"සංගාට ඉක්මණින්ම වැඩේ දෙනවා - ඇමති මහින්දා
පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාත්‍යන්තර දේශනයකදී විවේචනයට ලක්කළ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉක්මණින්ම ක්‍රීඩාවෙන් එළවා දැමීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පවසා තිබේ.
පසුගියදා උතුරේ සංචාරයක නියැලෙන අතරතුර මාධ්‍යවේදීන් පිරිසක් සමඟ කිළිනොච්චියේදී ආහාර ගනිමින් සිටියදී ඇමතිවරයා විසින් මේ බව අනාවරණය කර තිබේ.
එහිදී අමාත්‍යවරයා විසින් පවසා ඇත්තේ සංගක්කාරට ඉක්මණින්ම 'වැඩේ දෙන' බවයි. ඒ සඳහා තමාට රජයේ ඉහළම තැනකින්ද අනුමැතිය හිමි වී ඇති බවද අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
සංගක්කාරට එරෙහිව දිගින් දිගටම දොස් පැවරූ ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ බ්‍රිතාන්‍යයේදී කොලින් කෞඩ්රි සමරු දේශනය පැවැත්වීමට පෙර සංගක්කාර විසින් ඇමරිකානු තානාපතිවරයා සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කළ බවට තොරතුරු ලැබී ඇති බවයි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ සංගක්කාර ගෙන යන්නේ දේශපාලන සෙල්ලමක් බවත් එය තමන් හොඳින්ම දන්නා බවත්ය.
මෙහිදී එක් මාධ්‍යවේදියෙකු විසින් ඇමතිතුමා කියූ දේවල් පළ කළාට කමක් නැද්දැයි විහිළුවට මෙන් විමසා තිබේ. එවිට අමාත්‍යවරයා, 'දාන්න තමයි බං කියන්නේ' යනුවෙන් පිළිතුරු දී තිබේ.

"සංගාට ඉක්මණින්ම වැඩේ දෙනවා - ඇමති මහින්දානන්ද

paw ban SAnga elakiri kollek!! 