සංවර්ධන News

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉතින් හුත්තො බස් ලේන් එකක් විව්ර්ත කරා කියල දන්නෙ ඔය උත්සවේ හින්දනෙ .නැත්තන් තොපි වගේ හරක් බස් ලේන් එකේ බයිසිකල් පදිනවනෙ

    Api nam dannawa bola news wala kiwwama..
    Anika mumane awilla oka may maase open kale rajagiriye..
    :lol::lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    eka yana line eke map ekak nadda?

    Meka balanna

    Western Region Light Rail Transit(LRT) Project
    LRT.jpg


    First phase - RTS1 and RTS4 (Funded by JAICA)


    Elevated Highways + New Kelani Bridge Project
    elevatedhighwaynkbmap.jpg


    First Phase - New Kelani Bridge(Funded by JAICA), Port Access Elevated Highway(Funded by ADB), NKB-Rajagiriya Elevated Highway (BOT basis)

    Colombo Suburban Railway Project(Railway Electrification)
    railwayelectrification.jpg


    First Phase - RL-M1 Veyangoda-Panadura(Funded by ADB)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    කසළින් විදුලිය තුන්වන ව්‍යාපෘතියත් ඇරඹේ

    නිකසල ජවය කසළින් විදුලිය නිපදවීමේ වැඩසටහනේ තුන්වන ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනගර ගරු අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (17) දින කරදියාන කසළ අංගනයේදී සිදුවිය. ෆෙයාවිල් හොල්ඩින් ආයතනය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර දිනකට කසළ ටොන් 500කින් විදුලිය මෙගා වොට් 10ක් නිපදවීමට බලාපොරොත්තුවේ වේ. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මෙම ව්‍යපෘතිය අධික්ෂණය කරයි.

    20840953_1945076875773821_3285147921676615413_n.jpg

    20914730_1945076772440498_7359326309508009180_n.jpg

    20799472_1945076695773839_1940969251904347018_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=1945076099107232
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,234
    1
    392
    83
    sri lanka
    machan ganemulla flyover aka thathwa mokada ?? mun kadawatha ganemulla para hadana nena ban hariyata. owa hoyala balana kattiya nadda dane nada ban ??? contract gathu un wada ananawa
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Property development prospects in Sri Lanka railway upgrade

    Aug 17, 2017 18:31 PM GMT+0530

    ECONOMYNEXT – Sri Lanka’s railway and urban development authorities are to work together to include property development, known as transit-oriented development, in a planned modernisation and electrification of suburban rail.

    Palitha Samarasinghe, Railway Electrification and Modernization Project director, said the railway department was in talks with the Urban Development Authority on transit-oriented development or TOD, integrating rail and commercial development schemes.

    “We are having talks with UDA on transit oriented rail operations,” he told a forum. “We asked them to consider railway development when planning urban development.”

    He was responding to a question whether the modernisation, involving station upgrades, includes property development with private sector participation, during the 15th John Diandas Memorial Lecture held by the Chartered Institute of Logistics & Transport, Sri Lanka.

    “We will consider whatever urban development that can be included,” Samarasinghe said.

    Transit-oriented development exploits the connectivity between the rail system and the city provided by stations and enables rail operators to earn alternative revenue and generate increased ridership.

    The higher revenues in turn enable provision of better services to the public as in places like Hong Kong, whose Mass Transit Railway Corporation earns one-third of its revenue from non-fare sources like profit from retail and property management.
    (COLOMBO, August 17, 2017)

    - http://www.economynext.com/Property_development_prospects_in_Sri_Lanka_railway_upgrade-3-8543-6.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    ටොරින්ටන් නව ක්‍රීඩාගාරයේ ඉදිකිරීම් ඇරැඹෙයි

    Saturday, අගෝස්තු 19, 2017 - 01:00

    ප්‍රින්ස් ගුණසේකර

    sp.jpg

    sp1.jpg


    ක්‍රීඩා අමාත්‍යාංශයේ 50වැනි සැමරුමට සමගාමීව ටොරින්ටන් ක්‍රීඩාංගණය ජාත්‍යන්තර තත්ත්වයට පත්කරමින් නව ක්‍රීඩාගාරයට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ මුල්ගල් තබයි. රුපියල් මිලියන 190ක වියදමින් ඉදිකෙරෙන මේ ක්‍රීඩාගාරය තුළ ප්‍රේක්ෂකාගාරයක්, ශාරීරික යෝග්‍යතා ව්‍යායෑම් මධ්‍යස්ථානයක් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවට අවශ්‍ය සියලුම අංග අතුළත් කෙරේ.

    අතීතයේ නිදහස් චතුරශ්‍ර ක්‍රීඩාංගණය ලෙසින් හැදින්වූ මේ ක්‍රීඩාංගණය හිටපු අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විසින් වසර 1955 දී එවක ආසියාවේ හොඳම ක්‍රීඩාංගණයක් බවට පත්කොට විවෘත කළේය. මෙහි ක්‍රීඩාගාරයක් ඉදිකිරීමට 1969දී හිටපු ක්‍රීඩා ඇමැති වී. ඒ. සුගතදාස මහතා කටයුතු කළ අතර හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා අතින් එය විවෘත කෙරුණි.

    මේ ක්‍රීඩාංගණයේ පුහුණුව ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයක් ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය හා ආසියානු මට්ටමේ පදක්කම් රැසක් හිමිකරගත් අතර වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා යුගයට ගැලපෙන පරිදි නව ක්‍රීඩාගාරය ඉදිකිරීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා කටයුතු කොට ඇති අතර මේ ක්‍රීඩාගාරය ආසන්නයේම ක්‍රීඩා වෛද්‍ය ඒකකය හා නේවාසිකාර පහසුකම් ඇති බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියා වර්ධනයට ඉමහත් පහසුවක් සැලසෙන බව ක්‍රීඩා ඇමැතිවරයාගේ අදහසවී තිබේ.

    ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට මේ වසර අගභාගයේ සිට තවත් අලුත් කාර්යයක් පැවැරෙන බව මෙහි ප්‍රධාන ආරාධිතයාවූ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම විශේෂ සැලසුමක් සහිතව ක්‍රීඩා ව්‍යයෑම් මධ්‍යස්ථානයක් සමග හරිත උද්‍යාන නිර්මාණය කිරීමට රජය මුදල් වෙන්කරන හෙයින් ඒවා ක්‍රියාත්මක කිරීම ක්‍රීඩා ඇමැතිවරයාට පවරන බව සමරවීර මහතා පැවැසීය.

    “පුරාතන ග්‍රීසියේ පැවැති සංකල්පයක් අනුව ජිම් එකක් සමග පුස්තකාලයක් සහිත හරිත උද්‍යාන රටපුරා ඇති කිරීමට මේ වසරේ රජය මුදල් වෙන් කරනවා. නිරෝගී බව හා මනස දියුණු කිරීම මේ විශේෂ හරිත මධ්‍යස්ථාන ඇති කිරීමෙන් බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන් අලුත් නිර්මාණශීලී වැඩ අපේ රටට අවශ්‍ය වෙනවා” ඇමැතිවරයා පැවැසීය.

    ඉදිකෙරෙන නව ව්‍යයාම් මධ්‍යස්ථානයට රුපියල් මිලියන 10ක ක්‍රීඩා උපකරණ ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නියේජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා එකඟවූ බව මෙහිදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

    “සුගතදාස ක්‍රීඩාංගණයේ වැඩ අවසන් කිරීමට ඉදිරි මාස දෙකකදී හැකි වෙනවා. ගෘහස්ථ ක්‍රීඩාගාර නොමැති ප්‍රදේශවල ඒවා ඉදිකිරීමට මේ වසරේ මුදල් වෙන්කරදීම පිළිබඳව මුදල් ඇමැතිතුමාට ස්තූති වන්ත වෙනවා. දියගම පිටිය හා නේවාසිකාර පහසුකම් ඇතිකිරීමට අපට ඉදිරියේදී මුදල් ලබෙනවා. ඉදිරි වසර කිහිපයේදී සියලු යටිතල පහසුකම් සංවර්ධන කිරීමට අපට පුලුවන්” ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

    මේ අවස්ථාවට එක්වූ ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද සමරවීර මහතා පැවැසූවේ ක්‍රීඩකයා හඳුනාගත යුත්තේ පාසල් කාලයේදී බවයි. සූරියවැව වැනි දුෂ්කර පළාත්වලින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් බිහිවෙමින් පවතින බැවින් එවැනි සම්පත් බිහිකිරීමට තවත් ශක්තිය ලබාදීම වැදගත් බව සඳහන් කළේය.

    “අඩු පහසුකම් සහිත කොළඹින් පිට පළාත්වලින් දක්ෂ දරුවන් දැන් බිහිවෙමින් පවතිනවා. ඔවුන් කෙරෙහි වැඩි අවධානයක් ඇති කළහොත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේම හොඳ පුහුණුකරුවන් පිරිසක් අපට නිර්මාණය කරගත හැකියි” අමරවීර මහතා පැවැසීය.

    මේ උත්සවයේදී ක්‍රීඩා සමාජ 5000කට ක්‍රීඩා උපකරණ බෙදාදීම සංකේතවත් කරමින් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රීඩා සමාජ 20කට උපකරණ බෙදාදුන් අතර පාසල් හා පුහුණු මධ්‍යස්ථාන කිහිපයකට උස පැනීමේ ක්‍රීඩාවට අවශ්‍ය මෙට්ට ප්‍රදානයක් ද සිදු කෙරුණි.


    - http://www.dinamina.lk/2017/08/19/ක්‍රීඩා/39487
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Cabinet approves 50,000 houses for conflict affected in N&E

    Saturday, 19 August 2017 00:14

    Cabinet of Ministers granted approval to construct 50,000 brick and mortar type houses for the conflict affected families in the Northern and Eastern Provinces based on a Cabinet Memorandum submitted by Prime Minister Ranil Wickremesinghe. This was a long felt need of the Northern and Eastern Provinces which were affected by conflict over a period of 30 years.

    The project is to be executed by the Ministry of National Integration and Reconciliation with other relevant line ministries and agencies. The project was formulated under the guidance of Northern and Eastern Provinces Development Committee and recommended by the Cabinet Committee on Economic Management headed by the Prime Minister and got the endorsement of Cabinet of Ministers. The Ministry of National Integration and Reconciliation directly comes under the purview of the President. Action is being taken to call for the tenders with financing arrangements on soft terms, said Ministry of National Integration and Reconciliation Secretary V. Sivagnanasothy.

    - http://www.ft.lk/article/636118/Cabinet-approves-50-000-houses-for-conflict-affected-in-N-E
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    ටැබ් ලබන වාරයේ


    උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම හා සෑම පාසල් සිසුවකුටම රුපියල් ලක්ෂ 2 ක රක්ෂණාවරණයක් ලබාදීම ලබන පාසල් වාරය ආරම්භ වන විට සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පසුගිය අයවැය යෝජනාවලියේ කොටසක් වශයෙන් මෙය ක්‍රියාත්මක වෙයි. ගුරුවරුන් 28000කට හා උසස් පෙළ සිසුන් 175000කට මේ ලෙස ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමට නියමිත අතර එහි නියමු ව්‍යාපෘතිය ලබන පාසල් වාරය ආරම්භ වන විට සිදු කෙරෙයි.

    පාසල් විෂය කරුණු ඇතුළත් කර සිසුන් අතට පත් කරන මේ ටැබ් පරිගණක යන්ත්‍ර මඟින් ඩොංගල් භාවිත කර අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට නොහැකි වන අතර, වයිෆයි පහසුකම් ඇති අවස්ථාවන්හිදීද භාවිත කළ හැකි වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්දේශිත වෙබ් අඩවි පමණි. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා අවශ්‍ය පාඩම් හා අධ්‍යාපන වැඩසටහන් බාගත කරගත හැකි පරිදි අධ්‍යාපන නිල වෙබ් අඩවියද නවීකරණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

    මේ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ හා ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසකගෙන් යුතු කමිටුවක් මඟින් අවශ්‍ය සංශෝධන සිදු කිරීමට නියමිත ය. මේ හා සමගාමිව සියලු පාසල්වලට අන්තර්ජාල පහසුකම් මෙන්ම වයිෆයි පහසුකම්ද ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වන අතර, ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමටද බලාපොරොත්තු වෙයි. සිසුන්ට ලබාදෙන මේ ටැබ් පරිගණකය නැවත ලබාගැනීමක් සිදු නොකරන අතර, අවසානයේ එය සිසුන්ට තබාගැනීමට හැකි වන බව අමාත්‍යාංශ නිලධාරියෙක් සඳහන් කළේය.



    - http://www.silumina.lk/2017/08/19/පුවත්/‘ටැබ්-ලබන-වාරයේ
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    වේග මංතීරුවට බස් 1000ක්
    උදෑසන හා රාත්‍රියේ ගමන් අපහසුවට සුපිරි විසඳුමක්

    19 අගෝස්තු, 2017

    තාරක වික්‍රමසේකර
    පුවත්

    බස්රථ සඳහා හඳුන්වා දුන් විශේෂ මං තීරු ක්‍රමය යටතේ උදෑසනට හා රාත්‍රියට විශේෂ ශීඝ්‍රගාමී වායු සමනය කරන ලද බස් සේවාවක් ළඟදීම හඳුන්වා දීමට ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පියවර ‍ගනී. මේ සඳහා දැනටමත් බස් රථ 100ක් චීනයෙන් ඇණවුම් කර ඇත.

    මේ බස් රථ පෙරවරු 6.00 සිට පෙ.ව‍ 8.00 දක්වාත් පස්වරු 4.00 සිට 6.00 දක්වාත්, රාත්‍රී 8.00 සිට රාත්‍රී 12.00 දක්වාත් ධාවනය කිරීමට කටයුතු යොදනු ලැබේ.

    මේ සුපිරි බස් රථ මඟින් දැනට කොළඹ නගරයේ ධාවනය වන මෝටර් රථ ඇතුළු සුපිරි වාහනවල ගමන් ගන්නා මඟීන් පොදු ප්‍රවාහන සේවාවට ඈඳාගැනීමට කටයුතු යොදනු ලබන අතර, රාත්‍රී කාලයේ බස් රථ ගමන් යෙදීමෙන් සාප්පු සවාරි සහ අත්‍යවශ්‍ය රාජ්‍ය කාර්යාල රාජකාරි ඉටු කරගෙන යෑමට හැකි වන පරිදි අත්‍යවශ්‍ය රාජ්‍ය ආයතන විවෘත කිරීමටද යෝජනා කර ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ තම සංගමය මඟින් කරන ලද විශ්ලේෂණයකින් පසු බස් රථ මංතීරු වෙන් කිරීමට රජය කටයුතු කළ බවත්, මේ වන විට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් රාත්‍රි 11.00 වන තුරු විවෘත කර තැබීමට රජයට ‍යෝජනා කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් රජයේ සැලකිල්ල යොමුව ඇති බවත්ය.

    බස් රථ 1000ක් චීනයෙන් ආනයනය කරනු ලබන්නේ බස් රථ මංතීරු ඔස්සේ ධාවනයට බවත් රාත්‍රී සේවාව මඟින් දිවා කාලයේ ඇති වන තදබදය අවම කිරීමට කටයුතු යොදන ලබන බවත් ඒ මහතා කීය.

    මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන විශේෂඥ මහාචාර්ය අමල් කුමාරගේ පවසන්නේ පසුගියදා ආරම්භ කරන ලද බස් මංතීරු ව්‍යාපෘතිය අතිසාර්ථක වූ බවත් ඒ අනුව ඉදිරියේදී අනෙකුත් මාර්ගවලද මේ මංතීරු ක්‍රමය කඩිනමින් ආරම්භ කරනු ලබන බවත්ය.

    ඉදිරියේදී මේ මංතීරු ක්‍රමවේදය හරහා වෙනම මංතීරුවක ශීඝ්‍රගාමි බස් රථ සේවාවක්ද පැවැත්වෙන අතර, දැනට බස් රථ සඳහා වෙන් කර ඇති මංතීරුව බොරලු පැහැයට හුරු රතු පැහැයෙන් වර්ණ ගැන්වීමටද අදහස් කර ඇත.


    - http://www.silumina.lk/2017/08/19/පුවත්/වේග-මංතීරුවට-බස්-1000ක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    දිස්ත්‍රික්ක තුනකට අඩු නැතිව ජලය දෙන මල්වතු ඔය ව්‍යාපෘතිය

    19 අගෝස්තු, 2017

    05col093840087_5937782_18082017_ESK_CMY.jpg


    අපේ රටේ විවිධ ප්‍රදේශවල නියඟයන් තිබුණත් ගංගාවලින් අතිවිශාල ජල ප්‍රමාණයක් කිසිම වැඩක් නොගෙන මහ මුහුදට ගලා යයි. මෙරට දෙවැනි විශාලම ගංගා දෝණිය වන මල්වතු ඔය මඟින් ද වසරකට ඝන මීටර් දසලක්ෂ 568ක ජල ධාරිතාවක් මහ මුහුදට ගලා යයි. මේ ප්‍රමාණය මල්වතු ඔයට ලැබෙන ජලයෙන් සියයට 75ක් පමණ වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එලෙස කිසිම වැඩක් නොගෙන මහ මුහුදට ගලා ගිය ජලය මඟින් ජලය නැති අනුරාධපුරය, මන්නාරම හා වවුනියාව යන දිස්ත්‍රික්කවල ලක්ෂ දෙකක පමණ ජනතාවගේ පිපාසය හා බඩගින්න සමනය කරන පහළ මල්වතු ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ මූලික වැඩ කටයුතු ආරම්භ කිරීම ලබන 24 වැනිදා තන්තිරිමලේදී සිදු කිරීමට නියමිතය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදය හා උපදෙස් මත වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතාගේ අධීක්ෂණය හා මඟ පෙන්වීම ඇතිව වාරිමාර්ග රාජ්‍ය ඇමැති රංග බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබේ. ජ්‍යෙෂ්ඨ වාරිමාර්ග ඉංජිනේරුවරයකු වන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ක්‍රම කළමනාකරණ ඉංජිනේරු ටී. පී. අල්විස් මහතා මෙම ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.

    විජය රජුගේ ශ්‍රී ලංකා ආගමනයත් සමඟ අතීතයේදී හැඳින්වූ කදම්බ නදිය ලෙස ද පසුව අරවිආරු ලෙසටද වර්තමානයේදී හඳුන්වන මල්වතු ඔය දෙපස ජනාවාස බිහි විය. ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ ආරම්භය මෙය වන අතර පසු කාලයේදී ජනාවාස ව්‍යාප්ත වීමත් සමඟ මල්වතු ඔය දෙපස කෘෂිකාර්මික කලාපයක් බවට පත් විය. මල්වතු ඔය දෝණිය දිගින් කිලෝමීටර් 162 කි. එහි ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර් 3246 කි.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති එකම ශේෂ කඳුවැටිය ලෙස සැලැකෙන රිටිගල කඳුවැටියේ බටහිර බෑවුමෙන් ආරම්භ වන මල්වතු ඔය ගංගා ද්‍රෝණිය ඊසානදිග මෝසම් වැසිවලින් පෝෂණය ලබයි. මෙහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මි. 1400ක් පමණ වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 766ක් උසින් ආරම්භ වන මල්වතු ඔය ගංගා ද්‍රෝණිය මන්නාරම දිස්ත්‍රික්කයේ අරිප්පු ධීවර ගම්මානය අසලින් මහ මුහුද හා එක් වේ. මල්වතු ඔය ආරම්භ වන්නේ රිටිගල, වැද්දාකන්ද හා ඉනාමළුව යන කඳුවලිනි. රිටිගල, වැද්දාකන්ද හා ඉනාමළුව යන කඳුවල උපරීම උස මුහුදු මට්ටමේ සිට පිළිවෙළින් මීටර් 766, මීටර් 255 හා මීටර් 383 වේ. මල්වතු ඔය ගංගා ද්‍රෝණිය තුළ පරිහරණයට ගන්නා කුඩා හා මධ්‍ය පරිමාණ වැව් විශාල ප්‍රමාණයක් ඇති අතර නාච්චාදූව, නුවර වැව, තිසා වැව, මහකනදරාව වැව, අකතිමුරුප්පු වැව හා යෝධ වැව මින් ප්‍රධාන තැනක් ගනී.

    මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය පිළිබඳව මුල්ම කතාබහ ඇතිවන්නේ 1960 දශකයේදී ය. එවකට පැවැති රජය හා සබැඳි සෝවියට් සමූහාණ්ඩුව හා ශ්‍රී ලංකා රජය විසින් මේ සඳහා මුල්ම පිඹුරුපත් සැකසූ අතර සෝවියට් ‍රජය විසින් මේ පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් ද සිදුකර ඝන මීටර් මිලියන (MCM) 348ක ධාරිතාවයකින් යුත් ජලාශයක් යෝජනා කර ඇත. නමුත් අවාසනාවකට එම සියලු සැලසුම් කාලයත් සමඟ අභාවයට ගොස් ඇත. තන්තිරිමලය පුදබිම සහ අවට ගම්මානවල නිර්මාතෘවරයා වන අපවත් වී වදාළ මහකෝන්ගස්කඩ විමලඥාන හිමියන්ගේ ප්‍රධානතම ඉලක්කය වූයේ මල්වතු ඔය හරස්කර ජලාශයක් ඉදිකර උස්සාන වාරිමාර්ගයක් ඉදිකර තන්තිරිමලය අවට ගම්මාන කෘෂිකාර්මික ජනාවාසයක් ඉවට පත්කිරීමය. වසර ගණනාවක් තිස්සේ ඉටු නොවුණු මේ සිහින ජලාශය වත්මන් රජය ඉක්මනින් ඉදිකිරීමට දැන් සියලු කටයුතු සූදානම් කර ඇත.

    මල්වතු ඔයේ ගංගා ද්‍රෝණිය මෙරට දෙවැනි විශාලතම ගංගා ද්‍රෝණියයි. එහි පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර් 3246 කි. අනුරාධපුර වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල මල්වතු ඔයේ ජල පෝෂක ප්‍රදේශ පිහිටා තිබේ. යෝජිත පහළ මල්වතු ඔය බහුකාර්ය ජලාශ ව්‍යාපෘතියේදී මුලින්ම සිදු කරන්නේ මල්වතු ඔය හරහා තන්තිරිමලේ බොගොඩදී වේල්ලක් ඉදිකර මහ ජලාශයක් ඉදිකිරීමයි. මේ සඳහා ඇස්තමේන්තු මුළු වියදම රුපියල් දසලක්ෂ 12300 කි.

    ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ටී. පී. ද අල්විස් මහතා පවසන පරිදි මෙම මල්වතු ඔය ව්‍යාපෘතියේ ප්‍රධාන වේල්ල පස් පිරවුමක් ලෙස කිලෝමීටර් 3.6ක් දිගට ඉදි කෙරේ. මුදුණත පළල මීටර් 6ක් වන අතර උපරීම උස මීටර් 22.22ක් වේ. මේ වේල්ල ඉදිකිරීම මඟින් ඉදිවන තන්තිරිමලේ මල්වතු ඔය ජලාශයේ වපසරිය අක්කර අඩි 169440 කි. මෙහි බැම්මේ ඉහළ මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 58.52 කි. ගංවතුර මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 54.8කි. මෙහි ජලාශයේ වාන පූර්ණ ගේට්ටු 10 කින් යුක්තව ඉදිකරන අතර ගේට්ටුවක උස අඩි 25 කි. පළල අඩි 25 කි. මෙහි වම් සොරොව්ව වැර ගැන්වූ කොන්ක්‍රීට්වලින් ඉදිකරනු ලැබේ. එය එක් සොරොව් මඟක් සහිත කුලුනක් වේ. දකුණු සොරොව්ව ද එසේ ඉදිකරන අතර මේ දෙකෙන්ම තත්පරයකට ඝන අඩි 35ක් බැගින් ජල ධාරිතාවක් නිකුත් කළ හැකිය. ජලාශයෙන් ගඟට යොමු කරන පිටවාන වම් ඉවුරේ ඉදිකරන අතර එමඟින් වසරේ දින 365 පුරා තත්පරයකට ඝන අඩි 636ක ජල ධාරිතාවක් පහළට යවනු ලබන බව ද අල්විස් මහතා පවසයි. ඒ අනුව මල්වතු ඔය ජලාශයේ තන්තිරිමලේ ඉදිකළත් ඔයේ පහළ ප්‍රදේශවල ජනතාවට හා වන ජීවින්ට ජල හිඟයක් ඇති නොවේ. වාරිමාර්ග ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතා පවසන පරිදි, මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ යෝධ වැව හා අකිතමුරුප්පු වැව යටතේ පවතින ඉඩම් අක්කර 30680 යල මහ අස්වැද්දීමට අවශ්‍ය ජල පහසුකම් ලබාදීමයි. ඊට අමතරව නව වාරි පහසුකම් යටතේ අක්කර 2000ක් අස්වැද්දීමද සිදු කෙරෙන බව ඇමැතිවරයා පවසයි.

    මේ පිළිබඳව කරුණු දැක්වූ වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසන්නේ මේ ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්ක සඳහා පානීය හා ගෘහස්ථ ජලය නොඅඩුව ලබාදිය හැකි බවයි. මේ ප්‍රදේශයේ ප්‍රධානම ගැටලුව පිරිසුදු පානීය ජලය නැතිකමයි.

    ඊට අමතරව මල්වතු ඔය පහළ ද්‍රෝණියේ වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල ගංවතුර පාලනය කිරීමත් ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීම වකුගඩු රෝගය වැලැඳීම් වැළැක්වීමත් මෙම ව්‍යාපෘතියේ අනික් අරමුණු අතර වන බව පාලිත රංගෙ බණ්ඩාර රාජ්‍ය ඇමැතිවරයා පවසයි. නව ව්‍යාපෘතිය මඟින් වසරකට ඝන මීටර් මිලියන 5ක් පානීය ජලය ලෙස ලබා දෙනු ඇත. ඊට අමතරව ගිගා වොට් පැය 4.68ක වාර්ෂික බලශක්ති උත්පාදනයක් ද මෙම ව්‍යාපෘතිය මඟින් ඇති කෙරේ.

    තන්තිරිමලය අවට ගම්මානවලට තර්ජනයක්ව පවතින වන අලි-මිනිස් ගැටලුවට මූලික වී ඇත්තේ තන්තිරිමලයට උතුරින් ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ඇති බහුතරයක් කුඩා වැව් නෂ්ටාවශේෂ බවට පත්ව තිබීමය. වන සතුනට කෙතරම් ආහාර පැවැතිය ද දිය සොයා වන අලින් ගම් වැදීම නිසා නිරන්තරවම අලි මිනිස් ගැටුම් වාර්තා වේ. මීට ස්ථිර පිළියමක් ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය මඟින් වන අලින් සඳහා විල්පත්තු අභය භූමියේ සහ විල්ලු ප්‍රදේශයේ ඇති වැව් 15කට ආසන්න සංඛ්‍යාවක් නවීකරණය කර ඇළවල් මඟින් පෝෂණය කිරිමට ද නියමිතය.

    දැනට අතිශය ශුෂ්ක දේශගුණයක් සහිත තන්තිරිමලය ආශ්‍රිත ගම්මාන මෙම ව්‍යාපෘතියත් සමඟ විශාල වෙනසක් සහිත සුවදායි පරිසරයක් මෙන්ම ජාතික වනෝද්‍යානයට වසර පුරා මල්වතු ඔයේ ජලය ගලා යන වනාන්තරයක් බවට පත් වේ. මෙමඟින් සතා සීපාවාට මෙන්ම පරිසරයේ සමතුලිතතාව වර්ධනයට ජලාශ ව්‍යාපෘතිය විශාල වශයෙන් ඉවහල් වේ.

    ජලාශ ව්‍යාපෘතිය ඉදිවීමත් සමඟ උතුරුමැද පළාතේ විශාලතම මිරිදිය මත්ස්‍ය ජලාශය මල්වතු ඔය ජලාශය බවට පත්වන අතර මේ හේතුවෙන් වර්තමානයේ දැඩි ආර්ථික අපහසුතාවලින් පීඩා විඳින තන්තිරිමලය අවට ජනතාවගේ ආර්ථික ශක්තිය වර්ධනයට ව්‍යාපෘතිය ඉමහත් රුකුලක් වනු ඇත. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ තන්තිරිමලේ ප්‍රදේශයේ නව ඉසව්වක් සංචාරකයන්ට දැකබලා ගැනීමට හැකිවීමත් සමඟම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය නව ඉසව්වකට යොමුවීමේ ඉහළම ප්‍රවණතාවක් ව්‍යාපෘතියත් සමඟ ඇති වේ. මේ සමඟම මෙතෙක් කලක් සමාජයෙන් හුදකලා වී සිටි විශාල පිරිසකට නව රැකියා අවස්ථා මෙන්ම ප්‍රතිලාභ රැසක්ද මින් හිමි වේ.

    ජලාශ ව්‍යාපෘතියේ පහළ නිම්නයේ පිහිටා ඇති මන්නාරම සහල් නැලිය (Rice Bowl) ලෙස විරුදාවලිය ලත් යෝධ වැව යටතේ ඇති කුඹුරු නියත වශයෙන්ම දෙකන්නයක් වගා කිරීම සඳහා ඍජුවම ව්‍යාපෘතිය මඟින් විශාල පිටිවහලක් වනු ඇත. මෙරට අක්කරයකින් ලබා ගන්නා වැඩිම අස්වැන්නට හිමිකම් කියන සහල් නැලියේ ගොවීන් හට සාරවත් පොළොවකට හිමිකම් පෑව ද වසරකට වරක් මාස් කන්නය අස්වැද්දීමට හැරෙන්නට ඔවුනට වෙනත් වගාවක් සඳහා ජලය නොමැති වීම හේතුවෙන් විවිධ සමාජයීය ආර්ථික ගැටලු රැසකට ද මුහුණදීමට සිදුව තිබේ.

    සෑම වසරකම මාස් කන්නය අවසන් වීමත් සමඟ සහල් නැලියේ බහුතර ගොවීහු නුදුරේ ඇති සිලාවතුර හා අරිප්පු ධීවර ගම්මාන වෙත ගොස් කම්කරුවන් ලෙස කටයුතු කරති. ඔවුන් සැමදාම පවසන්නේ අපට ඉඩම් ඇතත් ජලය රඳවා ගැනීමට ජලාශයක් නොමැති වීම විශාලතම ගැටලුවක් බවය. යෝධ වැව මහ කන්නයේ කීප වරක් ජලයෙන් පුරවා ගත හැකි වුවත් යල කන්නයේ ජලයෙන් පිරවීම අතිශය දුෂ්කර බව ඔව්හු පවසති.

    යෝධ වැව යටතේ අක්කර තිස්දහසක වගා වපසරියකට හිමිකම් කියන සහල් නැලියේ ගොවීන් සැබැවින්ම ශක්තිමත් පිරිසකි. වසර හැටකට අධික කාලයක සිට ඔවුන්ගේ එකම ඉල්ලීම වී ඇත්තේ මල්වතු ඔය හරස්කර ජලාශයක් ඉදිකර දෙකන්නය වගා කිරීමට හැකි අයුරින් අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසය. මල්වතු ඔයේ හරහා ඉදිකර ඇති නාච්චදූව ජලාශයෙන්, ජලය හිඟ කාලවලදී යෝධ වැවට ජලය නිකුත් කිරීමට කෘතගුණ දැක්වීමක් වශයෙන් වාර්ෂිකව අනුරාධපුර පොසොන් උත්සව සමයේදී වාරිමාර්ග දන්සල සඳහා වියළි කරවල පරිත්‍යාග කිරීමට තරම් ඔවුන් කටයුතු කිරීමෙන් පෙනී යන්නේ ජාතීන් අතර ඇති සහජීවනයයි. සහල් නැලියේ අනිත් ප්‍රධාන ජලාශය වන අකිතමුරුප්පු වැව යටතේ අක්කර හයදහස් දෙසීය තිහක් වගා කටයුතු කෙරේ. වර්තමානයේදීත් මාස් කන්නය ඉතාම සාර්ථකව වගා කරන අකතිපුරුප්පු ගොවීන්ගේ ද ඉල්ලීම වන්නේ කන්න දෙකක් වගා කිරීමට අවශ්‍ය ජලය ලබා දෙන ලෙසය. මේ සඳහා ඔවුන්ගේ ද යෝජනාව වී ඇත්තේ මල්වතු ඔය ජලාශය පිළිබඳ සිහිනයයි. මේ සිහින සියල්ල වත්මන් රජයේ වාරි වැඩපිළිවෙළ යටතේ සැබෑ වෙමින් පවතී.

    මේ මල්වතු ඔය ව්‍යාපෘතිය විලච්චිය තන්තිරිමලේ යෝධ වැව ආදි ප්‍රදේශවල සිංහල දෙමළ මුස්ලිම් ගොවි ජනතාවගේ කාලයක් තිස්සේ පැවැති ලොකු බලාපොරොත්තුවකි. එය අද සැබෑ කරමින් පවතින්නේ වත්මන් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ යටතේය. මේ පිළිබඳව තම බලවත් ප්‍රසාදය පළ කරන බව උතුරුමැද, උතුරු දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමිපාණෝ පවසති. මෙය තම ගුරු නායක හිමියන් හා තමන් වහන්සේ වසර ගණනාවක් විවිධ රජයන් ගණනාවකගෙන් කළ ඉල්ලීමක් ඉටුවූ අවස්ථාවක් බව ද උන්වහන්සේ පවසති. “මේ පැත්තේ ජල හිඟයට ලොකු විසඳුමක් මේ ව්‍යාපෘතිය. අපේ දායක ගොවි ජනතාවට යල මහ කෙත් වතු අස්වද්දන්නට මේකෙන් ජලය ලැබෙනවා. බොන්න පිරිසුදු ජලය ලැබෙනවා. අපට ලොකු සතුටක්.” උන්වහන්සේ පැවැසූහ. ප්‍රදේශයේ වනාන්තර හා වනජීවි රක්ෂිත වැඩිදියුණු කිරීමත්, අභ්‍යන්තර මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමත් ගංවතුර පාලනයක් මේ නව ව්‍යාපෘතිය මඟින් සිදුවන බවත් මේ ව්‍යාපෘතිය ජනතාව වසර 50 - 60 ක් තිස්සේ අපේක්ෂා කළ ව්‍යාපෘතියක් බවත් තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමිපාණෝ අප සමඟ පැවැසූහ. මෙම ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර, වවුනියාව, මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවගේ කෘෂිකාර්මික, වාරිමාර්ග, ආර්ථික, සෞඛ්‍ය ක්ෂේත්‍රවල ප්‍රබල ප්‍රවර්ධනයක් ඇතිවන බව ද ව්‍යාපෘති අධ්‍යක්ෂ අල්විස් මහතා පවසයි. විශේෂයෙන් මල්වතු ඔය නව ජලාශයේ මිරිදිය ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය හා අස්වැන්න ප්‍රවර්ධනය මඟින් ප්‍රදේශයේ ජනතාවගේ අතමිට සරු කිරීමට මෙම ව්‍යාපෘතිය ඉමහත් පිටුබලයක් වනු ඇත.

    දිස්ත්‍රික්ක තුනක උග්‍ර ජල හිඟයට පිළියම් ලබා දෙන ප්‍රදේශයේ සංවර්ධනයට නව මංපෙත් හෙළි කරන නව ව්‍යාපෘතිය අපේ රටටම සෙතකි. රටේම වී අස්වැන්න නිරෝගීකම හා බලශක්ති උත්පාදනය වැඩි කරන මේ ව්‍යාපෘතියේ ඉදිරි කටයුතුවලට කාගේත් සහාය ලැබීම කාලීන අවශ්‍යතාවකි.

    නිහාල් පී. අබේසිංහ


    - http://www.silumina.lk/2017/08/19/විශේෂාංග/දිස්ත්‍රික්ක-තුනකට-අඩු-නැතිව-ජලය-දෙන-මල්වතු-ඔය-ව්‍යාපෘතිය

    pg02_3.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    දශලක්ෂයකට සින්නක්කර ඉඩම්

    12 අගෝස්තු, 2017

    දශක ගණනාවක සිට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් කර තිබූ ඉඩම් ඔප්පු ගැටලුව නිරාකරණය කර සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු සියල්ල සූදානම් බව පාර්ලිමේන්තු කටයුතු සහ ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    මේ යට‍තේ හඳුනාගත් ඉඩම් දශ ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට සින්නක්කර ඔප්පු හිමිවන බව ප්‍රකාශකළ අමාත්‍යවරයා මේ ඉඩම්වල අයිතිය නොලැබීම නිසා ජනතාව වසර ගණනාවක් පීඩාවට පත්ව සිටිබවත් එම ඉඩම් ලබාදීම රජයේ මැතිවරණ පොරොන්දු ඉ‍ටු කිරීමක් බවත් ප්‍රකාශ කළේය.

    මෙහිදී ඇතැම් ඔප්පුවල තිබූ ‍කොන්දේසි පවා ලිහිල්කර ජනතාවට අයිතිය ලබාදීමට කටයුතු කිරීම සුවිශේෂ බව ද අමාත්‍යවරයා පැවසුවේය.


    - http://www.silumina.lk/2017/08/19/පුවත්/දශලක්ෂයකට-සින්නක්කර-ඉඩම්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    මහනුවර මහා නගරයක් කරන්න රුපියල් දසලක්ෂ 15,000ක්

    12 අගෝස්තු, 2017

    මහනුවර නගරය මහා නගරයක් බවට පත්කිරිමට රුපියල් දසලක්ෂ 15,000 ක් වැය කරන බවත් දස ලක්ෂයක ජනතාවක් ජීවත්වෙන මහනුවර නගරය අසල ඇති කඩුගන්නාව වත්තේගම තුම්පනේ නගර ඇතුළුව මෙම මහා නගරය ඉදිකරන බවත් පාඨලි චම්පික රණවක මහතා පවසයි.
    උපාය මාර්ගික නගර සැලසුම් ව්‍යාපෘතිය මඟින් මහනුවර සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පැවරීමේ උත්සවයකදී ඇමැතිවරයා මේ අදහස් පැවසීය.
    “අපි මේ දිනවල සැලසුම් කරගෙන යනවා මහනුවර නගරය මහානගරයක් බවට පත් කරන්න. මහනුවර නගර සභා බල සීමාව පමණක් නෙමෙයි. අවට තිබෙන කඩුගන්නාව, වත්තේගම, තුම්පනේ ආදී ප්‍රදේශ සියල්ල එකට එකතු කරලා එක නගරයක් හැටියට දස ලක්ෂයක පමණ ජනතාවක් ජීවත්වන නගරයක් හැටියට දියුණු කරන්න. ඒ සැලසුම් දියත් කිරීම සඳහා අපට ජපානයේ ආධාර ලැබෙනවා. ඒ අනුව එම කටයුත්ත අපි කරගෙන යනවා, එහිදී ප්‍රධාන ගැටලු ගණනාවක් අපි හඳුනාගෙන තිබෙනවා. එකක් මේ මහනුවර ජනාවාසවලට ජලය සැපයීම, දෙවෙනි කාරණය මේ මහනුවර ජනතාවගේ අපජලය වැසි ජලය, මලාපවහන පද්ධතිය විධිමත්ව ඉවත් කිරීම. ඒ සඳහා අපි විශාල වියදමක් මේ උපාය මාර්ගික නගර වැඩපිළිවෙළ යටතේ දියත් කර තිබෙනවා.
    මිලියන දසලක්ෂ පහළොස්දහසක් මේ නගර සීමාවේ පමණක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයිද ඇමැතිවරයා පවසයි.
    “ඇපේ ප්‍රධාන අවධානය යොමු වී තිබෙන ප්‍රධාන ගැටලුව තමයි ඓතිහාසික මහනුවර නගරයේ මාර්ග තබදය. එය මේ මුළු රටටම බලපාන ගැටලුවක්. ඒ අනුව අපි ක්‍රම දෙකකට ඒ සඳහා ක්‍රියා කිරීමට කටයුතු කරනවා. එකක් නගරයේ පරිපාලනය වෙනත් ප්‍රදේශයකට ගෙනයාම. වාණිජ නගරය තවත් ප්‍රදේශයකට එනම් මාතලේ මාර්ගය ප්‍රදේශයට ගෙන යාම. ඒ වගේම පේරාදෙණිය විශ්ව විද්‍යාලය අවට ප්‍රදේශය වෙනම දියුණු කරන්න කටයුතු කිරීම. ඒ වගේම අපි කල්පනා කළා
    මහනුවරට ඉතා අත්‍යවශ්‍යයි පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම, දුම්රිය සහ බස්රිය. එය ලබන වසරේ ආරම්භ කිරීම සඳහා මේ දිනවල සැලසුම් සකස් කරමින් සිටිනවා. මහනුවර ගුඩ්ෂේඩ් ප්‍ර‍දේශය, ජාතික රෝහල, ඒ වගේම විලියම් ගොපල්ලව මාවත හා උඩ පේරාදෙණිය පාර, ඒ වගේම දුම්රිය ස්ථානය බස්නැවතුම්පළ ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන වෙළඳ සංකීර්ණය මේ සියල්ල එකට යා කරන මහා ප්‍රවාහන මධ්‍යස්ථානයක්. ඒ මඟින් මේ ප්‍ර‍දේශයේ ගැටලු බොහොමයක් විස‍ඳෙයි කියා අපි විශ්වාස කරනවා” යැයි ද ඇමැතිවරයා පවසයි


    - http://www.silumina.lk/2017/08/12/පුවත්/මහනුවර-මහා-නගරයක්-කරන්න-රුපියල්-දසලක්ෂ-15000ක්
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ එලි වෙනකන් සන්වර්දන නිව්ස් දැම්මත් ඉරසොහොන් කියන්නෙ කහ ඉරි සුදුකරා විතරයි කියල ,
    ඌට මල්ලියෙක් හරි නන්ගියෙක් හරි මේ ආණ්ඩුවෙ එකෙක්ගෙන් හම්බුනත් කියන්නෙ කහ ඉරි සුදු කරා කියල .උගෙ අම්මට #$වා කියන්නෙ නෑ :sorry::sorry::sorry::sorry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    උබ එලි වෙනකන් සන්වර්දන නිව්ස් දැම්මත් ඉරසොහොන් කියන්නෙ කහ ඉරි සුදුකරා විතරයි කියල ,
    ඌට මල්ලියෙක් හරි නන්ගියෙක් හරි මේ ආණ්ඩුවෙ එකෙක්ගෙන් හම්බුනත් කියන්නෙ කහ ඉරි සුදු කරා කියල .උගෙ අම්මට #$වා කියන්නෙ නෑ :sorry::sorry::sorry::sorry:

    u digatama ehema kiyagena hitapuden :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    අකුරැස්සට නවෝදයක් සංවර්ධනය කඩිනමින්

    අකුරැස්ස සංවර්ධන ව්‍යපෘතිය යටතේ ඉදිවන බස්නැවතුම්පොළ ,වෙළද සංකීර්ණය, පොදු රථගාල මහජන ක්‍රිඩාංගනය හා නාගරික උද්‍යානය සදහා මුල් ගල තැබීම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් මහනගර අමත්‍ය චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදුවිය රුපියල් මිලියන 560ක් මෙම ව්‍යාපෘතිය සදහා වැයකිරිමට නියමිත අතර නාගරික සංවර්ධන අදිකාරිය ව්‍යාපෘතිය සිදිකරනු ලබයි

    20882349_1945659559048886_6603342792055874500_n.jpg

    20914248_1945659622382213_7883058546412994803_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=1945659505715558