හ්ම්ම්.. crack සීන් එකක්.. පොඩි වයසට මුන් මේ කරගන්න දේවල්.. ගැහැණු නම් අනේ මන්දා..
කෙල්ලට විශ්වාසය ඇති කරපන් මචං.. තමන්ට වැරදුනාට තාම පැරදිලා නැහැ කියල කියපන්.. මිනිස්සු අදුනගන්න ලැබුණු හොද අවස්තාවක් කරගෙන ඔය සිද්දිය අමතක කරන්න කියපන්... පුළුවන් නම් ඉන්න පරිසරය වෙනස් කරපං.. හොදම වැඩේ වෙන පලාතක හොද ඉස්කෝලෙකට මාරු කරන්න බලපන්.. international නිසා වැඩේ අමාරු වෙන එකක් නැහැ..
ඔය සිද්දිය නිතර නිතර මතක කරන්න යන්න එපා.. ඉස්කෝලේ වැඩ වලට ඔලුව යොමුකරවපන්.. එතකොට ඕක අමතක වෙයි...
ජිවිතේ හිතන හැමදෙයක්ම හරි ගියොත්.. හැමදාම දිනුම විතරක් ලැබුනොත් මිනිස්සුන්ගේ ඔලුව පුපුරලා යයි.. යමක් අහිමි වෙනවා කියන්නේ හොද දෙයක් ලැබෙන්න යනවා කියනඑක.. ප්රශ්න තමයි ජිවිතේ කියන්නේ.. ප්රශ්න නැති වෙනකොට ජිවිතේ නීරස වෙලා යනවා.. එතකොට ඒක ඊට වඩා ප්රශ්නයක්..!
හිත හිත දුක්විදින එකේ තේරුමක් නැහැ.. අනික ඕක love නෙවෙයි බං... ආදරේ ඇති කරන්න බැහැ.. it must happen its own accord.. ආදරේ ඇතිවෙන්න ඕනේ... එකට අවුරුදු 18 -20 වෙන්න ඕන... කලින්ම ඕවාට පටලුනාම තව ඉස්සරහට ලොකු වෙද්දී එපා වෙනවා... මිනිස්සු වෙනස් වෙනවනේ මචන්.. නිකන් හරි කෙල්ලටම එපා උනොත්..? පොඩි කමට තේරෙන්නේ නැතුව love කරලා.. අනේ මන් කරපු මෝඩකමක් කියල කෙල්ලට උනත් හිතෙන්න පුළුවන්... එහින්ද බලාපොරොත්තු නැති කරගන්න එපා කියහන්.. හැමෝටම උරුමක්කාරයෙක් ඉන්නවනේ...
මහා වැස්සක් වැස්සට.. ඒක දිගටම වහින්නේ නැහැ... වැස්ස අනිවාර්යෙන් නවතිනවා... ඉර පායනවා... අන්න එතකොට හැරිලා බලන්න කියපන්.. කවදාටත් වැඩිය ලස්සනක් එතකොට තියනවා... ජිවිතේ උනත් එහෙම තමයි... හැමදේම වෙන්නේ හොදටනේ.. මේක කෙල්ලට තේරුම් කරලා දීපන්.. එතකොට ඔක්කොම හරි..........
මම - රස්ති.