අපේ ආණ්ඩුවෙන් මාධ්‍යවේදීන්ට කිසිම හිරිහැරයක් නෑ.. රාජපක්‍ෂ තමයි භයානක..
වත්මන් යහපාන ආණ්ඩුව මාධ්‍යවේදීන්ට කිසිම හිරිහැරයක් කරන්නේ නැතියි ඇමති ජෝන් අමරතුංග මහතා සිය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැති උත්සවයක් අමතමින් කියා සිටියේය.
‘අපේ ආණ්ඩුව මාධ්‍යවේදීන්ට කිසිම කරදරයක් හිරිහැරයක් කරන්නෙ නෑ. පැවති රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍යවේදීන් සුදු වෑන්වලින් ඉස්සුවා. මාධ්‍යවේදීන් ඝාතනය කලා. අපේ ආණ්ඩුව මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කරන්න අවස්ථාව දීල තිබෙනවා. නමුත් ඇතැම් මාධ්‍යවේදීන්ට නිදහස අයුතු ලෙස භාවිත කරමින් අසත්‍ය පතුරුවා හරිනවා. ඒකාබද්ධ විපක්ෂය කොතරම් බාධා කලත් 2020 වෙනකම් ආණ්ඩුව වට්ටන්න කාටවත් බෑ’
____________________________________________________________
අපි ඡන්දෙට සූදානම්.. ඡන්දෙ ගන්න රට පුරාම තෑගි දෙනව, පාර්සල් දෙනව, බෑග් දෙනවා, පොත් බෙදනවා.. – ජෝන්
ඉදිරි පළාත් මැතිවරණයට මුහුණ දීම සදහා එක්සත් ජාතික පක්‍ෂය සූදානම් බව ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.
‘අපේ පක්‍ෂ ශාකා අපි ලියාපදිංචි කරගෙන යනව. අපේ ආසනවල ඉන්න ලමයින් ගෙනැල්ල තෑගි දෙනව.. පාර්සල් දෙනව.. බෑග් දෙනවා.. පොත් බෙදනව මුළු ආසනේ පුරාම. මිනිස්සුන්ට සැලකුවෙ නැත්නම් ඡන්දෙ දෙනවද’





