එ.ජා.ප.යේ වැඩිම කලක් බලයේ සිටි නායකයා රනිල් ය. රාජ්‍ය නායකත්වයට පත් වීමට නොහැකි වූ එකම නායකයා ද රනිල්ම පමණී. දෙසැම්බර් 12 දින පකෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සිදුවූවේ දුම්මල ගසා හෝ එලවා දැමිය නොහැකි තත්ත්වයට පත්වී ඇති මේ රනිල් එලවා ගැනීමට මිස වෙනත් කෙංගෙඩියකට නොවේ.
රනිල් ආපසු හරවන්නට හදන්නේ මේ කටුක සත්‍යයයි.
ඒ ස`දහා රනිල් මේ වන විට (හැමදාම කරන අයුරින්) ජනමාධ්‍ය ඔස්සේ බිම් බෝම්බ, මරඋගුල් අටවමින් සිටී. අනුරාධනායක ඇතු`ඵ පළාත් සභා විපකෂ නායකවරුන් එහි එක් භුමිකාවක් ර`ගපානු ලැබීය. එය රනිල්ට එරෙහි පාරාවලල්ලක් ම වූවේය.
දෙවැනියට, ආණ්ඩුවට එරෙහි දැවැන්ත විරෝධතාවක් පිළිබ`ද රනිල් මේ වෙන විට පුවත්පත් සාකච්ඡා තබමින් සිටී. චන්ද්‍ර ීකා ආමාත්‍යාංශ පවරා ගත් විට කොළඹට ආ දැවැන්ත ජනකන්දරාවෙන් ප්‍රයෝජන නොගත් රනිල්, මේ වන විට වීදි සටන් ගැන නැවතත් කථා කරයි.
කොළඹ කොටුවේ ඇලවූ පෝස්ටර්ය විනාඩි දහයක් රැකගත නොහැකි වූයේ රනිල්ටය. බෝධිපුජා ව්‍යාපෘතිය වැඩ සටහන් දෙකකින් zනාගත්තේයZ. අත්පත්‍රිකා ඛෙදීම කොළ පන්සීයකට නැතිනම් දහසකට සීමාවූවේය. 18 වන ව්‍යවස්ථා සංශෝධනය ට එරෙහිව මාස තුනක් බලා සිටි රනිල් දැන් ලකෂ ගණනක විරෝධයක් ගැන කථා කරන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන්ම පමණී.
එ.ජා.ප.යේ තවදුරටත් රනිල් ට ඉඩක් තිබේ ද?
2010.12.12 දින සම්මත වූ ව්‍යවස්ථාවට අනුව රනිල් ට තවදුරටත් ඉඩක් ඇතැයි රනිල් සහ ඔහුගේ ගෝල බාලයෝ සිතති. එයට තාර්කික වූ පදනමක් නැතිවාම නොවේ. ඒ මෙසේය.
සම්මත වූ යෝජනාවේ 8.3 වගන්තිය මෙසේය.
zපකෂ සමු`ඵව විසින් මෙම ව්‍යවස්ථාව අනුමත කිරීමෙන් පසු අන්තර් කාලීන කාර්යයන් ස`දහා සහ මෙම ව්‍යවස්ථාවේ දැක්වෙන විධිවිධානයන්ට අනුකුලව නව කෘත්‍යාධිකාරි මණ්ඩලයක් තෝරාපත් කරන ගන්නා තුරු නායකයා විසින් නියෝජ්‍ය නායක, සභාපති, මහ ලේකම් සහ මහා භාණ්ඩාගාරික ධූර දරන්නන්ගේ ද අදහස් විමසා මෙම ව්‍යවස්ථාව සම්මත වන අවස්ථාවේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන්ව සිටි සාමාජික සංඛ්‍යාවකට සමාන සාමාජික සංඛ්‍යාවකින් සමන්විත වන්නා වූ අන්තර් කාලීන කෘත්‍යාධිකාරි මණ්ඩලයක් පත් කළ යුතුය.Z
නිලධාරීන් 5 දෙනා තෝරා ගැනීම ස`දහා එක`ගත්වය නොමැති විට ඡන්දයක දී ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ඇත්තේ ඉහත අන්තර් කාලීන කෘත්‍යාධිකාරි මණ්ඩලයට සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින් ට ය.
සංඛ්‍යාවෙන් මේ ගණන 87 කි. මේ වන විට සජිත් සහ රනිල් පකෂ නායක තනතුර ස`දහා ඉදිරිපත් වන බව පැහැදිලිය. එසේ වන්නේ නම් පකෂ නායකත්වය ලබා ගැනීමට ඡන්ද 44 ක් ලබා ගත යුතුය.
සත්‍යය නම් සජිත් ට වඩා රනිල් ට මේ ඡන්ද 44 ලබා ගැනීමට ඇති හැකියාව වැඩි බවයි.
ඒ අද එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලය පාකෂිකයින් නියෝජනය නොකරන රනිල් ගේ උවමනා එපාකම් ඉටුකරන ඔහු විසින් ඔහුගේ පැවැත්ම උදෙසා පත් කොට ගත් බහුතරයකින් සමන්විත වීමයි. උදාහරණයක් ලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කොට ඇති කිසිදු ජන පදනමක් නොමැති බහුතරය තමන්ගේ පැවැත්ම උදෙසා රනිල් ර`දවා ගැනීමට කළ හැකි සෑම දෙයක්ම කරනු ඇත්තේය. ජාතික සේවක සංගමය නියෝජනය කරමින් කෘත්‍යාධිකාරි මණ්ඩලයට පැමිණෙන zබුහාරිZ අධ්‍යකෂවරුන් තමන්ගේ ධන නිධානය වෙනුවෙන් සටන් කරනු ඇත්තේය. තරුණ්‍යයේ විකාර රූප රසයෙන් කුල්මත් වී සිටින යොවුන් පෙරමුණේ නියෝජිතයින්ට අවශ්‍ය වන්නේ පකෂය නොව රනිල් ය.
8.3 ව්‍යවස්ථාවේ මේ කොටස බලන්න.
zමෙම ව්‍යවස්ථාව සම්මත වන අවස්ථාවේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන්ව සිටි සාමාජික සංඛ්‍යාවකට සමාන සාමාජික සංඛ්‍යාවකින් සමන්විත වන්නා වූ අන්තර් කාලීන කෘත්‍යාධිකාරි මණ්ඩලයක්Z තුලින් පකෂ නායකයින් තේරීම සිදුවේ. ඒ ස`දහා zනායකයා විසින් නියෝජ්‍ය නායක, සභාපති, මහ ලේකම් සහ මහා භාණ්ඩාගාරික ධූර දරන්නන්ගේ ද අදහස් විමසාZ කටයුතු කළ යුතුය.
රනිල් ඉලක්කම් සෙල්ලමට මේ වන විට සුදානම් ය. ඒ ස`දහා කල් මැරීමේ ව්‍යාපෘතිය මේ වන විට රනිල් විසින් අරඹා තිබේ. එහි පියවර කිහිපයකි.
1. අන්තර් කාලීන කෘත්‍යාධිකාරි මණ්ඩලයට රනිල් හිතවාදීන් පත් කිරීම
2. මීල`ග කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ප්‍රමාද කිරීම
3. මීල`ග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ස`දහා ප්‍රධාන තනතුරු ස`දහා නාම යෝජනා නොකැ`දවීම
4. නාම යෝජනා ඉදිරිපත් වූව ද, ඊල`ග කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඡන්දය නොපැවැත්වීම
5. පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්වන තුරු නායක ඡන්දය පැවැත්වීම කල් දැමීම
මේ සියල්ල ස`දහා මාධ්‍ය මෙහෙයුම රනිල් කණ්ඩායම විසින් අන්තර් ජාලය සහ ඊ මේල් හරහා මේ වන විට අරඹා තිබේ. (වත්මන් එ.ජා.ප. නායකයින් පාකෂිකයින් සම`ග ඊ - මේල් වලින් පණිවුඩ යවන බව කියන්නේ මේ නිසා විය හැකිය. මන්ද, අද වන විට රනිල් ට වැදගත් වන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්දය හිමි 87 පමණක් නිසාවෙනි.)
මේ සෙල්ලම ස`දහා රනිල්ට කාලය අවශ්‍ය ය. සතියකයින් කළ හැකි දෙයකට දින 120 ක් කල් ගත කරන්නට රනිල් තීරණය කර ඇත්තේ ඒ නිසාය.
මේ වන විට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සජිත් ට සහාය දෙන්නට එළිපිට ඉදිරිපත් වී ඇති සංඛ්‍යාව 32 ක් පමණී. ඒ අනුව, රනිල් තවත් වටයකින් ජයග්‍රහණය කළහොත් එය මහින්ද රාජපකෂ රජයේ වාසනාවට වඩා රනිල් වික්‍රමසිංහ ගේ දකෂතාව බව සිතා හිත හදා ගත ගැනීම හැර වෙනත් විකල්පයක් එ.ජා.ප. පාකෂිකයින්ට හිමිවන්නේ ද නැත.
-රන්ජිත් කේ අබේකෝන් විසිනි-
Source