සජිත් ජනාධිපති.. අනුර අගමැති… විපක්‍ෂයෙන් එක අපේක්‍ෂකයෙක්…

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    ඊළඟ ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වී මහ මැතිවරණයේදී අනුර දිසානායක මහතා අගමැති අපේක්‍ෂක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

    එසේ නොවන්නේ නම් අනුර දිසානායක මහතා ජනාධිපති අපේක්ෂක වී සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂක විය යුතු බවද ඔහු පැවසීය.

    එසේ නැතිව විපක්ෂයෙන් අපේක්ෂකයන් දෙතුන් දෙනෙක් ඉදිරිපත් කළහොත් එහි වාසිය ආණ්ඩුවට යනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

    ඒ නිසා විපක්ෂය කෑලි වලට නොබෙදා එක පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින බවද මන්ත්‍රීවරයා ජනහමුවක් අමතමින් කියා සිටියේය.
    Wena athal nathuwatada lol
    Dilanta pabath ekka monawa hari karaganna kiyapalla
    Lol
     
    Last edited:
    • Haha
    Reactions: SLK_sri