සංසාරයේ ආයු කාලය (වේපුල්ල සූත්‍ර‍ය)

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මනුෂ්‍යයාගේ ගුණධර්ම පිරිහෙමින් පවතින විට, ආයුෂ අවුරුදු අසංඛ්‍යයේ සිට අවුරුදු 10 දක්වා අඩුවී, ක්‍රමයෙන් ගුණධර්ම වැඩෙන විට නැවතත් ආයුෂ අසංඛ්‍ය දක්වා ම වැඩිවේ. මෙතරම් කාල සීමාවක් අන්තඃකල්පය නමින් හඳුන්වන අතර සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වනුයේ මනුෂ්‍යය ආයුෂ පිරිහෙමින් පවතින අවුරුදු ලක්ෂයත් සියයත් අතර තුළ ය.
    ජාති, ආඥා සහ විෂය යනුවෙන් බුද්ධ ක්ෂේත්‍ර ප්‍රභේද තුනක් පිළිබඳව විස්තර වේ. බෝධිසත්වයන් මව් කුස පිළිසිඳීම, උත්පත්තිය, බුදුවීම ආදී අසිරිමත් අවස්ථාවලදී කම්පාවීම් සිදුවන දස දහසක් සක්වළ “ජාති ක්ෂේත්‍රයට” අයත් වේ. සම්බුදුවරයෙකු “ආඥා ක්ෂේත්‍රය” නම් කෝටි ලක්ෂයක් සක්වළ ප්‍රදේශය යි. රතන, ඛන්ධ, ආටානාටිය හා ධජග්ග ආදී පිරිත් දේශනාවන් ගේ ආනුභාවය මෙම කෝටි ලක්ෂයක් සක්වළ පුරා පැතිර පවති. ඉරෙ හි, සඳෙ හි එළිය පැතිරෙන සීමාවට අයත් අසීමිත ප්‍රදේශයකට සක්වළක් යැ යි කියනු ලැබේ. භූමි තල 31 ක් පිළිබඳ බුදුදහමේ සඳහන් වන අතර අප ජීවත් වන මනුෂ්‍යය ලෝකය ඇතුළු තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර හා නිරය මෙන්ම දිව්‍ය ලෝක 06, රූප ලෝක 16 ක් හා අරූප 04 ක් ද එක ම ලෝක ධාතුවක් තුළ පවතී.
    අන්තඃකල්පයක් විනාශය වන ක්‍රම තුනකි. ඒවා නම් අවි ආයුධවලින්, දුර්භීක්ෂයෙන් සහ වසංගත රෝග මගිනි. මේ අප ගතකරන්නේ මහා කල්පයේ සිව්වන අන්තඃකල්පය වන අතර තවත් අන්තඃකල්ප 60 ක් ගතවීමෙන් පසුව මහා කල්ප විනාශය සිදුවේ. මෛත්‍රී බුදුන් මතු පහළ වන්නේ පස්වන අන්තඃකල්පයේදී මිනිස් ආයුෂ අවුරුදු අසූදහසක් වන විට දී ය.
    දිව්‍ය භූමි 06
    චාතුර්මහාරාජික -
    එක් දිනයක මනුෂ්‍යය වසර - 50
    පරමායුෂ දෙව්ලොව වසර - 500
    පරමායුෂ මනුෂ්‍යය වසර - අනූ ලක්ෂයකි
    තාවතිංසය -
    එක් දිනයක මනුෂ්‍යය වසර - 100
    පරමායුෂ දෙව්ලොව වසර - 1000
    පරමායුෂ මනුෂ්‍යය වසර - තුන්කෝටි හැට ලක්ෂයකි
    යාමය -
    එක් දිනයක මනුෂ්‍යය වසර - 200
    පරමායුෂ දෙව්ලොව වසර - 2000
    පරමායුෂ මනුෂ්‍යය වසර -දාහතර කෝටි හත් ලක්ෂයකි
    තුසිතය -
    එක් දිනයක මනුෂ්‍යය වසර - 400
    පරමායුෂ දෙව්ලොව වසර - 4000
    පරමායුෂ මනුෂ්‍යය වසර - පනස් හත් කෝටි හැට ලක්ෂයකි
    නිම්මාණරතිය -
    එක් දිනයක මනුෂ්‍යය වසර - 800
    පරමායුෂ දෙව්ලොව වසර - 8000
    පරමායුෂ මනුෂ්‍යය වසර - දෙසිය තිස් කෝටි හත් ලක්ෂයකි
    පරනිම්මිත වසවර්තිය
    එක් දිනයක මනුෂ්‍යය වසර - 1600
    පරමායුෂ දෙව්ලොව වසර - 16000
    පරමායුෂ මනුෂ්‍යය වසර - නවසිය විසි එක්කෝටි හැට ලක්ෂයකි
    අන්තඃකල්ප 64 = අසංඛ්‍ය කල්ප 01 අසංඛ්‍ය කල්ප 04 = මහා කල්පය 01
    ඉතාමත් බලවත් කුසල කර්මයකින් ධ්‍යාන භූමින් හි (බ්‍රහ්ම ලෝක) උපත ලැබීම සිදුවන නිසා මෙම භූමින් හි ආයු ප්‍රමාණය දක්වා ඇත්තේ කල්ප වලිනි.
    ප්‍රථම ධ්‍යාන භූමි 03
    බ්‍රහ්මපාරිසජ්ජය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/3 කි
    බ්‍රහ්මපුරෝහිතය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/2 කි
    මහාබ්‍රහ්මය ආයු කාලය අසංඛ්‍ය කල්පයකි
    ද්විතිය ධ්‍යාන භූමි 03
    පරිත්තාභ ආයු කාලය මහා කල්ප 02
    අප්පමාණාභ ආයු කාලය මහා කල්ප 04
    ආභස්සරය ආයු කාලය මහා කල්ප 08
    තෘතිය ධ්‍යාන භූමි 03
    පරිත්තසුභ ආයු කාලය මහා කල්ප 16
    අප්පමාණසුභ ආයු කාලය මහා කල්ප 32
    සුභකිණ්හ ආයු කාලය මහා කල්ප 64
    චතුර්ථ ධ්‍යාන භූමි 02
    වෙහප්ඵලය ආයු කාලය මහා කල්ප 500
    අසඤ්ඤසත්වය ආයු කාලය මහා කල්ප 500
    සුද්ධාවාස භූමි 05
    අවිහ ආයු කාලය මහා කල්ප 1000
    අතප්ප ආයු කාලය මහා කල්ප 2000
    සුදස්ස ආයු කාලය මහා කල්ප 4000
    සුදස්සී ආයු කාලය මහා කල්ප 8000
    අකනිට්ඨ ආයු කාලය මහා කල්ප 16000
    අරූපාවචර භූමි 04
    ආකාසානඤ්චායතනය ආයු කාලය මහා කල්ප 20000
    විඤ්ඤාණඤ්චායතනය ආයු කාලය මහා කල්ප 40000
    ආකිඤ්චඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 60000
    නේවසඤ්ඤානාසඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 84000
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,637
    167,259
    113
    එකමත් එක රටක
    ඕවා වල දිනයක ආරම්බය අවසානය තීරණය වෙන්නේ කොහොමද ?
    මෙහෙ නම් දවසක් කියන්නේ පෘතුවිය තමා වටේ එක වටයක් කැරකුනාම නේ. දිවය ලෝකේ කොහොමද දිනය තීරණය කරන්නේ ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,962
    1
    58,274
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක්කො මේ ලොකු සංඛ්‍යා කියන්න ඇත්තෙ මෝඩ මිනිස්සුන්ගෙ හිතේ භක්තියක් ඇතිකරන්න වෙන්න ඇති. ඒ කියන්නෙ බුදුහාමුදුරුවො බොරු කියල තියෙනව කියන එක.

    එහෙම නැත්නම් මේක ඇත්තක්ම වෙන්න ඕනෙ. එතකොට අපිට මෙහෙම අහන්න පුලුවන්. ආයුෂ අවුරුදු 10ක් නම් සෙක්ස් කරන්නෙ වයස අවුරුදු කීයෙන්ද? ගැබ් කාලය කීයද? අවුරුදු 5ක් යද්දි කසාද බැඳල ලමයි හදල ඉවරද? පැහැදිලිවම මේක නම් වෙන්න බෑ. ඔය මුලින් කිව්ව එක තමයි වෙලා තියෙන්නෙ
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,026
    545
    113
    Nugegoda
    හැමදේම අනිත්‍යයිනම්, අපේ සංසාරයත් දවසක නැති වෙනවද? මම අහන්නෙ ඉබේම නැති වීමක් සිදු වේවිද?
     
    • Like
    Reactions: asliyanage

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    එක්කො මේ ලොකු සංඛ්‍යා කියන්න ඇත්තෙ මෝඩ මිනිස්සුන්ගෙ හිතේ භක්තියක් ඇතිකරන්න වෙන්න ඇති. ඒ කියන්නෙ බුදුහාමුදුරුවො බොරු කියල තියෙනව කියන එක.

    එහෙම නැත්නම් මේක ඇත්තක්ම වෙන්න ඕනෙ. එතකොට අපිට මෙහෙම අහන්න පුලුවන්. ආයුෂ අවුරුදු 10ක් නම් සෙක්ස් කරන්නෙ වයස අවුරුදු කීයෙන්ද? ගැබ් කාලය කීයද? අවුරුදු 5ක් යද්දි කසාද බැඳල ලමයි හදල ඉවරද? පැහැදිලිවම මේක නම් වෙන්න බෑ. ඔය මුලින් කිව්ව එක තමයි වෙලා තියෙන්නෙ

    ඇයි වෙන්න බැරි?
     
    • Like
    Reactions: asliyanage

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,962
    1
    58,274
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි වෙන්න බැරි?
    වෙන්න බැරි ලොජික් එක පැහැදිලි කරා. ඒක වැරදියි ඒක වෙන්නෙ මෙහෙමයි කියල කියන්න පුලුවන් නම් අදහස් ඉදිරිපත් කරන්න
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    හැමදේම අනිත්‍යයිනම්, අපේ සංසාරයත් දවසක නැති වෙනවද? මම අහන්නෙ ඉබේම නැති වීමක් සිදු වේවිද?

    අනිත්‍ය කියන වචනය සහ සංසාරය වැරදියට වටහාගෙන.

    අනිත්‍ය කියන එකට දෙන ජෙනරල් අදහස තමා "වෙනස්වීම" (impermanence). නැතිවීම නෙමෙයි.
    සංසාරය කියන්නේ තැනක්/දෙයක් නෙමෙයි. ක්‍රියාවලියක්. අපි විසින් කරන තනාගැනීමක් (මවාගනිමක් කිවහොත් හරි තේරුම්ගන්න පහසුවෙන්න , නමුත් ඒක නිවැරදි නැහැ). ඒ තනාගැනීම ස්වභාවයෙන් නවතින්නේ නැහැ කියලා තමයි බුද්ධ දේශනාවේ තියෙන්නෙ .

    වෙන්න බැරි ලොජික් එක පැහැදිලි කරා. ඒක වැරදියි ඒක වෙන්නෙ මෙහෙමයි කියල කියන්න පුලුවන් නම් අදහස් ඉදිරිපත් කරන්න
    එතන සැලකිය යුතු තර්කයක් පැහැදිලි නැහැ. ලයිෆ් ස්පෑන් එක අනුවනේ කොයි කොයි කලේට කොයි කොයි දේ කරයිද කියන එක තීරණය වෙන්නේ. ලයිෆ් ස්පෑන් එක අඩු වැඩි වෙනකොට කරන කියන දේවල්, කරන කියන කාල වෙනස් වෙනව.
    ------ Post added on Sep 6, 2021 at 1:41 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,962
    1
    58,274
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතන සැලකිය යුතු තර්කයක් පැහැදිලි නැහැ. ලයිෆ් ස්පෑන් එක අනුවනේ කොයි කොයි කලේට කොයි කොයි දේ කරයිද කියන එක තීරණය වෙන්නේ. ලයිෆ් ස්පෑන් එක අඩු වැඩි වෙනකොට කරන කියන දේවල්, කරන කියන කාල වෙනස් වෙනව.
    ------ Post added on Sep 6, 2021 at 1:41 PM
    ඔය ආයුකාලය අවුරුදු 10 කිව්වම දුකයි, කල්ප ගානක් නම් සැපයි වගෙ අදහසක් නේද දෙන්න උත්සාහ කරන්නෙ?
     
    • Like
    Reactions: asliyanage

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඔය ආයුකාලය අවුරුදු 10 කිව්වම දුකයි, කල්ප ගානක් නම් සැපයි වගෙ අදහසක් නේද දෙන්න උත්සාහ කරන්නෙ?

    නැ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,962
    1
    58,274
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කරන්නේ හුදෙක් ඔබ්සර්වේෂන් එකක් නම්. ඔව් ඉතින් මොකද...
    එහෙනම් ඒක මම ඔය කියපු කාරණේට ගැලපෙනව
    එක්කො මේ ලොකු සංඛ්‍යා කියන්න ඇත්තෙ මෝඩ මිනිස්සුන්ගෙ හිතේ භක්තියක් ඇතිකරන්න වෙන්න ඇති. ඒ කියන්නෙ බුදුහාමුදුරුවො බොරු කියල තියෙනව කියන එක.
    ආයුෂ අඩු/වැඩි වෙන එක දුකක්/සැපක් කියන්නෙත් නැත්නම්, නිවනට අදාලත් නැත්නම් නිකං මෝඩ උපාසකයින්ගෙ භක්තිය වැඩිවෙන්න කියපු කතාවක්. උපාසකල දන්නෙත් නෑ මේ දැනුමෙන් ඇති වැඩේ මොකක්ද කියලවත්
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    එහෙනම් ඒක මම ඔය කියපු කාරණේට ගැලපෙනව. ආයුෂ අඩු/වැඩි වෙන එක දුකක්/සැපක් කියන්නෙත් නැත්නම්, නිවනට අදාලත් නැත්නම් නිකං මෝඩ උපාසකයින්ගෙ භක්තිය වැඩිවෙන්න කියපු කතාවක්. උපාසකල දන්නෙත් නෑ මේ දැනුමෙන් ඇති වැඩේ මොකක්ද කියලවත්

    එක්කො මේ ලොකු සංඛ්‍යා කියන්න ඇත්තෙ මෝඩ මිනිස්සුන්ගෙ හිතේ භක්තියක් ඇතිකරන්න වෙන්න ඇති. ඒ කියන්නෙ බුදුහාමුදුරුවො බොරු කියල තියෙනව කියන එක.

    පලවෙනි වාක්‍යයෙන් දෙවෙනි නිගමනේට බැස්සේ කොහොමද?
    සංඛ්‍යා ලොකු වෙච්ච පමණින් බොරු වෙනවද?

    ඕපී දාල තියෙන්නේ ඔබ්සර්වේෂන් වගයක්නේ. ඒ සුත්‍රේ කන්ටෙක්ස්ට් එක නැතිව මොකද්ද උනේ මොකටද කිව්වේ කියන්න බැහැනේ? බුදුන් නිකන් ඔබ්සර්වේෂන් එකක් ප්‍රකාශ කලා වෙන්නත් පුළුවන්, සංසාරයේ දිග සහ වෙනස්වෙන ගතිය (කොච්චර දිග උනත්) හඟවන්න ප්‍රකාශකලා වෙන්නත් පුළුවන්....


    @asliyanage

    මේ කරුණු තියෙන සුත්‍රය හොයල දෙන්න පුලුවන්ද? සුත්‍රය හඳුන්වන වෙන නමක් ඇති. වේපුල්ල නමින් එන්නේ වෙන කාරණා තියන සුත්‍රයක්. මේක දීඝ නිකායේ සුත්‍රයක්ද? කන්ටෙන්ට් අනුවනම් බොහෝවිට දීඝ නිකායේ විය හැකියි කියල හිතෙනවා
     
    Last edited:
    • Like
    Reactions: bruges

    Similar threads