සංවේදි බණ ගැන අසංවේදි සටහනක්.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සංවේදි බණ ගැන අසංවේදි සටහනක්.....

    [FONT=&quot]සංවේදි බණ ගැන අසංවේදි සටහනක්.....[/FONT]

    [FONT=&quot]හැමදාම උදේ නැගිටින්නේ [/FONT][FONT=&quot]TV[/FONT][FONT=&quot] එකේ[/FONT][FONT=&quot], Radio[/FONT][FONT=&quot] එකේ ධර්ම දේශනාවක් අසාගෙනය... අපේ ගෙදර නැතත් වට පිටාවේ ගෙවල්වලින් හරි නිකන්ම බණ ඇහෙන එක දැන් සාමාන්‍ය දෙයක්.... හැබැයි හාමුදුරුවන්ගේ ඒ ධර්ම දේශනාව එකත්පසව හිඳ ශ‍්‍රවණය කරන ආච්චි අම්මලා හැර වෙන එකෙක්වත් මේ වෙනකම්ම මම නම් දැක නැත... ඒ දැන් ඉන්න එවුන්ගේ අධර්මිෂ්ටකම නිසා ද[/FONT]? [FONT=&quot]නැත.... බණ දේශනාව විකාශනය වන වෙලාව කචල්වීම ය.... ජනී ජනයා නැට්ටටම තද වී ඉන්න වෙලාවටත්[/FONT], [FONT=&quot]යක්කු ගස් නගින වෙලාවටත් දැන් ධර්ම දේශනා විකාශනය වීම මෝස්තරයක් වෙලාය....[/FONT][FONT=&quot] දැන් නිතර දෙවේලේ ඇහෙන බණ නිසා බුදු බණත් වැදි බණක්ම වෙන තරමටම කරුණු යෙදිලාය...[/FONT]

    [FONT=&quot]දැන් [/FONT][FONT=&quot]social[/FONT][FONT=&quot] එක හැටියට හැම එකෙක්ම උදෙන්ම නැගිටින්නේ මුලූ ලෝකෙම බර ඔලූවෙ තියාගෙනය.... ඉක්මණින් ලෑස්තිවෙන්න ඕන... පොඩි එකා ස්කෝලෙට දාන්න ඕන.... බස් එක අල්ලගන්න ඕන.... රතු ඉරට කලින් [/FONT][FONT=&quot]office[/FONT][FONT=&quot] යන්න ඕන.... හැන්දෑවට ගේන්න ඕන බඩු ලිස්ට් එක හදා ගන්න ඕන.... එකී මෙකී නොකී වැඩ ගොඩක්.... ඒ අස්සේ හාමුදුරුවොගේ බණත් ඔහේ ගලාගෙන යනවා.... තැනක දී අපේ මනසට වැටෙනවා [/FONT][FONT=&quot]අප ගරු බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පර පණ නැසීම.....[/FONT] [FONT=&quot]දැන් ආයෙත් අපේ මනස වෙන තැනක... ඉතිරි ටික ඇහෙන්නේ නැතිව යනවා.... ඔන්න ආයෙමත් තැනකදී අපේ මනසට බණ පදයක් වැටෙනවා.... [/FONT][FONT=&quot]එලොව මෙලොව දෙකටම යහපතක් සිදුවන දෙයක් කියලා...[/FONT] [FONT=&quot]ඉතිං අන්තිමට අපේ මනසේ රැදෙන්නේ [/FONT][FONT=&quot]අප ගරු බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පර පණ නැසීම එලොව මෙලොව දෙකටම යහපතක් සිදුවන දෙයක් කියලා...[/FONT] [FONT=&quot]ඉතිං මෙහෙම කියන්නේ විහිලූවට නෙවෙයි... ආගමට ගරහන්නත් නෙවෙයි.... තිත්ත වුණත් ඇත්ත මේක නිසයි.... ඉතිං දවසින් දවස බෞද්ධයා පිරිහෙනවා... අපරාධ වැඩිවෙනවා... සියදිවි නසා ගැනීම් බහුල වෙනවා....[/FONT]

    [FONT=&quot]මහ රහතුන් වැඩි මග ඔස්සේ වැඩි ඇතැම් දේශකයාණන් වහන්සේලා අද වඩින්නේ මාධ්‍ය පෙන්නන මග ඔස්සේ ය....[/FONT][FONT=&quot] හැමදාම උදේ [/FONT]6.00[FONT=&quot] ට පටන් ගෙන [/FONT]8.00[FONT=&quot] වෙනකම් බණ දේශනා කරන්නේ විටින් විට [/FONT][FONT=&quot]advertising[/FONT][FONT=&quot] වලට [/FONT][FONT=&quot]break[/FONT][FONT=&quot] එකක් ද ගනිමිනි.... ඒ මදිවට බණ අතර [/FONT][FONT=&quot]news[/FONT][FONT=&quot] ද ඇසිය යුතුය.... ඒ [/FONT][FONT=&quot]news[/FONT][FONT=&quot] වල දේශපාලන අම්බරුවන් කියන කතාවලට මරාගෙන මැරෙන්නට හිතෙනවාය... ඉතිං මොහොතකට කලින් අර හාමුදුරුවන් දේශනා කළ බණ බම්බුවට දැයි සිතෙන්නේ ය.... තවත් විහිලූවක් වෙන්නේ මෙම දේශනා කලින් [/FONT][FONT=&quot]record[/FONT][FONT=&quot] කර විකාශනය කරන ඒවා වන නමුත්[/FONT], [FONT=&quot]හැම විටම දේශකයාණන් වහන්සේත්[/FONT], [FONT=&quot]අපේ ටිකිරි නිවේදිකාවත් මේ බණ [/FONT][FONT=&quot]live[/FONT][FONT=&quot] එකක් විදියට පෙන්වීමට [/FONT][FONT=&quot]try[/FONT][FONT=&quot] කරන එකය... ඉතිං ටිකිරි නිවේදිකාව [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]ඔබට යම් ගැටඵවක් ඇත්නම් මේ අංකයට දැන්ම අමතන්න[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot] කියා විටින් විට කියන්නේ අසන්නා ඇන්දවීමටය.... ඉතිං අප ගරු දේශකයාණන් වහන්සේ මේවා ඉවසා වදාරා සිටින්නේ උන්වහන්සේත් වැඩිය යුත්තේ මාධ්‍ය පෙන්වන මග ඔස්සේ වීම නිසාය... [/FONT]

    [FONT=&quot]දැන් අලූත්ම [/FONT][FONT=&quot]trend[/FONT][FONT=&quot] එක ඇඩෙන බණ දේශනාවන්ය... අපි අසා ඇති පරිදි[/FONT][FONT=&quot] පෙර දවස නම් බුදුන් ළගට වැලපි වැලපී ආ මිනිස්සු බුදුන්ගෙන් බණ අසා ගියේ සොම්නස් සහගතව බුද්ධියේ පිහිටාය... හැබැයි දැන් ඇතැම් හාමුදුරුවන් වහන්සේලාගේ බණ අසා ශ‍්‍රාවකයන් යන්නේ හොටු පෙර පෙරා හඩා වැටෙමින්ය.... ඒ හාමුදුරුවන් හැඩෙන්නට බණ කී නිසා ය... ඒ මදිවාට ඇතැම් දේශකයාණන් වහන්සේලා බණ කියන්නේ තමා ද අඩමින් ය.... මෙවැනි බුද්ධියට නොව මනසට බණ කියන එක මාකට් කරන්නත් මාධ්‍ය අම්බරුවෝ ලක ලෑස්ති වී සිටින්නේ තරගෙට වගේය.... මල් ගායකයෙක්ගේ බූට් සිංදුවක් මෙන් මේ බණ ද දවසක් දෙකක් හිට් වෙලා[/FONT], [FONT=&quot]අන්තිමට පේමන්ට් ඒකේ විකිණෙන [/FONT][FONT=&quot]DVD [/FONT][FONT=&quot]එකකට ඇවිල්ලා හොයා ගන්නවත් බැරි විදියට අන්තරස්දාන වන්නේ ය... දේශකයාණන් වහන්සේ ද පස්සේ කාලයේ සොයා ගැනීමටවත් නොහැකි වී ඇත්තේ අරහත් භාවයට පත් වූ නිසා නොව[/FONT], [FONT=&quot]භාවනා අසපුවක් යැයි කියා ගන්නා මාළිගාවක හුදකලාව සුඛ විහරණයේ යෙදීම හේතුවෙනි.... අන්තිමට හිතට වහල් වුණු සංවේදි සමාජයක් ගොඩ නැගී එහි අහිතකර ප‍්‍රතිවිපාක අද දවසේ අප බුක්ති විඳිමින් සිටින්නේය.. ඒ සියදිවි නසා ගැනීම් බහුලම රටක් විදියට සම්මාන ලබමිනි....[/FONT]

    [FONT=&quot]අඩමින්[/FONT], [FONT=&quot]බජාර් භාෂාවෙන් හා කවියෙන් බණ කියන දේශකයාණන් වහන්සේලා ඉන් ඔබ්බට ගොස් බයිලා වලින් බණ කියයි ද කියන තැනට ආවොත් පුදුම වෙන්නට කිසිදු හේතුවක් නැත්තේ ය.... [/FONT][FONT=&quot]ශ‍්‍රාවකයා නිවන් දක්කනවාට වඩා කෙටි කාලීනව [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]අමුතු දෙයක්[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot] කොට කීයක් හරි හොයාගෙන ඉතිරි ජීවිත කාලය ආතල් එකේ ගෙවීමට කැස කවන දේශකයාණන් වහන්සේලා සිටීම ජාතියේ අවාසනාවකි.....[/FONT]

    [FONT=&quot]එහෙනම් හාමුදුරුවරු බණ කියන එක නවත්තන්න ඕන දැයි එකෙකු අසන්නට බැරි නැත... කොහෙත්ම නැත.... අප සියල්ලෝම බුදුහු සරණ ගිය අනුගාමිකයෝ ය... අප යා යුත්තේ බුදුන් පෙන්වු මග ඔස්සේ ය.... එකල බුදුහු ගොත ගසන්නන්[/FONT], [FONT=&quot]ගොලූවන් කිසි විටක සංඝ සමාජයට වැද්ද නොගත්හ.. ඊට හේතුව සංඝ සමාජය යනු ගිහියාට පෙරටුව ගමන් කරමින් ගිහියාට නිවැරදි මග පෙන්වීමට තරම් හොද වාග් ශක්තියක්[/FONT], [FONT=&quot]පෞරුෂයක් තිබිය යුතු නිසා ය....[/FONT][FONT=&quot] ගොත ගසමින් බණ කියන විට අසන්නාට එය විහිලූවක් වේ.... බුදුහු දේශනා කළ පරිදි දේශකයාණන් වහන්සේ සෑම විටම ශ‍්‍රාවකයා සම්බන්ධව බුද්ධිමත්ව සිතිය යුතුය... ඔහුගේ මානසිකත්වය[/FONT], [FONT=&quot]බුද්ධිය හා ඔහුගේ තරම තේරුම් ගෙන ඊට උචිත පරිදි[/FONT], [FONT=&quot]උචිත වේලාවකදී බණ දේශනා කළ යුතුය... සෑම විටම ශ‍්‍රාවකයාට මෙය තමා අරමුණු කරගෙන කරන දේශනාවක් යැයි දැනේනට ඕනය..... දේශකයාණන්ගේ හඩ පුරුෂ ශක්තියෙන් අනූන ගැඹුරු එහෙත් නිරවුල් විය යුතුය.... මොහොතකටවත් ශ‍්‍රාවකයාගේ මනස ඉන් නොමිදී දිගටම රඳවා ගැනීමට හැකි ශක්තියක් තිබිය යුතුය...[/FONT][FONT=&quot] අවසන ශ‍්‍රාවකයා බුද්ධියේ පිහිටිය යුතුය.. දේශනය අවසානයේ ශ‍්‍රාවකයා හඩා වැලෙපමින් හෝ බැණ වදිමින් හෝ කොක් හඩලා සිනාසෙමින් යන්නේ නම් දේශකයාණන් වහන්සේ දේශනාවේ දී අසමත් වූවෙකු ලෙස සැලකේ....[/FONT]

    [FONT=&quot]ඉතිං ධර්ම දේශනාවක් විකාශනය සදහා මාධ්‍යයක් අවසර ඉල්ලීමේ දී දේශකයාණන් වහන්සේ බුදු දහමට අනුකූලව එය ප‍්‍රචාරය කළ යුතු බවට මාධ්‍යයට කොන්දේසි පැනවිය යුතුය... දේශනාව අවසානය තෙක් එය අඛණ්ඩව ප‍්‍රචාරය කළ යුතු බවත්[/FONT], [FONT=&quot]විකාශය සදහා සුදුසු වේලාවනුත් පෙන්වා දිය යුතුය... මාධ්‍යය ඊට එකග නොවන්නේ නම් තමන්ගේ දේශනාවක් වාණිජ පරමාර්ථයෙන් විකාශය කිරීමට කිසි විටෙකත් අවසර නොදිය යුතුය.... තවද[/FONT], [FONT=&quot]මනසට තාවකාලික සැනසීමක් ගෙන දෙන[/FONT], [FONT=&quot]hit[/FONT][FONT=&quot] වෙන[/FONT], [FONT=&quot]ඇඩෙන[/FONT], [FONT=&quot]නැටවෙන බණ වෙනුවට විචාරවත්ව බුද්ධියට ගෝචර දේශනා කිරීමට උත්සුක වුවහොත් එය ජාතියට කරන්නා වූ මහත් මෙහෙවරක් වන්නේ ම ය...[/FONT]

    ([FONT=&quot]සංවාදයට විවෘතය[/FONT][FONT=&quot])[/FONT]
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කාලේ මට කොලොන්නාවේ සුමංගල හාමුදුරුවො බණ කියන කොට මල පනිනවා. මොකද ඒක ධර්ම දේශනයක් නෙවෙයි අදෝනාවක්.
    දොඩම්පහල රාහුල හාමුදුරුවන් ගෙ බණ මම අහන්නේ නෑ. මොකද ඒත් බණ නෙවෙයි, කට උල් කර කර, හද හද කාට හරි බැණ අඩ ගැහිල්ලක් කරන්නේ.

    නියම බුද්ධ දේශනය මිනිසුන්ට කියා දෙන ස්වාමීන්වහන්සේලා බොහොමයක් හිටියත්, මාධ්‍ය වලින් මාකට් කරන්නේ අර වගේ විසූක දස්සන බණ නිසා ඇත්තට ම නියම බුද්ධ දේශනය දේශනා කරන ස්වාමීන්වහන්සේලාත් අපහසුතාවයට පත් වෙනවා.....

    වැදි බැණ මැදින් මුණි බණ තෝරා අසනු
    වැදි බණ දෙසන සග ගණ වුව පිටු දකිනු...
    --සුභාෂිත හෙවත් හිතෝපදේශය-නන්දා මාලනී/මහාචාර්ය සුනිල් ආරියරත්න-පවන සංගීත සං්ංායනය--
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වැදි බැණ මැදින් මුණි බණ තෝරා අසනු
    වැදි බණ දෙසන සග ගණ වුව පිටු දකිනු...
    --සුභාෂිත හෙවත් හිතෝපදේශය-නන්දා මාලනී/මහාචාර්ය සුනිල් ආරියරත්න-පවන සංගීත සං්ංායනය--

    :D:love:
     

    blue_in_rio

    Well-known member
  • ඒ කාලේ මට කොලොන්නාවේ සුමංගල හාමුදුරුවො බණ කියන කොට මල පනිනවා. මොකද ඒක ධර්ම දේශනයක් නෙවෙයි අදෝනාවක්.
    දොඩම්පහල රාහුල හාමුදුරුවන් ගෙ බණ මම අහන්නේ නෑ. මොකද ඒත් බණ නෙවෙයි, කට උල් කර කර, හද හද කාට හරි බැණ අඩ ගැහිල්ලක් කරන්නේ.

    නියම බුද්ධ දේශනය මිනිසුන්ට කියා දෙන ස්වාමීන්වහන්සේලා බොහොමයක් හිටියත්, මාධ්‍ය වලින් මාකට් කරන්නේ අර වගේ විසූක දස්සන බණ නිසා ඇත්තට ම නියම බුද්ධ දේශනය දේශනා කරන ස්වාමීන්වහන්සේලාත් අපහසුතාවයට පත් වෙනවා.....

    වැදි බැණ මැදින් මුණි බණ තෝරා අසනු
    වැදි බණ දෙසන සග ගණ වුව පිටු දකිනු...
    --සුභාෂිත හෙවත් හිතෝපදේශය-නන්දා මාලනී/මහාචාර්ය සුනිල් ආරියරත්න-පවන සංගීත සං්ංායනය--

    ඒක ඇත්ත.හැබැයි එකම ධර්ම කරුණු උනත්, ඒවා ඉදිරිපත් කිරීමේදි එක් එක් ස්වාමීන් වහන්සේලාට, ඒ ඒ අයට ආවේනිකවූ දේශන ශෛලීන් තියෙනවා.මම නම් කියන්නේ , අපි බණ අහනකොට, මොනම ධර්ම දේශනාවකින් උනත් ගතයුතු මූලික හරය ගත්තම ප්‍රශ්නයක් වෙන්නේ නැහැයි කියලා.ඒත් එක්කම, මට ඔබතුමාගේ කතාව ආයෙත් පිළිගන්න වෙනවා.උදාහරණයක් විදියට ගලිගමුවේ ඥාණදීප හාමුදුරුවෝ වගේ අය නම්, බොහෝ විට දේශනා කරන විදිය, ඇත්තටම හිතට වදිනවා.උන්වහන්සේගේ ධර්ම දේශනා වලින්, මමත් ධර්මය පිලිබඳ සෑහෙන දැනුමක් ලබාගෙන තියෙනවා. :)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපිට වැරදියි කියන්න බෑ බන් ඔව්ව.. නමුත් බුදුහාමුදුරුවෝ පනවලා තියන යම් ක්‍රම වේදයක් තියන ධර්ම දේශනා කිරීමේදී .ඒවා අබිබවා යනවා කියන්නේ එතන වැරද්දක් තියනවා
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    [FONT=&quot]හාමුදුරුවොගේ බණත් ඔහේ ගලාගෙන යනවා.... තැනක දී අපේ මනසට වැටෙනවා [/FONT][FONT=&quot]අප ගරු බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පර පණ නැසීම.....[/FONT] [FONT=&quot]දැන් ආයෙත් අපේ මනස වෙන තැනක... ඉතිරි ටික ඇහෙන්නේ නැතිව යනවා.... ඔන්න ආයෙමත් තැනකදී අපේ මනසට බණ පදයක් වැටෙනවා.... [/FONT][FONT=&quot]එලොව මෙලොව දෙකටම යහපතක් සිදුවන දෙයක් කියලා...[/FONT] [FONT=&quot]ඉතිං අන්තිමට අපේ මනසේ රැදෙන්නේ [/FONT][FONT=&quot]අප ගරු බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පර පණ නැසීම එලොව මෙලොව දෙකටම යහපතක් සිදුවන දෙයක් කියලා...[/FONT] [FONT=&quot]ඉතිං මෙහෙම කියන්නේ විහිලූවට නෙවෙයි... ආගමට ගරහන්නත් නෙවෙයි.... තිත්ත වුණත් ඇත්ත මේක නිසයි.... ඉතිං දවසින් දවස බෞද්ධයා පිරිහෙනවා... අපරාධ වැඩිවෙනවා... සියදිවි නසා ගැනීම් බහුල වෙනවා....[/FONT]
    දිවිනසා ගන්නෙ බෞද්ධයෝ විතරද?
    කුරුස පොන්නයා
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මන් දකින විදියට බුද්ධ ධර්මය පන්සලක්වත් නෑ.හැම දේම ව්‍යාපාරයක් වෙලා.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඒ කාලේ මට කොලොන්නාවේ සුමංගල හාමුදුරුවො බණ කියන කොට මල පනිනවා. මොකද ඒක ධර්ම දේශනයක් නෙවෙයි අදෝනාවක්.
    දොඩම්පහල රාහුල හාමුදුරුවන් ගෙ බණ මම අහන්නේ නෑ. මොකද ඒත් බණ නෙවෙයි, කට උල් කර කර, හද හද කාට හරි බැණ අඩ ගැහිල්ලක් කරන්නේ.

    නියම බුද්ධ දේශනය මිනිසුන්ට කියා දෙන ස්වාමීන්වහන්සේලා බොහොමයක් හිටියත්, මාධ්‍ය වලින් මාකට් කරන්නේ අර වගේ විසූක දස්සන බණ නිසා ඇත්තට ම නියම බුද්ධ දේශනය දේශනා කරන ස්වාමීන්වහන්සේලාත් අපහසුතාවයට පත් වෙනවා.....

    වැදි බැණ මැදින් මුණි බණ තෝරා අසනු
    වැදි බණ දෙසන සග ගණ වුව පිටු දකිනු...
    --සුභාෂිත හෙවත් හිතෝපදේශය-නන්දා මාලනී/මහාචාර්ය සුනිල් ආරියරත්න-පවන සංගීත සං්ංායනය--

    අනිත් එක කවි බණ, මට පෙන්න බැ මේ හුකන්නල අඩන අඩිල්ල
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Umbalage gewal wala thiena TV/Radio on-off switch ekak nethda? Bana ahanna kiyala neethiyak na ne. Umbala kemathi nan ahapan neththan nikan hitapan.