සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Pg05_0.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    යෝජිත කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය (මූල්‍ය නගර ව්‍යාපෘතිය) ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් පිළිගැනීම

    - යෝජිත කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය (මූල්‍ය නගර ව්‍යාපෘතිය), ඒ සම්බන්ධයෙන් උද්ගතව පැවති අදාළ අනුමැතීන් ලබාගැනීම, පාරිසරික බලපෑම් තක්සේරු කිරීම ආදී ගැටලු නිරාකරණය කරගනිමින් නැවත ආරම්භ කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පන‍ෙත් 3(3)වගන්තිය යටතේ ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් පිළිගැනීමටත්, ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කිරීමටත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කොළඹ කොටුව/පිටකොටුව - බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් පිහිටුවීම

    - බස්නාහිර කලාපීය මහා නගරය සඳහා වන විස්තීර්ණ කළමනාකරණ සැලැස්ම යටතේ වන යෝජනාවන් අතරට කොළඹ කොටුව/පිටකොටුව - බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමද ඇතුළත් වේ. ඒ අනුව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි, මහජනතාවට සුවපහසු හා කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් ලබා දීමේ අරමුණින්, සියලු ප්‍රවාහන මාදිලි ඒකාබද්ධ කරමින් කොළඹ කොටුව/පිටකොටුව - බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානය ස්ථාපිත කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉහළ ඇළහැර ඇළ ඉදි කිරීම

    - උතුරු මැද පළාතට ජලය සැපයීම අරමුණු කරගනිමින්, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, රුපියල් මිලියන 3,254ක ඇස්තමේන්තුවක් යටතේ, ඉහළ ඇළහැර ඇළ කිලෝමීටර 6.2ක් දිගින් යුතුව ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ වයඹ පළාත් ඇළ ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

    - කුඹුරු හෙක්ටයාර 12,500ක් ‍පෝෂණය කිරීමේ අරමුණින්, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. එහි පළමු අදියර යටතේ වෑමැඩිල්ල වම් ඉවුර ප්‍රධාන ඇළ මාර්ගය නෑබඩගහවත්ත ජලාශය දක්වා කිලෝමීටර 5.25ක් දිගින් යුතුව සංවර්ධනය කිරීමටත්, වෑමැඩිල්ල වැවෙහි නව සොරොව්වක් ඉදි කිරීමටත්, එම නව සොරොව්වේ සිට වෑමැඩිල්ල වම් ඉවුර ප්‍රධාන ඇළ දක්වා ඇළ මාර්ගයක් මීටර 600ක් දිගින් යුතුව ඉදි කිරීමටත් යෝජිතය. ඒ අනුව, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මාතර ජලසම්පාදන ව්‍යාපෘතිය - අදියර IV ක්‍රියාත්මක කිරීම

    - මාතර අදියර IV ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ‍ෙඩාලර් මිලියන 76.83ක හා රුපියල් මිලියන 2,448.81ක ණය මුදලක් ලබාගැනීම සඳහා ණය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මාතර මහරෝහලේ මාතෘ හා ළදරු ඒකක සංවර්ධනය කිරීම

    - මාතර මහ රෝහල මඟින් මාතර දිස්ත්‍රික්කය තුළ සිටින නේවාසික රෝගීන්ගෙන් අඩකට පමණ පහසුකම් සැලසෙයි. මාතර මහ රෝහල මාතර නගර මධ්‍යයේ සීමිත ඉඩ ප්‍රමාණයක් පිහිටා ඇති බැවින්, දැඩි තදබදයකින් යුක්ත වන අතර, එහි ඉඩකඩ පුළුල් කිරීමේ හැකියාවද සීමාසහිත වේ. එමෙන්ම මාතර, ගොඩගම ප්‍රදේශයේ ඉදි කරනු ලැබ ඇති කොරියා-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහල ඵලදායීව භාවිත කිරීම කෙරෙහිද අවධානය යොමු වී තිබේ. ඒ අනුව, මාතර මහ රෝහලේ මාතෘ හා ළදරු ඒකක මාතර, ගොඩගම ප්‍රදේශයේ පිහිටි කොරියා-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලෙහි ස්ථාපනය කිරීමට යෝජනා වී ඇත. ඒ සඳහා කොරියා-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලෙහි නව වාට්ටු සංකීර්ණයක් ස්ථාපිත කිරීම පිණිස ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 8.5ක ප්‍රදානයක් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා අරමුදල වෙතින් ලබාගැනීම සඳහා කටයුතු යොදා ඇති බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.

    ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා වායු සමනය කරන ලද මගී මැදිරි සහිත ඩීසල් බලවේග කට්ටල 06ක් සැපයීම

    - වඩාත් කාර්යක්ෂම හා සුවපහසු සේවාවක් දුම්රිය මගීන්‍ වෙත ලබා දීමේ අරමුණින්, ඉන්දියානු ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත වායු සමනය කරන ලද මගී මැදිරි සහිත ඩීසල් බලවේග කට්ටල 06ක් ප්‍රසම්පාදනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

    - http://cabinetoffice.gov.lk/cab/ind...icle&id=15&Itemid=49&lang=si&dDate=2016-11-01
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Sand is dredged from the sea and sprayed during reclamation work currently being carried out for the construction of US $ 1.4 billion Colombo Port City project adjacent to the Colombo Port.

    Untitled-41.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Sri Lanka grants 25 year income tax waiver for Port City developer

    Nov 02, 2016 (LBO) – Sri Lanka’s cabinet has approved granting of exemptions for the project company of the Colombo Port City in terms of the Strategic Development Project Act 2008.

    The CHEC Port City Colombo manages the project for the Chinese investor, China Communications Construction Company.

    The cabinet recognized the development of Port City and establishment of a mixed development project as a Strategic Development Project.

    As per the related gazette, the project company will have a 25 year exemption period from corporate income tax while China Harbour Engineering Company will receive 8 year income tax waiver.

    All imports of project related goods and local purchases of project related goods or services required for the implementation of the project will be exempted from VAT during the project implementation period of eight years.

    The project company will also be exempted from Ports and Airports Development Levy, Excise Duty, CESS and NBT for eight years.

    Exemption from Customs Duty will be applicable to all project related items in capital nature and any other project related items as approved by the BOI during the project implementation period.

    The expatriate staff of the Project Company will be exempted from PAYE subject to a restriction that this concession shall apply subject to the maximum number of thirty employees at any given time.

    The Project Company will also be exempted from the payment of Withholding Tax on certain conditions.

    The company proposed to reclaim 269 hectares of land for development within the total areas of 447 hectares. Proposed investment for Port City is 1,337 million US dollars while the implementation period is 8 years.

    - http://www.lankabusinessonline.com/...ar-income-tax-waiver-for-port-city-developer/