සංවර්ධන News2

helpWorld

Member
Aug 6, 2015
400
37
0
Perpetual%2BTreasuries%2BLimited1.gif

Perpetual%2BTreasuries%2BLimited2.gif

Perpetual%2BTreasuries%2BLimited3.gif

 

helpWorld

Member
Aug 6, 2015
400
37
0
මහබැංකු බැදුම්කර බෑණා හෙලිකොප්ටරයක් මිලට ගනී.. අලූත් පත්තරේකුත් ගහයි.. යෝජිත නම ‘බැදුම්කරේ



එදා ‘පුහුල් හොරො’ ‘කරෙන්’ දැනුණ සේ අද ‘බැඳුම්කර හොරා ‘පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම’ ලැබූ අධික ලාභයෙන් හෙළිදරව් වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලි්මේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
මහ බැංකුව විසින් සිදුකර අවසන්කර ඇති එහෙත් එහි ඉහළ නිලධාරියකු විසින් මුදල් මණ්ඩලය වෙත ඉදිරිපත් නොකර සිය ලාච්චුවේ සඟවා ගෙන සිටින පරීක්‍ෂණ වාර්තාවක් මාධ්‍ය වෙත අනාවරණය කරමින් විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම හෙළිදරව්ව සිදුකළ විමල් වීරවංශ මහතා එහිදී මෙසේ ද පැවසීය.
“2015 ජනවාරි 08 වැනිදා බලයට පත් වුණු සිරිසේන-වික්‍රමසිංහ ජෝඩුව ඡන්දයට කලින් හදපු මතය තමයි ‘අපි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා’ කියන එක. නමුත් වික්‍රමසිංහ මහත්තයලා අදහන බටහිර රටවල් විසින් පළ කරන FORBS සඟරාවේ පසුගිය කලාපයේ පළ වූ ලිපියකින් පෙන්වා දී ඇත්තේ කුමක්ද? ‘2015 ජනවාරි 08 වැනිදායින් පසුව ශ්‍රී ලංකාවේ දේශීය ණය බර 12%කිනුත් විදේශීය ණය බර 25%කිනුත් ඉහළ ගොස් ඇත’ කියලයි. ඒ වගේම එම ලිපියේ සඳහන් වෙනවා ‘එසේ ණය බර ඉහළ ගොස් ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවන තත්වයක් තුළය’ කියලා. වසරක කාලයක් තුළ ණය බර ඉහත ආකාරයට ඉහළ යාම අසාමාන්‍ය තත්වයක්. ශ්‍රී ලංකා ඉතිහාසය තුළ මේ තරම් ප්‍රතිශතයකින් වසරක් තුළ ණය බර ඉහළගොස් නැහැ.
‘ණය බර ඉහළ යාමට බලපෑ ප්‍රධාන කරුණු
මේ විදියට වසරක් තුළ ශ්‍රී ලංකාවේ ණය බර ඉහළ යාමට බලපෑ ප්‍රධාන කරුණු මොනවාද? එකක් තමයි රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම. අනෙක් හේතුව තමයි ඉතාම ඉහළ පොලී අනුපාතිකයන්ට රට තුළින් හා රටට පිටතින් ණය ලබා ගැනීම. ‘රට ණය උගුලෙන් බේරා ගන්නවා’ කියූ සිරිසේන- වික්‍රමසිංහ ජෝඩුව ආර්ථික වර්ධන වේගය 3%ක අගයකට පහත හෙළමින් මේ කර ඇති ජංජාලයෙන් පෙනෙනවා, ‘මේක අසමත්, අකර්යක්‍ෂම පාලනයක්’ කියලා. මේ අය රට ගැන කිසිම දෙයක් නොසිතා, කඩා වඩා ගැනීම සඳහා පමණක් පාලනයක් ගෙන යන කණ්ඩායමක් බව අද ඔප්පු වෙලා ඉවරයි.
මේ අසමත් පාලනය ගිය අවුරුද්දේ ‘අය-වැය’ කීයක් ගෙනාවාද? මුලින්ම විශේෂ ආර්ථික ප්‍රකාශයක් අගමැති වික්‍රමසිංහ මහත්තයා සිදු කළා. ඊළඟට රවී කරුණානායක මහත්තයා අය – වැයක්. ගෙනවා ඊට පසුව අගමැතිවරයා තවත් ප්‍රකාශයක් සිදු කරලා තවත් අය – වැයක් ගෙනාවා. ඒ අනුව තුන්වතාවක් 2016 අය – වැයෙන් නොගත්තු තීරණයක් විදියට තමයි වැට් බද්ද 15% දක්වා ඉහළ දැම්මේ. ඒ විදියට පනත් සංශෝධනයකින් තොරව වැඞ් බද්ද ඉහළ දැම්මා. ඒක අප උසාවි ගිහින් නැවත්තුවා. ඊට පසුව කැබ්නට් අනුමැතියකින් තොරව නව පනත් කෙටුම්පත ගෙනාවා. ඒක ඒ නිසා ශුන්‍ය වුණා. වැට් බද්ද වැඩි කිරිමේ තෙවැනි උත්සාහය ලෙස තවත් පනත් කෙටුම්පතක් ඊයේ (04) විවාදයක් සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එම පනත් කෙටුම්පතේ සඳහන්ව තිබෙනවා ‘2016 සැප්තැම්බර් 09 වැනි දින දෙවන කොටස අතිරේකය, 2016 සැප්තැම්බර් 13 දින නිකතු් කරක ලදී කියා. එකම පනත් කෙටුම්පත සඳහා දින දෙකක් යොදා තිබෙනවා. දැන් අහපුවාම කියනවා ‘ඒකට ප්‍රශ්නයක් නැහැ’ කියා.
මෙහෙම දින දෙකක් අවේ කොහොමද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර නිලධාරීන් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පසුගියදා පැමිණියා. ඒ අය එන්න කලින් මේ පනත් කෙටුම්පත මුද්‍රණයකර ගන්න ඕනේ වුණා. ‘පාර්ලිමේන්තුවේ රීති යකාට ගියාfවි’ කියලා, මූල්‍ය අරමුදලේ ‘දෙවි දේවතාවුන්’ පිනවන්න තමයි මේ පනත් කෙටුම්පත කලින් ගෙන ආවේ. මේ පනත් කෙටුම්පතට අනුමැතිය ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය රැස් වුණේ පසුගිය සැප්තැම්බර් 12 වැනිදා. ඒ නිසා ‘සැප්තැම්බර් 13 වැනිදා නිකුත් කරන ලදී’ කියා ම්‍රද්‍රණය කරන්න වෙනවා. ඒ අනුව පෙනෙනවා මේ පනත් කෙටුම්පත මුල්‍ය අරමුදලේ නියෝජිතයන්ට ඉදිරිපත්කර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නොමැතිව බව. පැවැති සම්ප්‍රදායන් අද ‘යකාට ගිහිල්ලා’ තිබෙන්නේ. මෙහෙම ගියොත් අය-වැය විවාදය නත්තල් දක්වා ඇදෙන තත්වයක් ඇති වෙනවා. ඒ වගේම අය-වැය ලේඛනය ඉදිරිපත් කිරීමත් නොවැම්බර් අග සතිය දක්වා කල් යාවි, එවිට අය-වැය විවාදය සඳහා ඉතිරි වන්නේ මාස එකහමාරකටත් වඩා අඩු කාලයක්.
‘පෝට් සිටියට අත දාලා කරගත් දේ’
මේ ආණ්ඩුවට අය-වැය හදා ගන්න තේරෙන්නේ නැහැ, අය-වැය ගෙන එන්නෙ ඕනේ ‘කාලය’ තේරෙන්නේ නැහැ. පනත් කෙටුම්පතක් හදා ගන්න තේරෙන්නේ නැහැ. මහ ලොකුවට ජාත්‍යන්තර සබඳතා ගැන කිව්වා නමුත් ‘පෝට් සිටියට’ අත දමලා චීනය තරහා කර ගත්තා. අවසානයේදී වන්දිත් දීලා තිබුණටත්වඩා වැඩි භූ ප්‍රමාණයක් ඒ විදිහටම පෝට් සිටිය හදන්න ඉඩ දුන්නා. ඒ වගේම යුදමය වාතාවරණය නිසා කල් දැමීමට නියමිතව තිබූ පකිස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ සාක් සමුළුව ‘වර්ජනයා කරනවා’ කියා මංගල සමරවීරගේ උපදෙස් මත විදේශ අමාත්‍යාංශය නිවේදන නිකුත් කළා. අවසානයේදී මේ අය ඔප්පු කළා තමන් ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියේ ‘වහළෙක්’ කියලා. මේ සියල්ල නොදන්නා මේ ආණ්ඩුව එක දෙයක් නම් හොඳට දන්නවා. ඒ තමයි ‘අනෙක් පාර්ශ්වයට හොරා හොරා කියමින්, උදේ ඉදන් හැන්දෑ වෙනකම් හොඳ හැටියට හොරා කෑම.
‘පර්පචුවල් ටේ‍රෂරීස් ගනුදෙනුව පිළිබඳ වාර්තාව’
හිටපු මහ බංකු අධිපතිවරයාගේ බෑණාගේ සමාගම මහ බැංකුව සමඟ සිදු කළ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පරික්‍ෂණයක් සිදු කිරීමට එවැනි සමාගම් පිළිබඳ පරික්‍ෂණ සිදුකරන මහ බැංකුවේ දෙපාර්තමේන්තුවට භාර දී තිබුණා. එම දෙපාර්තමේන්තුව විසින් ඉහත පරීක්‍ෂණය සිදුකර වාර්තාවක් නිකුත්කර තිබෙනවා. එම වාර්තාව මෙතෙක් මුදල් මණ්ඩලයට (Monetary Board) සලකා බැලීම සහ අනුමැතිය සඳහා ඉදිරිපත් නොකර, එම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ නිලධාරියකු තමන්ගේ ලාච්චුවේ ඇතුළේ තබා ගෙන සිටිනවා. වාර්තාව පසකස් කර ඇත්තේ 2016 සැප්තැම්බර් වලදීයි. මෙම මාධ්‍ය හමුවෙන් අනතුරුව මා එම වාර්තාව මාධ්‍යවේදී ඔබ වෙත ලබා දෙනවා.
‘Perpetual Treasaries Limited – Find slip of the On-site Examination’ නමින් හඳුන්වා ඇති එම පරීක්‍ෂණ වාර්තාව මුදල් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ප්‍රථම අත්සන් කළ යුතු එම මහ බැංකු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 04 දෙනෙකු සිටිනවා. ඒ අතරින් මෙම වාර්තාවේ සඳහන් DG(SM) යන තනතුරු නාමය දරන නිලධාරියා තමයි මේ වාර්තාව ලාච්චුවේ දමා ගෙන සිටින්නේ. මේ වාර්තාව මගින් ඉතාමත් නිවැරදි කරුණු පෙන්වා දී තිබෙනවා, ‘මහ බැංකු හොරකම කොහොමද සිදු වුණේ?’ කියලා.
මේ බැඳුම්කර ගනුදෙනුවලින් පසුව පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම ගෙවි ගීය වසර තුළ බිලියන 05කටත් වැඩි ලාභයක් උපයා තිබෙනවා. ඊට පෙර වසරවල එම සමාගමේ ලාභය මිලියන දෙක තුනක්. සේවකයන් 20ක් පමණයි සිටින්නේ. මේ කුඩා සමාගම ඩයලොග් සමාගමටත් වඩා වැඩි ලාභයක් මෙවර උපයාගෙන තිබෙනවා. මේ ලාභය මේ රටේ සියලුම බැංකු ලබා ඇති ලාභයටත් වඩා වැඩි ලාභයක්.
‘පත්තරයට නමක් : බැඳුම්කරේ’
මේක අර්ජුන මහේන්ද්‍රන්ගේ තනි කොල්ලයක් නොවෙයි. මේක එකතු වෙලා කරලු කොල්ලයක්. මේ අයුතු ලාභයෙන් ‘පුහුල් හොරා’ කරෙන් දැනෙන්නේ නැද්ද?’ මේ පරික්‍ෂණ වාර්තාවෙන් හෙළිදරව් කර තිබෙනවා. ‘මෙම ගනුදෙනුවේ වැරුද්ද, එම දෝෂ නිවැරදි කිරීමට ගත යුතු පියවර’ ආදිය. අද ඒ වාර්තාව හංගලා. එය ඉහළට යවන්නේ නැහැ.
ඒ නිසා කාරණාව ඉතා පැහැදිලියි. කෝප් වාර්තාවත් බාලගිරි දෝෂය වගේ ‘අද නොවෙයි හෙට’ කියලා කල් යමින් තිබෙනවා. මේ බැඳුම්කර වංචාවෙන් කොල්ල කාපු මුදල් වලින් අර්ජුන ඇලෝෂියස් ළඟදී හෙලිකොප්ටරයක් මිලදී ගත්තා. එහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 2.5ක්. ඒත් රතු අලි පැටියා ‘මේ සල්ලි එයා හොරා කාපු සල්ලිද? කියලා අහන්නේ නැහැ. දැන් මේ හොරාකපු සල්ලිවලින් පත්තරයකුත් පටන් ගන්න හදනවා. මුද්‍රණ යන්ත්‍ර එහෙම රටින් ගෙනවිල්ලා සවිකර අවසන්. අපි අර්ජුන ඇලෝෂියස්ට සහ එතුමාගේ දේශපාලන නායකයන්ට යෝජනා කරනවා ඒ පත්තරේ නම දාන්න ‘බැඳුම්කරේ’ කියලා. ඒ බැඳුම්කර වංචාවෙන් ‘මාටියා ගහපු’ මුදලින් කොටසක් යොදවලා තමයි මේ පත්තරය පටන් ගන්නේ. රනිල් වික්‍රමසිංහගේ නැති ප්‍රතිරූපය ගොඩනංවන්නයි මේ පත්තරය පටන් ගන්නේ. අපි මේ රටේ පත්තර පාඨකයන්ටත් කියනවා ‘ඔය පත්තරය අච්චු ගහලා එන දවසට ඒකට අතවත් තියන්න හපාෟ’ කියලා. දැන් ඉතාමත් පැහැදිලිව පෙනෙනවා, ‘මේ ආණ්ඩුව ඇලෝෂියස් ලවා හොරකම් කරගත් මුදල් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනංවා ගැනීමට සහ තමන්ගේ සුඛ විහරණයට යොදා ගන්න බව. මේවට FCID,CID නැහැ. අර අල්ලස් කොමිසමේ ඉන්න ‘ලලනාව’ නැහැ. ඒ අයගේ සංවේදී ඉන්ද්‍රියන් මේ කෙරෙහි යොමු වන්නේ නැහැ. මේක ආණ්ඩුවක් මහ දවල් කළ ලොකුම සොරකම. පුහුල් හොරු දැනුණේ කරෙන් නමුත් බැඳුම්කර හොරකම පෙනෙනවා පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම ලැබූ අධික ලාභයෙන්. මේ පිළිබඳව අපි ඒකාබද්ධ විපක්‍ෂය ලෙස ඉදිරියේදී තවත් පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.”
– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ


news1.gif

news2.gif





4566.jpg

 
Last edited:

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    අඩෝ එල, පොනිල්ගේ බෙටි කන අර ගෝන්සන්ට ගු යන්න දිගටම කරන් යමු
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියාවේ යෝජනාව ගෙඩිය පිටින් පිලිගෙන අත්සන් කරන්න යයි.. ලංකාවේ කිසිවෙකුට පිටපතක් පෙන්වා නෑ..

    ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර එට්කා ගිවිසුම මේ වසර අවසන් වීමට පෙර අත්සන් තබන්නේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දියාවේදී කියා සිටියද වසර අවසන් වන්නට මාස තුනකට අඩු කාලයක් පමණක් තිබියදී මේ වන තෙක් එහි කිසිදු පිටපතක් මෙරට කිසිදු පාර්ශවයකට ලබා දී නැති බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.
    ජනාධිපති කොමිසම හමුවේ ප‍්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා කියා සිටියේ ඉන්දියාව විසින් සකසා අවසන් කර ඇති ගිවිසුමකට අගමැති රනිල් මුළුමනින්ම එකග වී ඇති බව මින් පෙනෙන බවයි.
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    බත් පැකට්ටුව දහයකින් නගී

    බත් පැකට්ටුවක මිල සඳුදා (18) සිට රුපියල් 10කින් වැඩි කරන බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.
    එහි සංවිධායක අසේල සම්පත් මහතා පැවසූයේ රටේ හාල් මිල ඉහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
    ‘මෙම තීරණය ගත්තේ ලාබ ලැබීමට නොවෙයි. දිනෙන් දින හාල් මිල ඉහළ යනවා. සාමාන්‍යයෙන් එළවළු කෑම පැකට්ටුවක මිල රුපියල් 100ක්. එය රුපියල් 110 දක්වා ද මාළු කෑම පැකට්ටුවක් රුපියල් 130 සිට රුපියල් 140 දක්වා ද කුකුළු මස් කෑම පැකට්ටුවක මිල රුපියල් 160 සිට රුපියල් 170 දක්වා ද ඉහළ දමා තිබෙනවා. හාල්වලට පාලන මිලක් ඇති කිරීමට රජය අපොහොසත්ව තිබෙනවා‘ යැයි ද ඔහු කියයි.