July 18, 2022 at 2:10 pm | lanka C news
අනිද්දා දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීමෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉවත් වන්නේ නම් සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් තිස් දෙනෙකු පමණ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට තරග කළ යුතු බවයි.
ඩලස් අලහප්පෙරුම මහතාට ජනාධිපති වීමට සහාය දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය වීම සඳහාද යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
එහිදී සමගි ජන බලවේගය තුළ මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන අතර එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අඩකට වැඩි පිරිසක් පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට තරග කළ යුතු බවත් ඩලස් අලහප්පෙරුම මහතා අගමැති කරවීමට සහාය දිය යුතු බවත්ය.