සඟරුවනට නීති??

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,896
    2
    54,579
    113
    භික්‍ෂූන්ට විනය නීති පැනවීමට සහ ඒවා කඩන භික්‍ෂූන්ට දඬුවම් දීමට පාර්ලිමේන්තුවේ ගිහියන් විසින් පනතක් සම්මත කරන බව ආරංචි විය.

    ඓහික වාදීන් ගෙනෙන තර්කය බුදු සසුන රැකගැනීමට රජය ව්‍යවස්ථාවෙන් බැඳී සිටින නිසා මෙවැනි දෙයක් කිරීමට රජයට අයිතියක් ඇති බවයි.

    රජය බුදු සසුන සුරැකීමට ව්‍යවස්ථාවෙන් බැඳී සිටී. කතාව ඇත්තය. නමුත් ඒ බැඳී සිටින්නේ බුදු සසුන රැකීමටය.

    බුද්ධාගමට අනුව භික්‍ෂූන්ට විනය නීති පැනවීමට හෝ දඬුවම් දීමට ගිහියන්ට නොහැක. භික්‍ෂූන් රැකිය යුතු විනය නීති විනය පිටකයේ ඉතා පැහැදිලිව දක්වා ඇත. පාර්ලිමේන්තුවේ ගිහි පින්වතුන් ඒවා නැවැත පනත් මගින් සම්මත කළ යුතු නොවේ. මෙම පනතට අනුව භික්‍ෂුවක් විනය නීති කඩ කළහොත් එම භික්‍ෂුවට දඬුවම් දීමට මහේස්ත්‍රාත් වරයාට බලයක් ඇත. මෙය ගිහියෙක් ඉදිරියේ බුද්ධ චීවරය හෑල්ලු කිරීමක් නොවේද? ගිහියන් භික්‍ෂූන්ට නීති පැනවීම ම බුදු දහමට පටහැණිය. බුදු දහමට පටහැනි දෙයක් කිරීමෙන් බුදු සසුන රකින්නේ කෙසේද?

    අනෙක් කරුණ වන්නේ "ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතු" වල නියැලීම මෙමගින් තහනම් කර තිබීමයි. යම් කටයුත්තක් ගුප්ත විද්‍යාත්මක කටයුත්තක් දැයි තීරණය කරන්නේ කවුද? ඒ කුමන ක්‍රමවේදයක් යටතේද? බෝධි පූජාවක් යනු ගුප්ත විද්‍යා කටයුත්තක් ද?

    බුදු සසුන රැකීමට රජයට අවශ්‍යය නම් කළ යුත්තේ සංඝාධිකරනයක් පිහිටුවීමට සංඝරත්නයට ආරාධනා කොට ඒ යාන්ත්‍රනය කෙළෙස ක්‍රියාත්මක විය යුතුදැයි තීරණය කිරීම සංඝරත්නයට භාර කිරීමයි. ගිහියන් ගේ මැදිහත් වීමක් ඊට අවශ්‍යය නොවේ. රජය කළ යුත්තේ ඒ සඳහා අවශ්‍යය අනුග්‍රහය ලබා දීම පමණි. නීති පැනවීම සහ දඬුවම් දීම සංඝරත්නයේ වැඩකි.

    රටේ පොදු නීතියක් ඇත. එය කඩන භික්‍ෂුවකට දඬුවම් ලබා දිය යුතුය. නමුත් භික්‍ෂු විනය පැනවීම රජයේ වැඩක් නොවේ.

    කිරිපණු රෝගයට බෙහෙත් ගැනීමට ගිය විට ඊට බෙහෙත් දීම දොස්තර මහතා ගේ කාර්‍යයකි. නමුත් දොස්තර මහතා ඔබට පුකේ ඇරීමට සැරසේ නම් ඒ කිරි පණු රෝගයට කරන ප්‍රතිකර්මයක් නොවන බව දැන ගෙන සිටීම ඔබේත් ඔබේ ගුද මාර්ගයේත් සෞඛයට හිතකර වනු ඇත.

    -සසර සැරිසරන පාදඩයා‎ (2016.01.13)
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    කිරිපණු රෝගයට බෙහෙත් ගැනීමට ගිය විට ඊට බෙහෙත් දීම දොස්තර මහතා ගේ කාර්‍යයකි. නමුත් දොස්තර මහතා ඔබට පුකේ ඇරීමට සැරසේ නම් ඒ කිරි පණු රෝගයට කරන ප්‍රතිකර්මයක් නොවන බව දැන ගෙන සිටීම ඔබේත් ඔබේ ගුද මාර්ගයේත් සෞඛයට හිතකර වනු ඇත.

    This is very true... but majorty of the fools cannot understand this
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කිරිපණු රෝගයට බෙහෙත් ගැනීමට ගිය විට ඊට බෙහෙත් දීම දොස්තර මහතා ගේ කාර්‍යයකි. නමුත් දොස්තර මහතා ඔබට පුකේ ඇරීමට සැරසේ නම් ඒ කිරි පණු රෝගයට කරන ප්‍රතිකර්මයක් නොවන බව දැන ගෙන සිටීම ඔබේත් ඔබේ ගුද මාර්ගයේත් සෞඛයට හිතකර වනු ඇත.

    This is very true... but majorty of the fools cannot understand this
    :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :D