සංගා_දේශපාලනයට ආවොත් උපරිම සහාය දෙනවා
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වන්නේ නම් හැකි උපරිම සහයෝගය ඒ මහතා වෙත ලබාදෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද (25) පෙරවරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
සංගක්කාර මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ යටතේ ඉදිරිපත් වන්නේදැයි එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටි අතර, ඊට පිලිතුරු දෙමින් සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබඳ එක්සත් ජාතික පෙරමුණ කතාකර නොමැති බවත්, එහෙත් එක්සත් ජාතික පක්ෂය කතා කළාද යන්න පිළිබඳ තමන් නොදන්නා බවයි.
සංගා දේශපාලනයට ආවොත් උපරිම සහාය දෙනවා