෙන යැංකි ගුවන් යානා බිම හෙළුවා.යොම් කිපූර් යුද්ධයේදී මුල් භාගයේදී ඊශ්‍රායල ගුවන් හමුදාවට ඊජිප්තුවේ සෑම් මිසයිල පද්ධති නිසා සැලකිය යුතු විනාශයක් අත් වුනා.ගොඩබිමින් සූවස් ඇළේ බටහිර ඉවුර ලඟාවී සෑම් මිසයිල පද්ධති විනාශ කරන තෙක්ම ඊශ්‍රායල ගුවන් හමුදාව සූවස් ඇල ආශ්‍රිතව ප්‍රහාර දියත් කිරීම අසීරු විය.

    වෙලාවක් ලැබුනොත් බලමු මචං

    එල..
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    Similar threads