සංග්රාම භූමිය-19
බැග්ඩෑඩ් රජයට එරෙහි යුද්ධයක් වෙනුවෙන් 200ක් පමණ කුර්දි ගුවන් නියමුවන් ඊශ්‍රායලය සහ දකුණු අප්‍රිකාවේ පුහුණුව ලබන බව වාර්තාවේ.ඉරාකය තුල පිහිටා ඇති නූතන කුර්දිස්ථානය ක්‍රමයෙන් ඊශ්‍රායලයේ යුද කඳවුරක් බවට පත් වෙමින් තිබේ.ඉරාකයට සහ ඉරානයට එරෙහි පුළුල් යුද්ධයක් වෙනුවෙන් ගුවන් ආරක්ෂක අවි,දිගු දුර ප්‍රහාරක කාලතුවක්කු,හෙලිකොප්ටර් ප්‍රහාරක ගුවන් යානා එර්බිල් නගරය දෙසට ගෙන යමින් සිටියි.
මූලාශ්‍රවලට අනුව ඊශ්‍රායල ගුවන් නියමුවන් ඇමෙරිකානු ගුවන් යානා පදවමින් කිසිදු අවසරයකින් තොරව සිරියානු ගුවනේ පියාසර කරමින් සිරියානු රජයේ විරුද්ධවාදීන්ට එරෙහිව සටන් වදින ඉරාන සහ හිස්බුල්ලා බලකාවලට එරෙහි ගුවන් ප්‍රහාර එල්ල කරයි.
එර්බිල් නගරයට නිතර පැමිණෙන අමුත්තෙක් බවට පත්ව තිබෙන්නේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුය.යුද්ධය ඇරඹීමෙන් පසුව කුර්දිස්ථාන ප්‍රදේශීය ආණ්ඩුවේ ජනපති බ්රසානි හමුවීමට ඔහු තුන්වතාවක් පැමිණ තිබේ.
ඉරාකය කිර්කුක් ආසන්නයේ ISIS ත්රස්තවාදීන්ට එරෙහිව සටන් අලුත් කිරීම යනු කුර්දීන්ට එරෙහිව යුද්ධයේ ආරම්භයයි.ඊශ්‍රායල විසින් පුහුණු කල කුර්දීන් ඉරාකයේ තෙල් වලින් පොහොසත් ප්‍රදේශවලට පැමිණි තෙල් එම ප්‍රදේශවලින් ඉවත් කිරීම අරඹන්නේ 2014දී ISIS ත්රස්තවාදීන් ලෙස පෙනී සිටිමින්ය.ඒ අතරතුර ඊශ්‍රායලයේ සහාය ලබන ISIS ත්රස්තවාදීන් යැංකින්ගේ උදව් ඇතිව ඉරාකයේ මෝසූල් සහ ඇනබාර් පළාත් අල්ලා ගනියි.
අද වන විට සිරියාවේ ඩීර් එසෝර් ආසන්නයේ සිටින ඇමෙරිකානු සහාය ලබන කුර්දි බලකා ඓතිහාසිකව කුර්දි ජනගහනයක් නොමැති සිරියාවේ තෙල් බිම් දෙසට ඇදෙමින් සිටියි.ඔවුන්ගේ අරමුණ හැකි තරම් තෙල් බිම්වල බලය අල්ලා ගැනීමයි.නැගෙනහිර සිරියාවේදී සිරියානු රජයේ හමුදාවට වඩා සීඝ්රයෙන් භූමිය අල්ලා ගැනීමට කුර්දීන් සමත් වන්නේ පුදුම සහගත අයුරිනි.
ඊශ්‍රායලය සහ සෞදි අරාබිය මැදපෙරදිග ක්‍රියාත්මක කරන්නේ 19 වන සියවසේදී බ්‍රිතාන්‍යය සහ රුසියාව අතර මධ්‍යම ආසියාව සඳහා ඇතිවූ තරඟයෙන් උගත් පාඩම්ය.එනම් "බෙදා වෙන් කර ජය ගැනීමයි".ඔවුන් කරන්නේ තුර්කීන්ට එරෙහිව කුර්දීන්ද,කුර්දීන්ට එරෙහිව අරාබීන්ද,ෂියා මුසලුන්ට එරෙහිව සුන්නිද වශයෙන් එකෙකුට එරෙහිව අනෙකා ආයුද සන්නද්ධ කර ඔවුනොවුන් මරා ගන්නා අයුරු පැත්තකට වී බලා සිටීමයි.

ඉරාක සහ තුර්කි හමුදා සැප්තැම්බර් 26දා ඒකාබද්ධ යුද අභ්‍යාසයක් කැදවීය
අද වන විට සිරියාවේ ඩීර් එසෝර් ආසන්නයේ සිටින ඇමෙරිකානු සහාය ලබන කුර්දි බලකා ඓතිහාසිකව කුර්දි ජනගහනයක් නොමැති සිරියාවේ තෙල් බිම් දෙසට ඇදෙමින් සිටියි.ඔවුන්ගේ අරමුණ හැකි තරම් තෙල් බිම්වල බලය අල්ලා ගැනීමයි.නැගෙනහිර සිරියාවේදී සිරියානු රජයේ හමුදාවට වඩා සීඝ්රයෙන් භූමිය අල්ලා ගැනීමට කුර්දීන් සමත් වන්නේ පුදුම සහගත අයුරිනි.
සිරියාවේ සහ ඉරාකයේ තත්ත්වය 2017 ඔක්තෝම්බර් 02