සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,523
    28,332
    113
    දිවයින පුරා වයි-ෆයි පහසුකම් කලාප 1176ක් නොමිලේ

    free-wifi.jpg


    සමස්ත ශ්‍රී ලාකීය ජනතාවට වයි-ෆයි පහසුකම් නොමිලේ ලබා දීමට රජය විසින් ලබා දුන් පො‍රොන්දුව යටනේ වර්තමානය වන විට දුරකතන සේවා සපයන්නන්නේ සහයෝගය ද ඇතිව ප්‍රදේශ 1176 ක් ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇතැයි අගමැති කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එයි මෙසේද සඳහන් වේ.

    මේ සඳහා පහසුකම් සැලසීම සම්බන්ධීකරණය කිරීම හා අධීක්ෂණය කිරීම යන ක්‍රමවේදයන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මඟින් සිදු කරයි.දුම්රිය ස්ථාන, බස් නැවතුම්පළවල්, පුස්තකාල සහ දිවයිනේ ප්‍රසිද්ධ ස්ථාන ඇතුළු දිවයින පුරා තෝරාගත් පොදු ස්ථානවල දී මෙම පහසුකම ලබා ගැනීමට මහජනතාවට හැකියාවක් පවතී. ඒ අනුව මේ සඳහා පිවිසෙන ඕනෑම පුද්ගලයකුට මෙගාබයිට් 100 ක දේ ප්‍රමාණයක් මසකට ලබා ගත හැකි අතර වරක් නමයට පිවිසුණු පසු මෙම පහසුකම තමන්ට අවැසි ඕනෑම අවස්ථාවකදී ලබා ගත හැකිය.

    2019 වර්ෂ පෙබරවාරි මස වන විට නතාරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සාංඛ්‍යා ලේඛනවලට අනුව ප්‍රදේශ 1176 ක් ආවරණය වන පරිදි 455741 ක පරිශීලකයන් ප්‍රමාණයක් අන්තර්ජාලයට පිවිසීම සඳහා මෙම වයි ෆයි පහසුකම භාවිතා කර ඇත. ඒ අනුව 2016 ඔක්තෝබර් 28 දින සිට දත්ත පරිභෝජනය ගිගා බයිට් 79280 දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ. මෑතකදී සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තොරතුරු අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සාංවර්ධන කාර්යාලය මඟින් නිකුත් කරනු ලැබේ.


    - http://www.dinamina.lk/2019/03/07/පුවත්/69961/දිවයින-පුරා-වයි-ෆයි-පහසුකම්-කලාප-1176ක්-නොමිලේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇමැති වජිරගේ ජීප් රියේ ගැටී කාන්තාවක මරුට

    gossiplanka_2019-03-06-2043.jpg


    අක්මීමන, ගොනාමුල්ල මංසන්ධියේදී පසුගිය 1දා ස්වදේශ කටයුතු භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගමන්ගත් ජීප් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාව පෙරේදා (4දා) පස්වරුවේ මියගොස් ඇත.

    ඇමැතිවරයා ගමන් ගත් රථයේ රියැදුරු අනතුර සිදුවූ දිනම අක්මීමන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රියැදුරු සහ අනතුරට මුහුණ දුන් ජීප් රථය එදිනම නිදහස් කෙරිණි.
    මේ අනතුරින් බරපතළ තුවාල ලබා හදිසි අනතුරු අංශයේ තෙදිනක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ගොනාමුල්ලේ පදිංචි තල්පේ මැදදූවගේ ඉන්ද්‍රාණි නමැත්තිය පෙරේදා මෙසේ මරුමුවට පත්ව ඇත.


    Source: Gossiplankanews

    Bp
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,332
    113
    සූර්ය බල සංග්‍රාමයේ වසරක ප්‍රගතිය මෙගාවොට් 130ක් ජාතික විදුලිබල පද්ධතියට

    colpro-411-%281%29104003514_8287817_06032019_SJM_CMY.jpg


    සූර්ය බල සංග්‍රාමයෙන් වසරක දී මෙගාවොට් 130ක පමණ ධාරිතාවක් ජාතික පද්ධතියට එක්වූ අවස්ථාවේ ආසියානු සංවර්ධන අරමුදලින් අමෙරිකානු ඩෙලර් මිලියන 21ක ණය මුදලක් සුර්ය බල පද්ධති සඳහා ලබා දී තබේ.

    මේ වන විට කුඩා වී මෝල් හිමියන්, ව්‍යාපාරිකයන් විශාල පිරිසක් ණය සහන ලබා සූර්ය බලය මගින් විදුලිය ලබා ගැනීමට අයදුම් කර ඇත. සියලුම පාරිභෝගිකයන් ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය සහ ඒ ශ්‍රේණියේ වැඩි වගකීම් කාලයක් ඇති සූර්ය පැනල් කෙරෙහි විශ්වාසය ඇතිව සුර්ය පැනල් සවි කිරීමට කැමැත්ත පළ කර ඇත.

    වසර තුනක ආදායම් බදු වාර්තා, ව්‍යාපාරය ලියාපදිංචි කර ඇති සහතිකය, විදුලි බිල් පතක්, ජාතික හැඳුනුම් පත් පිටපතක් සහ ප්‍රා දේශීය විදුලි ඉංජිනේරුවරයා ලබාදෙන සූර්ය කෝෂ සබැදුම් ජාල සේවාව සම්බන්ධයෙන් නිකුත් කරන ලිපිය තමන් ගනු දෙනු කරන රාජ්‍ය සහ රාජ්‍ය නොවන බැංකුවට ඉදිරිපත් කිරීමෙන් මෙම ණය මුදල් ලබා ගත හැක. සුර්ය බල විදුලි කිලෝ වොට් 50ක් සඳහා අවශ්‍ය ණය මුදල් ලබා ගැනීමට හැකියාව ලබා දී ඇත. වසර දහයකින් මෙම ණය මුදල් ගෙවීමට හැකියාව ඇති අතර 8% පොළියට මෙම මුදල් නිකු කෙරේ.

    නිවාසවල සහ කර්මාන්තශාලා, ආයතනවල, රාජ්‍ය ආයතනවල විදුලි බිල බින්දුව කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. සූර්ය බලය උපයෝගී කරගෙන විදුලිබල මණ්ඩලය මේ වන විට අමතර විදුලි ඒකකයකට පළමු වසර හතේ දී රුපියල් 22 බැගින් ගෙවන අතර, අටවන වසරේ සිට විසිවන වසර දක්වා රුපියල් 15.50ක මුදලක් විදුලි බලමණ්ඩලය පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු යොදා ඇත.

    යාපනය, මඩකලපුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර, පොළොන්නරුව, අම්පාර ආදී ප්‍රදේශවල මේ වන විට සූර්ය බල සෝලා සවි කර ඇත. අමතර විදුලි ඒකක සඳහා මුදල් ගෙවීම නොකඩවා සිදු කෙරෙන බවද පාරිභෝගිකයන් පවසති.

    මෙම වැඩසටහන යටතේ ඕනෑම ගෘහයක හෝ පරිශ්‍රයක අයිතිකරුට වලංගු විදුලි ගිණුමක් පවතී නම් උත්පාදනය කරන විදුලිය ජාතික ජාලයට ලබා දීම ක්‍රම තුනකට කළහැක. උත්පාදනය කරන විදුලිය ජාතික ජාලයට ලබා දීම ශුද්ධ මණුකරණය (Net Metering), දෙවන ක්‍රමය ශුද්ධ ගිණුම් කරණය (Net Accounting) මෙම ක්‍රමය යටතේ තමන් පාවිච්චි කර ඉතිරි විදුලිය විදුලි බලමණ්ඩලයට ලබා දී මුදල් ලබා ගැනීමයි. තුන්වන ක්‍රමය නෙට් ප්ලස් (Net Plus) මෙම ක්‍රමය යටතේ තමන් පාවිච්චි නොකර ලබා ගන්නා සියලුම විදුලිය විදුලිබල මණ්ඩලයට ලබා දී මුදල් ලබා ගැනීමයි.


    More:
    http://www.dinamina.lk/2019/03/07/ව...‍රගතිය-මෙගාවොට්-130ක්-ජාතික-විදුලිබල-පද්ධතියට
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,332
    113
    Finland’s Fortum Oy to invest $ 300 mn in energy plant

    z_pi--Finland.jpg

    Prof P G Rathnasiri, Department of Chemical And Process, University of Moratuwa; U G Ekanayake, Manager, Business Development, Endeavour Energy; Kumar Perumal, Chairman, Endeavour Energy; President Maithripala Sirisena; Juha Finnila, Fortum Oy and Walttar

    Fortum Oy of Finland, a company in to generating renewable energy through recycled waste and garbage will invest USD 300 million to set up a plant in Mirigama.

    The company plans to build a waste park in a 30-acre land which aims to generate 250 MW electricity which can be supplied to the national grid. The top officials of the company also met President Maithripala Sirisena last week to explain the advantages of this project.

    Chairman of Endevour Energy Company, Kumar Perumal said that the Park would be set up in four months. “Sri Lanka is one of the worst affected countries in the whole of Asia where collection of garbage is concerned. The Plant would then purchase 3,500 tons of solid waste from Colombo, and will later extend the program to the Western Province and other key cities generating large volumes of garbage. ”

    Two officials of the company, Juha Finnila and Waltteri Kyrola along with Endeavour Energy Corporation Ltd (Part of Fortum Oy) Chairman, Kumar Perumal, at a meeting with President Sirisena.

    The trio was here to finalize work program turn ‘waste into energy’ and produce solar power by investing USD 300 million. They plan to build a ‘Waste Park’ in plot of land covering 30 acres in Mirigama and that would become the largest EPZ , in the whole of Asia generating 250 MW electricity. They have designed the project is such a way to ensure of generating this amount of power with waste being recycled.

    This Endeavour Energy Company came out with its proposal, with novelty in July 2017, to end the gigantic problem of mounding waste – the disposal of garbage by turning that into much needed energy.

    Chairman of Endevour Energy Company Perumal, expressing his confidence in the ability of the Fortum Oy of Finland he represents, along with his own, said , the Company intends to set up a plant with 10 MW capacity with the expertise to convert garbage to energy, and if everything goes well, the Company would within six months, the plant would be able to generate energy using Colombo City Garbage amounting to 2,400 MT and at the same time ensure 3,500 tons of solid waste generating on daily basis within the Western Province.


    - http://www.dailynews.lk/2019/03/07/business/179538/finland’s-fortum-oy-invest-300-mn-energy-plant
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,928
    4,580
    113
    eb.jpg


    අන්තර්ජාලය භාවිත කරමින් විදේශ භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවිම් කිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් හෝ ඩෙබිට් කාඩ්පත් අංක යොදාගැනීම පසුගිය කාලයේ බෙහෙවින් ඉහළ ගොස් තිබේ. ඒ ගෙවීම් වෙන වෙනම සැලකීමේදී කිසිදු අමතර මුදලක් ගෙවීමට ගනුදෙනු කරුවන්ට සිදු නොවූ අතර ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පමණක් මාසික ගෙවීම් ප්‍රමාණය මත මුද්දර ගාස්තු ගෙවීමට සිදු විය.
    නමුත් ඉදිරියේදී මෙම තත්වය වෙනස්කරනු ලබන අතර ජාතිය ගොඩනැගීමේ බද්දක් ලෙස සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහාම ගෙවන්නට සිදුවන බව අද (5) පැවති අයවැයේදී යෝජනා කර තිබේ.

    එය අයවැය වාර්තාවේ සටහන් කර තිබුනේ 'විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත (ණයපත් හා හරපත්) භාවිත කර අක්වෙරළ (offshore) ඩිජිටල් සේවාවන්ද ඇතුළුව භාණ්ඩ හා සේවා මිළදී ගැනීම සඳහා විදේශයන්ට කරනු ලබන ගෙවිම් මත 3.5% ක ජාතිය ගොඩ නැගීමේ බද්දක් අයකරනු ලැබේ. මෙම හඳුන්වාදීම හා සමගාමීව විදේශ මිලදී ගැනිම් සඳහා ණය කාඩ්පත් සඳහා වන මුද්දර ගාස්තුව ඉවත් කරනු ලැබේ.' යනුවෙනි.

    ඒ අනුව ඉදිරියට ඊබේ, අලි එක්ස්ප්‍රස් ආදී ලංකාවේ ජනප්‍රිය අන්තර්ජාල භාණ්ඩ මිලට ගන්නා අන්තර්ජාල ක්‍රම ඔස්සේ ගනුදෙනු කරද්දී භාවිත කරන ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් හිමියන්ට සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහා අමතර ලෙස ගෙවන්නට සිදුවනු ඇත.
    එපමණක් නොව එකවර හෝ මාසිකව වාර්ෂිකව ගෙවීම් කරන නෙට්ෆිලික්ස්, ඇමේසන් ,ගෝඩැඩී වැනි ආයතනන සපයන සේවා සඳහාද කාඩ්පත් ගෙවීම් කරන්නේ නම් මෙම බද්දට යටත්ය.


    කෙසේ වෙතත් ලංකාවේ දේශීය සමාගම් හරහා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කිරීමේ ගනුදෙනු වලට මෙය අදාළ නැත.


    Source: Gossiplankanews

    bp
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,928
    4,580
    113
    ඇමැති වජිරගේ ජීප් රියේ ගැටී කාන්තාවක මරුට

    gossiplanka_2019-03-06-2043.jpg


    අක්මීමන, ගොනාමුල්ල මංසන්ධියේදී පසුගිය 1දා ස්වදේශ කටයුතු භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගමන්ගත් ජීප් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාව පෙරේදා (4දා) පස්වරුවේ මියගොස් ඇත.

    ඇමැතිවරයා ගමන් ගත් රථයේ රියැදුරු අනතුර සිදුවූ දිනම අක්මීමන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රියැදුරු සහ අනතුරට මුහුණ දුන් ජීප් රථය එදිනම නිදහස් කෙරිණි.
    මේ අනතුරින් බරපතළ තුවාල ලබා හදිසි අනතුරු අංශයේ තෙදිනක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ගොනාමුල්ලේ පදිංචි තල්පේ මැදදූවගේ ඉන්ද්‍රාණි නමැත්තිය පෙරේදා මෙසේ මරුමුවට පත්ව ඇත.


    Source: Gossiplankanews

    bp