සංවේදී ඇත්ත කතාවක්....

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සංවේදී ඇත්ත කතාවක්....

    මේක මගෙ යාළුවෙක්ට වෙච්ච ඇත්ත කතාවක්. අද තමයි එයා මට මේක කිව්වෙ, මේක කියල එයා ගොඩක් ඇඬුවා. මට හිතා ගන්න බැරි වුනා එයාට මොකක්ද කියන්න ඕනෙ කියාල. කොහොම හරි මේකයි කතාව.

    අපි එයාට සමාධි කියමු. දැන් වයස 18යි. එයා ගියෙ ප්‍රසිද්ධ international school එකකට, පොඩි කාලෙ ඉඳලම දක්ෂ කෙල්ලෙක්.6 වසර වෙනකන් කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවිතේ ගෙවිල ගිහින් තියනව. 6 වසරෙදි විතර ඉස්කෝලෙට අලුතින් ආපු ළමයෙක් නිසා තමයි ඔක්කොම ප්‍රශ්න පටන් අරන් තියෙන්නෙ. ඒ ළමයට අපි සඳුනි කියමු. සඳුනි ඉස්කෝලෙට අලුත් නිසා ගොඩක් කොන් වෙලා තියනව ඉස්කෝලෙ, ඉතින් සමාධි තමයි එයාගෙ යාලුව වෙලා තියෙන්නෙ. කොහොම හරි සමාධිට තේරුනේ නැති වුනාට සඳුනි එච්චර හොඳ ළමයෙක් නෙවෙයි. එයාගෙ අම්මත් කසාද 2ක් කරගෙන ඒ 2ම කඩා ගත්ත ගෑනියෙක්. කොහොම හරි සඳුනි නිසා සමාධිගෙ ජීවිතේ වෙනස් වෙන්න වැඩි කාලයක් ගිහිල්ල නෑ.

    8 වසර වෙනකොට සඳුනිට කොල්ලෙක් ඉඳල තියනව. සමාධි ගොඩක් පැත්තකට වෙලා පාඩුවෙ ඉන්න ජාතියෙ කෙල්ලෙක්, ඒත් සඳුනි එයාට බලෙන්ම වගේ කොල්ලෙක් හොයල දීල, ඒ වයසට වැඩිය තේරුමකුත් නෑනෙ. කොහොම හරි ඔහොම ටිකක් කල් යනකොට සඳුනි, සමාධිගෙ කොල්ලට ලයින් දාන්න පටන් අරන්. ඒ වෙනකොට සමාධි ඒ කොල්ලට බොක්කෙන්ම ලව් කරල.

    කොහොම හරි සමාධිගෙ අපල කාලෙ පටන් අරන් තියෙන්නෙ 2009 පලවෙනි දවසෙ, එයාගෙ අක්ක අසනීප වෙලා, ඉස්පිරිතාලෙ ගෙනිහිල්ල, එයාගෙ තාත්ත වැඩ කරන්නෙ අනුරාධපුරේ කන්ස්ට්‍රක්ශන් සයිට් එකක. එයා එදා එහෙ ඉඳල ඇවිල්ල. ඒ වෙලාවෙ සඳුනි කෝල් කරල තියනව සමාධිට. සඳුනි අහල අපි කොල්ලො දෙන්න මාරු කරගමුද කියල. සමාධිට හොඳටම තරහ ගිහිල්ල. ගෙදර කරදර මදිවට සඳුනිත් කරදර කරනකොට ගොඩක් තරහ ගිහිල්ල. සඳුනිට හොඳටම බැනල. ඒ යාලුකම එතනින් ඉවර වෙලා.

    ඒ කාලෙ සමාධිගෙ තාත්තගෙ බිස්නස් ලොස් එකක් වෙලා ගොඩක් අමාරු තත්වෙක ඉඳල තියෙන්නෙ. සමාධිගෙ අක්ක ඉස්පිරිතාලෙ නිසා ගොඩක් සල්ලි වියදම් වෙලා. සමාධිගෙ school fees ගෙවන්න බැරි වෙලා. ඉස්කෝලෙන් ලිවුමක් දීල ඇරියස් රු.20000ක් විතර ගෙව්වෙ නැත්තම් ඉස්කෝලෙ එන්න එපා කියල.(international school යන කට්ටිය දන්නව ඇති ඒක ගැන හොඳට.) ඉතින් එයාට මාසයක් විතර ඉස්කෝලෙ යන්න වෙලා නෑ.

    ඔය අතරෙදි සඳුනි මැදිහත් වෙලා සමාධිගෙ ආදරේ කඩල.ඔය අතරෙදි සඳුනි මැදිහත් වෙලා සමාධිගෙ ආදරේ කඩල. එහෙම කරල නැවතිලා නෑ, ඉස්කෝලෙ ඔක්කොටම කියල සමාධිට බබෙක් හම්බ වෙන්න ඉන්නව කියල.

    මාසෙකින් විතර සමාධි ඉස්කෝලෙ යනකොට එයාගෙ යාලුවො ඔක්කොම එයා දිහා බලන්නෙවත් නෑලු. ටීචර්ස්ලත් එක එක ඒව කිව්වලු. කොල්ලො සල්ලි දික් කරල කියනවලු රූම් එකකට යමුද කියල. සමාධි හොඳටම මානසිකව වැටිල. ගොඩක් අසරණ වෙලා. ඉස්කෝලෙ ගමන නවත්තල. කිසිම දෙයක් කරන්නෙ නැතිව ගෙදරට වෙලා බලාගත්ත අතේ බලාගෙන ඉන්නවලු. එයාගෙ අම්මල ගොඩක් මහන්සි වෙලා සාමාන්‍ය තත්වයට පත් කරගන්න.

    දැන් නම් කෙල්ල හොඳින් ඉන්නව. ඒත් පරණ ඒව මතක් වෙනවලු හැම වෙලාවෙම. යාලුවොත් නෑලු කවුරුත්. ලොකුම ප්‍රශ්නෙ එයාගෙ සාමන්‍ය පෙල විභාගෙ මේ අවුරුද්දෙ කරන්න හිතාගෙන ඉන්නවලු. ඒත් මනස යොමු කරන්න බෑලු කිසිම දේකට. පරන ඒව මතක් වෙනවලු. මගෙන් අහනව මොනවද කරන්න ඕනෙ කියල. මටත් හිතාගන්න බෑ මොනව කියන්නද කියල.

    ඔන්න ඕකයි කතාව.
    මේක 100% ඇත්ත කතාවක්. ඔයාල විස්වාස කලත් නොකලත් මට කමක් නෑ.
    මම එයාට මොනවද කියන්න ඕනෙ? යාලුවෙක් විදිහට කොහොමද එයාව විභාගෙට ලෑස්ති කරන්නෙ? ඔයාලගෙ අදහස් මෙතන දාල යන්න.

     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    New school ekak thama hariyanne
    eka hari yanne ne ban, den kellata 18i wayasa, O/l karana kattiyage wayasa 16i, 16 kattiyath ekka kella inna kemathi wena ekak ne, api wunath ehemane ban. gedara indala thamai studies karanne.

    uba udaw karapan ithin...kellata o/l goda daa ganna
    ow machan, mama udaw karanawa

    hitha hadanawa arenna wena monawa karannada ban... gaha maraganne nathiwa, jeewitha haani nathiwa buddimathwa wisadapan
    aniwa, mama kohoma hari udaw karanawa kellata honda thenakata enna.
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මමත් ඔය වගේ සීන් එකක් කරා :dull:
    මගේ යාලුවෙක්ගෙ කෙල්ලෙක් ඌට බූට් එක තියල අපිත් ඔය වගේ සීන් එකක් ඒ කෙල්ලට කරා :(
    මමත් ඉස්සර කෙල්ලොත් එක්ක පට්ට මලෙන් හිටියේ ඉතින් මමත් ඔය වැඩේට උදව් උනා
    පස්සේ මම හෙන ලොකු යුද්දයක් කරලා තමයි වෙච්ච වැරැද්ද හරිගස්සුවේ
    වැඩිදුර හිතන්නේ නැතුව ඔය වගේ දේවල් කරාට ඒවගේ පලවිපාක පස්සේ තමයි තේරෙන්නේ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මමත් ඔය වගේ සීන් එකක් කරා :dull:
    මගේ යාලුවෙක්ගෙ කෙල්ලෙක් ඌට බූට් එක තියල අපිත් ඔය වගේ සීන් එකක් ඒ කෙල්ලට කරා :(
    මමත් ඉස්සර කෙල්ලොත් එක්ක පට්ට මලෙන් හිටියේ ඉතින් මමත් ඔය වැඩේට උදව් උනා
    පස්සේ මම හෙන ලොකු යුද්දයක් කරලා තමයි වෙච්ච වැරැද්ද හරිගස්සුවේ
    වැඩිදුර හිතන්නේ නැතුව ඔය වගේ දේවල් කරාට ඒවගේ පලවිපාක පස්සේ තමයි තේරෙන්නේ

    නොදන්න කමට හැමෝම අතින් වැරදි වෙනව බන්. වැරදි හදාගෙන ඉස්සරට ගියාම හරි :)
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    :dull: එ කෙල්ලට කියන්න තියෙන්නෙ එ කරපු දෙට රිදෙන්න උත්තර දෙන්න පුලුවන් හොදට ස්ටඩිස් කරලා තැනකට අවොත් විතරයි කියලා .. එක තෙරුම් කරලා දුන්න නම් හරි
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කතාවක් පැතිරිච්ච එක නෙ උනේ....ඇයි කෙල්ලට වෙන හොඳ යාළුවො ඇත්තෙම නැද්ද 2009 ඉඳං ? මරු ඉස්කෝලයක් නෙ බං ඔහොම එක කෙල්ලෙක්ගෙ (අනික හොඳ කෙල්ලෙකුත් නෙවේලු නෙ ඒකි) වචනයක් අහල ගුරුවරුත් ඇනුම්පද කියන්නෙ....

    කොහොමත් කාලයත් එක්ක ඕව අමතක වෙලා යාවි.....කෙල්ලට හොඳට ඉගෙනගන්න කියපන්....අන්තිමට ඉතුරු වෙන්නේ එච්චරයි......කොල්ලොත් නැති එක හොඳට ගියා කියපන්...නැත්තන් ඔය ලව් ඉලව් එක්ක කොහේ ඉගෙනගන්නද....