සජිත් නිල නිවස බාරදෙයි

neonz

Member
Mar 31, 2008
1,349
55
0
සජිත් නිල නිවස බාරදෙයි

කැබිනට් ඇමතිවරයෙකු ලෙස තමන්ට හිමිවන නිල නිවස ආපසු පවරාදෙන බවත්, නිල නිවස සමග ලැබෙන වියදම් සියල්ලද ‘සෙවණ’ අරමුදලට බැරකරන බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීමට ලැබෙන මිලියන දෙකක මුදල නිවාස අරමුදලට බැරකරන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බවද හෙතෙම කීවේය.

නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් වෙන්කර තිබුණු නිල නිවස ප්‍රතික්ෂේප කරමින් එහි යතුරු අමාත්‍යාංශ ලේකම්වරයා හරහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත භාරදුන් අවස්ථාවේ ඔහු මේ බව පැවසීය.

එසේම ජනාධිපතිවරයාගේ උපදෙස් නොතකා සමහරුන් යානවාහන රැසක් පිරිවරාගෙන තවමත් මහාමාර්ගයේ ගමන්කරන බවද, කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස තමන් ආරක්ෂකයන් සීමිත ගණනක් සමග පෞද්ගලික මෝටර් රථයේ ගමන් කරන බවද අමාත්‍යවරයා පැවසීය. එසේම ගමන් රථ කිසිවක් නොමැතිව හම්බන්තොට දිස්ත්‍රික්කයේත්, රටේ ඕනෑම ප්‍රදේශයකත් ශ්‍රී ලංකාවේ ජනතාවට යුතුකම් ඉටුකිරීමට කැපවන බවද හෙතෙම කීය.


5(253).gif


4(403).gif


2(1355).gif


0(14).gif
 

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    4(403).gif


    oka maha loku bathroom ekak nemeine ban public karanna tharam, kokatath Sajithge private home eke Bathroom walath pics demma nam compare karanna puluwan :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේක ඒ යකාට හරි නැතුව ඇති.බලපන් බාත්රූම් එකේ හැටි...ඇයි යකෝ නිධන් හාරපුවගෙන් තාත්තයි පුතයි සැප ගෙවල් හදලා ඇති..