සකුණ ජාතකය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සකුණ ජාතකය

    බෝසත් කුරුල්ලා ගැන කථාව

    අපට වුනත් ඇතැම් අවස්ථාවල කිසිසේත් නොසිතූ ආකාරයේ අපහසුතාවයන්ට මුහුණ දෙන්ට සිදුවෙනවා. බොහෝවිට සිදුවන්නේ ඒ අපහසුතා මැද ම ඉන්නවා මිස වෙනත් විකල්ප තෝරා නොගැනීමයි. නමුත් වෙනත් විකල්ප තෝරා ගැනීමෙන් අපහසුතාවලට ගොදුරු වී නොසිට එයින් නිදහස් විය යුතු බවයි මේ කතාවෙන් අපට පැහැදිලි කර දෙන්නේ. එය වුනේ මෙහෙමයි.

    ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනයේ. ඒ කාලේ එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගේ දහම් අවවාද ලබාගෙන නිදහස් තැනක් සොයාගෙන පිටත් වුනා. කොසොල් ජනපදයේ පිටිසරබද පළාතක එක්තරා වනයක කුටියක් කරවාගෙන වස් වැසුවා. නමුත් මුල් මාසෙම තමන් සිටි කුටිය ගිනිගත්තා. එතකොට ඒ භික්ෂුව මිනිසුන්ට ගිහින් මෙහෙම කිව්වා.

    “අනේ පින්වත්නි…. මගේ කුටිය ගිනි ගත්තා. දැන් මට ඉන්ට තැනක් නෑ. දුකසේ එළිමහනේ ඉන්නේ”

    “අනේ ස්වාමීනී, අපේ කුඹුරුත් වේලිලා…. අනේ ස්වාමීනී, කුඹුරුවලට වතුර බඳින්ට තියෙනවා…. කුඹුරුවල වැට වඳින්ට තියෙනවා… වල් උදුරන්ට තියෙනවා… ගොයම් කපන්ට තියෙනවා…’ වැනි පිළිතුරු ලැබුනා මිසක් මිනිසුන්ගෙන් උදව්වක් ලැබුනේ නෑ. තුන් මාසෙම එළිමහනේ දුකසේ වාසය කළා. නවාතැනේ ගැටලුව නිසා සිතට පීඩාව ම යි තිබුනේ. ධර්මය නියමාකාරයෙන් පුරුදු කරගන්ට බැරිව ගියා. ඒ නිසා කිසි දියුණුවක් ඇති වුනේ නෑ. වස් කාලේ අවසන් වුනාට පස්සේ ඒ භික්ෂුව නැවත භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්ට ගියා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව සිටියා.

    “භික්ෂුව, ඔබ වස්කාලය සුවසේ ගත කළාද? ධර්මය පුරුදු කිරීමේ අදහස මුදුන්පත් කරගත්තාද?”

    “අනේ ස්වාමීනී… මට හරිහමන් තැනක් වාසය කරන්ට ලැබුනේ නෑ. ඒ නිසා සිතේ කණස්සල්ලෙන් ඉන්ට සිදුවුනා. ධර්මය හරි විදිහට පුරුදු කරගන්ට බැරිවුනා”

    “භික්ෂුව…. තිරිසන්ගත සත්තු පවා තමන්ට ගැලපෙන, නොගැලපෙන තැන ගැන දන්නවා. තමුන්ට මොකද ඒක තෝරාගන්ට බැරි වුනේ?” කියලා මේ ජාතකය වදාළා.

    “භික්ෂුව, ගොඩාක් ඉස්සර කාලේ බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ මහා බෝධිසත්වයෝ කුරුළු යෝනියේ ඉපදිලා කුරුළු සමූහයා පිරිවරාගෙන එක්තරා වනයක අතුපතර විහිදී ගිය මහා වෘක්ෂයක් ඇසුරු කොට වාසය කළා.

    එක දවසක් බෝසත් කුරුල්ලා ඒ වෘක්ෂයේ අත්තක වසා සිටියා. ඒ වෙලාවේ සුළඟින් ඒ ගහේ අතු දෙකක් එකට ඇතිල්ලුනා. එතැනින් පොඩි දුමකුත් හටගත්තා. එය දුටු බෝසත් කුරුල්ලා මෙහෙම කල්පනා කළා.

    ‘ආයේ දෙකක් නෑ…. ඔය විදිහට අතු දෙක දිගට ඇතිල්ලුනොත් ගින්නක් හටගන්නවා ම යි. එතකොට ඒ ගිනි පුපුරු පහළට වැටිලා වියළි කොළ වලට ගිනි ඇවිලෙනවා. එයින් ම මේ වෘක්ෂය ගින්නට මැදිවෙන්ට පුළුවනි. තවදුරටත් මෙතන වාසය කිරීම සුදුසු නෑ. ඉක්මණින් ම මෙතැන අත්හැරලා වෙනත් තැනකට යන්ට ඕනෑ’ කියලා බෝධිසත්වයෝ මේ ගාථාව කිව්වා.

    “පොළොවේ හටගත් මේ මහ රුක් සෙවනේ
    ඉදින් කුරුල්ලනි ගින්නෙන් මිදෙන්ට ඕනෑ නම්
    පැන යව් කුරුල්ලනි වෙනත් දිසාවක
    ගින්නෙන් වන භය ඉන් නැතිවන්නේ”

    භික්ෂුව, ඒ අවස්ථාවේ ගින්න හටගෙන තිබුනේ නෑ. නමුත් බෝධිසත්වයන්ගේ වචනයට බොහෝ කුරුල්ලෝ සවන් දුන්නා. බෝසත් කුරුල්ලා සමග වෙනත් පළාතකට ඉගිල ගියා. ඒ වචනය නොපිළිගත් කුරුල්ලොත් සිටියා. ඔවුන් මෙහෙම කතාවුනා. ‘අනේ විකාර… වතුරු බිඳු අස්සේ මෙයාලට කිඹුලො පේනවා” කියලා සරදම් කරලා ගණන් නොගෙන සිටියා. ටික දවසයි ගියේ. එකපාරට ම ගහට ගිනි ඇවිලුනා. කුරුල්ලන්ට පැටවුන්ට ඉගිල යන්ට ලැබුනේ නෑ. දුමෙනුයි ගිනි දැලිනුයි වට කරගෙන සිටි නිසා කුරුල්ලන් ඒ ගින්නට ම වැටී මළා.

    ඔය විදිහට භික්ෂුව අතීතයේ තිරිසන්ගත සත්තු පවා තමන්ට සුදුසු නුසුදුසු තැන තෝරාගන්ට දක්ෂව සිටියා. ඒ නිසා අනතුරු වලින් වැළකුනා. ඔබ මොකද එය තේරුම් නොගත්තේ?” කියලා ඒ භික්ෂුවට චතුරාර්ය සත්‍යය දේශනා කළා. ඒ දෙසුම අවසානයේ ඒ භික්ෂුව සෝවාන් ඵලයට පත්වුනා. “භික්ෂුව, එදා බෝසතුන් ගේ වචනයට කීකරු වූ කුරුලු පිරිස තමයි බුදු පිරිස. නුවණැති කුරුල්ලා වෙලා සිටියේ මම යි” කියා මේ ජාතකය වදාළා.

    උපුටා ගැනීමකි.

    උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න..!
     
    • Like
    Reactions: ElaBaba

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇස් ලියනගේ කියන්නේ ආගම ඕවර්ඩෝස් ගත්තු ටොක්සික් මානසික ලෙඩෙක්

    බුද්ධහගම නැති වෙලා ගියොත් යන්නෙ මේ වගේ උන් නිසා. මොකද නිතරම නෙගටිව් හැමදේම. නෙගටිව් නෙගටිව්.