සජිත් ජනපති-මෛත්‍රී අගමැති..!

chami1

Member
Sep 9, 2008
2
0
0
සජිත් ජනපති-මෛත්‍රී අගමැති..!


(සුජිත් මංගල ද සිල්වා )

රටත් ජනතාවත් වෙනුවෙන් සියලු ජාතින් සහ ආගමිකයින් එකට ඒකරාශී කරමින් සිය නායකත්වයෙන් යුතුව ගොඩ නගමින් සිටින පුළුල් ජාතික මහා සන්ධානයේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ.

මේ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කෙරෙන්නේ ඔහු ජනාධිපති වුවාට පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති වරයා වශයෙන් පත්කිරීමේ එකඟතාවය මත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීපතමයා “lankanewsweek”

මේ අලුත් දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කෙරෙන්නේ, ඔහුට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය නොලැබුණොත් පමණක් බව පෙන්වා ජනාධිපතිවරයාගේ සමීපතමයා, යම් හෙයකින් ඔහුට එම අපේක්ෂකත්වය ලැබුණොත් ජනාධිපතිවරයා සිය පුළුල් සන්ධානය සමගම ඔහු වෙනුවෙන් පෙනී සිටින බව ද අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි එක්සත් ජාතික පෙරමුණ ද ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයද , සර්වාගමික නායකයින්ගේ සහ සිවිල් සමාජයේද ඇතැම් පාර්ශවයන් මේ තීරණය ගෙන තිබෙන්න්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා නොදෙමින් එම නායකයින් ඔහුගේ කකුලෙන් අදින අතර ඔහු නොසලකා හැර තිබෙන තත්ත්වය හමුවේය.

එක්සත් ජාතික පෙරමුණ අලුත් මුහුණුවරකින් සහ සියලු පාර්ශවයන්ට පිළිගත හැකි අයුරින් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් සිය පුර්ණ සහයෝගය ලබා දෙන බවට ද එසේ නොවන්නේ නම්, එම ජනධිපතිවරණයේදී තමා ස්වාධීන වන බවටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ ප්‍රධානත්වයෙන් අගහරුවාදා (04) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධාරනය කර සිටියේ මේ පසුබිම යටතේය.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අමතමින් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබෙන්නේ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන්නේ නම් තමා ඔහුට සහයෝගය ලබා දෙනවා පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සමගින් ඔහුගේ ජනාධිපතිවරණ වේදිකාවට ද නගින බවය.

එක්සත් ජාතික පෙරමුණේ එම පසු පෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ මේ පණිවිඩය සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී තිබෙන අතර ඒ අනුව තමා ජනාධිපතිවරණ සටනට නියත ලෙසම පැමිණෙන බවට සජිත් ප්‍රේමදාස මහතා විසින් අනුරාධපුරයේදී සෙනසුරාදා(08) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

මේ තත්ත්වය හමුවේ අරලිය ගහ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණ දේශපාලන වශයෙන් උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි වී සිටින බවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී අගහරුවාදා (04) රාත්‍රියේ පැවති එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන නායකයින්ගේ රැස්වීමේදී ද මේ නව දේශපාලන ප්‍රවනතාවය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සකච්ඡා වී තිබේ.
 

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    බොල විදග්ධ පුක් ශෝධක (rangana26)
    කුමක් මෙහි සිදුවේද?

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Udari-Warnakulasooriya-2-3.jpg
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සජිත් කියන්නේ පෞරුෂත්වයක් තියෙන නායකයෙක් නෙවෙයි... මෛති‍්‍ර ගැන කස්ටිය දන්නවනේ.... .. ගොනයි මීමයි එකට ඈදුවා වගේ තියෙයි....:rofl:
     
    Last edited: