දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව ප්‍රවේශ මාර්ගය 8දා විවෘත වෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර දොඩන්ගොඩ සහ ගැලනිගම අතර පැල්පොළ ඉදිකරන ලද නව පිවිසුම් මාර්ගය ජූනි 08 වෙනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කිරීමට නියමිතය.
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් රුපියල් බිලියනයක වියදමින් මෙම නව පිවිසුම් මාර්ගය ඉදි කළේ, හොරණ මිල්ලනියේ පිහිටි කර්මාන්ත පුරයට ප්‍රවේශවීමට පහසු කිරීමේ අරමුණින් බව එම අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා ඊයේ (5) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
මේ අතර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දොම්පේ, ඇස්වත්තේ ඉදි කරන ලද නව පාලම ද ජූනි 08 වෙනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කිරීමට නියමිත බවද සභාපතිවරයා කීය.
- https://sinhala.news.lk/news/political-current-affairs/item/29300-8
උඹට සිංහල ව්‍යාකරණ බැරිද නැත්තං හිතාමතාම මිනිස්සු ගොනාට අන්දන්න හදනවද?

කලින් ආණ්ඩුව හොදයිනෙ මේ බොරු කෙලින විදිය බැලුවම.මේකෙ ජුනි 8 කියල දැම්මට අවුරුද්දක් දාලත් නෑනෙ ඉතින් නේද?
උබලත් රනිල්ටම හරියන හොරු තමයි. 
මමනං ආපහු අහුවෙන්නෙ නෑ ඉතින්
Last edited:

