සජිත් ගේ හදිස්සි අනතුර
ඉහත ඇති රුවන් වැකිය කියා ඇති ක්ලෙමන්ට් ස්ටෝන් වනාහී හදිසි අනතුරකදී වන්දි මුදලක් ගෙවීමේ රක්ෂණ ක්‍රමය ලොවට හඳුන්වා දුන් පුද්ගලයා ය. මෙම ලිපිය ආරම්භ කිරීමට ඔහුගේ මෙම සදාකාලික වටිනා කියමන තෝරා ගත්තේ හදිස්සිය නිසා අනතුරට පැන සදාකාලික ලෙස දේශපාලන අබ්බගාතයෙක් බවට පත්වී වන්දියක් නැතිවම ඊයේ සදා අනාථ භාවයට පත්වූ සජිත් ප්‍රේමදාස ගැන අවසාන සටහන තැබීමට ය.
සජිත් හදිස්සි වූයේ එජාප නායකත්වය ඩැහැ ගැනීමට ය. නායකත්ව ලක්ෂණ විදහා පෙන්වා අන් අයට අභියෝග කළ නොහැකි තත්ත්වයට පත් වී ක්‍රමයෙන් නායකත්වයට ලඟා වනවාට වඩා ඔහු තෝරා ගත්තේ නායකත්වය පාච්චල් කර තමා නායකයා යයි හුවා දක්වා ගැනීමට ය. ඒ සඳහා ඔහු ජනතාව ගැන විශ්වාස තබනවාට වඩා වැඩි උනන්දුවක් දැක්වූයේ ප්රචාරක මාධ්‍ය කෙරෙහිය. එම ප්රචාරක මාධ්‍ය මෙහෙයවන්නේ කව්දැයි ඔහු හොඳින් දැන සිටියද ඔහුට ඒ පිලිබඳ දුර දිග දැක්මක් නොවීය. ප්‍රචාරකයන් තම පක්ෂ නායකයන්ට පහර දෙන්නේ තමාට හෝ පක්ෂයට ඇති ආදරයට නොවේ යයි ඔහුට තේරුනේ නැත. තමාට සහාය දක්වන ප්‍රචාරකයන් තම පක්ෂයේ නායකයන්ට පහර දෙන විට තමාද ඉබේම පාක්ෂිකයාගේ වෛරයට පාත්‍ර වන බව තේරුම් ගත්තේ නැත.
පක්ෂය අනතුරට වැටෙන සෑම විටෙකම ඔහු පෙනී සිටියේ අනතුරින් ගොඩ යෑමට සාමූහිකව මං සෙවීමේ නොව අනතුර භාවිතා කර නායකත්වය ඩැහැ ගැනීම නම් මුග්ධ පිලිවෙතේය. එනිසාම මට නායකත්වය දුන්නොත් මං දිනලා පෙන්වනවා යන ලාබ අන්දරේවාදී තර්කය ගෙන ආවේ ය.
වයෝවෘධ පරිණත නායකයෙක් වූ එජාප නායකයාද මේ තත්ත්වය සම්බන්ධයෙන් නොතකා නොහැරියේ මේ දක්වා රාජපක්ෂ රෙජීමයට කඩා ගත නොවුනු එකම පක්ෂය එජාපය වූ බැවිනි. කෙතරම් පිරිසක් පක්ෂයෙන් බිලි බා ගත්ත ද එජාපය දෙකට කඩා ගැනීම අපහසු වීමම රනිල්ගේ දක්ෂ කමකි. එය කැපී පෙනෙන්නේ වානේ මල්ලක් මෙන් සවිමත් පක්ෂ නායක කණ්ඩායමක් ඇතැයි කියන ජවිපෙ, රාජපක්ෂලා විසින් දෙවතාවක්ම කඩා දැමූ හෙයිනි. එපමණක් නොව ටීඑන්ඒ, තොණ්ඩමාන්ගේ පක්ෂය, මුස්ලිම් කොන්ග්රසය ආදී ලංකාවේ සියළු පක්ෂ රාජපක්ෂලා විසින් දෙකට තුනට කඩා දැමුවෝය. ඒ අනුව සජිත් කී නායකත්වය දුන්නොත් මං දිනලා පෙන්වනවා කතාව පිටුපස ඇති යථාර්තයේ අනතුර ගැන රනිල් වැනි වෘද්ධ වෘත්තීය දේශපාලනඥයෙක් නොදුටුවා විය නොහැකිය.
ඔහු ඒ සඳහා ගෙන ආ නායකත්ව මණ්ඩල ප්රතිකර්මය වඩාත් යථාවාදී මෙන්ම ප්රජාතන්ත්රවාදී එකක් විය. ඊට සජිත්ද ඇතුලූව සජිත්වාදී කණ්ඩායමේ තිදෙනෙක්ම ඇතුළු කරමින් සජිත් සමග සිටි කරු සභාපති කිරීමටද ඔහු පසුබට නොවීය. අනෙක් පිරිස වූයේ මංගල, රවි, කිරිඇල්ල, තිස්ස, හෂීම්, රුවන් යන සය දෙනාය. කිරිඇල්ල සහ හෂීම් දැඩි සජිත් විරෝධීන් නොවූහ. සජිත් නායකත්ව මණ්ඩලයට පැමිණ තම විදර්ශනාව පෙන්වූයේ නම් නායකත්ව මණ්ඩලය තුල තමාගේ මතය ජය ගන්නා තැනකට පත් කර ගැනීමට ඕනෑ තරම් හැකියාව තිබිණ. බහුතරය ඔහු සතු නම් ඔහු ඉබේම නායකයා ය. නමුත් ඔහුට නායකත්වය ගෙඩිය පිටින් ඩැහැ ගැනීමේ හදිස්සියක් තිබිණ. තෝරා ගන්නා මිතුරන් ගැන පරිස්සම් නොවූ සජිත්ගේ මිතුරන් දුන් උපදෙස් මත ක්‍රියා කරමින් සජිත් නායකත්ව මණ්ඩල සාමාජිකත්වය ප්‍රතික්ෂේප කෙළේ කිසිදු සාධාරණ හේතුවක් මත නොවීය. නායකත්ව මණ්ඩලය පත් කිරීමට පැය 24 කටත් අඩු කාලයක් තබා ගෙන ආ යෝජනා කිහිපයක් පමණක් සජිත්ගේ තර්කයට පදනම් විය. ලේ වලින් අත්සන් කරනවා වැනි බාල බොළඳ ආවේගශීලී කතා පමණක් ඔහු අත ඉතිරිවිය.
සජිත් සහ ඔහුගේ අපාය සහාය මිතුරන් සිතා සිටියේ මෙය රනිල්ගේ කූඨ උපායක් පමණක්ය යන සිතුවිල්ල මිස පවතින තත්ත්වය යථාර්ථයක් සේ සලකා අනාගතය සැලසුම් කිරීමට නොහැකි වූ ඔව්හු හදිස්සි වූහ.
රනිල් සමග සටන් කිරීමට වඩා ඔහු සමග සාකච්ඡා කිරීම අන්තවාදියාට ඛෙහෙවින් අනතුරුදායක වන්නේය. ඒ මන්ද යත් අන්තවාදියා පුදුමයට පත් වන තරමට ඔහු ප්රජාතන්ත්රවාදී වන නිසාය. මෙය එල්ටීටීඊ නායක ප්රභාකරන්ට ද සිදුවිය. ඔහු රනිල් සමග සාම ගිවිසුමකට ආවේ දෙඤ්ඤං බැටේ යයි සිතාගෙන වුවද රනිල් එහිදී දැක්වූ න්‍යායාත්මක සහ ක්රමවේදාත්මක ප්රජාතන්ත්රවාදී භාවය අන්තවාදී ප්රභාකරන්ට දරා ගත නොහැකි විය. එක් අතෙකින් සාම කාලයේදී තම පරිනත කේඩරයෙන් 5000 කට අධික ප්‍රමාණයක් කසාද බඳිමින්, විදේශ ගතවෙමින් එල්ටීටීඊය හැරදා ගියෝය. අනෙක් අතින් ජාත්‍යන්තර දැලකට කොටුවී ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ආදී කූඨ කි‍්‍රයාවන්ට වැට බැඳින. අවසානයේ තම යුද්ධ නායකයා සමග නැගෙනහිරම නැතිවිය. මෙය දරා ගත නොවූ සහ තත්ත්වය ගැන හරි හමන් අවබෝධයක් නොවූ අන්තවාදී ප්රභාකරන් තීන්දු කෙළේ ප්රජාතන්ත්රවාදී මගේ ඉදිරියට නොයා සටන් මාර්ගයේ ඉදිරියට යෑමය. ඒ වන විට සමස්ථ ලෝකයාම සිටියේ එල්ටීටීඊයේ තීරණය මත නොව රනිල් ගත් තීරණය මත ය. එනිසාම කිසිවෙකුගේ සහායකින් තොරවම මරු වැළඳ ගැනීමට ප්රභාකරන්ට සිදුවිය. රාජපක්ෂලාගේ යුද්දයට ලෝකයාගේ අනුමැතිය ලැබුනේ ඊට පෙර පැවැති රනිල්ගේ සාම දැලේ ප්‍රබලත්වය නිසා මෙන්ම ඒ සාම දැල බින්දේ ප්රභාකරන් නිසාය.
සජිත් ට සිදුවූයේ ද මෙයමය. නායකත්වය දුන්නොත් මං දිනලා පෙන්වනවා යි සජිත් කියද්දී රනිල් නායකත්ව මණ්ඩලයක්ම දුන් විට, එයද න්‍යායාත්මක සහ ක්රමවේදාත්මක වූ විට සජිත් වැනි නොමේරූ ලාමක මුග්ධ අවස්ථාවාදියෙකුට කුමක් කරන්නදැයි සිතාගත නොහැකි විය. ක්ලෙමන්ට් ස්ටෝන් කී ආකාරයට අවාසනාවට ඔහු ප්‍රවේශම් නොවී තෝරාගෙන තිබූ මිතුරන් වූ ටිරාං කිලී ශිරාල් මෛත්‍රී වැනි මෝඩයන්ගේ උපදෙස් මත නායකත්ව මණ්ඩලය වර්ජනය කෙළේය.
තමා කවදා හෝ එජාප නායකයා වන්නේ නම් අද මෙම නායකත්ව මණ්ඩලයට සහභාගී විය යුතුය යන සරල කාරණය ගැන සජිත්ට සිතා ගත නොහැකිවූ අනෙක් ප්‍රධාන කරුණ නම් ඔහුගේ ජන්ම අසංස්කෘතික භාවය සහ ජන්ම අඥාන භාවය යි. මොනවා කළත් කූඩැල්ලා මෙට්ටේ තබන්න බැහැ යයි ජනවහරේ කියන්නේ මා කියන මෙම අසංස්කෘතික භාවයම ය. මොනවා දුන්නත් මොළේ දෙන්න බැහැ යයි ජනවහරේ කියන්නේද මා කියන මෙම අඥාන භාවයම ය.
නායකත්ව මණ්ඩලයට සහභාගී වන්නැයි භික්ෂූන්ද නායකයන්ද පුන පුනා කියද්දී මං පොර යැයි සිතා ඒ සියලූ අවස්ථා මග හැරියේ ඉහත කී අසංස්කෘතික භාවය සහ අඥාන භාවය නිසාමය. ඊයේ 21 දා සම්මේලනයට පෙර අවසන් වරට 20 වෙනිදා ද අවසන් ඉල්ලීමට පවා උද්දච්ඡ ලෙස පයින් ගැසූ සජිත් 21 දා එනම් ඊයේ සම්මේලනයේදී තමාගේ මෝඩකම මොනවට ප්‍රදර්ශනය කෙළේය.
සම්මේලනයට සහභාගී වන සෑම සංවිධායකයෙක් සඳහාම තමන්ගේ 55 දෙනෙකු සහභාගී කරවීමේ අයිතිය තිබින. සජිත්ට පක්ෂපාතී ආසන සංවිධායකයන් වන සුජීව, තලතා, මද්දුම බණ්ඩාර, අශෝක ආදීන් සජිත්ට පක්ෂව 55 බැගින් ගෙනැවිත් තිබුනේ නම් සජිත්ට පක්ෂ 500 ක් පමණ දෙනා විසින් සජිත්ට පක්ෂ හ~ක් නැගීමේ හැකියාවක් තිබිණ. නමුත් එවැන්නක් සිදු නොවීය. රෝසි සේනානායක සමගිය ගැන කියමින් සජිත් ප්‍රේමදාසත් අවශ්‍යයි කියද්දී අත්පොලසන් දීමක් සිදුවූවා මිස සජිත් ඕනෑ යනුවෙන් හ්ම් ශබ්දයක් නැගුනේ නැත. ඒ වෙනුවට එක් වරෙක නැගුනේ ඕක හොරා යන වචනයයි. ඒ ඔහුගේ චෙක් වංචාව ගැන දැනගත් පාක්ෂිකයෙක් විසින් කරන ලද කෑ ගැසීමකි. මුළු සම්මේලන කාලය පුරාවටම සජිත් කෙළේ තමන් අත තිබූ ජංගම දුරකථනයෙන් කාටදෝ එස්.එම්.එස් පණිවුඩ යවමින් සිටීම මිස අසල හිඳගෙන හුන් මංගල සමරවීර සමග හෝ වචනයක් කතා කෙළේ නැත.
7500 ක් පමණ සහභාගී වූ සම්මේලනයේදී පළමු යෝජනාව වූ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට නව යාන්ත්‍රණයක් ගොඩනැගීම සඳහා වූ නායකත්ව මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර ඊට කැමැති අය අසුන්වලින් නැගිටින්නැයි කී විට සජිත් පිලේ තලතා නැගිට්ටේය, මද්දුම බණ්ඩාර නැගිට්ටේය. සජිත්ටද ඉබේටම නැගිටුනේ ය.
සජිත් ඊට එකඟ වූවා යනු නායකත්ව මණ්ඩලයේ වගකීම් 19 ද පිලිගත්තා හා සමානය. දැන් පක්ෂ සම්මේලනයෙන් පවා ඒ සියල්ල සම්මත වී තිබේ. තවදුරටත් සජිත් නායකත්ව මණ්ඩලයට අවශ්‍ය නැත. නායකත්ව මණ්ඩලය තවදුරටත් සජිත් පසුපස යා යුතුද නොවේ. 20 වෙනිදා පවා ඔහුට ඒ සඳහා ඉඩ කඩ සාදා තිබිණ. සම්මේලනයෙන් පසුව සජිත් සහ තලතා වෙනුවට වෙනත් දෙදෙනෙකු පත්කරගෙන නායකත්ව මණ්ඩලය තම ඉදිරි ගමන යනු ඇත. තලතාගේ කාන්තා නියෝජනය බොහෝ විට රෝසි සේනානායකට ලැඛෙනු ඇති යයි සිතිය හැකි අතර සජිත් වෙනුවට දැනට නායකත්ව මණ්ඩලයේ විශාල අඩුපාඩුවක්ව පවතින දෙමළ නියෝජනයකට ඉඩක් ලබා දිය යුතුය.
තමා දේශපාලන අබ්බගාතයෙක් කළ ප්රචාරකයන්ටම සම්මේලනයෙන් පසු ප්‍රකාශයක් කරමින් සජිත් තවත් උද්දච්ඡ කතාවක් කීවේය. සියළු භික්ෂු නායකයන් තමන්ගෙන් යලි ලිඛිතව ඉල්ලීමක් කරන්නේ නම් තමා නායකත්ව මණ්ඩලයට සහභාගී වන බවයි. භික්ෂු නායකයන් තෙවතාවකටත් වඩා ඉල්ලීම් කර තිබියදී තවදුරටත් සජිත් වැනි ලාමක ටිං ටිං කෙනෙක් ලඟ දණින් වැටෙනු ඇතැයි සිතිය නොහැකිය. මන්ද භික්ෂු නායකත්වයට සජිත්ට වඩා ආත්ම ගෞරවයක් තිඛෙන නිසාය.
සජිත් යනු තවදුරටත් එජාපයේ මතය වෙනස් කළ හැකි පුද්ගලයෙක් නොවේ. සජිත් නායකයෙක් නොවුනාය කියා එජාප පාක්ෂිකයාට එය වැදගත් නොවන බවත් පවතින සමගිය ගැන ඔවුන් සෑහීමකට පත්ව ඇති බවත් ඊයේ සම්මේලනය තහවුරු කෙළේය. එජාප සාමාජිකයන් දැන් සජිත් කව්දැයි තේරුම් ගෙන හමාරය. ඔහු සත්‍ය වශයෙන්ම සේවය කරන්නේ කාටදැයි මෝඩම එජාප පාක්ෂිකයාට පවා තේරුම් ගොස් හමාරය. එය සාම සාකච්ඡා මේසයෙන් නැගිට්ට විට එල්ටීටීඊය යනු කව්දැයි ලෝකයා තේරුම් ගත්තා හා සමානය. තවදුරටත් සටන් කිරීමට උත්සාහ කළහොත් සජිත්ට සිදුවන්නේ ද ප්රභාකරන්ට වූ සන්තෑසියේ දෙවන කොටසය.
-විමල් ධීරසේකර විසිනි-
ඔබ ජීවත් වීමට තෝරාගන්නා පරිසරය ගැන ප්රවේශම්වෙන්න. මන්ද එය ඔබගේ පෙනුම වෙනස් කරන බැවිනි. එමෙන්ම ඔබ තෝරා ගන්නා මිතුරන් ගැන ප්‍රවේශම් වෙන්න. මන්ද අවසානයේ ඔබ ද ඔවුන් සේම වනු ඇති බැවිනි.
-ඇමරිකානු ජාතික ක්ලෙමන්ට් ස්ටෝන් -