සංඝයා අතර කුලවාදය මතු වෙලා - ජාතික වීරයෝ නම
මහනුවර මගුල් මඩුවේදී පසුගිය මාර්තු පළමුවෙනිදා පැවැත්වුණ 'උත්තමාභිවන්දනා' රාජ්‍ය උළෙළේදී රාමඤ්ඤ සහ අමරපුර මහනායක හිමිපාණන් වහන්සේලා ඇතුළු කාරක සභාවන්හි හිමිවරුන්ට මගුල් මඩුවේ අසුන් ගැනීමට ඉඩ ලබා නොදීම පිටුපස අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් ඇතුළු සංඝ සභාව සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.
ත්‍රෛ නිකායික මහනායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවන්හි නායක හිමිවරුන්ට මෙම මගුල් මඩුවේ පැවැත්වෙන රාජ්‍ය උළෙළ සඳහා සහභාගී වන ලෙස රජය වෙනුවෙන් ඉල්ලීම් කරනු ලැබ ඇත්තේ ජනමාධ්‍ය ඇමහිවරයා විසිනි.
නමුත්, මෙවැනි උත්සව සඳහා - විශේෂයෙන් මගුල් මඩුවෙහි පැවැත්වෙන උත්සව සඳහා අනුගමනය කරනු ලබන සම්ප්‍රදායන් වන්නේ සියම් නිකායට සම්බන්ධ අස්ගිරි සහ මල්වතු පාර්ශවයන්හි මහනායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවන්හි හිමිවරුන් පමණක් වන බවට අස්ගිරි පාර්ශවයේ හිමිවරුන් දැඩි සේ රජයට අවවාද කර ඇතැයි දැන ගන්නට ඇත.
මෙම දැනුම්දීම දැඩි සේ කරනු ලැබ ඇත්තේ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් විසින් යැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් මෙම ඉල්ලීම හමුවේ දැඩි අසරණ තත්ත්වයට පත් රජය රාමඤ්ඤ නිකායේ මහනාහිමිවරුන් මුණ ගැසී කරුණු දක්වා ඇතැයිද දැනගන්නට ඇත.
මෙම උත්තමාභිවන්දනා රාජ්‍ය උත්සවයට සපැමිණි රාමඤ්ඤ නිකායේ මහනාහිමියන් ඇතුළු කාරක සභාවේ හිමිවරුන් සියල්ල මගුල් මඩුවට ඇතුල් නොවීම හේතුවෙන් ඉන් නික්ම ගොස් තිබුණි.
කෙසේ වෙතත් තමන් වහන්සේලා ඇතුළු සමස්ත රාමඤ්ඤ නිකායේ ස්වාමීන් වහන්සේලාට සිදු වූ අසාධාරණය පිළිබඳව එම නිකායේ විරෝධය රාමඤ්ඤ නිකායේ මහනාහිමියන් විසින් එම උළෙළ සංවිධානය කළ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාරත්නට ලිපියකින් දන්වා යවා ඇති බවද පැවැසේ.
සරලව කිවහොත් මෙම ගැටලුවට මුල් වී ඇත්තේ කුලවාදය බව මෙම සිදුවීම දන්නා සමාජයේ බොහෝ තැන්වල සාකච්ඡාවට බඳුන් වී තිබේ.

ඔය උද්දජ්ච කම හින්ද තමයි අපි විනාශ වෙන්නේ,තමන්ගේ එකෙක් රජ වෙන එකට විරුද්ධ වෙලා දෙමළෙක් ගෙනල්ලා රජතුමා කරලා උන්ගේ නීති තාම පිළිපදින හාමුදුරුවෝත් අපේ රටේ ඉන්නවා නේ.