සංවේදී කථාවක්
හරියටම දින හතකින් එල්ලා මැරීමට නියමිත දරුණු සිරකරුවෙක් එම දින හත දැඩි ආරක්ෂා යටතේ තැබීමට ඈත ප්රදේශයක ස්ථානගත කරල තියෙන වෙනත් බන්ධනාගාරෙකට රැගෙන ගියා. ඇස් කලු රෙදි කඩකින් බැඳලා මොර සූරන වැස්සේ අරගෙන ගිහින් සිර කුටියටම දාපු නිසා ඔහුට අවට කිසිවක් පෙනුනේ නෑ..නිළධාරීන් ඔහුව කූඩුව ඇතුලට තල්ලු කරල යන්න ගියා...ඔහු අඳුරු සිර කූඩුවේ ගල් සීවිලිම දිහා බලාගෙන කල්පනාවකට වැටුනා...
යාළුවා , ඉතින් කොහොමද?
හදිසියෙම එහා සිරකුටියේ ඉඳපු සිරකරුවා සිර කුටි දෙක අතර සිදුරකින් ඔහුට ඇමතුවා....අතිෂය රළු පිරිමි කටහඬක් වුවද අලුත් සිරකරුවාට එක කාරුණික වදන කාන්තාරයකට වැටුන වැහි පොදක් මෙන් දැනුනා.
මුලු රාත්රිය පුරාවටම මෙම සිරකරුවක් දෙදෙනා තමන්ගේ අතීත සිදුවීම් ඉතා විවෘතව කහා බහ කලා.. උදය පහන් වෙනකොට මේ දෙදෙනා කුලුපග යහලුවන් වී අහවරයි
ඔයා දන්නවද මම ඉන්න W101 කියන සිර කුටියේ තියෙනවා පොඩිම පොඩි කවුළුවක්...ඒකෙන් මට එලිය පෙනෙනවා. මෙතෙක් කාලයක් මම මගේ පාලුව මකා ගත්තේ මේකෙන් එලිය බලන් ඉඳලා තමයි...ඔයාගේ කුටියෙ එහෙම කවුළුවක් නෑ නේද..මම මේ කවුළුවෙන් මට පෙනෙන දේවල් ඔයාට මම හැමදාම කියන්නම්...එතකොට ඔයාගේ පාලුවත් නැතිවෙලා යයි..පරණ සිරකරුවා කිව්ව...
ඒක නම් නියම අදහසක් යාලුවා...මම දරුණු සිරකරුවෙක් නිසා මාව අවුරුදු 10ක් විතර මේ වගේ අඳුරු සිරකුටි වල මයි මම හිටියෙ...අහස මොන පාටද කියලත් මට දැන් අමතකයි වගේ යාලුවා... අලුත් සිරකරුවා නෙතට නැගුන කඳුලක් පිසිමින් කිව්ව...
තමන්ගේ ජීවිතයේ ඉතිරි දින 7 කෙසේ ගෙවන්නදැයි සිතමින් තම අලුත් මිත්රයාටත් සුබ පතා ඔහු නින්දකට වැටුනා.
පහුවදා අවදි උන ගමන් අලුත් සිරකරුවාට W101 කුටියේ ඉන්න සිරකරුවා කතා කලා..ඔහු තම අලුත් යහලුවාට තමන් කියපු කවුලුවෙන් තමන්ට පේන දේවල් කියන්න පටන් ගත්ත.
"යාළුවා දැන් වෙලාව උදේ හතට විතර ඇති. සුදු ඇඳුම් ඇඳගත්තු පුංච් ළමයි එයාලගේ අම්මලාගේ අතින් අල්ලගෙන ඉස්කෝලෙ යනවා. තාත්තා කෙනෙක් එයාගේ ළමයි තුන් දෙනාම එයාගේ බයිසිකලේ තියාගෙන පදිනවා. ආහ් තව මට පේනවා දඟකාර කොලු පැටවු දෙන්නෙක් මොනවදෝ බෙදාගන්න රන්ඩු වෙනවා, මම හිතන්නෙ අඹ ගෙඩියකටයි එයාලා රන්ඩු කරන්නේ..."
තම යහලුවා චිත්තරූප මැවෙන විදිහට කියපු ඒ වගේ ලස්සන දේවල් ගොඩක් අලුත් සිරකරුවා අහගෙන රස වින්දා...තමන්ගේ ජීවිතේ අන්තිම දවස් ටික තමුන් හිතපු තමන් අවලස්සන, වේදනාකාරි වෙන එකක් නෑ කියල ඔහු තමන්ට කියපු පලවෙනි කතාවෙන් ම අලුත් සිරකරුවට දැනුනා..
යාලුවා..දැන් මොනවද ඔයාට පේන්නේ...
අලුත් සිරකරුවා එදා රාත්රියේ පරණ සිරකරුවාගෙන් ඇහුවා.
"අද පෝය දවසක් නිසා හොඳට හඳ පායලා..මුලු පලාතම හඳ එලියෙන් නැහැවිලා තියෙන්නෙ...ඈත කඳු පන්ති වලට හඳ එලිය වැටිලා තියෙන නිසා ඒ පැත්තම හරියට දිළිසෙන් චිත්රයක් වගේ..."
පරණ සිරකරුවා සඳ, සඳ එලිය සහ අවට පරිසරයේ සඳ සෙවනැලි ගැන තව ගොඩක් දේවල් විස්තර කරා..අලුත් සිරකරුවා මේ හැම දෙයක් ම ඉතා ආශාවෙන් අහන් ඉඳලා රස වින්දා.. මේ විදිහට දින කීපයක් ගෙවිලා ගියා..ඔහුට තමන්ට ජීවත් වෙන්න තියෙන්නෙත් තව දවස් කීපයයි කියන එකත් අමතක වෙලා ගියා..ජීවිත කාලයටම තමන් රසවිඳපු නැති බොහෝ දේවල් ඔහු රසවින්දා කියල ඔහුට දැනුනා..
"යාළුවා..දැන් එලියට හිරිපොද වැස්සක් වැටෙනවා..තරුණ ජෝඩුවක් මුකුළු කර කර හරි ආදරයෙන් ලා නිල් පාට කුඩයක් යටින් යනවා මට යාන්තමට පේනවා. ගැහැනු ලමයා ඇඳන් ඉන්නේ සුදු පාට මිශ්ර කහ පාට ගවුමක්..ඒ නිසා එයා හරියට පිච්ච මලක් වගේ ලස්සනයි..ඒ පිරිමි ලමයත් ඒ ගැහැනු ලමයාට හුඟක් ආදරේ කියල මට පේනවා... හ්ම්ම්...මමත් තරුණ කාලේ මේ විදිහට ගිය විදිහ මතක් වෙනවා යාලුවා..ඒත් මගේ ඒ තරුණ කාලේ ගෑනු ලමයා දැන් කොහේද දන්නේ නෑ..."
තවත් දවසක් පැරණි සිරකරුවා තමන්ට පෙනෙන දේවල් අපූරුවට විස්තර කරන්න උනා... සිදුවීම් හරි අපූරුවට විස්තර කරන්න ඔහුට පුදුමාකාර හැකියාවක් තිබුනා..
දවස පුරාවටම තමන්ගේ යහලුවා එලියේ සිද්ද වෙන දේවල් මෙහෙම අපූරුවට විස්තර කරන නිසා අලුත් සිරකරුවාට සිර මැදිරියට ඇවිත් දින 5ක් ගෙවෙනවා දැනුනේ වත් නැහැ..තව දින දෙකකින් තමන් මරණයට පත් වෙන එකට දැන් ඔහුගේ කිසිම පසුතැවීමක් තිබුනේ නැහැ...ඔහුගේ හිත හුඟක් සැහැල්ලු වෙලා...කවදාවත් නොදැනුන සතුටක් ඔහුට දැනුනා..තව දිනක් පසුවී තමන්ට උදාවෙන මරණයට ඔහු බය උනේ නැහැ...ඒත්...6 වෙනි දවසේ උදේ ඔහු අවදි උන ගමන් හැමදාම තමන්ටත් කලින් අවදි වෙලා තමන්ට පේන දේ විස්තර කරන තමන්ගේ යාලුවාගේ කටහඬ එදා ඔහුට ඇහුනේ නැහැ...
මුලු හයවෙනි දවස පුරාවටම තමන්ගේ යහලුවාගේ කටහඬ ඇහුනේ නැති නිසා අලුත් සිරකරුවා බන්ධනාගාර නිලධාරියෙකුගෙන් බයන් බයෙන් තමන්ගේ එහා කුටියෙ සිටින මිත්රයා ගැන ඇහුවා..
"හ්ම්ම්.. කියන්න කනගාටුයි..එයා අද උදේම එල්ලලා මැරුවා." බන්ධනාගාර නිලධාරියා සියුම් ස්වරයෙන් කිව්වා...
"ඒත් සර් හැමදාම එයා මාත් එක්ක කතා කලා...මට ඒ ගැන කිව්වේ නැහැනේ...අනේ සර් කරුණාකරලා මාව එයාගේ සිරකුටියට දාන්න පුලුවන්ද..."
අලුත් සිරකරුවා ඉකි ගසමින් ඇහුවා...
ඇයි...?
සර්, W101 සිරකුටියේ පුන්චි කවුලුවක් තියෙනවා කියල එයා මට කිව්වා.. ඒ කවුලුවෙන් එලිය යාන්තමට පේනවාලු..ජීවත් වෙලා ඉන්න ඉතිරි දවස් දෙකේ ඒ එලියෙ වෙන දේවල් බලාගෙන් ජීවත් වෙන්න මමත් ආසයි..එයා පහුගිය දවස් කීපයේම ඒ කවුලුවෙන් එයාට පෙනුන දේවල් මට ලස්සනට විස්තර කරා..ඒ නිසා කාලය ගත වෙනවා මට දැනුනේ නෑ..මට මැරි මැරී ඉන්න නොදී ජීවත් වෙන්න මේ දවස් ටිකේ හරි.. එයා කියපු සුන්දර දේවල් ලොකු ශක්තියක් උනා සර්..
සිරකරුවා එහෙම කියන කොට බන්ධනාගාර නිලධාරියාගේ නෙතු අගින් කඳුළු කැට වේගයෙන් කඩා හැලුනා...
සර් අඬන්නේ ඇයි....? සිරකරුවා ඇහුවා..
එයාට දැන් අවුරුදු දහයක් තිස්සේ ඇස් පේන්නේ නෑ..අනික ඔයා කියන විදිහේ කවුලුවක් ඒ සිරකුටියේ නෑ..W101 කියන්නේ මේ බන්ධනාගාරයේ තියෙන අඳුරුම සහ අපිරිසිදුම කුටිය..එයා ඔයාව සනසන්න බොරු කියල තියෙන්නෙ...ඔයා ඉන්න කුටියට ගෙනත් දාන හැමෝටම එයා එහෙම බොරු කියලා ඒ අයගේ හිත හදනවා.ඒ එයාගේ හැටි...කොහොම උනත් ඒ මනුස්සයා මැරෙන්න කලින් හුඟක් පින් කරගත්තා...
බන්ධනාගාර නිලධාරියා කියපු දේවල් විශ්වාස කරන්න අමාරු බව අලුත් සිරකරුවාට දැනුනා..ඔහුට ගැඹුරු හඬින් සමීප උන තමන්ගේ ආගන්තුක මිත්රයාගේ රුව හිතේ මවාගන්න ඔහු උත්සහ කලා...ඔහුගේ මනස තුල වෙනස් කිසිම මිනිස් රුවක් මැවුනේ නැති අතර තමන්ගේ ආගන්තුක මිත්රයා දෙවියෙක් වැන්නෙකුයි ඔහුට සිතුනා..
ඒත් ඇයි සර් එයා එහෙම කලේ...?
සිරකරුවා නැවත ඇසුවා..
"හ්ම්...එහෙම මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා අයිසේ..ඒ අය තමන් තුල දුක කියන දේ දැඩිව අවෂෝශනය කරගෙන...අනිත් අයට සතුට බෙදා හරිනවා..ඔවුන් හරියට ගස් වගේ..බන්ධනාගාර නිළධාරියා අලුත් සිරකරුවාව සනසමින් කිව්වා.