සක්වල ගැන දැනගනිමු..

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සක්වල ගැන දැනගනිමු..

    සක්වල ගැන දැනගනිමු..


    482495_140729826092105_963216143_n.jpg

    අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත වූත් අප්‍රමාණ වූත් ගුණස්කන්ධයන්ට අපගේ නමස්කාරය වේවා..
    මෙතැන් සිට සක්වල විස්තරය.....(සක්වල විභංගය)

    මුලින්ම ඔබ යොදුන පිළිබද අවබෝධයක් ලබා සිටිය යුතුය.
    වියත් 2 = රියන් 1
    රියන් 7 = යෂ්ඨි 1
    යෂ්ඨි 20 = ඉස්බ 1
    ඉස්බ 80 = ගවු 1
    ගවු 4 = යොදුන් 1

    මිනිසාගේ ආයුෂය - මිනිසාගේ ආයුෂය නියමයක් නැත්තේය.ඒ ඒ කාල පරිච්ඡේද තුළ වෙනස් වේ.මිනිසාගේ ආයුෂය දස වර්ෂයේ පටන් අසංඛ්‍යෙ (ගැනිය නොහැකි සංඛ්‍යාවක්)දක්වා වැඩිවී නැවත දසවර්ෂය තෙක් පිරිහීමට ගතවන කාලය අන්තංකල්ප නම් වේ.

    සැලකිය යුතුය - සතර අපායික සත්වයින්ගේ ආයු ප්‍රමාණ නියමයක් නැත.නරකයේ උපන් සත්වයින්ට කර්මයේ ප්‍රමාණය ආයු ප්‍රමාණය වේ.සෙසු අපායික සත්වයිනටද එසේමය.බූමාටු දෙවියන්ටද කර්මය අනුව ආයුෂය ප්‍රමාණ වේ.එහෙත් සමහර බූමාටු දෙවියන් සතියක්,අඩමසක්,මාසයක් ඇතැම්හු කල්පයක්ද සිටින්නාහ.

    බඹ තලයේ සිට මනුලොවට දුර උපමා කොට දැක්වීම - අනුරපුර ලෝහ ප්‍රසාදය තරම් ශෛලමය පර්වතයක් පළමු බඹ තලයේ සිට මහපොළොවට හෙළන ලද්දේ නම් සතර මාසයකින් මිහිපිට පතිත වන බව දැක්වේ.

    මහ පොළොවේ පිහිටීම - මනුෂ්‍ය,ප්‍රේත,අසුර,තිරිසන් හා අපායගාමීන්ගේ වාසස්ථානය මහ පොලොව ඝනයෙන් යොදුන් 240000 කි.මෙය 480000ක් යොදුන් ජල පොළොවෙන් උසුළා සිටී.මෙම ජල පොලොව යොදුන්
    960000 ක් ඝන වා පොලොවෙන් උසුලා සිටී.ඒ වාතය උසුලා සිටින අජටාකාෂය අනන්ත අපරියන්තයි.

    තල එකිනෙක පිළිබ‍ද විස්කරය මෙතැන් සිට....

    මෙම සක්වල කොටස් 3කට බෙදිය හැක.ඒ නම් කාම ලෝක,රූප ලෝක සහ අරූප ලෝකයි.කාම ලෝක 11 ක්ද රූප ලෝක 16 ක්ද,අරූප ලෝක 4 ක්ද මේ සක්වල තුළ පිහිටා ඇත.මෙයින් කාම හා රූප යන ලෝකවල
    පඤ්චස්කන්ධය පවතී*.
    බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලෝක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලෝකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලෝකය ආලෝකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලෝකය ලබනවා කියන එකයි.

    කාම ලෝක කියන්නෙ මේවා.
    ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)
    මනුෂ්‍ය භූමියයි, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් දෙවි ලෝක හයයි.සියලුම සුගති භූමි (07)කි.

    රූප ලෝක කියන්නෙ මේවා.
    බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 යි.පරිත්තාභ, අප්පමාණභ, ආභස්සරය යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.
    පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 යි.
    වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 02 කි.
    අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.

    අරූප ලෝක කියන්නෙ මේවා.
    ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි.

    දැන් එකිනෙක විස්තර කර ගනිමු.
    දුගති භූමි 4 (සතර අපාය)- දස අකුසල කර්ම විපාක තුළින් මේවායේ උපදී(අපුණ්‍යාභි සංස්කාර).‍මුලින් කීවා සේම මොවුන්ගේ ආයුෂ
    කර්මය වේ.මෙහි ප්‍රේත,අසුර,තිරිසන් කියන අපායවල් ඇත්තේ මේ මනුස්සයන් ජීවත් වන තලයේමය.තිරිසනුන් හා බොහෝ ප්‍රේතයන් ගොඩබිම ඇසුරු කරමින්ද අසුරයන් මහමුහුද ඇසුරු කරමින්ද වාසය කරයි.නමුත් මෙහි විශේෂිතම අපාය වන්නේ නිරයයි.ප්‍රධාන නරකයන් 8කි.සංජීවය,කාල සූත්‍රය,සංඝාතය,රෞරවය,මහා රෞරවය,තාපය,
    ප්‍රතාපය,අවීචිය යනු ඒවාය.ඒ සෑම නිරයක්ම වටා ඔසුපත් නිරයන් 16 බැගින් නිරයන් 128 පිහිටා ඇත.එවිට සියලුම නිරයන් ගණන 136ක් වේ.නරකයන් අතරින් පළමු නරකය වන සංජිවය පිහිටා ඇත්තේ මනුෂ්‍ය තලයේ සිට යොදුන් 15000 ක් පහළිනි.ඉන්පසු පවතින අනිකුත් නරකයන්ද එකිනෙකට යොදුන් 15000ක් පහළින් පහළට පිහිටා ඇත.

    සුගති භුමි 7 = දිව්‍ය ලෝක 6 + මනුෂ්‍ය භූමිය
    මේ සුගති භූමි වල උපදින්නේ දස කුසල කර්ම විපාක තුළිනි(පුණ්‍යාභි සංස්කාර).අප මුලින්ම කීවා සේ මනුෂ්‍යයාගේ ආයුෂ නම් දස වර්ෂයේ සිට
    අසංඛ්‍යෙය දක්වා වේ.දිව්‍ය ලෝක සයෙහි මුල්ම දෙව් ලොව පිහිටා ඇත්තේ (චාතුර්මහා රාජිකය)මනුෂ්‍ය තලයට වඩා යොදුන් 42000 ක් ඉහළිනි.ඉන්පසු පවතින අනික් දිව්‍ය ලෝකය පිහිටා ඇත්තේ ඊටත් යොදුන් 42000ක් ඉහලිනි.එසේ සියලුම දිව්‍ය ලෝක එම දුර ප්‍රමාණයම සහිතව පිහිටා ඇත.

    දැන් එකින් එක දිව්‍ය ලෝක වල ආයුෂ විමසා බලමු.
    චාතුර්මහා රාජිකය - දිව්‍ය වර්ෂ 500කි.(මනුෂ්‍ය වර්ෂ 90,00000)
    තාවතිංස - දිව්‍ය වර්ෂ 1000කි.(මනුෂ්‍ය වර්ෂ 3,60,00000)
    යාම - දිව්‍ය වර්ෂ 2000කි. (මනුෂ්‍ය වර්ෂ 14,40,00000)
    තුසිත - දිව්‍ය වර්ෂ 4000කි.(මනුෂ්‍ය වර්ෂ 57,60,00000)
    නිම්මාණරති - දිව්‍ය වර්ෂ 8000කි. (මනුෂ්‍ය වර්ෂ 230,40,00000)
    පරිනිම්මිත වසවත්ති - දිව්‍ය වර්ෂ 16000ති. (මනුෂ්‍ය වර්ෂ 921,60,00000)

    රූප භූමි දහසය
    මේවා රූපාවචර බ්‍රහ්ම ලෝක යනුවෙන්ද හදුන්වයි.(පුණ්‍යාභි සංස්කාරමය)මෙහිදි පඨම,ද්විතීය,තෘතික,චතුත්ථ යන රූප ලෝකවල උපදින්නේ ධ්‍යාන වැඩූවන්ය.ඉතිරි පඥචම ධ්‍යාන භූමි පසෙහි (ශුද්ධාවාස රූප භූම් පසෙහි)උපදින්නේ අනාගාමී වූ උත්තමයන්ය.අනික් කරුණ නම් ශුද්ධාවාස බ්‍රහ්ම තල හැර අනිකුත් ධ්‍යාන තළ පරීත්ත,මධ්‍යම,ප්‍රණීත යනුවෙන් කොටස්වලට බෙදේ. ප්‍රථම ධ්‍යාන භූමිවල වල පළමු තළය වන බ්‍රහ්මපාරිසජ්ජය, පරනිම්මිත වසවර්තියට වඩා යොදුන් 5508000 ඉහලින් පිහිටා ඇත.අනිකුත් සියලු බ්‍රහ්ම ලෝකද ඒ ඒ තල වලට ඉහළින් පිහිටා ඇත්තේ ඒ දුර ප්‍රමාණය සහිතවමය.

    දැන් රූප ලෝක එකිනෙකෙහි ආයුෂ විමසා බලමු.
    බ්‍රහ්මපාරිසජ්ජ - අසංඛ්‍ය කල්ප 1/3
    බ්‍රහ්මපුරෝහිත - අසංඛ්‍ය කල්ප 1/2
    මහා බ්‍රහ්ම - අසංඛ්‍ය කල්ප 1
    පරිත්තාභ - මහා කල්ප 2
    අප්පමාණභ - මහා කල්ප 4
    ආභස්සර - මහා කල්ප 8 (මෙම බඹ ලොවෙන් පහළ 7 වරක් ගින්නෙන් විනාශ වේ.පහළ යනු පෙර සදහන් කල ඒවාය)
    පරිත්ත සුභ - මහා කල්ප 16
    අප්පමාණ සුභ - මහා කල්ප 32
    සුභකිණ්න - මහා කල්ප 64 (8 වෙනි වර ජලයෙන් මෙම බඹ ලොවෙන් පහළ විනාශ වේ)
    වෙහප්ඵල - මහා කල්ප 500 (64 වෙනි වර මෙම ලොවින් පහළ සුළගින් විනාශ වේ)
    අසඤ්ඤසත්ත - මහා කල්ප 500 (*මෙය ඒක වෝකාර භූමියක් හෙවත් එක් ස්කන්ධයක් පමණක් ඇති ලොවකි)
    ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක
    අවීහ(ශ්‍රද්ධාදිකයෝ) - මහා කල්ප 1000
    අතප්ප (වීර්යාදිකයෝ) - මහා කල්ප 2000
    සුදස්ස (ස්මෘත්‍යාධිකයෝ) - මහා කල්ප 4000
    සුදස්සී (සමාධි අධිකයෝ) - මහා කල්ප 8000
    අකනිට්ඨ (ප්‍රඥාධිකයෝ) - මහා කල්ප 16000 (බොහෝ බුද්ධ දේශනා ශ්‍රවණය කොට මෙම අකනිටා බඹ ලොව
    දක්වාම සියලුම දෙවියන් සාධුකාර දෙන බව ධර්මයෙහි ඇතැම් දේශනා වලින් ප්‍රකට වේ.නමුත් එක් බුදුවරයෙකුගේ ආඥා
    චක්‍රය අප මේ කතාකරමින් සිටින සක්වල කෝටි ලක්ෂයක් පුරා පැතිර ඇත)

    අරූප ලෝක
    ආනෙඤ්ජාභි සංස්කාර හෙවත් අරූප ධ්‍යාන වැඩූ භාවනා කුසල කර්ම විපාක තුළින් මේවායේ උපදී.අරූප බ්‍රහ්ම තල 4කි.මේවා චතුවෝකාර භූමි ලෙස හදුන්වයි.(ඇත්තේ ස්කන්ධ 4කි)‍.අකනිට්ඨක රූප බඹ ලොවට යොදුන් 5508000 ක් ඉහළින් මෙහි පළමු අරූප ලෝකයවනආකාසානඤ්චායතනය පිහිටා ඇත.ඉන්පසු යොදුන් 5508000 බැගින් ඉහළට වන විට අනෙකුත් බඹ ලෝක හමුවේ.අපේ සක්වලෙහි ඉහලින්ම ඇත්තේ නේවසඤ්ඤානාසඤ්ඤයතන නම් අරූප ලොවයි.

    දැන් මේ එක් එක් අරූප ලෝකයන්හි ආයුෂ විමසා බලමු.
    ආකාසානඤ්චායතනය - මහා කල්ප 20000
    විඤ්ඤාණඤ්චායතන - මහා කල්ප 40000
    ආකිඤ්චඤ්ඤායතන - මහා කල්ප මහා කල්ප 60000
    නේවසඤ්ඤානාසඤ්ඤයතන - මහා කල්ප 84000

    ‍එක් සක්වලක ඇත්තේ පෙර පැහැදිලි කල තල 31ක ප්‍රමාණය පමණි.

    දැන් ඒ ඒ විශේෂිත ලෝකයන්හි කෙටි අර්ථ දැක්විමකට යොමු වෙමු.

    1.අපාය භූමි - පුණ්‍ය සම්මත අය කෙරෙන් ඉවත් වූයේ යන අර්ථයෙන් අපාය නම් වේ.
    2.සුගති - අනේකවිධ සැපත් ඇතිව යා යුතු ,ඉපදිය යුතු තැන සුගතියයි.
    3.තිරිසන් - සැපයට හරස් වූ තැන බැවින්ද,සැම ඉරියව්වක්ම හරහට පැවතෙන බැවින්ද තිරිසන් නම් වේ.
    4.මනුෂ්‍ය - ස්මෘතිය,ශූර භාවය,බ්‍රහ්මචර්යාවට සුදුසු බව ආදි ගුණයෙන් උසස් මනසක් ඇති බැවින්ද මනුෂ්‍ය නම් වේ.
    5.චාතුර්මහා රාජිකය - සතරවරම් දෙවිවරුන්ගේ වාසස්ථාන භූමිය වූ බැවින්
    6.තාවතිංස - මඝ මානවක තුමා සමග කුසල් රැස්කල තෙතිස් දෙනා උපන් භූමිය (ශක්‍ර භූමිය)
    7.යාම - දුකින් ඉවත් වූවෝ යන අර්ථයෙන්
    8.තුසිත - ස්වකිය සැප සම්පත් වලින් තුෂ්ඨිමක් වූවෝ යන අර්ථයෙන්
    9.නිම්මාණරති - තමන් මවාගත් සම්පත්තියෙන් සතුටු වන ඇලුම් කරන යන අර්ථයෙන්
    10.පරිනිම්මිත වසවත්ති - අනුන් මවා දෙන සම්පත් විදින
    11.බ්‍රහ්මපාරිසජ්ජ - මහා බ්‍රහ්මයන්ගේ පිරිවර වසන
    12.බ්‍රහ්මපුරෝහිත - මහා බ්‍රහ්මයන්ගේ පුරෝහිත ස්ථාන
    13.මහා බ්‍රහ්ම - ප්‍රථම ධ්‍යානාදී ගුණ ප්‍රණීත ලෙස වැඩුනු බැවින්
    14.පරිත්තාභ - ආභස්සර බහ්මයන්ට වඩා අඩු ආලෝක ඇති බැවින්
    15.අප්පමාණභ - පරිත්තාභ බ්‍රහ්මයන්ට වඩා අප්‍රමාණ ආලෝක ඇති බැවින්
    16.ආභස්සර - හාත්පස නිරතුරුවම විහිදෙන ආලෝක ඇති බැවින්
    17.පරිත්ත සුභ - ඒක ඝන වූ ආලෝක උපරිතල බ්‍රහ්මයන්ට වඩා අඩු බැවින්
    18.අප්පමාණ සුභ - පර්ත්තාභ සුභ වාසීන්ට වඩා ඒක ඝන ආලෝක ඇති බැවින්
    19.සුභකිණ්හක - ශරීරාලෝකයෙන් අතිශයින් අකීර්ණක බැවින්
    20.වෙහප්ඵල - විපුල වූ ධ්‍යනානිශංස ඇති බැවින්
    21.අසඤ්ඤසත්ත - සංඥා විරාග භාවනාවෙන් නිරුද්ධ වූ චිත්ත සන්තාන ඇති බැවින්
    22.සුද්ධාවාස - අනාගාමී ශුද්ධවන්තයින්ගේ වාසස්ථාන භූමි වූ බැවින්
    23.අවීයහ - සුලු කලකින් ස්ථාන අත් නොහරින බැවින්
    24.අතප්ප - තැවීම් කිසිත් නැති බැවින්
    25.සුදස්ස - පරම සුන්දර සැප ඇති බැවින්
    26.සුදස්සී - අතිශයින් පිරිසිදු දැකිම් ඇති බැවින්
    27.අකනිට්ඨ - කිසිවෙකුට කනිටු නොවන බැවින්

    සක්වල විභංගය අවසානයි.මෙම ලිපිය නිර්මාණය කල අපටත් කියවු ඔබටත් නිවනින්ම සදා සැනසෙන්නට හැකියාව ලැබේවා...
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මිනිසාගේ ආයුෂය නියමයක් නැත්තේය.ඒ ඒ කාල පරිච්ඡේද තුළ වෙනස් වේ.මිනිසාගේ ආයුෂය දස වර්ෂයේ පටන් අසංඛ්යෙ (ගැනිය නොහැකි සංඛ්යාවක්)දක්වා වැඩිවී නැවත දසවර්ෂය තෙක් පිරිහීමට ගතවන කාලය අන්තංකල්ප නම් වේ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මිනිසාගේ ආයුෂය නියමයක් නැත්තේය.ඒ ඒ කාල පරිච්ඡේද තුළ වෙනස් වේ.මිනිසාගේ ආයුෂය දස වර්ෂයේ පටන් අසංඛ්යෙ (ගැනිය නොහැකි සංඛ්යාවක්)දක්වා වැඩිවී නැවත දසවර්ෂය තෙක් පිරිහීමට ගතවන කාලය අන්තංකල්ප නම් වේ. me kotasa poddak pahadili karanawada
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත වූත් අප්‍රමාණ වූත් ගුණස්කන්ධයන්ට අපගේ නමස්කාරය වේවා..
     
    • Like
    Reactions: Chathuranga1

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    ai ban hamuduruwaru oya diga palala SI ekaka walata harawala bana kiyaddi kiyanne natte?
    anika kalpayak kiyanne awurudu kiyakda?dahaye bala walin liyanna barikamaknane ban
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මිනිසාගේ ආයුෂය නියමයක් නැත්තේය.ඒ ඒ කාල පරිච්ඡේද තුළ වෙනස් වේ.මිනිසාගේ ආයුෂය දස වර්ෂයේ පටන් අසංඛ්යෙ (ගැනිය නොහැකි සංඛ්යාවක්)දක්වා වැඩිවී නැවත දසවර්ෂය තෙක් පිරිහීමට ගතවන කාලය අන්තංකල්ප නම් වේ. me kotasa poddak pahadili karanawada

    මෙතන කියන්නේ මෙහෙම දෙයක් ..අපි උදාහරණයට ගමුකො ගෞතම බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේ පරමායුෂ අවුරුදු 120 .:yes: ඒ කියන්නේ 120 මැරෙනවා කියන එකම නෙමෙයි ..ඒ කාලේ වෙද්දී වයෝවුර්ධ තත්වෙන් පසුවන්නේ .. !! එතකොට මිට අවුරුදු 2600 කලින් මනුෂයෙකුගේ සාමාන්‍ය පරයුෂ අවුරුදු 120 ඉදල දැන් කීයක් නම් අඩුවෙලාද ? සාමාන්යෙන් මේ කාලේ කෙළෙන් උපරිම අවුරුදු 70 -80 වගේනේ ඉන්නේ .. ඒ කියන්නේ අසන්න වශයෙන් අවුරුදු 2600 ට අවුරුදු 40 ක විතර අඩුවීමක් වෙලා තියනවා .. ඉතින් ඔහොම ගිහිල්ල අවුරුදු 10 යනකම් පරමායුෂ අඩුවෙනවා ..එහෙම වෙන්නේ මිනිස්සුන්ගේ ගුණ ධර්ම වල පිරිහීම හේතුවෙන් ..කවදාහරි අවුරුදු 10 ගියාට පස්සේ මිනිස්සුන්ටම තේරෙනවා නැවතත් අපි අතින් පිරිහුණු ගුණධර්ම වඩා ගන්න ඕනේ කියල ..එහෙම හිතල ගුණ ධර්ම පුරද්දී අයෙත් මේ ආයුෂ වැඩි වෙනවා එහෙම ගිහිල්ල අවුරුදු 80000 දාහක් පරමායුෂ ලබන කලෙක තමයි මෛත්රී බුදුන් පහල වෙන්නේ ..!! ඉතින් ඔහොම ඔහොම එක එක කාලෙක මිනිස්සුන්ගේ ගුණ ධර්ම වඩන ආකාරයත් එක්ක ආයුෂ වැඩිවෙනවා පුද්ගලයන්ගේ :yes::yes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මෙතන කියන්නේ මෙහෙම දෙයක් ..අපි උදාහරණයට ගමුකො ගෞතම බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේ පරමායුෂ අවුරුදු 120 .:yes: ඒ කියන්නේ 120 මැරෙනවා කියන එකම නෙමෙයි ..ඒ කාලේ වෙද්දී වයෝවුර්ධ තත්වෙන් පසුවන්නේ .. !! එතකොට මිට අවුරුදු 2600 කලින් මනුෂයෙකුගේ සාමාන්‍ය පරයුෂ අවුරුදු 120 ඉදල දැන් කීයක් නම් අඩුවෙලාද ? සාමාන්යෙන් මේ කාලේ කෙළෙන් උපරිම අවුරුදු 70 -80 වගේනේ ඉන්නේ .. ඒ කියන්නේ අසන්න වශයෙන් අවුරුදු 2600 ට අවුරුදු 40 ක විතර අඩුවීමක් වෙලා තියනවා .. ඉතින් ඔහොම ගිහිල්ල අවුරුදු 10 යනකම් පරමායුෂ අඩුවෙනවා ..එහෙම වෙන්නේ මිනිස්සුන්ගේ ගුණ ධර්ම වල පිරිහීම හේතුවෙන් ..කවදාහරි අවුරුදු 10 ගියාට පස්සේ මිනිස්සුන්ටම තේරෙනවා නැවතත් අපි අතින් පිරිහුණු ගුණධර්ම වඩා ගන්න ඕනේ කියල ..එහෙම හිතල ගුණ ධර්ම පුරද්දී අයෙත් මේ ආයුෂ වැඩි වෙනවා එහෙම ගිහිල්ල අවුරුදු 80000 දාහක් පරමායුෂ ලබන කලෙක තමයි මෛත්රී බුදුන් පහල වෙන්නේ ..!! ඉතින් ඔහොම ඔහොම එක එක කාලෙක මිනිස්සුන්ගේ ගුණ ධර්ම වඩන ආකාරයත් එක්ක ආයුෂ වැඩිවෙනවා පුද්ගලයන්ගේ :yes::yes:

    80000y ayusha labanawa kiyana eka practical nane ban. lamayek masa 10 ipadila u 79999y jeewath wenawa kiyalada umba kiyanne? mona karumayakda ban e? jeewath wela epa wenawane ban.
    ehenan mona magulatada dan inna minissu maithree budu hamuduruwonta wandinnei e gana katha karannei? thawa kochchara kal tiyenawada ban? e weddi pruthuwiyak ituru wela tiyeida?
    nattan wena lokekada ipadenne?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    kisima ekek me bwudda poth wala tiyena dewal practically thaman igena gatta de saha me loke danata minissu hoyagena thiyena data ekka sansandanaya karala balanne nane ban. hamuduruwaru oya wade karanneth naha. ape unuth sadu kiyanawa hara ewa gana kalpana karanneth naha. matanan puduma prasna godak ban tiyenne mewa ahuwama
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    80000y ayusha labanawa kiyana eka practical nane ban. lamayek masa 10 ipadila u 79999y jeewath wenawa kiyalada umba kiyanne? mona karumayakda ban e? jeewath wela epa wenawane ban.
    ehenan mona magulatada dan inna minissu maithree budu hamuduruwonta wandinnei e gana katha karannei? thawa kochchara kal tiyenawada ban? e weddi pruthuwiyak ituru wela tiyeida?
    nattan wena lokekada ipadenne?

    ඔව් ..එහෙම දේකුත් තියනවා.. ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ ගෙවෙන්නේ ගොඩක් හිමින් නිසා මැරෙනවා , වයසට යනවා කියන එක ලෝකේ වැඩිය ප්‍රකට කාරණයක් වෙන්නේ නෑ ..ඒ නිසාම ඒ කාලේ වැඩිය ධර්මයට යොමු වෙන ඇත්තෝ අඩුයි කියල කියනවා ..එත් ඒවා ප්‍රයෝගික නෑ එහෙම එච්චරකල් ජිවත් වෙන්න බෑ කියන එකනම් අනුමත කරන්න බෑ මචන් .මොකද එක ප්‍රයෝගික වෙන්න ඕනේ තරම් හේතු කාරණා තියන නිසා.. එකට හොදට ධර්මය ගවේෂණය කරලා බලන්න ඕනේ ..එහෙම නැතුව එහෙම නිගමනයට එන එක අනුවන කමක් ..බුදු දහමේ කිසිම තැනක හේතු කාරනා නැතුව කිසිම දෙයක් දේශනා කරලා නෑ..හැම දේම ප්‍රායෝගිකයි ..එකයි මෙච්චර කාලයක් වෙනකම් එක අකුරක් වත් අඩු වැඩි නොවී මේ ධර්මය පවතින්නේ :yes: මම කිව්වා කියල වත් තව කෙනෙක් කිව්වා කියලවත් විස්වාස කරන්න එපා ..මමත් ඔයවගේ මත වල උන්න මීට අවුරුදු 2-3 කට කලින් ..පස්සේ මමත් ධර්මය හොයල තම ඒ පිලිබදව හරියටම දන ගත්තේ .. ඒ නිසා හොයල බලන්න ඉස්සරවෙලාම මතාකට එන්න කලින් :):)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    kisima ekek me bwudda poth wala tiyena dewal practically thaman igena gatta de saha me loke danata minissu hoyagena thiyena data ekka sansandanaya karala balanne nane ban. hamuduruwaru oya wade karanneth naha. ape unuth sadu kiyanawa hara ewa gana kalpana karanneth naha. matanan puduma prasna godak ban tiyenne mewa ahuwama

    කිසිම කෙනෙක් කියන දේවල් අහන්න යන්න ඕනේ නෑ ..පිරිසිදු බුදු දහම තියනවා ත්රිපිටකයේ ..බුදු හාමුදුරුවෝ කිව්වා දේ පිළිබද විතරක් හිතන්න ..එක එක අය සමාජේ එක එක මත කියනවා තමයි .එකට කරන්න දෙඅක් නෑ මොකද එක එක්කෙනාගේ බුද්ධි මට්ටම අනුවයි එයාල තේරුම් ගන්නේ ..එකට කාටවත් වැරදියි කියන්න බෑ. එනිසා ඒවත් එක්ක ගැටෙන්න එපා
     

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    මෙම ලිපිය නිර්මාණය කල ඔබටත් කියවු අපටත් නිවනින්ම සදා සැනසෙන්නට හැකියාව ලැබේවා.
     
    • Like
    Reactions: Chathuranga1