holman wena katawa kiyanna atthe ponilge pus ete katata ganna welawe wenna athi neda pakaya
holman wena katawa kiyanna atthe ponilge pus ete katata ganna welawe wenna athi neda pakaya
Your disgrace to the humanity terunada ubata? nane .. ubata aitiyak ne ban minussunge dewal walata kata karanna mokada uba thirisanek nisa. uba sathek nam satha wage idapan nikan adala nati dewala walata agili nogaha.
කෘෂි නිෂ්පාදන ගබඩා කිරීම සඳහා උෂ්ණත්වය පාලනය කළහැකි ගබඩාවක් දඹුල්ලේ ස්ථාපනය කිරීම
- එළවළු හා පලතුරු වගා කිරීමේ යෙදී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන දිගුකාලයක් නැවුම් තත්ත්වයෙන්ම ගබඩා කර තබා ගත හැකි වන පරිදි, ඒ සඳහා උෂ්ණත්වය පාලනය කළහැකි ගබඩා පහසුකමක් රුපියල් මිලියන 475ක ආයෝජනයක් සහිතව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ආසන්නව ස්ථාපනය කිරීම සඳහා යෝජනා වී තිබේ. එමඟින් ඍතුමය වශයෙන් ඵලදාව ලැබෙන භෝග සඳහා අඛණ්ඩ වෙළඳ පොළ සැපයුමක් සහතික කළ හැකි බැවින්, එවැනි භෝගවල ඇති වන මිල උච්චාවචනයන් අවම කරගැනීම තුළින් එම භෝග සඳහා ස්ථාවර මිලක් පවත්වා ගත හැකි වනු ඇත. යෝජිත ආයෝජනයෙන් රුපියල් මිලියන 300ක්, ප්‍රදානයක් වශයෙන් ලබා දීමට ඉන්දීය රජය විසින් එකඟත්වය පළ කරනු ලැබ තිබේ. ඒ අනුව, උෂ්ණත්වය පාලනය කළ හැකි ගබඩාවක් දඹුල්ලේ ස්ථාපනය කිරීමට අවශ්‍ය අරමුදල් වෙන් කරගැනීම සහ එය කළමනාකරණය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අභ්‍යන්තර ජල මාර්ග ආශ්‍රිතව මගී ප්‍රවාහන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා ඇති ඇළ මාර්ග හරහාත්, බේරේ වැව හරහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වාත්, කැලණි ගඟ හරහා සහ අනෙකුත් ජලමාර්ග ඔස්සේ මට්ටක්කුලියේ සිට හංවැල්ල දක්වාත්, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් ජල මාර්ග ඔස්සේ මගී ප්‍රවාහන සේවාවක් පවත්වා ගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට පෙර ආරම්භයක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව බේරේ වැව හරහා කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා වසර 02ක කාලයක් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය යාත්‍රා මිල දී ගැනීමට සහ ජැටි ඉදිකිරීමටද සැලසුම් කර ඇති බවටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරන ලද කරුණු කෙරෙහි අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන ලදී.
සෞඛ්‍ය පද්ධතින් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
- ඌව, සබරගමුව, මධ්‍යම හා උතුරු මැද පළාත්වල ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරිම, සෞඛ්‍ය හා රෝග පාලනය ශක්තිමත් කිරීම සහ ඒ පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීම හා ධාරිතා සංවර්ධනය කිරීම පිණිස ඇමරිකානු ඩොලර් මිලියන 60ක ආයෝජනයකින් යුත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා වී තිබේ. එම සමස්ත ආයෝජනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 12.5ක මුදල ප්‍රදානයක් ලෙසත්, තවත් ඇමරිකානු ඩොලර් මිලියන 37.5ක මුදලක් සහන ණයක් ලෙසත් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගැනීම සඳහා යෝජනා වී ඇත. ඒ අනුව, අදාළ අරමුදල් සලසා ගැනීමට අවශ්‍ය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අපනයන නිෂ්පාදන ගම්මාන 5000ක් පිහිටුවීම
- ගොවීන් විසින් නිපදවනු ලබන ප්‍රාථමික නිෂ්පාදන අපනයන වෙළඳ පොළට ගැළපෙන පරිදි, අගය එකතු කිරීම ඒකාබද්ධ ක්‍රියාවලියක් තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අදියර 2ක් යටතේ රට තුළ අපනයන නිෂ්පාදන ගම්මාන 5,000ක් පිහිටුවීම සඳහා සැලසුම් සකස් කරනු ලැබ ඇත. මේ යටතේ ගම්වල පවතින සම්පත්වල බහුලතාව අනුව ගමකට අවශ්‍ය නිෂ්පාදන තෝරාගනු ලබන අතර, ඒ අනුව ගොවීන්ට අවශ්‍ය අරමුදල් පහසුකම්, තාක්ෂණය, කාර්යක්ෂම සම්පත් භාවිතය, ගොවිපොළ කළමනාකරණය, අස්වනු නෙළීම, ඇසිරීම හා ප්‍රවාහනය වැනි අංශවල පුහුණුවක් ලබා දීමටත්, ඔවුන්ට අවශ්‍ය දේශීය හා ජාත්‍යන්තර වෙළඳ පොළ අවස්ථා සඳහා ප්‍රවේශය ලබා දීමටත් සැලසුම් කර තිබේ.
ඒ අනුව, මෙම ව්‍යාපෘතිය සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන අපනයන කර්මාන්ත සඳහා පර්යේෂණ, සංවර්ධන සහ ප්‍රවර්ධන වැඩසටහන් ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කිරීමටත්, එහි පළමු අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 300ක අපනයන නිෂ්පාදන ගම්මාන 1,000ක් පිහිටුවීමටත්, 2018-2020 කාලසීමාව තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හා මුළු ගම්මාන සංඛ්‍යාව 5,000 දක්වා අදියරගතව වර්ධනය කිරීමටත් සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ත්‍රෛභාෂා මාධ්‍යයන්ගෙන් යුත් නව ජාතික පාසලක් කොළඹ ප්‍රදේශයෙහි ආරම්භ කිරීම
- සියලුම ජනවර්ගවලට අයත් ශිෂ්‍යාවන් සඳහා ත්‍රෛභාෂා මාධ්‍යයන්ගෙන් අධ්‍යාපනය ලබා දීම පිණිස නව ජාතික පාසලක් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටුවීමට යෝජනා වී ඇත. ඒ අනුව මෙම පාසල ත්‍රෛභාෂා මිශ්‍ර ජාතික පාසලක් ලෙස රුපියල් මිලියන 900ක ආයෝජනයක් සහිතව වැල්ලවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කිරීමටත්, මෙම පාසල සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ ත්‍රෛභාෂා මාධ්‍යයන්ගෙන් යුත් නව මිශ්‍ර ජාතික පාසලක් ආරම්භ කිරීම
- නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අධ්‍යාපන පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීම පිණිස සියලු පහසුකම්වලින් සපිරි ත්‍රෛභාෂා මිශ්‍ර ජාතික පාසලක් රුපියල් මිලියන 800ක ආයෝජනයක් සහිතව නානුඔය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමටත්, එය 6වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා සිසුන්ට අධ්‍යාපනය ලබා දෙන පාසලක් ලෙස පවත්වාගෙන යාමටත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජාතික සම්ප්‍රේශණ හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ග්‍රිඩ් උප පොල ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- විදුලි බල පද්ධතියේ ජාතික සම්ප්‍රේශණ හා බෙදා හැරීමේ ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සංරචක 04කින් යුත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. මෙහි දෙවන සංරචකය යටතේ කිරිඳිවෙල, බත්තරමුල්ල, බියගම, කොත්මලේ, වේයන්ගොඩ, පාදුක්ක, කොස්ගම, සීතාවක, තුල්හිරිය, රත්මලාන, පන්නිපිටිය, කොළොන්නාව, අතුරුගිරිය, පොල්පිටිය, උකුවෙල සහ නාවුල ප්‍රදේශවල ග්‍රිඩ් උපපොලවල් ආශ්‍රිත ඉදි කිරීම් සහ වැඩිදියුණු කිරීම් සඳහා වන ප්‍රසම්පාදනය Mitshubishi Corporation සහ Ceylex Engineering (pvt) Ltd. විසින් ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
බොරැල්ල ආයුර්වේද රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීම
- බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ නව වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. එහි දෙවන අදියර ලෙස එම ගොඩනැඟිල්ල රෝගී සත්කාරක සේවා සඳහා කඩිනමින් යොදා ගැනීමට අවශ්‍ය වන විදුලිබල සැපයුම සහ ජල හා මලාපවහන පද්ධතිය ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
බදුල්ල පළාත් මහ රෝහලෙහි වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය
- හේතු හඳුනා නොගත් නිධන්ගත වකුගඩු රෝගීන් සඳහා විශේෂිත වූ ප්‍රතිකාර ලබා දීම පිණිස බදුල්ල මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 668.2ක මුදලකට M/s. Orient Construction Company (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය
- කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 926.5ක මුදලකට M/s Link Engineering (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපනය කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹීම
- ශ්‍රී ලංකාව තුළ ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ චීන රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට මීට පෙර එළඹ තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස දෙපාර්ශ්වය අතර තාක්ෂණික සහයෝගීතාවය සවිමත් කිරීමට, එකඟ වී ඇති තත්ත්ව සහ කොන්දේසි ඇතුළත් දෙවන ගිවිසුම අත්සන් තැබීම සඳහා විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
CABINET DECISIONS ON 2018-08-21
Read more:
http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2018-08-21
පවුල් ලක්ෂ 8කට සමෘද්ධිය ලබන මස සිට
Friday, අගෝස්තු 24, 2018 - 01:00
ශිරෝමි අබයසිංහ
ප්‍රතිලාභ හිමිවිය යුතු එහෙත් මෙතෙක් සමෘද්ධි දීමනාව නොලැබුණු පවුල් ලක්ෂ 8 කට සමෘද්ධි දීමනාව ලබන මස සිට දීමට රජය තීරණය කර තිබේ.
රජය මේ තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවය.
සුදුසුකම් සපුරා තිබුණ ද වසර ගණනාවක සිට ඉල්ලීම් කරමින් සමෘද්ධි දීමනාව නොලද පවුල් ලක්ෂ අටක් වෙනුවෙන් සැප්තැම්බර් මස සිට සමෘද්ධි දීමනාව ගෙවන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
සමෘද්ධි දීමනාව දීමට පටන් ගත් පසු එකවර මෙතරම් සංඛ්‍යාවකට සමෘද්ධිය දෙන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය විය හැකි යැයිද ඇමැති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
- http://www.dinamina.lk/2018/08/24/පුවත්/59144/පවුල්-ලක්ෂ-8කට-සමෘද්ධිය-ලබන-මස-සිට
පළාත් පාලන නියෝජිතයන් 2000කට ලක්ෂ පහ බැගින්
Friday, අගෝස්තු 24, 2018 - 01:00
ශිරෝමි අබයසිංහ
මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන් 2000කට අධික සංඛ්‍යාවකට ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා ලක්ෂ 5 බැගින් වහාම නිකුත් කිරීමට පියවර ගෙන පවතියි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ඉහත ප්‍රතිපාදන නිකුත් කෙරෙන්නේ විශේෂ ව්‍යාපෘති අමාත්‍යංශයට වෙන්ව පවතින ප්‍රතිලාභවලිනි.
රජය විසින් දෙන ප්‍රතිපාදන මගින් තම බලප්‍රදේශවල අත්‍යවශ්‍යම සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
- http://www.dinamina.lk/2018/08/24/පුවත්/59140/පළාත්-පාලන-නියෝජිතයන්-2000කට-ලක්ෂ-පහ-බැගින්

