සංග්‍රාම භූමිය - 15

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සංග්‍රාම භූමිය - 15

    6SqGLTT.jpg

    1991 වර්ෂයේ පැවැති පළමු ගල්ෆ් යුද්ධයේදී එක්සත් ජනපද නාවික හමුදාව ටොමහොක් කෲස් මිසයිල 288ක් ඉරාකය පුරා ඉලක්ක රැසකට එල්ල කරන ලදි.ඉන් වසර 26කට පසු එනම් 2017 වර්ෂයේදී ඔවුන් 59කට නොඅඩු ටොමහොක් කෲස් මිසයිල සංඛ්‍යාවක් ඉරාකයේ අසල්වැසියෙක් වන සිරියාව ඉලක්ක කරගෙන දියත් කරන ලදි.නමුත් එම ප්‍රහාරයේ වෙනස වූයේ,සිරියාව පුරා ඉලක්කවලට මිසයිල දියත් කිරීම වෙනුවට තනි ඉලක්කයක් කේන්ද්‍රකරගෙන මිසයිල 59ක් දියත් කිරීමයි.මෙම ප්‍රහාරය සහ ඊට හේතුව ,ප්‍රහාරයේ ප්‍රතිඵලය ලෝකයා තුල ප්‍රශ්නකාරී තත්ත්වයක් නිර්මාණය කලේය.මෙම ලිපිය ඔස්සේ සිරියාවේ ගුවන් කඳවුරක් ඉලක්ක කරගෙන සිදුකල කෲස් මිසයිල ප්‍රහාරය ගැන සවිස්තරව සාකච්ඡා කෙරෙනු ඇත.




    ගුවන් කඳවුරුවලට පහරදීම:උත්කෘෂ්ඨ උපායමාර්ගය

    ගුවන් කඳවුරක් යනු ගුවන් පථ කිහිපයක්,අහස්‍යාත්‍රාංගන,සවිගැන්වු ගුවන් යානා ආවරණ,බෝම්බ,මිසයිල,ඉන්ධන සහ නඩත්තු කටයුතු සඳහා සියගණනක් පිරිසක් සහිත ශක්තිමත් කල ආරක්ෂක විධිවිධාන වලින් සම්පුර්ණ හමුදා ගුවන් තොටුපොලකි.කුඩා ප්‍රමාණයේ කඳවුරක පවා ඩොලර් බිලියන ගණනක බඩුබාහිරාදිය තිබීමට ඉඩ තිබේ.මේ නිසා මෙවැනි කඳවුරුවල ආරක්ෂාව ස්තර කිහිපයකින් තහවුරු කර තිබේ.ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිල සහ ගුවන් යානා නාශක අවි ඉන් ප්‍රධාන වේ.

    මෙවැනි ස්ථානයකට පහරදීමේ උපායමාර්ගය වන්නේ පළමුව කෲස් මිසයිල ප්‍රහාරද ඉන්පසු පොකුරු බෝම්බ,බංකර් නාශක,ධාවන පථ නාශක බෝම්බ හෙළීම ප්‍රහාරක ජෙට් යානා මගින්ද සිදුකරයි.මුලදී සිදුකරන කෲස් මිසයිල ප්‍රහාරවල ඉලක්ක වන්නේ පූර්ව අනතුරු ඇඟවීම් රේඩාර් සහ සෑම් මිසයිල(ගොඩබිම්-ගුවන් මිසයිල )දියත් කරන ස්ථානයි.ඉන්පසු ගුවනේ ආධිපත්‍ය ප්‍රහාරක යානාවලට හිමිවේ.එම යානාවලින් අහස්‍යාත්‍රාංගන,ගුවන් පථ සහ ඉන්ධන/ අවි ගබඩා වලට ප්‍රහාර එල්ල කෙරේ.

    qUh6303.jpg




    සිරියානු ගුවන් කඳවුරට පහරදීම

    සිරියාවේ හොම්ස් පළාතේ පිහිටා තිබෙන අල්-ෂෙයිරට් කඳවුරට ඇමෙරිකාව පහර දෙන්නේ සිරියානු රජය සිවිල් වැසියන්ට එරෙහිව රසායනක අවි භාවිතා කිරීමට ප්‍රතිචාර ලෙසයි.ඔවුන්ගේ ඉලක්කය වූයේ රසායන අවි හෙළු සිරියානු ගුවන් හමුදා යානා සහ ඒවාට පහසුකම් සැලසූ ගොඩනැගිලිය.පහත වීඩියෝවේ දැක්වෙන්නේ ඇමෙරිකානු නාවික හමුදා යාත්‍රාවලින් ටොමහොක් මිසයිල දියත් කරන අයුරුය.





    ටොමහොක් කෲස් මිසයිලය

    ටොමහොක් යනු දිගු දුර කෲස් මිසයිලයකි.මේවා බොහෝ විට දියත් කරන්නේ ඇමෙරිකානු නෞකා සහ සබ්මැරීනවලින්ය.ටොමහොක් මිසයිලයක් ඉදිරිපස රාත්තල් 1000ක් පමණ බර පුපුරණද්‍රව්‍ය අඩංගුය.තවද එය සතු නිරවද්‍ය මාර්ගෝපදේශන පද්ධතිය නිසා අවට තිබෙන දෑ,පුද්ගලයින්ට හානි නොවන සේ විශේෂිත ඉලක්ක වැනසීමට භාවිතා කල හැකිය.මේවා සාම්ප්‍රදායිකව භාවිතා කරන්නේ ගුවන් ආරක්ෂණ පද්ධති,පාලන පද්ධති සහ ඉහල වටිනාකමක් සහිත ඉලක්ක විනාශ කිරීමටය.

    p96Lnin.jpg




    සිද්ධියට අදාල කරුණු

    1.ප්‍රහාරයක් ඉල්ල කිරීමට පෙර ඉන් රුසියානු සෙබලුන්ට සහ ගුවන් යානාවලට හානියක් නොවන බව තහවුරු කරගැනීමට රුසියාව සමග සෘජුව සම්බන්ධ විය හැකි සන්නිවේදන මාර්ගයක් ඇමෙරිකාව සතුය.

    2.සිරියාවෙ ගුවන් කඳවුර ඉලක්ක කරගෙන යූ එස් එස් පෝටර්(DDG-78) සහ යූ එස් එස් රොස්(DDG-71) යන නෞකාවලින් ටොමහොක් මිසයිල 59ක් දියත් කරන ලදි.

    3.මෙම ගුවන් කඳවුර සිරියානු ගුවන් හමුදාවේ මිග්-23 සහ සුකොයි-22 ප්‍රහාරක ජෙට් යානාවල නිවහන විය.තවද එය රුසියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවල ඉදිරිපෙළ මෙහෙයුම් කඳවුරක් ලෙසද යොදාගන්නා ලදි.

    4.කඳවුරේ ධාවන පථවල මෙන්ම සවිගැන්වූ කොන්ක්‍රීට් බංකර් තුලත් ප්‍රහාරක ජෙට් යානා තිබිණි.

    5.ඇමෙරිකානු මිසයිල ප්‍රහාරය එල්ල වන විට ඊට ප්‍රතිචාර වශයෙන් කඳවුරෙන් ගුවන්යානා-නාශක අවි ප්‍රහාර එල්ල වූ බව වාර්තා නොවීය.


    මිසයිල ප්‍රහාර එල්ල වීම ඇරඹෙන්නේ 2017 අප්‍රේල් මස 7 දා අළුයම් කාලයේදීය

    XbVxMNS.jpg




    කෲස් මිසයිල ප්‍රහාර දියත් කල USS Ross නෞකාව

    fi7CsWs.jpg




    ප්‍රහාරයට සහභාගිවූ USS Porter නම් නෞකාව

    EOP7gsG.jpg




    ප්‍රහාරයේ සාර්ථකත්වය

    ප්‍රහාරය සිදුකල වහාම ඇමෙරිකානු හමුදාව කියා සිටියේ ටොමහොක් මිසයිල 59ම සාර්ථකව ඔවුන්ට ලබාදුන් ඉලක්ක විනාශ කල බවයි.කෙසේවෙතත් එය සම්පුර්ණ සත්‍යයක් නොවන්නේ කිසිදු කෲස් මිසයිලයක් 100% සාර්ථක වීමට ඉඩක් නැති නිසාය.රුසියාව ප්‍රකාශ කලේ ටොමහොක් මිසයිල 23ක් නිවැරදි ඉලක්ක වෙත පතිත වූ බවයි.එනම් සාර්ථක වීමේ ප්‍රතිශතය 38%කි.එයද පිළිගත නොහැකි කරුණකි.

    MHITpmZ.jpg
    පෙන්ටගනය විසින් නිකුත් කල ප්‍රහාරයෙන් පසුව ගුවන් හමුදා කඳවුරේ චන්ද්‍රිකා ඡායාරූප සහ සිදුව තිබෙන හානි​

    පසුගිය වසරේදී රුසියාව කේඑච්-101 කෲස් මිසයිල දියත් කිරිමේදී ඔවුන් කීවේ නිවැරදි ඉලක්කය වෙත පතිත වීමේ ප්‍රතිශතය 85%ක් වූ බවයි.ඇෆ්ගන් සහ ඉරාක යුද්ධවලදී ඇමෙරිකානුවන් දියත් කල ටොමහොක් මිසයිලවල සාර්ථක වීමේ ප්‍රතිශතය 80%ක් පමණ විය.-

    ටොමහොක් මිසයිලවල ඉතිහාසය ගෙන බැලූ කල එහි සාර්ථකත්වය 80%ක් ලෙස ගත හොත් මිසයිල 59න් 46ක් පමණක් නිවැරදි ඉලක්ක වෙත පතිත වී තිබේ.

    රුසියානු සහ ඇමෙරිකානු ප්‍රකාශ සැලකිල්ලට ගෙන ගණනය කල හොත් අවම වශයෙන් මිසයිල 41ක් නිරවද්‍යව ඉලක්ක කරා ගමන් කර තිබේ.

    තවත් නිවැරදිව ගණනය කරන්නේ නම් මිසයිල 44 කට ආසන්න ප්‍රමාණයක් කඳවුරට පතිතව තිබේ යැයි අනුමාන කල හැකිය.

    පහත දැක්වෙන්නේ ප්‍රහාරයට පෙර සහ ප්‍රහාරයෙන් පසුව ගුවන් හමුදා කඳවුරේ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයකි​

    mYPHvqk.jpg


    BdLPRzU.jpg


    IJugYsY.jpg




    පැහැදිලිනොකල කරුණු​


    ප්‍රතිපක්ෂයෙන් ප්‍රතිප්‍රහාර එල්ල නොවීම

    ඇමෙරිකානු ප්‍රහාරයට එරෙහිව රුසියාව හෝ සිරියාව ප්‍රතිප්‍රහාරයක් එල්ල නොකලහ.

    මීට පෙර අවස්ථාවල නම් ඊශ්‍රායල ප්‍රහාරක යානා සිරියානු ගුවන් සීමා ආක්‍රමණය කල විට සිරියානු හමුදාව සෑම් මිසයිල ප්‍රහාර එල්ල කරන ලදි.ඉන් කියවෙන්නේ සිරියානු හමුදාව ගුවන් ආරක්ෂණ පද්ධති තවමත් සජීවී බවයි.

    තවද කලාපයේ ස්ථානගත කර ඇති රුසියානු සහ සිරියානු රේඩාර් පද්ධතිවලට හසුනොවී මෙවැනි ප්‍රහාරයක් දියත් කිරීම කල නොහැක්කකි.

    රුසියාවද මෙම ගුවන් කඳවුරට ඇල්මක් දක්වන නිසා මෙවැනි ප්‍රහාරයක් එල්ල වීමට ඉඩදුන්නේ ඇයි යන්න ප්‍රශ්නයකි.

    HgweZi3.jpg
    ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් 6 වනදා නිකුත් කල අල්-ෂෙයිරට් ගුවන් හමුදා කඳවුරේ චන්ද්‍රිකා ඡායාරූපයක්​



    පූර්ව අනතුරු ඇඟවීම් පද්ධති සක්‍රීයයි

    සිරියානු වෙරළාසන්නයේ සිට ඇමෙරිකානු නෞකා මිසයිල ප්‍රහාර දියත් කරන බව ඒ ආසන්නයේ තිබූ රුසියානු නෞකා විසින් කලින්ම අනාවරණය කරගන්නට ඇති.

    ගොඩබිම සිටින රුසියානු සහ සිරියානු හමුදාවන්ට මිසයිල ප්‍රහාරය සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කරන්නට රුසියානු නෞකාවලට හැකියාව තිබේ.නමුත් ඒ කිසිවක් සිදුනොවූ අතර ඇමෙරිකානුවන්ගේ ප්‍රහාරයට කිසිදු ප්‍රතිවිරෝධයක් එල්ල නොවිණි.

    මෙම අවම ප්‍රතිවිරෝධය ඔස්සේ පෙන්වන්නේ රුසියාව සහ සිරියාව ප්‍රහාරයට පෙර කඳවුර අතහැර දැමූ බවකි.




    කාර්යබහුල ගුවන් අවකාශය

    සිරියාවට ඉහල අහස යනු කාර්යබහුල ගුවන් කලාපයකි.තවද එය ලෝක බලවතුන්ගේ සෙල්ලම් පිටියක් වැනිය.ඕනෑම මොහොතක ඔවුන්ගේ යානා කිසියම් ඉලක්කයට පහරදීමට
    හැකිය


    ඔබ කෲස් මිසයිල 59 ක් වැනි සංඛ්‍යාවක් යම් රටකට එල්ල කරන්නේ නම් එම ගුවන් අවකාශයේ සැරිසරන ජෙට් යානා අයත් පාර්ශ්වයන් කලින් දැනුවත් කිරීම අනිවාර්යෙන්ම කල යුතුය.මන්ද ටොමහොක් මිසයිල රුසියානු සුකොයි-35 හෝ ඊශ්‍රායෙල එෆ්-15 යානාවල හෝ ගැටීමට යම් අවස්ථාවක් තිබෙන නිසා.

    සම්පුර්ණ රටම ඔබේ ඉලක්කයක් නම් කිසිවෙක් දැනුවත් කිරීම අවශ්‍ය නොවේ.නමුත් සිරියාව යනු සතුරන්,මිතුරන් සහ රුසියානුවන්ගෙන් පිරුණු ස්ථානයකි.

    ගුවනේදී සිදුවන ඝට්ටනයක් වළක්වා ගැනීම සඳහා ඇමෙරිකාව ප්‍රහාරයට පෙර රුසියාව සහ ඊශ්‍රායලය දැනුවත් කරන්නට ඇතැයි අනුමාන කල හැකිය.එසේ වූයේ නම් අන්තරායදායක කලාපයෙන් සිය ගුවන් යානා ඉවත් කරගැනීමට හෝ ගොඩබෑමට ඔවුන් ක්‍රියා කරන්නට ඇති.

    මෙම කරුණ ඇමෙරිකානු රජය විසින් පසුව සනාථ කරන ලදි.එනම් ඔවුන් ප්‍රහාරය එල්ල කරන ප්‍රදේශයේ රුසියානු සෙබලුන් සිටියි නම් ඉවත් කරගන්නට යැයි රුසියාව දැනුවත් කල බවයි.

    ඇමෙරිකාවේ එම අනතුරු ඇඟවීම හරහ අදාල ප්‍රදේශයේ සිටි සිරියානු සෙබලුන් සහ ඔවුන්ගේ ගුවන් යානාද ඉවත් කරගැනීමට රුසියාව විසින් සිරියාවට දැනුම් දෙන්නට ඇතැයි සිතිය හැකිය.මිසයිල ප්‍රහාරවලින් එතරම් හානියක් සිදුනොවූයේ මේ නිසා යැ‍යි අනුමාන කිරීමට පුලුවනි.

    UJdFLrV.jpg
    සිරියාවට යැවූ රුසියානු සුකොයි-30 ගුවන් යානා​




    එස්-400 - S400 ගුවන් ආරක්ෂණ පද්ධතිය

    රුසියානු එස්400 ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය ,සතුරු මිසයිල විනාශ කිරීමට නිපදවා නැත.මෙම කරුණ අන්තර්ජාලය තුලත් රුසියානු විරෝධී වෙබ් අඩවි තුලත් පුවත් මවන්නට විය.ඒ එස්400 යනු අඩුම තරමේ ටොමහොක් මිසයිලයක් විනාශ කිරීම තියා මිසයිලයක් පැමිණ බව හඳුනාගැනීමට පවා නොහැකි නිෂ්ඵල දෙයක් බව කියමින්ය.

    නමුත් එය සත්‍යයෙන් බොහෝ දුරස්ය.මන්ද එස්400 පද්ධති ස්ථානගත කර තිබෙන්නේ ගුවන් කඳවුරේ තිබෙන රුසියානු සහ සිරියානු ගුවන් යානා සහ අනෙකුත් වටිනාකමින් වැඩි දෑ ආරක්ෂා කිරීමට නිසාය.

    එම කඳවුර කෲස් මිසයිලවල ඉලක්කයක් වූයේ නම් කෲස් මිසයිල විනාශ කිරීමට යොදවන්නේ Pantsir-S1 ගුවන් ආරක්ෂණ පද්ධති සහ සුකොයි-30 ප්‍රහාරක යානා මිස එස්400 පද්ධති නොවේ.එස්400 මිසයිල පද්ධති නිර්මාණය කර තිබෙන්නේ වටිනාකමින් වැඩි,දිගු දුර ඉලක්ක වැනසීමටය.

    එක් එස්400 මිසයිල පද්ධතියක් සතුව නිකුත් කිරීමට සූදානමින් පසුවන මිසයිල 36-48 අතර ප්‍රමාණයක් තිබුණත් නොකඩවා පැමිණෙන කෲස් මිසයිල විනාශ කිරීමට ඒවා යෙදවීම ලාභදායි කටයුත්තක් නොවේ.තවද කෲස් මිසයිල රේඩාර් වලට හසුනොවී පොළොවට ඉතා ආසන්නයෙන් ගමන් කරන නිසා ඒවා අනාවරණය කරගැනීම ඉතා අසීරුය.ඒ සඳහා ප්‍රබල රේඩාර් පද්ධති අවශ්‍ය වේ.

    su8U7Qt.jpg
    S400 ගුවන් ආරක්ෂණ පද්ධතියක්​




    ප්‍රහාරයෙන් සිදුවූ හානිය

    නිල වාර්තාවලට අනුව සිරියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානා 9ක් පමණද,ඉන්ධන,උණ්ඩ ගබඩා,රේඩාර් මධ්‍යස්ථානයක් සහ සමහරක් ව්‍යුහයන්ද සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.සවිගැන්වූ කොන්ක්‍රීට් අහස්යාත්‍රාංගන ,ධාවන පථ සහ ගුවන් කඳවුරේ අනෙකුත් කොටස්වලට සිදුව තිබෙන්නේ සුළු හානිය.ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව යළිත් ගුවන් කඳවුර භාවිතයට ගැනීම ආරම්භ කල බවද සඳහන් වේ.පහත දැක්වෙන්නේ ප්‍රහාරයෙන් පසුව රුසියානු ඩ්‍රෝන් යානයක අධෝරක්ත කැමරාවකින් ලබාගත් වීඩියෝපටයකි.


    ප්‍රහාරය සම්බන්ධව රුසියාව දැනුවත් කර තිබියදී පවා සිරියාවට ගුවන් යානා 9ක් අහිමි වීම ඔබව පුදුමයට පත් කරන්නට ඇති.නමුත් සෑම ගුවන් කඳවුරකම අලුත්වැඩියා කටයුතු,නඩත්තු කටයුතු උදෙසා එහි වැදගත් කොටස් ගලවා ඉවත් කල ගුවන් යානා යම් ප්‍රමාණයක් තිබේ.මෙවැනි හදිසි අවස්ථාවකදී ඒවා අතහැර දැමීම හැර කල හැකි වෙනත් යමක් නොමැත.කෙසේවෙතත් ගුවන්ගත කිරීමට හැකි තත්ත්වයේ තිබූ සියලු ගුවන් යානා ප්‍රහාරයට පෙර සිරියානු හමුදාව ඉවත් කරගන්නට ඇතැයි අනුමාන කල හැකිය.

    uZFtTs6.jpg


    2N0ZmVh.jpg


    2ex4yym.jpg


    8d6hnqq.jpg


    4gKUt4V.jpg


    tJec45p.jpg


    WMv77V1.jpg


    hMi2m0d.jpg

    කොන්ක්‍රීට් බංකර් ඇතුලත තිබූ ගුවන් යානා දෙකක් ප්‍රහාරවලින් විනාශ වී ඇතිබව පහත ඡායාරූපයෙන් පෙනේ.නමුත් ඉන් පෙනෙන්නේ මිසයිල ප්‍රහාර සිතූ තරම් සාර්ථක නොවූ බවයි.මන්ද සිදුව තිබෙන පිපිරීම් බංකර් මුළුමනින්ම විනාශ කිරීමට ප්‍රමාණවත් වි නැති නිසා.

    z8wYdSL.jpg
    විනාශ වී ගිය ප්‍රහාරක යානා දෙකක් සවි ගැන්වූ කොන්ක්‍රීට් ආවරණ යට තිබෙන අයුරු​

    80VQVF9.jpg
    විනාශ නොවූ ප්‍රහාරක යානයක්​

    X5LtELD.jpg
    මිසයිල ප්‍රහාරවල ඉලක්ක බවට පත් නොවූ ප්‍රහාරක යානා දෙකක්​


    අතරමගදී කඩා වැටුණු කෲස් මිසයිලයක කොටස්​

    UyypjuJ.jpg


    uE3gL9n.jpg


    SaQjDrD.jpg




    අවසාන නිගමනය

    ඇ.ඩො.මිලියන 60ක් (එක් ටොමහොක් කෲස් මිසයිලයක මිල ආසන්න වශයෙන් ඇ.ඩො.මිලියන 1ක් ලෙස ගෙන තිබේ)වටිනා කෲස් මිසයිල යොදාගෙන සිදුකල ප්‍රහාරය ඔස්සේ ඉලක්ක කල ගුවන් කඳවුර අක්‍රීය කිරීමට සහ සිරියානු හමුදාවේ අනාගත මෙහෙයුම්වලට බාධා කිරීමට හැකිවූයේ නැත.

    වෙනසක් කිරීමට වඩා එක්සත් ජනපදය සිරස්තල මැවීමට මෙම ප්‍රහාරය සිදුකල බව පෙනේ.

    ඇමෙරිකාව,රුසියාව සහ සිරියාව යන පාර්ශ්වය තුන ප්‍රශ්නකාරී ක්‍රියාවල යෙදෙන බව පෙනේ.

    ඇමෙරිකානුවන් සහ රුසියානුවන් සිරියාවේ සැබෑ ප්‍රශ්නය වන ත්‍රස්තවාදය මැඩලීමට වඩා කාලය නාස්ති කරමින් සිය ශක්තිය පෙන්වීමට තැනක් ලෙස සිරියාව භාවිතා කරයි.

    පොදු විසදුමක් ලඟා කරගත හොත් සිරියාව පශ්චාත්-යුද සමයේ පසුවන ඉරාකය මෙන් වේවි.

    ඇමෙරිකාව සහ රුසියාව යම් ක්‍රියාවක් කලහොත් ,ඔවුන් එය සාර්ථක යැයි කියන්නේ නම් එය දෙකෙන් බෙදන්න.අසාර්ථක යැ‍යි කිවහොත් දෙකෙන් ගුණ කරන්න.එවිට නියම ගණන් මිනුම් ඔබට ලැබේවි.

    jthoA9V.jpg

    රුසියාව පවසන පරිදි කෲස් මිසයිල 59න් 23ක් පමණක් ගුවන් හමුදා කඳවුරට සහ ඒ ආසන්නට පතිත වූ තිබේ

    මිසයිල ප්‍රහාරය අසාර්ථක බවත් ඉන් ගුවන් හමුදා කඳවුරේ ධාවන පථවලට හානියක් සිදුවූ නැතිබවත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ඊට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම ඔස්සේ දක්වා තිබූ ප්‍රචාරය.ඔහු කියන්නේ ධාවන පථවලට පහර නොදුන්නේ ඒවා පහසුවෙන් අඩු මුදලක් යොදා පිළිසකර කර භාවිතා කල හැකි නිසා බවයි.

    tHOQmft.png


    ප්‍රහාරයේ අරමුණ අල්-ෂෙයිරට් ගුවන් හමුදා කඳවුරේ මෙහෙයුම් කටයුතු අඩාල කිරීම නොවේ යැ‍යි Centcom හි ට්විටර් ගිණුමේ සඳහන් කර තිබිණි.​

    QgQ8ken.png




    Source:defencyclopedia.com

    -HarshaLulzSec-
     
    Last edited:
    • Like
    Reactions: Prime HD

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුන් ඔක්කොම අමුත් ජාතියෙ ආතල් ගන්නවද කොහෙද. ස්තූතියි මචන් විස්තරේට.
     

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    වචනයක් හැලිලා බන් :( .මිලියන 1.8 කියලා එන්න ඕනේ

    අව්ලක් නෑ කියවන් යද්දී පහල තිබ්බ :). මේච්චර ගොඩක් ටයිප් කරන එක අගය කරන්න ඕන
     
    Last edited: