"සංසාරය"

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    "සංසාරය" කියන්නෙ මොකක්ද?


    බුදුන්වහන්සේ සැවත් නුවරදී සු�ත සූත්‍රය මෙසේ දේශනා කොට ඇත.

    මහණෙනි, මේ සංසාරය නොපෙනෙන අග ඇත්තේය සුවපත්හු යමක්‌ දත්තාහු නම් අප විසිනිදු දීර්ඝ කාලයෙහි මෙවැනි තත්ත්වයක්‌ විඳින ලදැයි නිගමනයකට පැමිණිය යුතුය. කුමක්‌ නිසාද යත් මේ සංසාරයේ නොපෙනෙන අග් මුල් ඇති බැවිනි. එහෙයින් සසරින් මිදීම සුදුසුය.

    මිළින්ද ප්‍රශ්නයේදී මිළින්ද

    රඡ්ජුරුවෝ නාගසේන හිමියන්ගෙන් සංසාරය නම් කවරේදැයි විචාරයි. එවිට නාගසේන හිමියෝ මෙසේ පිළිතුරු දෙති. "මහරජාණෙනි මේ ලෝකයේ ඉපිද මේ ලෝකයේම නස්‌නේය. මෙලොවදී නසිමින් අනෙක්‌ තැනක ඉපදින්නේය. එතැන්හි නසිමින් අනෙක්‌ තැනක උපදනේය. මහරජාණනි සංසාරය නම් මෙසේ වන්නේ යෑයි කී සේක. එවිට මිළිදු රඡ්ජුරුවෝ ස්‌වාමීනී උපමාවක්‌ කළ වදාළ මැනවයි කීහ.

    මහරජාණෙනි යම් සේ කිසියම් පුරුෂයෙක්‌ ඉදුනු අඹ ඵලයක්‌ අනුභව කොට අඹ ඇටය රෝපණය කරන්නේ වී නම් එයින් මහත් වූ අඹ රුකක්‌ ඉපිද ක්‍රමයෙන් වැඩී අඹ ඵල දෙන්නේ වී නම් එ පුරුෂයා මේ ගසින් ද අඹයක්‌ අනුභව කොට ඇඹ ඇටය රෝපණය කරන්නේ නම් එයිනුත් මහත් වූ අඹ රුකක්‌ වැඩී ඉපිද අඹ ඵලයන් දෙන්නේ වී නම් මෙසේ අඹ වෘක්‍ෂයන්ගේ කිසිදු කෙළවරක්‌ නොපෙනේ. මහරජාණෙනි එපරිද්දෙන්ම මෙලොව උපදමින් මෙලොවදීම නස්‌නේය. මෙලොවදී නසිමින් අන් තැනක උපදනේය. එතැන උපදිමින් එතැනදීම නස්‌නේය. මහරජාණෙනි සංසාරය මෙසේ වන්නැයි කීහ.

    සංසාරය බෙහෙවින් දිගය. එහෙත් මනුෂ්‍ය ආයුෂ නම් බොහෝ කෙටිය. බුදුන් වහන්සේ අප්පමායු මනුස්‌සානං ලෙස දක්‌වා ඇත්තේ මනුෂ්‍යයන්ගේ ආයුෂ ඉතා ස්‌වල්ප බැවිනි. මිනිසත් බව ලැබීමට දුෂ්කරය. එක්‌ අවස්‌ථාවක බුදුන් වහන්සේ නිය අග පස්‌ ස්‌වල්පයක්‌ තබා මහණෙනි මගේ නිය අගෙයි පස්‌ බොහෝ වේද නැතහොත් පෘථිවියෙහි පස්‌ බොහෝ වේදැයි විචාළේය. එවිට භික්‍ෂුහු ස්‌වාමීනී නිය අගෙයි වූ පස ඉතා ස්‌වල්පවේ. මහා පෘථිවියෙහි ඇති පස්‌ ඉතා බොහෝ යෑයි පිළිතුරු දුන්හ. "මහණෙනි මනුෂ්‍ය ලෝකයේ උපදන සත්වයෝත් නිය අගෙහි වූ පස්‌ මෙන් ඉතා ස්‌වල්පයෝ වෙති. අන්‍ය වූ තිරිසන් ආදී අපායන්හි උපදන සත්වයෝම ඉතා බොහෝ වෙත්ය යනුවෙන් වදාළහ. මනුෂ්‍ය ලෝකය කෙසේ වෙතත් අපාය නම් සත්වයන්ගේ නිත්‍ය වාසස්‌ථානය වූ ගෘහයක්‌ බඳු යෑයි ධර්ම ග්‍රන්ථවල සඳහන්වේ. මන්ද පළමු වන නරකය වන සංජීවයේ ආයුෂ මිනිස්‌ අවුරුදු ගණනින් 162,000,000,000 බව කියවේ.

    අටුවාවල සඳහන් ආකාරයට "ස්‌කන්ධයන්ගෙන් ද ධාතූන්ගෙන් ද ආයතනයන්ගේ ද පරම්පරා වශයෙන් නොසිඳී පැවැති සංසාර යෑයි කියනු ලැබේ. ඉතා දීර්ඝ වූ මේ සංසාරයේ එක්‌ එක්‌ සත්වයකුගේ මව නොවූ සත්වයෙක්‌ ද පිය නොවූ සත්වයෙක්‌ ද සහෝදරයකු නොවු සත්වයෙක්‌ ද සහෝදරියක නොවූ සත්වයෙක්‌ ද පුත් නොවූ සත්වයෙක්‌ ද දූ නොවූ සත්වයෙක්‌ ද දුලබ නොවන බව බුදුන් වහන්සේ වදාරා ඇත. එමෙන්ම මේ අති දීර්ඝ වූ සංසාරයෙහි බිව් මව් කිරි ද හැඬූ කඳුළු ද අනුන් විසින් හිස කැපීම නිසා ගලාගිය ලේ ද සාගර ජලයට වඩා අධික බවත් බුදුන් වහන්සේ වදාරා ඇත.

    එමෙන්ම මේ පෘථිවියෙහි එක්‌ සත්වයෙක්‌ නොසිටි තැනක්‌, නොහිඳි තැනක්‌ නැත. උපසාල්හක බමුණාට මිනී නොදවන ලද තැනක්‌ සොයන විට උපසාල්හක යන නාමයෙන්ම තුදුස්‌ දහසක්‌ (14000) දෙනා එම ස්‌ථානයේම දවා ඇති බව බුදුන් වහන්සේ එම බමුණාට පෙන්වා දී ඇත. එනිසාම මේ සසර ගමන ෙ€දනීය බව අප හොඳින්ම දත යුතුය.

    එක්‌ කලෙක බුදුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩ වසන කාලයේ එකපුද්ගල සූත්‍රය දේශනා කළහ. එ සුත්‍රයෙහි උන්වහන්සේ මෙසේ වදාරා ඇත.

    මහණෙනි, මේ සංසාරය නොපෙන අග ඇත්තේය. මුල් කොනක්‌ නොපෙනෙන්නේය. මෙසේ කල්පයක්‌ පුරා සැරිසරා එක පුද්ගලයකුගේ ඇටසැකිල්ල ඇට ගොඩ ඇට රාශිය එකතු කරන ලද්දේ නම්, එකතු කරන ලදුව විනාශ නොකළේ නම් මේ වේපුල්ල පර්වතය තරම් විශාල වෙයි. කුමක්‌ නිසාද යත්, මහණෙනි, සසර නොදක්‌නා අගමුල ඇති හෙයිනි.

    එබැවින් මේ මහා අවුලෙන් මිදීමට නොපමාව කටයුතු කළ යුතුව ඇත. බුදුන් වහන්සේගේ අන්තිම අවවාදය වූයේ කවරක්‌ද? "මහණෙනි මම දැන් තොපට අවසාන වශයෙන් කතා කරමි. සකල සංස්‌කාරයෝම නැසෙන සුළු ස්‌වභාව ඇත්තෝය. තෙපි පමා නොවී සියල්ල සිදු කර ගනිව්" යනුවෙනි. එමෙන්ම මෙහිදී බුදුන් වහන්සේ සැවැත් නුවරදී දේශනා කළ "අප්පමාද සූත්‍රය" මෙනෙහි කළ යුතුය.

    කොසොල් රජතුමා බුදුන් වහන්සේ කරා එළඹ මෙසේ ප්‍රශ්න කළේය. භාග්‍යවතුන් වහන්ස මෙලොවත් පරලොවත් අභිවෘද්ධිය ගෙන දෙන්නා වූ කිසියම් ධර්මයක්‌ ඇත්ද? මහරජ දෙලොව අභිවෘද්ධිය අත්පත් කරදෙන එවැනි ධර්මයක්‌ ඇත. භාග්‍යවතුන් වහන්ස එ ධර්මය කුමක්‌ද? මහරජ මෙලොව පරලොව දෙකෙහි අභිවෘද්ධිය ගෙන දෙන්නා වූ ධර්මය නම් අප්‍රමාදයයි. ඇවිදින සතුන්ගේ පා සටහන් ඇත් පා සටහන්වල ඇතුළත් වන්නාක්‌ මෙන් විශාලත්වයෙන් ඇත් පා සටහන අන් පා සටහන්වලට වඩා අග්‍රයෑයි කියනු ලැබේ. එසේම මෙලොව පරලොව අභිවෘද්ධිය අත්පත් කර දෙන්නා වූ අප්‍රමාදය එ එකම ධර්මයයි. එම නිසා අප්‍රමාදව කටයුතු කිරීමට සියලු ලෝ වැස්‌සෝ සිතාගත යුතුය. ප්‍රමාද වුවහොත් එය පසුතැවිල්ලට හේතුවේ. එ පසුතැවිල්ල නිසා කවර විපතක්‌ අත්වේදැයි කිව නොහැක.

    මේ ලිපිය උපුටා ගැනීමකි...
     
    Last edited:
    • Like
    Reactions: Thilinacw

    Similar threads