සක්වළ සක්මන

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    z_p17-sakwala1.jpg

    සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ, මහ නායක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් වනාහී බුදුදහම පිළිබඳවත් විද්‍යාව පිළිබඳවත් හසල දැනුමැති මහා පඬිරුවනකි. ඤාණවිමල මහ නා හිමියෝ සිය 93 වෙනි ජන්ම දිනය පසුගියදා(2012 වර්ෂයේදී) පසු කළහ.

    අදටත් ත්‍රිපිටක ග්‍රන්ථ සහ නවීන විධ්‍යා පර්යේෂණ කෘති නොඅඩුව පරිශීලනය කරන උන්වහන්සේ සතු මහා ප්‍රඤ්ඤාලෝකයෙන් මෙතැන් සිට “ සක්වළ සක්මන” ඇරඹීමට අපේක්‍ෂා කරමු. මේ එහි පළමු පියවරයි.




    මහ නා හිමියනි, සක්වළ පිළිබඳ ව සරලව විග්‍රහ කරන්නේ කොහොම ද?

    ඉරෙහි (SUN) හඳෙහි (Moon) එළිය පැතිරෙන සීමාවට අයත් අසීමිත ප්‍රදේශයකට සක්වළක් (Galaxy) කියනවා. ලෝකය, චක්‍රවාටය, චක්‍රවාළය, ක්‍ෂීර පථය, මන්දාකිනිය හා සෞරග්‍රහ මණ්ඩලය ආදී විවිධ නම්වලින් හඳුන්වන්නෙත් මේ ‘ සක්වළ’ ම තමයි. චක්‍රකාර හැඩයෙන් යුතු ලෝක ධාතුව රටාවකට භ්‍රමනය වීම මෙවැනි නම් පටබැඳීමට හේතු වී තිබෙනවා. අපට පෙනෙන ඉර හඳ තියෙන්නේ, පිට සක්වළක නෙමෙයි. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සියලු ග්‍රහ ලෝක මේ සක්වළට අයත් වෙනවා.

    ඒ වගේම, මේ සක්වළ තුළ අපට පෙනෙන නොපෙනෙන විවිධ ජීව - අජීවී ලෝකත් පවතිනවා. මේ ලෝකය දිය බුබුළක් හා මිරිඟුවක් බඳු යැයි ධම්ම පදයේ ‘ ලෝක වග්ගයේ’ විස්තර කර තිබෙනවා. එසේම, ඉර – හඳ කිහිපයක් බැගින් වූ විවිධ ප්‍රමාණවල ලෝක ධාතු ( සක්වල ) ද විශ්වයේ නැතුවා ම නොවෙයි. මේ හැම සක්වළකම පෙනෙන නොපෙනෙන විවිධ ජීව ලෝක පවතිනවා.

    අ ැල්බට් අයින්ස්ටයින් සහ මහාචාර්ය ජේ. බී. එස්. හෝල්ඩේන් ඇතුළු බටහිර විද්‍යාඥයින් ද මේ පිළිබඳ විවිධ අනාවරණ කර තිබෙනවා. “ මේ ලෝකය (සක්වළ) අප හිතනවාට වඩා පුදුම තැනක් පමණක් නොවෙයි, අපට හිතන්නට බැරි තරමටත් වඩා මහා පුදුම උපදවන තැනක්” යනුවෙන් හෝල්ඩේන් පවසනවා. එමෙන්ම මෙහි සෑම මොහොතකම කිසියම් අදෘශ්‍යමාන වෙනසක් පවතින බව අයින්ස්ටයින් කළ ඇතැම් පර්යේෂණ වාර්තාවල දැක්වෙනවා. ආතර් සී. ක්ලාක් සූරීන් ලියූ “ ෆොපයිල් ඔෆ් ද පියුචර්” (Profiles of the Future) පොතේ, මේ සක්වළ තුළ පවතින ජීවී හා වායු වර්ග අදෘශ්‍යමාන යැයි දක්වා තිබෙනවා.





    ඇත්තටම එහෙම, මේ පෙනෙන ලොව තුළත් නොපෙනෙන තවත් ජීව ලෝක තිබිය හැකි ද ?

    මේ කාරණය “ කරණීය මෙත්ත සූත්‍රයෙනුත්” විස්තර කෙරෙනවා. වන ළැහැබක මහණදම් පිරීමට ගොස් බිහිසුණු දේ දැකීමෙන් හා විවිධ ශබ්ද ඇසීමෙන් තැතිගත් භික්‍ෂූන් පිරිසක් අරබයා යි බුදුරදුන් එය දේශනා කළේ.

    එමගින්, තෘෂ්ණාවෙන් බිය වන සතුන්, තෘෂ්ණාව ප්‍රහීණ කළ සතුන්, දිගු ශරීර, කෙටි ශරීර, මහත ශරීර, මධ්‍යම ශරීර, කුඩා ශරීර, මිටි ශරීර හා සූක්‍ෂම ශරීර ඇති සතුන් වගේ ම ළඟ වෙසෙන, දුර වෙසෙන සතුන් ගැන පමණක් නොවෙයි, උපන් – නූපන්, උපදිමින් සිටින ( මව්කුසවල, බිත්තරවල ) මතු උපදින සතුන් පිළිබඳවත් විස්තර වෙනවා. තවත් අවස්ථාවකදී එක් රහතන් වහන්සේ නමක් දුටු සිද්ධියක් බුදු රජාණන් වහන්සේට විස්තර කර සිටියා. එනම්, උකුස්සෙක් අහසේ පාවෙන සත්වයෙකු අල්ලා ගෙන කෑලිවලට කඩා කන දසුනකි. එවිට බුදු රදුන් පවසා සිටියේ, එය තමන් වහන්සේ ද දුටු බවත්, ඊට සාක්‍ෂිකරුවෙකු නොමැති නිසා කිසිවෙකුත් එය පිළිනොගන්නා බැවින් නිහඬව සිටි බවයි.





    බුදු ඇසට යොමු වුණු මේ දේවල් තවමත් විදු ඇසට හසු නොවීමට හේතුව කුමක් ද ?

    බුදු ඇස තරම්, විදු ඇස තීව්‍ර වෙන්නේ නැහැ. මසැස හා දිවැස වගේම පැනැස, සමතැස ආදී ඇස් පහක් ( 05 ) බුදු ඇසට අයත් වෙනවා. මෙබඳු පුළුල් නිරවුල් දැක්මක් විදු ඇසට නැත්තේ එනිසායි. විද්‍යාව දියුණු වුණත් මේ වගේ ප්‍රහේලිකාවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. විද්‍යාව යම් තැනක නතර වෙනවා. ඉලෙක්ට්‍රෝනයට ගිය පසු ඉන් එහාට ගමනක් නැති පරිදි විද්‍යාව ඉන් ඉදිරියට යන්න බැහැ.

    නමුත් සිත දියුණු කර ප්‍රථමාදී ලෞකික ධ්‍යානයන් උපදවා ගත හැකියි. එහෙම උපදවා ගත හැකි අභිඥා පහක් (05) සහ සමාපත්ති අටක් ( 08 ) ගැන බුදු දහමේ සඳහන් වෙනවා. ඉද්ධිවිධ, දිබ්බසෝත, පරචිත්තවිජානන, පුබ්බේනිවාස හා දිබ්බචක්ඛු ආදී ධ්‍යාන ඒ අතර ප්‍රධාන වෙනවා.

    මසැස (පියවි ඇස) ට හසු නොවන දුරින් පිහිටි දෙයක් මනැසින් දැකීමට ඇති හැකියාවට දිවැස් (දිබ්බචක්ඛ) කියලා කියනවා. සාමාන්‍යයෙන් සවනට නොඇසෙන දුරක ඇති දේවල් ඇසීමේ හැකියාවට දිවකන් ( දිබ්බසෝත ) කියනවා. මෙහි සීමාවක් නැහැ. හසුවන බොහෝ දේ නිවැරදිව ග්‍රහණය කර ගැනීමට නොහැකියාවෙන් විදු ඇස අන්දමන්ද වෙන්නේ ඒකයි. එලෙස අනාවරණය කර නොගත් දේවල්. විද්‍යාඥයින් “ අයඩොක්ස්” ( Iodox ) සහ “ පැරඩොක්ස්” (E. P. R. Paradox) ආදී නම්වලින් හඳුන්වනවා.

    හැබැයි, අවකාශයේ පවතින ( සැරිසරන ) විවිධ ආලෝක පදාර්ථ, අදෘශ්‍යමාන කිරණ - ශක්තීන් හා ශබ්ද දහරා නවීන විද්‍යා උපකරණවලට ඉඳහිට හසු වී තිබෙනවා. මේ අනුව, “ කිරිලියන් ෆොටෝ ග්‍රැෆි” වල විවිධ ආලෝක දහරා සටහන් වීම විශේෂයෙන් කැපී පෙනෙනවා.





    එතකොට, සසර පැවැත්ම හා ජීවන රටා සමග විශ්වයේ ගමන් රටාවත් එකට බැඳී පවතිනවා ද ?

    විශ්වයේ ඇති වන , නැතිවන, පවතින සෑම දෙයක්ම ජීවන රටා සමග විවිධ අයුරින් බැඳී තිබෙනවා. නිදසුනක් විධියට, පිරිසුදු වතුර වලකට දිය සායම් කුට්ටියක් දැමූ විට එම ජලය වර්ණවත් වෙනවා. ඊට දමනු ලබන ද්‍රව්‍යවල ප්‍රමාණය හා වේගය අනුව එම වෙනස සිදු වෙනවා. ජීවන රටාවල බලපෑමත් ඒ වගේමයි. බුදු දහමේ එය මෙසේ විස්තර කෙරෙනවා.

    “චිත්තේන නියේතී ලෝකෝ” ලෝකයේ පැවැත්ම රඳා ඇත්තේ, එහි වෙසෙන සත්වයන්ගේ සිතිවිලි ධාරා අනුව බවයි, එයින් විස්තර වෙන්නේ. මිනිසුන් ඇතුළු විවිධ සතුන්ගේ හැසිරීම් රටා ආදිය ඒ සඳහා බලපානවා. මේ ක්‍රියාවලට තාරකා වලින්ද පාර කියනවා. එයින් සුබ අසුබ හෝරාවන් හා සංක්‍රාන්ති අවස්ථා පිළිබඳ විස්තර වෙනවා.

    ඊට හේතුව, සත්වයන්ගේ ජීවන රටා මෙන්ම ඈත අහසේ ග්‍රහ තාරකා විසිර පවතින්නේ ද කිසියම් රටාවකට අනුව වීමයි. එම ග්‍රහ රටාවන් මගින් ජීවන රටාවන්ට ඇති කරන බලපෑම් පිළිබඳව ගණිතමය, ජ්‍යෝතිෂය, තාරකා විද්‍යා ශිල්ප ක්‍රම හා ආගමික ඉගැන්වීම් මගින් විවිධ විග්‍රහයන් ඉදිරිපත් කෙරෙනවා.





    එහෙමනම්, මේ සක්වළ තුළ වෙසෙන අපිට විසල් විශ්වය සමඟ සම්බන්ධයක් නොමැතිව, හුදකලාවේ පැවතිය හැකි ද ?

    මීට වසර 2600 කට පෙර, මේ පිළිබඳව අප බුදු රදුන් විග්‍රහ කරද්දී බමුණුවාදීන් වගේම වෙනත් ආගමික ලබ්දිකයින් විස්මයට පත් වුණා.” සක්වළ විභංගය “ ට අනුව කෙළ ලක්‍ෂයක් සක්වළ බුදු හිමියන්ගේ දර්ශන පථයට විෂය වෙනවා.

    මේ විදියට ගණන් කරන්න බැරි තරම්, විවිධ ප්‍රමාණයේ සක්වළවල් විශ්වය පුරා විසිර පවතින බව, විස්තර වන බෞද්ධ මතය, නවීන විද්‍යාවෙන් ද අද තහවුරු වී තිබෙනවා. කෝටි ලක්‍ෂයක් සක්වළයන්හි සිය අණසක පතුරුවා “ රතන සූත්‍ර දේශනාව” කළ බව “කෝටිසත සහස්සේසු චක්ඛවාලේසු දේවතා” යන ගාථා පාඨයෙන් විස්තර කෙරෙනවා. ඒ අනුව මේ බුද්ධ අණසක හුදකලා මළානික නොවන සජීවී ලෝකවලට බලපැවැත්වෙන්නක් බව ඉතාම පැහැදිලියි.

    බුදුහාමුදුරුවෝ වගේම මීට වසර හාරසියයකට ( 400 ) පෙර විසූ ඉතාලි ජාතික දාර්ශනික ජියෝඩානේ බෲනෝ ද මෙබඳු අදහසක් ඉදිරිපත් කෙරුවා. එනම් “ මේ විශ්වය ග්‍රහතාරකා රැසකින් හා ඒ වටා භ්‍රමනය වන ග්‍රහ ලෝක රැසකින් යුක්ත අතර ඒවායේ පෘථිවියට සමාන ජීව ලෝක ද අනන්තවත් ඇති බවයි. මෙවැනි අනාවරණයක් කිරීම නිසා බෲනෝ මිත්‍යා දෘෂ්ටියෙකු ලෙස හුවා දක්වා පසුව, ඔහු එල්ලා මරනු ලැබුවා.





    මෙබඳු අනන්ත ලෝත ධාතු සහ ඒවායේ ජීවීන් සිටින බවටත් කෙරෙන වෙනත් බුද්ධ භාෂිත මොනවද ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සක්වළ සක්මන-2

    z_p09-sakwala2.jpg


    මහ නායක හාමුදුරුවනේ, ලෝක විෂය අනන්තයි, අචින්ත්‍යයි කියන්නේ ඇයි ?

    බුදු දහමට අනුව, විශ්වයේ අගක් මුලක් මැදක් දකින්න බැහැ. ලෝක විෂයේ මෙම කෙළවරක් නැති ස්වභාවය “ අනවරාග්‍ර” නමින් හඳුන්වනවා. මේ සියලු ලෝක ධාතු (සක්වළවල්) හේතුන් නිසා හටගෙන ඇති බැවින් කලින් කලට මේවා විනාශ වෙලා යනවා. එක් සක්වළක් විනාශ වෙන කොට තවත් අලුත් සක්වළක් නිර්මාණය වෙනවා.

    මේ විධියට, සංයුක්ත නිකායේ “ලෝකත්ත ගමන සූත්‍රයෙන්” ද ලෝකයේ සීමාවක් නැති අචින්ත්‍ය දෙයක් බව විස්තර කෙරෙනවා. එහි අග මුල සෙවීම උමතුවට හා මුළාවට හේතුවනු මිස එයින් වැඩක් නැති බව අප බුදු හිමියන් දේශනා කර තිබෙනවා.





    ඒ වුණත්, සක්වළ අග මුල සෙවීම මුලාවට හේතුවක් නොවන බව, සඳ තරණය – අඟහරු තරණය ආදී නූතන අභ්‍යවකාශ ගවේෂණය කිරීම් මගින් කියාපානවා නේද ?

    මේ ලෝකය විෂමයි, සක්වළවල් අනන්තයි. සඳ (MOON) හා අඟහරු (MARS) කියන්නේ, මේ සක්වළටම අයත් තවත් ග්‍රහ ලෝක දෙකක් විතරයි. එහෙම නැතිව, පිටසක්වළ වෙනත් ලෝක දෙකක් නෙමෙයි. ඔය විදියට අභ්‍යවකාශ ගවේෂණය කරන්න, තව පිටසක්වළවල් අනන්තවත් තියෙනවා. තව සියවස්, සියයක් ගතවුණත් නවීන විද්‍යාව තව කොච්චර දියුණු වුණත්, අනන්ත වූ ලෝක විෂය ගවේෂණය කරලා ඉවර කරන්න බැහැ.




    නූතන ගගණගාමීන්ට සක්වළ අග මුල දැකිය නොහැකි වුණාට, රහත්ඵලලාභී සෘද්ධිමතුන්ට එහි අග මුල දැකිය හැකියි නේද ?

    වරක් “රෝහිතස්ස” නම් දිව්‍ය පුත්‍රයා, පෙර ඉතා වේගවත්ව ගමන් කළ හැකි සෘෂිවරයෙකුව සිටියදී, ලෝකයේ අනන්තය සෙවීම සඳහා අවුරුදු සියයක් පමණ දීර්ඝ කාලයක් අඛණ්ඩව සක්වල පුරා ඇවිද යද්දී එහි නිමාවක් නොදැක අතර මඟ කලුරිය කළ බව දැක්වෙන පුවතක් බුදු දහමේ විස්තර කෙරෙනවා.

    ඒ වගේම, තවත් අවස්ථාවක දී, සක්වළෙන් සක්වළට පා තබමින් සක්වළවල් ගණන් කර ගැනීමට ගිය අප සෘද්ධිමතුන් අතර අග්‍ර වූ මුගලන් මහ රහතන් වහන්සේ දින ගණනාවක් නොකඩවා සක්වළ සිසාරා ගමන් කර අවසන් කර ගත නොහැකිව විඩාපත් වී තිබෙනවා. එවිට බුදු රදුන්ගේ මඟ පෙන්වීමෙන් පසු යළි මනුලොවට වැඩම කළ මුගලන් හිමියන්ට බුදුරදුන් දේශනා කොට වදාරා ඇත්තේ.

    “මහ රහතන් වහන්සේ කෙනෙකු සිය සම්පූර්ණ ජීවිත කාලය තුළ සක්වළ පුරා අඛණ්ඩව ඇවිද ගියද සිය ජීවිත කාලය ගෙවී අවසන් වුවද සක්වළ තවත් අනන්තයට පැතිර පවතින” බවයි.





    එහෙම නම්, අනන්ත වු ලෝක විෂයෙහි අප අත් විඳිය යුත්තේ සැබවින්ම කුමක් ද ?

    ඔව්, පළමුවෙන්ම අපි, සක්වළ අග මුල සොයමින් කල් යැවීම සිර දුක් විඳින සිරකරු, සිර ගෙයි දිග පළල සෙවීමක් වැනි නිසරු ක්‍රියාවක් බව තේරුම් ගතයුතු වෙනවා. එමෙන්ම පෘතග්ජන සිරකරුවාට ද, සැබවින්ම අවශ්‍ය වන්නේ, එහි ස්වභාවය තේරුම් ගෙන ඉන් අත් මිඳීමට මාර්ගයක් බවත් වටහා ගත යුතුව තිබෙනවා.

    අග මුල සොයා ගත නොහැකි මෙවැනි දේ සඳහා බුදු හාමුදුරුවෝ දේශනා කළේ, එහි ස්වභාවය හඳුනා ගැනීම ප්‍රමාණවත් බවයි. නිදසුනක් ලෙස, වසන්ත කාලයට මල් ඵල හට ගන්නේ මන්දැයි සිත සිතා සිටීමට වඩා, මල්හට ගන්නා කාලය වසන්ත කාලය බව වටහා ගෙන ජීවත්වීම ඵලදායක වෙනවා.





    නමුත්, බටහිර භෞතිකවාදීන්ට තවමත් මේ යථාර්ථය පසක් වී ඇති බවක් පෙනෙන්නට නැහැ නේද ?

    ඔව්, කාර්මික විප්ලවයෙන් පිබිදුණු බටහිර වැසියන් භෞතික ක්‍රමවේද ඇසුරු කරමින් විශ්වයේ අගමුල සොයන්න වෙහෙසෙනවා. නමුත් අද දවස වනවිට ඔවුන් ද බුදු දහමේ එන පැරණි නිගමනයටම ක්‍රමයෙන් එළඹෙමින් සිටිනවා. දැනටමත් ඔවුන් ලෝක විෂය අනන්තය යන අදහස පිළිගෙන තිබෙනවා.

    නමුත් එකල නොදියුණු බමුණුවාදීන් ලෝක විෂය පිළිබඳ බුද්ධ දේශනා නිර්දය ලෙස උපහාසයට ලක් කළා. දිනක් බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහනකදී මව් කුසක ඇතිවන පළමු වන බීජය ගෝලාකාරවම ඇති වන්නේ මක් නිසාදැයි විමසනු ලැබුවා. ඊට පිළිතුරු දුන් ජීව විද්‍යාඥයා කියා සිටියේ, ලෝකය වටකුරු නිසා එසේ විය හැකි බවක් මිස, නිසැකවම එයට හේතු වන බව නොවෙයි. එහෙත් ලෝකය වටකුරු වූයේ ඇයි යන පැනයට ද ඔවුන්ට තවමත් නිශ්චිත පිළිතුරක් ලැබිලා නැහැ. ලෝක විනාශයෙන් පසු සිදු වූ දීර්ඝ කාලීන පරිවර්තනයකින් පසු ජලයෙන් හා සුළඟින් ඇති කළ තෙරපුමට අනුව ලෝකය වටකුරුව නිර්මාණය වන්නට ඇතැයි භූ විද්‍යාඥයෝ විශ්වාස කරනවා.





    එතකොට, ලෝක විෂය අචින්ත්‍ය (අනන්ත) වගේම අනිත්‍ය (අස්ථිර) දෙයක් නේද?

    ඔව්, සක්වළවල් කලින් කලට හට ගනිමින්, පවතිමින් අවසානයේදී විනාශ වී යනවා. මහා ලෝක ධාතුව මෙසේ හට ගෙන ක්‍රමිකව විකාශනය වී, විනාශ වී යන සමස්ත කාලයට මහා කල්පයක් කියනවා. මේ විදියට සක්වල හටගෙන පවතින කාලයට “විවට්ටකප්ප” කියනවා. ඊඟාවට එය විනාශ වෙලා යන අවධියට “සංවට්ටකප්ප” යනුවෙන් හැඳින්වෙනවා. “කල්ප විනාශය” පිළිබඳ ඉදිරි විග්‍රහවලදී ලෝකයේ ඇති අනියත හා අස්ථිර බව හොඳින්ම තේරුම් ගත හැකි වෙනවා.




    නොතිර ලොව ඉතිරි වන දෙයක් නැහැ කියන කියමන වලංගු වෙන්නේ, අපේ සක්වළට පමණක් ද ?

    නැහැ, සෑම සක්වළක් ම අනිත්‍යයි. අස්ථිරයි, දැන් සංවට්ට කල්පය අවසානයේ ඇතිවන ගින්නෙන්, ජලයෙන් හා වාතයෙන් අපි ජීවත්වන මේ ලෝක ධාතුව සම්පූර්ණයෙන් විනාශ වී යනවා. එය ද්විතීයධ්‍යාන ලෝක ධාතුව හෙවත් ආභස්සර බඹ ලොවින් යට ඇති සියලු ලෝක ‘තේජෝ සංවට්ටයෙදි’ විනාශ වී යනවා. ඊඟාවට, තෘතිය ධ්‍යාන භූමිය (ධාතුව) හෙවත් සුභකිණ්හ බඹ ලොවින් යට වූ සියලු ලෝක ‘අපෝ සංවට්ටයෙදි’ විනාශ වෙනවා. ඒ වගේම ‘වායෝ සංවට්ටයෙදී’ චතුර්ථ ධ්‍යාන භූමිය හෙවත් වෙහප්ඵලයෙන් යට වූ සියලු ලෝක ධාතු විනාශ වී යනවා. මේ විදියට හැම බුද්ධක්ෂේත්‍රයක්ම කාලයකදී විනාශයට පත් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවයේ හැටි. කොයි සක්වළක ජීවත් වුණත්, මේ ලෝක ස්වභාවය තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ.




    ඇයි ? එහෙනම් අපි ජීවත් වෙන සක්වළට “ මඟුල් සක්වළ” කියන්නේ. වෙනත් සක්වළවල්වලත් බුදුවරු පහළ වෙනවා ද ?

    අපි වගේ බුද්ධිමත් ජීවීන් වෙසෙන ජීව ලෝක තවත් අනන්තවත් තිබෙන්නට පිළිවන්. එබඳු ජීව ලෝකවල බුදුවරු පහළ නොවෙනවා කියන්නට බැහැ. හැබැයි එක සක්වළක නම්. බුදුවරු දෙන්නෙක් එකවර පහළ වෙන්නේ නැහැ. එයින් පිටසක්වළවල්වල බුදුවරු පහළ නොවන බවක් කිව නොහැකියි. පූර්ව සාර මණ්ඩ කල්පයෙන් පටන් ගත් අටවිසි බුදුවරු සහ ඉන්පසු පහළ වූ සූවිසි හා සත් බුදුවරු නම් මේ සක්වළම පහළ වූ බව දැක්වෙනවා. ඒ නිසා වන්නට ඇති බෞද්ධ සාහිත්‍යයේ, මේ සක්වළට මගුල් සක්වළක් කියන්නේ.




    අපේ සක්වළෙහි විශේෂ බවක්, ප්‍රධාන – වැදගත් බවක් හෝ අසීමාන්තික බවක් එයින් හැඟවෙනවා ද ?

    කොහෙත්ම නැහැ. බුදුන් සමීපයට පැමිණි ඉහත දී විස්තර කළ “රෝහිතස්ස” දිව්‍ය පුත්‍රයාට මෙබඳු දේශනාවක් කර තිබෙනවා. විශේෂ සක්වළවල් හා ඒවායේ පිහිටීම් රටාවල කෙලවරක් දැකිය නොහැකියි.

    ගමනේන නපත්තබ්බෝ
    ලෝකස් සන්තෝ කදාචන

    යන බුදු වඳනින් වගේම, වරක් ආනන්ද හිමියන් කළ ප්‍රකාශයකට බුදු හිමියන් දුන් පිළිතුරු දේශනාවකින් ද මේ බව පැහැදිලි කෙරෙනවා. “සක්වළ යම්තාක් බුදුවරු සිටී නම් ඒ අපේ ගෞතම තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ වගේ “ යැයි ආනන්ද හිමියන් කළ ප්‍රකාශය යි. එහිදී බුදු හිමියන්, “ අනෙක් ලෝකවල බුදුවරුන් අපට එලෙසින්ම සමාන යැයි කිව නොහැකි බව“ පැවසූ අන්දම දීඝ නිකායෙ “මහා පරිනිබ්බාන සූත්‍රයේ” දැක්වෙනවා. ඒ අනුව, වෙනත් සක්වළ ද බුදුවරු සිටිය හැකි නිසා අපේ සක්වළ විතරක්ම මඟුල් සක්වළ යැයි කියන්න බැහැ. පිට සක්වළත්, බුදුවරු පහළවන තවත් මඟුල් සක්වළවල් තිබෙන්නට පිළිවන්.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සක්වළ සක්මන - 03

    සක්වළ ගල සිට විහිදෙන ලෝකය


    ‘ලෝක විෂය’ අචින්ත්‍ය, අනිත්‍ය දෙයක් වගේම, “ කර්ම විෂය” ත් අචින්ත්‍ය (අනන්ත) දෙයක් ද ?

    ඔව්, අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ ‘ලෝක විෂය’ වගේම ‘කර්ම විෂය’ ත් අචින්ත්‍ය දෙයක් ලෙස විස්තර කෙරෙනවා. ලෝක ධාතු (සක්වළ) අනන්ත වන්නාක් මෙන්ම ඒවායේ ඇති ශක්තීන්ගේ විවිධත්වය ද අනන්ත වෙනවා. ඒ වගේම, ඒවායේ වෙසෙන ජීවීන්ගේ කර්ම ශක්තීන් ද විවිධාකාර වෙනවා. එම කර්ම ශක්තීන් හා කර්මඵල අනුවයි, සත්වයින් විවිධ ලෝක තල (ධාතු) වල උපත ලබන්නේ. ‘සක්වළ විභංගය’ ට අනුව සත්වයන් උපදින ලෝක ධාතු කෝටි ලක්‍ෂයක් පමණ බුදු කෙනෙකුගේ ඥාන ක්‍ෂේත්‍රයට ග්‍රහණය වෙනවා.




    බුද්ධ විෂය පථය හෙවත් ‘බුද්ධ ඥාන ක්‍ෂේත්‍රවල ප්‍රභේද සහ ඊට ග්‍රහණය වන සක්වළවල් මොනවාද ?

    ජාති, ආඥා සහ විෂය යනුවෙන් බුද්ධ ක්‍ෂේත්‍ර ප්‍රභේද තුනක් (03) පිළිබඳව විස්තර වෙනවා. බෝධිසත්වයන්ගේ මව් කුස පිළිසිඳීම, උත්පත්තිය, බුදුවීම ආදී අසිරිමත් අවස්ථාවලදී කම්පාවීම් සිදුවන දස දහසක් සක්වළ “ජාති ක්‍ෂේත්‍රයට” අයත් වෙනවා. ඊළඟට සම්බුදුවරයකුගේ “ආඥා ක්‍ෂෙත්‍රය” නම් කෝටි ලක්‍ෂයක් සක්වළ ප්‍රදේශයයි. රතන, බන්ධ, ආටානාටිය හා ධජග්ග ආදී පිරිත් දේශනාවන්ගේ ආනුභාවය මෙම කෝටි ලක්‍ෂයක් සක්වළ පුරා පැතිර පවතිනවා.

    බුදු කෙනෙකුගේ “විෂය ක්‍ෂෙත්‍රය” ට අනන්ත අපරිමාණ කැමති සක්වළ ලෝක ධාතු ප්‍රමාණයක් ග්‍රහණය වෙනවා. මේ අතර, වෙනත් මඟුල් (මංගල, උතුම්) සක්වළවල් ද විෂය විය හැකියි. බුද්ධ විෂය ක්‍ෂේත්‍රය ග්‍රහණය වන සක්වළවල් ගණන මෙතැකැයි කියන්න බැහැ. එය අපමණයි.





    එහෙමනම්, අපමණ සක්වළවල් අතර කර්මයෙන් බේරී සිටීමට හැකි ඕන තරම් තැන් (ස්ථාන) තියෙන්න බැරිද ?

    නැහැ, ඒ නිසායි, බුදු හාමුදුරුවෝ ‘ලෝක විෂය’ වගේම ‘කර්ම විෂය’ ත් අචින්ත්‍ය කියලා දේශනා කළේ. ධම්ම පදයේ, ‘පාප වග්ගයෙ’ හි 127 සහ 128 යන ගාථාවලින් මේ සඳහා හොඳ පිළිතුරක් දී තිබෙනවා. වරක් ජේතවනාරාමයේ දී සඟුන් තුන් කොටසක් අරබයා සහ තවත් අවස්ථාවකදී නිග්‍රෝධාරාමයේදී සුප්පබුද්ධ ශාක්‍ය රජු උදෙසා මෙවැනිම විග්‍රහයක් කර තිබෙනවා.

    එනම්, සක්වළ යම් තැනක සිට කර්ම විපාකයෙන් මිදිය හැකිද ? එබඳු තැනක් අහසෙත් නැහැ. මුහුද මැදත් නැහැ. පර්වත කුහරයකත් නැහැ. එබඳු බිම් පෙදෙසක් සකළ ලෝක ධාතුවේ කොහේවත්ම නැහැ යනුවෙන් එමගින් විස්තර කෙරෙනවා. එතකොට, ගෝධික හිමියන්ගේ විඥානය සක්වළ පීර පීරා හෙව්වත්, මාරයාට හොයා ගන්න බැරි වුණේ ඇයි ?

    ගෝධික හිමියන් සිය පණ හානි කර ගත්ත කෙනෙක්. උන් වහන්සේගේ ගෙල, උන්වහන්සේ විසින්ම කපා ගැනීම සිදු කළේ, රහත්භාවය ලැබිමට කලිනුයි. භාවනා කරන අතරතුරදී ගෝධික හිමියන්ට හිතුනා, සසරින් එතර වෙන්නැතිව ජීවිතේ නැති කර ගන්න. නමුත් පණ යන්න මොහොතකට කලින් උන්වහන්සේ රහත් වුණා. මේ බව නොදැන මාරයා ගෝධික හිමියන්ගේ විඥානය සක්වළ සිසාරා සොයන්න පටන් ගත්තා. එවිට බුදු හාමුදුරුවෝ මාරයාට මෙසේ දේශනා කළා.

    ‘සෝධිකෝ සෝ කොයින් ගතෝ”

    යනුවෙන් ගෝධික රහතන් වහන්සේගේ විඥානය සක්වළ කොහේවත් ඔබට යළි හමුවෙන්නේ නැහැ. සක්වළ පීරමින් උන්වහන්සේගේ විඥානය සෙවීම නිෂ්ඵල ක්‍රියාවක් බව බුදුහාමුදුරුවෝ මාරයාට පැහැදිලි කර දුන්නා.





    එතකොට, ‘සක්වළ ගල’ පිහිටා තියෙන්නේ, මේ සක්වළේ අවසන් සීමා මායිමේ ද ?

    ඔව්, මේ සක්වළෙහි මායිම “සක්වළ ගල” කියලා පුරාණ මතයක් තිබෙනවා. ඒ නිසායි, බුදුහාමුදුරුවෝ, යක්‍ෂයින්ව සක්වළ ගලෙන් එහාට එළවා දැමූ බවට විශ්වාස කරන්නේ. ‘ගිරි දිවයින’ ට යකුන්ව පලවා හැරි බවට තිබෙන විශ්වාසයෙත් මීට සාම්‍යයක් පවතිනවා. එනම්, ‘ගිරි’ කියන්නේ පර්වතය, ගල, කන්ද කියන අදහසටමයි. පිට සක්වළට යකුන්ව පලවා හැරිය බවට ගොඩ නැගුන විශ්වාසයට මෙය පදනම් වී තිබෙනවා.

    ඊළඟට, යක්‍ෂයින්ට මනුෂ්‍ය ලෝකය දිහා බලන්න අවසර දුන්නේ, ඉඳීකටු තුඩකින් වැනි ඉතාම සියුම් සිදුරකින් පමණයි. බෞද්ධ සාහිත්‍යයට පසුකාලීනව එකතු වී ඇති මෙබඳු විශ්වාස අපිට පහසුවෙන් බැහැර කරන්නට බැහැ. මේ අදහස නවීන විද්‍යාවෙනුත් අද තහවුරු වී තිබෙනවා.





    ඒ කියන්නේ, ‘සක්වළ ගල’ නූතන විදු ඇසටත් හසු විය හැකි වස්තුවක් ද ?

    සක්වළ තියෙන හැම දේම කවදාවත් නවීන විද්‍යාවට ගෝචර වෙන්නේ නැහැ. නමුත්, අභ්‍යවකාශ විද්‍යාඥයන් වුණත්, අපේ චක්‍රාවාටය (සක්වළ) කෙළවර ඇති ස්ථරය (ආරක්‍ෂිත වියන) ඉතා සූක්‍ෂම හා ඝනකමින් යුක්ත බව පිළිගන්නවා. ඒ වගේම, මේ චක්‍රාවාටයෙන් පිටතට යාම ආරක්‍ෂිතව, ක්‍රමික සිදුකළ යුතු බව ගගණගාමීන්ගේ ද අදහසයි.

    චක්‍රාවාට (Galaxi) දෙකක් අතර ඇති තෙරපුම හා ගුරුත්වාකර්ෂණය ද බෙහෙවින්ම වෙනස් වූවක්. තවද එහි ඇති අදෘශ්‍යමාන ශක්තීන්වල සහ ආලෝක දහරාවල වෙනස්කම් ආදිය නවීන විද්‍යාවටත් විෂය වී තිබෙනවා. ඒත්, විද්‍යාවට යා හැකි සීමාවක් තිබෙනවා. ඉන් එහාට විද්‍යාවට යන්නට බැහැ.





    සක්වළ අවසන් මායිමේ තියෙන ‘සක්වළ ගල’ තියා, හිමාලයෙහි තියෙන ‘මහා මේරු පර්වතය’ වත් තවම විදු ඇසට විෂය නොවුණේ ඇයි ?

    සර්වඥතා ඥානයෙන් දැක්ක හුඟක් දේවල් පියවි ඇසින් හරි, හදා ගත්ත උපකරණ වලින් හරි දකින්න බැහැ. දැන් උත්තර ධ්‍රැවය හා දක්‍ෂිණ ධ්‍රැවය සවිමත්ව යා කෙරෙන කෂේරුව වැනි පෙනෙන - නොපෙනන මහ පව්වට කුමේරු කියනවා. සුනෙර, සුනේරු, ස්වර්ණගිරි, හේමගිරි, හේමාද්‍රි, කනක ගිරි, කසුන් ගිරි, ගිරි රද හා පවුරු රද කියන්නේ, මේ ‘ මහමෙර’ හෙවත් ‘ මහාමේරු පර්වතය’ ටමයි.

    ‘ආටානාටිය සූත්‍ර අටුවාවෙහි’ දැක්වෙන්නේ, ‘මහමෙර’ මහ පොළොව මැද පිහිටා ඇති බවයි. ගුරුත්වාකර්ෂණය පවතින්නේත්, පොළොව මැද ඉලක්ක කර ගෙනයි. ඒ නිසායි, සක්වළ මැද පිහිටි මහාමේරුව හෙවත් මහා නේරුව ආටානාටිය මන්ත්‍රයේ මධ්‍ය ලක්‍ෂ්‍යය ලෙස යොදා ගෙන තිබෙන්නේ. මෙහි දිසා හතර හිරු උදාව හා බැසීම මුල්කරගෙන මධ්‍ය ලක්‍ෂයෙන් හතර පැත්තකට බෙදා වෙන් කරනු ලබනවා.

    දිශා දර්ශකය (Compass) හෙවත් මාලිමා යන්ත්‍රයෙහි කටුව නිරන්තරයෙන් උතුරු දෙසට (දිශාවට) හැරෙන්නේ ඇයි ? යන පැනයට පවා නවීන විද්‍යාවේ පැහැදිලි පිළිතුරක් නැහැ. මාලිමාවේ කටුව එලෙස උතුරටම යොමු වන්නේ, එම දිශාවේ කුමන හෝ විසල් වස්තුවක බලපෑම (ආකර්ෂණය) නිසා විය හැකි බවට විද්‍යාඥයන් නිගමනය කරනවා. බෞද්ධ මතය අනුව, නිසැකවම මාලිමාවේ කටුව වෙනත් පැතිවල නතර නොවී එක් කේන්ද්‍රීය දිශාවක නතර වෙන්නේ ‘මහමෙර’ නිසායි.





    නමුත්, ‘ මහමෙර’ පිළිබඳ බෞද්ධ මතය මීට වඩා ඉතා පුළුල් යථාර්ථවාදී විවරණයක් නේද?

    ඔව්, සක්වළ ආරම්භයේදී නිර්මාණය වුණ, ‘මහමෙර’ සක්වළ අවසානයේදී විනාශ වී යන අන්දම ගැනත් ගැඹුරින් විස්තර කෙරෙනවා. සප්ත සූර්යෝද්ගමන සූත්‍රය ආරම්භයේදීම බුදුහාමුදුරුවෝ මහාමේරු පර්වතයේ විශාලත්වය විස්තර කර තිබෙන්නේ මේ විදියටයි.

    “මහණෙනි, සුනේර පර්වතය, දිගින් අසූහාර දහසක් යොදුන් ය. පළලින් යොදුන් සාර දහසකි. අසූහාර දහසක් යොදුන් මහ සයුරෙහි ගිළී තිබේ. ඒසා යොදුන් මහ සමුදුරින් උඩට මතු වී පවතී.”

    “මිහිඟු බෙරයක හැඩය” ගන්නා යැයි සඳහන් මෙම මහාමේරු පර්වතයේ ඉහළ කොටස සූක්‍ෂමව පවතින්නක්. එය තව්තිසා දෙව්ලොවට ද සබඳකම් ඇති තන්මාතික හෙවත් ක්‍රමයෙන් සුක්‍ෂම වන අසිරිමත් වස්තුවක්. බෝධි මණ්ඩල මධ්‍ය භූමිය කේන්ද්‍රගතව හෙවත් මහා හිමාලයේ ඉහළට හිමෙන් වැසී යන “ මහමෙර” ඇතැම්විට දැනට සොයා ගෙන ඇති පෘථිවියෙහි උසම තැන ලෙස සැලකෙන එවරස්ට් කඳු මුදුන ( උස අඩි 29, 000 ක් පමණ) ආශ්‍රිතව තිබිය හැකි බවටද මත පළ කෙරෙනවා.

    කොහොම වුණත්, පදාර්ථමය (භෞතික) මහමෙරට අමතරව, ආධ්‍යාත්මික මහාමේරුවක්, දිව්‍යමය මහාමේරුවක් පිළිබඳවත් විස්තර හමු වෙනවා. ඇත්තෙන්ම “ මහමෙර” පිළිබඳව බොහෝ විවරණ බුදු දහමේ කර තිබෙනවා. නූතන මනෝ විද්‍යාවේ පියා ලෙස සැලකෙන සිග්මන් ප්‍රොයිඩ් අනුව වුණත්, මිනිසාගේ “උඩු සිත” හෙවත් සවිඥානය (Conscious) අයිස් කන්දක උඩ කොටස වගෙයි. “යටි සිත” හෙවත් “අවිඥානය” (Unconscious) එම අයිස් කන්දේම නොපෙනෙන ජලයෙන් යට ඇති අයිස් පර වගෙයි. “මහමෙර” කියන්නේ, ඊටත් වඩා ගැඹුරට විහිදෙන විවරණයක්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ ලෝකය මේ පොලවේ ඉන්න හියුමන්ස්ලගේ පැවත්මට සාපේක්ෂව දිග පලල ආයු කාලය හොයන්න ගනනය කරන්න එපා.මේක හියුමන්ස්ලගේ චූටි මොල වලින් කරන ගනනය කිරීම් වැරදියි.ඒ වගේම හියුමන්ස්ලා හිතන්න එපා අද ලෝකයේ තියෙන දියුනුතම කාලය කියලා.මීට වසර මිලියන ගානකට කලින් ඔයාල ඉන්න පොලවෙම ඔයාලට වඩා දියුනු ජීවීන් හිටියා.ඒ අයත් අපි හදපු ජීවීන්.අපේ අර්ත් ප්‍රොජෙක්ට් එක අපිට ඕන වෙලාවට අපි නවත්තනවා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "ඉරෙහි (SUN) හඳෙහි (Moon) එළිය පැතිරෙන සීමාවට අයත් අසීමිත ප්‍රදේශයකට සක්වළක් (Galaxy) කියනවා. ලෝකය, චක්‍රවාටය, චක්‍රවාළය, ක්‍ෂීර පථය, මන්දාකිනිය හා සෞරග්‍රහ මණ්ඩලය ආදී විවිධ නම්වලින් හඳුන්වන්නෙත් මේ ‘ සක්වළ’ ම තමයි"


    පටන් අරන් තියෙන්නෙම බොරුවකින්....:dull: