සංචාරකයින් කොල්ලකන පරෙවි දූපතේ පාතාලය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සංචාරකයින් කොල්ලකන පරෙවි දූපතේ පාතාලය

    සංචාරකයින් කොල්ලකන පරෙවි දූපතේ පාතාලය​



    සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයට සැලකියයුත් දායකත්වයක් දක්වන කර්මාන්තයකි.
    එවන් පසුබිමක සංචාරකයින්ට අතිශය අමානුශික ආකාරයෙන් සලකන පිරිසක් පිළිබඳව ත්‍රිකුණාමලය පරවි දූපතෙන් "අද දෙරණ" උකුස්සාට වාර්තාවුණි.
    සංචාරක ආකර්ෂණය දිනාගත් මෙරට සුන්දර ස්ථානයක් වන ත්‍රිකුණාමලය පරෙවි දූපතට දෛනිකව දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමි‍ණෙයි.
    එලෙස පැමිණෙන සංචාරකයින්ට, සංචාරක මඟ පෙන්වන්නන් සහ පරෙවි දූපතේ සංචාරක කාර්ය මණ්ඩලය ඉතා අමානුෂික අන්දමින් සලකන බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුණි.‍

    විදෙස් රටක සිට නිවාඩුවක් සඳහා මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් විසි දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පසුගියදා පරෙවි දූපතේ සංචාරයක් සඳහා ගොස් තිබූ ඒ සඳහා රුපියල් 90,000ක මුදලක් ද පරෙවි දූපත් සංචාරක කාර්ය මණ්ඩලය විසින් ඔවුන්ගෙන් ලබාගෙන තිබුණි.

    එලෙස විශාල මුදලක් අය කළද ඔවුන්ට බෝට්ටු සවාරි, පිහිනුම් ආදී කටයුතු සඳහා ලැබී තිබුණේ තරමක අබලන් තත්ත්වයෙන් යුත් උපකරණයි.
    ඉතා අපහසුවෙන් එම උපකරණ භාවිත කළ පිරිස ඒවා නැවත භාරදීමේදී සංචාරක මඟ පෙන්වන්නන් පවසා තිබුණේ රුපියල් 12,000ක අමතර මුදලක් ගෙවන ලෙසය.
    ඒ අදාළ උපකරණවලට අලාභ හානි සිදුකර අබලන් තත්ත්වයට පත්කර ඇතැයි පවසමිනි.
    කෙසේවෙතත් සංචාරකයින් එම මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ සංචාරක මඟපෙන්වන්නන් ඇතුළු පිරිසක් පිරිසක් පොලු මුගුරු ද රැගෙන සංචාරකයින්ට ඉතා අමානුෂික ලෙස පහර දී ඇත.

    එහිදී සංචාරක කණ්ඩායමේ සිටි කාන්තාවන් පවා පහරකෑමට ලක්ව තිබුණි.
    සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට අවැසි කාලයක සංචාරකයින්ට අත්වන ඉරණම මෙයනම් එය කනගාටුවට කරුණකි.
    ඒ අනුව බලධාරින් මැදිහත් වී මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා තෙක් අද දෙරණ උකුස්සා සීරුවෙනි.
     
    • Dislike
    Reactions: Maskoora

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    අපියනකොට ඔව්වා නෑ, පොන්නයෝ සෙට් එකක් ගියපු එකක්?