සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113


    ජලධාරිතාව අක්කර අඩි 660,000ක් වන මොරගහකන්ද ව්‍යාපෘතිය මගින් උතුරුමැද සහ වයඹ පළාතේ ලොකු කුඩා වැව් විශාල ප්‍රමාණයක් සංවර්ධනය කෙරේ. මේ යටතේ මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශය තුළ වැව් 31ක්ද, ලග්ගල සංවර්ධන ප්‍රදේශය තුළ වැව් 13ක්ද අලුතින් ඉදිකරේ. ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය මගින් පෝෂණය කෙරෙන වැව් සංඛ්‍යාව 1200කි.
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ජ’පුර ඉංජිනේරු පීඨය කොට්ටාවට

    3rd August 2017 in Developments, Engineering, පුවත්

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ස්ථාපිත කිරීම සඳහා කොට්ටාව මත්තේගොඩ ප්‍රදේශයෙන් අක්කර 10 ක ඉඩමක් ලබා ගැනීම 2017 ජූලි මස 31 වන දින සිදු වූ අතර ඉඩමේ අයිතිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට පැවරීම හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමියගේ අතින් සිදුවිය.


    - http://www.sjp.ac.lk/news-si/the-faculty-of-engineering-to-be-established-in-kottawa/?lang=si

    මෙන්න ආන්ඩුව අලුතෙන් කැම්පස් පටන් අරන් නිදහස් අද්යාපන විනාශ කරනවො. අන්තරේ නිදිද?

    :shocked::shocked::shocked::angry::angry::angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    මෙන්න ආන්ඩුව අලුතෙන් කැම්පස් පටන් අරන් නිදහස් අද්යාපන විනාශ කරනවො. අන්තරේ නිදිද?

    :shocked::shocked::shocked::angry::angry::angry:

    කුලියාපිටිය මුලික රෝහල මධ්‍යම රජයට - වයඹ විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක්.

    16 August 2017

    වයඹ පළාත් සභාව යටතේ ඇති කුලියාපිටිය මුලික රෝහල රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සදහා මෙම පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
    එම වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සදහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇත. සබරගමුව විශ්ව විද්‍යාලය සහ මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව ද වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට නියමිතය. කුලියාපිටිය මුලික රෝහල රජයට පවරා ගැනීමෙන් පසු ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. ඒ සදහා වූ කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. රජයට පවරා ගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙස ද ඒ පිළිබද කටයුතු කිරීමට පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට සෞඛ්‍ය අමාත්‍යාංශය, වයඹ විශ්ව විද්‍යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පත් කර ඇත.
    වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරිම පිළිබද විශේෂ සාකචිඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (16) පැවැත්විනි.
    මෙම අවස්ථාව විශ්ව විද්‍යාල කොමිසන් සභාවේ සභාපති මොහාන් ද සිල්වා මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියහ.


    - https://www.facebook.com/notes/raji...ශ්ව-විද්යාලයට-වෛද්ය-පීඨයක්/10155228696889130/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    තායිලන්තයේ ‘රොජානා‘ මිල්ලනියට එයි

    BOI සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

    BOI-Rojana.jpg


    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, තායිලන්තයේ ‘රොජානා‘ කර්මාන්ත උද්‍යාන සමඟ අතර අද (21) දිනයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම ගිවිසුමට අනුව රොජානා කර්මාන්ත උද්‍යාන සමාගම විසින් විශේෂිත කර්මාන්ත කලාපයක් ඉදිකිරීමට නියමිතය. මෙම කලාපයේ ඉදිකිරීම්, පවත්වාගෙන යාම සහ ආයෝජන ප්‍රවර්ධනය ‘රොජානා‘ සමාගම විසින් සිදුකරනු ලැබේ.

    මෙම ගිවිසුම සඳහා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති දුමින්ද්‍ර රත්නායක සහ තායිලන්තයේ රොජානා සමාගම වෙනුවෙන් එහ සභාපති ඩිරෙක් විනිච්බුටර් මහත්වරු අත්සන් තැබූහ.

    2017 මාර්තු මස තායිලන්තයේ රොජානා සමාගමේ ඉංජිනේරුවන් සහ විශේෂඥයින් කණ්ඩායමක් පැමිණ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම කර්මාන්ත කලාපය පිහිටුවීම සඳහා මිල්ලනිය ප්‍රදේශයේ ඉඩමක් තෝරා ගෙන තිබේ.


    BOI-Rojana1.jpg


    - http://biz.adaderana.lk/තායිලන්තයේ-රොජානා-මිල්/
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ජ’පුර ඉංජිනේරු පීඨය කොට්ටාවට

    3rd August 2017 in Developments, Engineering, පුවත්

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ස්ථාපිත කිරීම සඳහා කොට්ටාව මත්තේගොඩ ප්‍රදේශයෙන් අක්කර 10 ක ඉඩමක් ලබා ගැනීම 2017 ජූලි මස 31 වන දින සිදු වූ අතර ඉඩමේ අයිතිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට පැවරීම හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමියගේ අතින් සිදුවිය.

    Faculty-of-Engineering-to-be-established-in-Kottawa-3-1024x606.jpg

    Faculty-of-Engineering-to-be-established-in-Kottawa-1.jpg

    Faculty-of-Engineering-to-be-established-in-Kottawa-4.jpg


    - http://www.sjp.ac.lk/news-si/the-faculty-of-engineering-to-be-established-in-kottawa/?lang=si

    me idame location eka dapanko
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    මිල්ලනිය කාර්මික ජනපදයේ වැඩ ඇරඹීමට පහසුකම් සපයන්න

    Tuesday, අගෝස්තු 22, 2017 - 01:00

    ජයසිරි මුණසිංහ

    මාස තුනක් ඉක්මයෑමට පෙර කළුතර, මිල්ලනිය අපනයන කාර්මික ජනපදයේ වැඩ ඇරඹීමට අවශ්‍ය මූලික පහසුකම් සපයාදීමට ක්‍රියා කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    අමෙරිකානු ඩොලර් මිලියන 500ක වියදමින් කළුතර ඉදිකරන කාර්මික ජනපදයේ ප්‍රධාන ආයෝජකයින් ‍ඊයේ (21) අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා හමු වූ අවස්ථාවේ අගමැතිවරයා මේ බව කියා සිටියේය.

    උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ, ලොව ප්‍රකට තායිලන්තයේ රොජානා සමාගම් සමූහයේ සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ප්‍රධාන ජපාන තායිලන්ත ආයෝජකයෝ පිරිසක් අගමැතිවරයා හමු විය.

    රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ආයෝජනයක් ලෙස මේ කාර්මික ජනපදය ඉදි කැරේ. එය ඉදිකරදී වසර 50ක් ගතවූ පසු සියලු සම්පත් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කිරීමට තායිලන්ත ආයෝජකයා කැමැත්ත පළ කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි.


    - http://www.dinamina.lk/2017/08/22/පුවත්/39634
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    Rs.58bn sought for Road development

    2017-08-22 22:20:32

    The Higher Education and Highways Ministry today sought Parliamentary approval for Rs.53,000 million to fund six projects including the extension of the Southern Expressway, construction of the third phase of the Colombo Outer Circular Road and the construction of a new bridge across the Kelani River.

    Higher Education and Highways Minister Lakshman Kiriella informed Parliament that Rs. 51.5 billion out of the Rs. 53 billion would be raised under the loan scheme of China, Japan and Asian Development Bank, while only Rs. 2.5 billion would be sought from local funds.

    He said the extension of the Southern Expressway from Godagama to Hambantota by 96 km was under construction and that 35 percent of the construction had been completed.

    He said Rs. 29, 060 million was allocated from the 2017 budget but the allocated funds had already been spent and added that Rs. 24,000 million foreign loans and Rs. 1,200 local funds were needed for the year 2017.

    He said the expressway would be opened by 2019.

    Minister Kiriella said Rs. 6,000 million more was needed for the construction of the Colombo Outer Circular Road from Kadawatha to Kerawalapitiya for the rest of 2017 as the allocated funds of Rs. 5,000 million had already been spent.

    He said additional funds of Rs. 6,000 million were needed for the year 2017 for the construction of a new bridge across the Kelani River as well.

    He said the project was funded by a loan provided by Japan International Cooperation Agency (JICA).

    He said the construction work of the bridge would commence in October this year and expected to complete the project by 2020.

    He said Rs. 3750 million for the first phase of the third priority road project, Rs. 8,000 million for the i-Road project and Rs. 4,050 million for the second phase of the third priority road project were needed for the rest of 2017. (Ajith Siriwardana and Yohan Perera)

    - http://www.dailymirror.lk/article/Rs-bn-sought-for-Road-development-135173.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    “ඉ-චේම්බර්” ව්‍යෘපෘතිය දියත් වේ

    දිනය : 2017-08-22

    “ඉ-චේම්බර්” (e-Chamber) හෙවත් සභා ගර්භ කළමනාකරණ තොරතුරු පද්ධතිය අද දින ආරම්භ කරන ලදී. ගරු කථානායකතුමා අද දින සභාවේ කටයුතු ආරම්භ කරන අවස්ථාවේ දී මේ බව නිවේදනය කළේය.

    මෙම ව්‍යාපෘතිය යටතේ සෑම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේම මේසය මතට ලැප්ටොප් පරිගණකයක් ලබාදී ඇත. ගරු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ, විශේෂයෙන්ම සභා ගර්භය තුළදී සිදුකරන කටයුතු තවදුරටත් කාර්යක්ෂමව හා ඵලදායී අයුරින් සිදුකිරීමට සහාය වීම මෙහි අරමුණ වේ. මෙම පරිගණක “කියොස්ක්” (KIOSK) ආකාරයෙන් ස්ථාපනය කර ඇති අතර, මෙමඟින් ගරු මන්ත්‍රීවරුන්ගේ කටයුතු කාර්යක්ෂමව කරගැනීමට ඇවැසි තොරතුරු මෙන්ම අන්තර්ජාල හා විද්‍යුත් තැපැල් සේවාවන් ලබාගැනීමේ පහසුකම් ද සැපයෙන අතර මෙතෙක් සභාගර්භය තුළ ස්ථාපිතව පැවැති වයි-ෆයි (Wi-Fi) මාධ්‍යයෙන් ‍මෙම පරිගණක ජාලගත කර ඇත.

    මෙම ව්‍යාපෘතියේ ලැප්ටොප් පරිගණක විදේශ ආධාරයක් වන අතර, අවශ්‍ය මෘදුකාංග පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව මඟින් සකස් කර ඇත.

    මෙම පද්ධතිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්හට ව්‍යවස්ථාදායක තොරතුරු (පනත් කෙටුම්පත්, පෙත්සම්, ප්‍රශ්න යනාදිය), පෞද්ගලික තොරතුරු (වැටුප් විස්තර, පැමිණීමේ විස්තර ආදිය), දිනට නියමිත කටයුතු වලට අදාළ තොරතුරු (න්‍යාය පත්‍රය, දිනට නියමිත වැඩ පිළිවෙළ, කාරක සභා රැස්වීම් වැඩසටහන යනාදිය) සහ පසුගිය තොරතුරු (හැන්සාඩ් වාර්තා, කාරක සභා වාර්තා ආදිය) ආදී සේවාවන් ලබාගත හැකිය.

    මෙමඟින් සැපයෙන පහසුකම් තුළින් මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු තවදුරටත් පහසුවෙන් හා ඵලදායී අයුරින් සිදුකර ගැනීමට ඉවහල්වනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසූ ගරු කථානායකතුමා, බොහෝ කාලයක් මෙම සේවාවන් හොඳින් පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පූර්ණ සහාය ලබාදෙන මෙන් ද ඉල්ලීමක් කළේය.


    1_l.jpg

    2_l.jpg


    - http://www.parliament.lk/si/news/view/1395/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ලබන වසරේ ජන අයිතියට

    Tuesday, අගෝස්තු 22, 2017 - 10:30


    මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ලබන වසරේ මැද වන විට ඉදි කිරිම් නිම කොට ජනතාව වෙත ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මාතර කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙසයි බෙලිඅත්ත දක්වා කිලෝ මිටර් 26ක දුරකින් මෙය ඉදි කෙරේ.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවකට එක් විය.


    - http://www.dinamina.lk/2017/08/22/පුවත්/39643
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    සූර්ය විදුලිබල සබඳතා මඟින් මෙගාවෝට් 440ක් ජාතික පද්ධතියට - එල්.ඊ.ඩී. බල්බ මිලියන10ක් නොමිලේ

    වර්ෂ 2020 වනවිට සූර්ය විදුලිබල සබඳතා මඟින් මෙගාවෝට් 440ක් ජාතික පද්ධතියට එකතු කිරීම ඉලක්කය බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    පසුගිය සැප්තැම්බර් මාසයේ ආරම්භ කළ සූර්ය බල සංග්‍රාමය යටතේ මේ දක්ව 3909ක් විදුලි සබඳතා සපයා ඇති බවත් තවත් පාරිභෝගිකයන් 2000ක් පමණ ඉල්ලුම්කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    එමෙන් ම විදුලිය අපතේ යෑම වළක්වා ගැනීම සඳහා පාරිභෝගිකයන් අතර එල්.ඊ.ඩී. බල්බ මිලියන 10ක් නොමිලේ ලබාදීමට ක්‍රියාකරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.


    - https://sinhala.news.lk/news/world-2/item/24645-2017-08-22-09-43-56
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    මාර්ග ව්‍යාපෘති හයක් සඳහා පරිපූරක ඇස්තමේන්තුවක්- කැළණි ගඟ හරහා නව පාලමක් - ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල

    කැළණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් 2017 වසරේ ඔක්තෝබර් මස ඉදිකිරීම් අරම්භ කිරීමට නියමිත බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ප්‍රධාන මාර්ග ව්‍යාපෘති හයක් ක්‍රියාත්මක කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතකරගැනීම සඳහා විවාදයට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම, කොළඹ පිටත වටරවුම් මාර්ගය ව්‍යාපෘතිය, තුන්වන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය පළමුවන අදියර, ඒකාබද්ධ මාර්ග සංවර්ධන වැඩසටහන, තුන්වන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය දෙවන අදියර, නව කැලණි පාලම ඉදිකිරීම් ව්‍යාපෘතිය යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙම මුදල් යෙදවෙන බව අමාත්‍යවරයා පැවසී ය.

    සමස්තයක් ලෙස රුපියල් බිලියන 53ක මුදලක් අතිරේක ප්‍රතිපාදන ලෙස ඉල්ලුම් කරනු ලබයි. දක්ෂිණ අධිවේගී මාර්ගය ගොඩගම සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට අදාළ ඉදිකිරීම් සීඝ්‍රයෙන් සිදු කෙරෙමින් පවතිනවා. ඉදිකිරීම් කොටස් හතරක් යටතේ සිදු කෙරෙනවා. රුපියල් මිලියන 265,374ක් වැය කිරීමට ඇස්තමේන්තු කර තිබෙනවා. මෙම අධිවේගී මාර්ගය 2019 වසර අවසානයේ දී මහජනතාවට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.

    පිටත වටරවුම් මාර්ගයේ තුන්වන කොටස කඩවත සිට කෙළවර පිටිය දක්වා ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙනවා. ඉදිකිරීම් මේ වනවිට සියයට 27%ක් අවසන් කර තිබෙනවා.තුන්වන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය සියයට 63%කින් අවසන් කර තිබෙනවා.මෙම ව්‍යාපෘතිය වසර 2018 දී අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකාබද්ධ මාර්ග ව්‍යාපෘතිය යටතේ පළාත් බද හා ග්‍රාමීය මාර්ග කිලෝමීටර 130ක් ද ජාතික මාර්ග කිලෝමීටර 400ක් ප්‍රතිසංස්කරණය කරනවා.

    නව කැලණි පාලනම හරහා වසර 2020 මාර්තු මස අවසන් වනවිට දැනට කැලණි පාළමේ ඇති වාහන තදබදය අවම කිරීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.


    - https://sinhala.news.lk/news/world-2/item/24645-2017-08-22-09-43-56
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    කාබනික ගොවිතැනේ 'සුපිරි වැඩක්‌'

    saru1.jpg

    කාබනික පොහොර භාවිතා කළ කුඹුරක සරුසාර ගොයම් පඳුරක්‌ සමග රසික රත්නායක

    වකුගඩු රෝගයට මූලික හේතුව වගා කටයුතු සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම බව පර්යේෂකයෝ පවසති. මෙම ගැටලුවට විසඳුමක්‌ ලෙස කාබනික වගාවට ගොවි ජනතාව යොමු කිරීමට රජය විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවා ඇති වස විස නැති රටක්‌ වැඩසටහන යටතේ මහවැලි බී කලාපයේ කුඹුරු අක්‌කර 90 ක්‌ අත්හදා බැලීමක්‌ ලෙස සාර්ථකව වගා කර ඇත. දිඹුලාගල නාමල්පොකුණ ගම්මානයේ කාබනික පොහොර යොදාගෙන කළ සාර්ථක වී වගාවක අසවනු සමීක්‌ෂණය පසුගිදා පැවැත්විණි.

    saru2.jpg


    මෙම කාබනික වගාවට නායකත්වය දුන් මහවැලි බී කලාපයේ දිඹුලාගල කොට්‌ඨාස කළමනාකාර තුසිත හේරත් මහතා දිගු කාලයක්‌ කෘෂිකර්ම නිළධාරියෙක්‌ විදිහට ගොවිජනතාව සමඟ කටයුතු කොට අත්දැකීම් ඇති අයෙකි. "කාබනික පොහොර වැඩසටහන අපි මේ ගමට ගෙනාවා. අපේ ජනාධීපතිතුමා කෘෂිකර්ම ඇමැතිවරයා විදිහට ඉන්න කාලේ ආරම්භ කළ අපි වවමු රටනගමු වැඩසටහන යටතේ කාබනික පොහොර භාවිතා කරමින් අපි වගා කටයුතු ආරම්භ කළා. ඒ අතර සිටි අපේ ගොවි මහතුන් කාබනික පොහොර යොදාගෙන මේ වතාවෙත් වී වගා කළා. ඒ වගාවන් රසායනික පොහොර යොදා කළ වගාවන්ට වඩා සාර්ථකයි. අපේ ප්‍රදේශයේ තිබෙන්නේ එන්.සී.බී. කියන පස්‌ වර්ගයයි. මෙම පස්‌ වර්ගයේදී අස්‌වැන්න වැඩි කර ගැනීමට නම් රසායනික ද්‍රව්‍ය පිටතින් ලබාදිය යුතු වෙනවා. පස සරු කරන්න අනිවර්යෙන් කාබනික පොහොර යෙදිය යුතුයි. රසායනික පොහොර යෙදීමේදී අපි කරන්නේ ප්‍රධාන සංඝටකයන් ලබාදීම පමණයි. නමුත් වගාවකට අවශ්‍ය ක්‌ෂුද්‍ර පෝෂක සපයන්න වෙන්නේ මේ කබනික පොහොර මගින්. මේ කාබනික පොහොර වල වැදගත්කම කියාපාන අවස්‌ථා දිඹුලාගලදී දැක ගන්න පුළුවන්. මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් අපි අස්‌වනු සමීක්‌ෂණය කරනවා.

    කාබනික පොහොර යොදා සාර්ථකව වී වගාව කළ වයි. ජී. කරුණාසේන අංක 164 නාමල්පොකුණ, දිඹුලාගල පදිංචි ගොවි මහතෙකි. කාබනික පොහොර භාවිතය තුළින් රසායනික පොහොර යොදා ලබා ගන්නවාට වඩා වැඩි අස්‌වැන්නක්‌ ලබාගත හැකි බව ඔහු පැහැදිළි කළේය. "මම දැන් මේ කාබනික පොහොර යොදා වගා කරන තුන්වැනි කන්නයයි. ගිය කන්නට වඩා මේ කන්නය සාර්ථකයි. මෙම වගාව කළේ පැරෂුට්‌ ක්‍රමයට. ගිය වර කන්නයේ මම කාබනික පොහොර යොදලා හෙක්‌ටයාර් එකකට වී කිලෝ 5000 ක අස්‌වැන්නක්‌ ගත්තා. මේ අවුරුද්දේ මම වී කිලෝ 8000 ක අස්‌වැන්නක්‌ අපේක්‌ෂා කරනවා. මෙය මම හෙක්‌ටයාර් එකකට වී කිලෝ 12000 ක්‌ දක්‌වා ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මගෙ කුඹුරේ දැන් වගාවට හිතකර කෘමීන් ඉන්නවා. රසායනික පොහොර නොමැතිව වගා කරන්න බැහැ කියලා හිතන අයට අපි වැදගත් පණිවිඩයක්‌ දීලා තිබෙනවා.

    උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ වස විස නැති රටක්‌ වැඩසටහනේ පුහුණු උපදේශක රසික රත්නායක මහතා මෙම වගාවට කාබනික පොහොර යොදගත් ආකාරය සහ එහි වැදගත්කම පැහැදිළි කළේය. මෙම කුඹුරුවල තිබෙන්නේ වැලි සහිත පසක්‌. වසර කීපයක්‌ කාබනික පොහොර එකතු කරලා දැන් ඒ තත්ත්වය මගහරවාගෙන තිබෙනවා. අපි මේ විදිහට මහවැලි බී කලාපයේ අක්‌කර 90 ක්‌ වගා කළා ඒ වගාව සාර්ථකයි. මෙතනදී ඝණ සහ දියර කාබනික පොහොර යෙදා ගත්තා. ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය වැඩි කරන්න වගාව ආරම්භයේදී කුකුල් පොහොර යොදා ගත්තා. මේ කන්නයේ වතුර මුර ක්‍රමයට ලැබුණ නිසා සමහර කුඹුරුවල වගාව බාල වුණා. ඒ අවස්‌ථාවේදී අපිට ඌනතා පොහොර යෙදුවා. මේ පොහොර දින පහෙන් හදා ගන්න පුළුවන්. මාළු ඔළු යෙදාගෙන මෙම පොහොර හදාගන්න පුළුවන්. කාබනික පොහොර යොදන කුඹුරුවල ගොයමට වතුර නැතිව දින ගණනාවක්‌ ඉන්න පුළුවන්. ඒ ගොයමේ දිගු ශක්‌තිමත් මූල පද්ධතියක්‌ තිබෙනවා. නමුත් රසායනික පොහොර යොදා වගා කරන කුඹුරුවලට වතුර නැතිව දිනකට දෙකකට වඩා පවතින්න අමාරුයි.

    දළුකාන කුඩාවැව මහවැලි ඒකක කළමනාකාර ළහිරු ශෂිමාල් මහතා අභියෝගය ජයගත් ආකාරය මෙසේ පැහැදිලි කළේය. අපි කාබනික වගාව ව්‍යාප්ත කරගෙන යනවා. එහි එක්‌ අවස්‌ථාවක්‌ ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. අපේ ජනතාව තුළ මතයක්‌ තිබුණා කාබනික ක්‍රමයට වගා කළ හැක්‌කේ පාරම්පරික වී පමණයි කියලා. නමුත් මේ කරුණාසේන ගොවි මහත්තයා බී.ජී. 370 කියන දෙමුහුන් වී ප්‍රභේදය කාබනික ක්‍රමයට වගා කළා.

    උපාය මාර්ග ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ මාධ්‍ය උපදේශක එම්. ඒ. කළ්‍යානන්ද පෙරේරා මහතා මෙසේ අදහස්‌ දැක්‌වීය. අතිගරු ජනාධිපති තුමාගේ සංකල්පයක්‌ මත ක්‍රියාත්මක වස විස නැති රටක්‌ වැඩසටහන යටතේ කාබනික පොහොර යොදා වී වගාවට ගොවී මහතුන් දිරිගැන්වීම සිදුකරනවා. මෙය දැන් ඉතාම සාර්ථකව ක්‍රියාවට නංවා තිබෙනවා. අපේ නියාමකවරු විදිහට සේනක හා රසික රත්නායක මහත්වරු කටයුතු කරනවා. මෙම වස වස නැති රටක්‌ වැඩසටහන වසර තුනක වැඩසටහනක්‌. මූලික අත්හදා බැලීමේ වැඩසටහනේදී අපි ලොකු පරිශ්‍රමයක්‌ දැරුවා ගොවි මහත්තුරු මෙම වැඩසටහනට එකතු කරගන්න. දැන් ගොවි මහතුන් අපිත් එක්‌ක කාබනික වගාවට එකතුවී ඉන්නවා. අපට ලබාදෙන සහයෝගයට සිවිල් ආරක්‌ෂක බලකායට, මහවැලි අධිකාරියට, කෘෂිකර්ම අමාත්‍යංශයට අපි ස්‌තුති තරනවා.

    වකුගඩු, පිළිකා ආදී නූතන සමාජයේ බොහෝ දෙනෙක්‌ පීඩා විඳින රෝග බොහෝමයකින් ආරක්‌ෂා වීමට නම් වස විසෙන් තොරව වගා කටයුතුවලට යොමුවිය යුතුව ඇත. ඒ සඳහා ගොවි ජනතාව තව තවත් දිරි ගැන්විය යුතුය.

    ප්‍රසන්න සිල්වා - දිඹුලාගල


    - http://www.divaina.com/2017/08/23/feature02.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    පාසල් සිසුන්ගේ සෞඛ්‍ය රක්ෂණය ක්‍රියාත්මකයි

    Thursday, අගෝස්තු 24, 2017 - 01:00
    පුවත්

    පාසල් සිසුන් සඳහා සාමූහික සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම ඇමැති මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,348ක වාර්ෂික වාරිකයකට යටත්ව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ලබා දීමට රජය තීරණය කරයි. මේ අනුව වයස අවුරුදු 5 සිට 19 දක්වා වයස් කාණ්ඩයේ පසුවන මෙරට පාසල් සිසුන් මිලියන 4.5 ට රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණයක් හිමි වේ. යෝජිත රක්ෂණාවරණය මඟින් බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 10000 ක් සහ රෝහල් ගතවීමකදී රුපියල් ලක්ෂයක් දක්වා ආවරණය සැලසෙනු ඇත.

    පාසල් දරුවකුගේ හදිසි මරණයකදී දෙමව්පියන්ට රුපියල් ලක්ෂයක්ද, මවගේ හෝ පියාගේ මරණයකදී පාසල් සිසුවාට රුපියල් 75000 ක් ද මෙම රක්ෂණාවරණයේදී ගෙවනු ලබයි. සිසුවා පුර්ණ ආබාධිත තත්ත්වයට පත්වීමකදී රුපියල් 100000 ක් ද අර්ධ ආබාධිත තත්ත්වයකදී රුපියල් 50000 සිට 100000 දක්වා ද වන්දි හිමි වේ.

    මේ සඳහා රජය 2017 අයවැයෙන් රුපියල් මිලියන 2700 ක් වෙන් කර ඇති අතර මේ රක්ෂණාවරණ ක්‍රමය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ ක්‍රියාත්මක කිරීමට අදාළ අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වී තිබේ.

    සිතාරා සේනානි, සමන්මලී ප්‍රියශාන්ති


    - http://www.dinamina.lk/2017/08/24/පුවත්/39777
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ඉදිකරන ලද නව තාක්ෂණයෙන් යුත් හෘද ශල්‍යාගාරය සහ රෝග නිධාන රසායනාගාරය විවෘත කිරීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ සිදු කෙරිනි.

    මේ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 250 කි. හෘද ශල්‍යාගාරය වසර 20 ක් පැරණි වන අතර, නව තාක්ෂණයෙන් යුතුව එය ඉදිකර ඇත.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ නවීනතම උපකරණ වලින් යුතුව හෘද ශල්‍යාගාරය ඉදිකිරිම තුලින් සාධාරණ මිලකට හෘද සැත්කම් කඩිනම්න් සිදු කර ගැනීමට ජනතාවට අවස්ථාව උදාවන බවයි. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ඉදිරියේ දී තවත් සංවර්ධනය කරන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

    21077289_10155246058679130_7607989120745474192_n.jpg

    20994137_10155246058814130_8300873377980082551_n.jpg

    20953000_10155246057989130_612186567281903480_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10155246060019130