සජින්ගෙන් ගුටි කෑ ක්‍රිස් නෝනිස් ඉල්ලා අස
විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මංත්‍රී සජින් වාස් ගුණවර්ධනගෙන් මීට දින කිහිපයකට ඉහත දී පහර කෑමට ලක් වූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිය ඇමරිකානු සංචාරය නිමා කොට නැවත කොළඹ බලා පැමිණ සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ, මෙම පුවත වාර්තා නොකරන ලෙසට රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය වෙත උපදෙස් දී ඇති අතර සිද්ධියට අදාල සියලු පාර්ශ්ව සමග පුද්ගලිකව සාකච්ඡා පවත්වා තිබේ.
මෙම සිද්ධිය සිදුවී ඇත්තේ නිව්යෝක් නුවර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂක වරයා වන ඩිලාන් ආරියවංශ මහතාගේ නිවසේ දී ය. ජගත් මහ සමුළුවට සහභාගී වීමට පැමිණි ජනාධිපතිවරයා ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට ඔහු විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබේ. ආරියවංශ මහතා 2000 වසරේ දී ලලිත් කොතලාවල විසින් මූලිකව නිව්යෝක් වෙත යවා ඇත්තේ ශ්‍රී ලංකා ට්‍රැවල්ස් හි සේවක කලමණාකරු ලෙසට වන අතර එහිදී ආන්දෝලනාත්මක සිද්ධීන් රැසකට ඔහුගේ නම ඈඳී තිබිනි.
මෙම සාදයට සහභාගී වූ එක් පුද්ගලයකු “කලම්බෝ ටෙලෙග්‍රාප්” වෙබ් ඇඩවියට පවසා ඇත්තේ මෙම භෝජන සංග්‍රහයට නෝනිස් මහතා, විදේශ අමාත්‍යාංශ ලේකම් ක්ශේනුකා සෙනෙවිරත්න මහත්මිය හා සජින් වාස් ගුණවර්ධන මංත්‍රීවරයා ද සහභාගි වී සිටි බව යි.
මෙහිදී අධික ලෙස බීමත්ව සිටි ගුණවර්ධන මංත්‍රීවරයා නෝනිස් මහතා සමග වාදයක පැටලී ඇති අතර එහිදී “වල් පරයා” “හු.. බැල්ලිගේ පුතා”
ආදී අසභ්‍ය වචනයෙන් නෝනිස් මහතාට බැනවැදී ඇති සජින් වස් මංත්‍රීවරයා එකවරම නෝනිස් මහතාගේ මුහුණ හරහා අතුල් පහරක් එල්ල කර ඇති අතර එහිදී මහ කොමසාරිස්වරයා බිම ඇදවැටී තිබේ.
ඉන් පසුව මංත්‍රීවරයා නෝනිස් මහතාට පාපහර කිහිපයක් ද එල්ල කර ඇති අතර එහිදී සිය පාදයේ ඇඟිල්ලකට තුවාල සිදුවීම නිසා සජින් වාස් මංත්රීවරයාට ප්‍රතිකාර ගැනීමට ද සිදුව තිබේ.
මෙම සිදුවීමෙන් පසුව නෝනිස් මහතා භෝජන සංග්‍රහයෙන් පිටවී ගොස් ඇති අතර ජනාධිපතිවරයා නැවතී සිටි නිව්යෝක් නුවර තරු පහේ හෝටලයට ගොස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. ඊට පසු දින ඔහු නෑවත එක්සත් ජනපදය බලා ගොස් තිබේ.
මෙහිදී ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමේ එක් අයකුට නෝනිස් මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරයා මෙම සිද්ධිය සම්බන්ධව කිසිදු පියවරක් නොගනු ඇති බව යි.
- http://sinhala.theindependent.lk/index.php/news2/6103-2014-09-29-07-50-28
ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි!
විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සහ ජනාධිපති රහස්‍ය මූල්‍ය උපදේශක සජින් වාස් ගුණවර්ධන හෙවත් ‘බැගේජ් බෝයි' ගේ පහරදීමකට නිව්යෝක් නුවරදී ලක්වූ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වෙමින් ජනාධිපතිවරයාට යැවූ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති ලේකම් කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කරයි.
වෛද්‍ය ක්‍රිස් නෝනිස් හා කතාබහ කොට ප්රශ්නය සමතයට පත්කිරීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ජනාධිපතිවරයා විසින් ලන්ඩනය වෙත විශේෂයෙන් එවා ඇත. මේ දිනවල ප්‍රංශයේ පුද්ගලික සංචාරයක යෙදෙන ගාමිණී සෙනරත් මහතා එම සංචාරය අතරමග නවතා දමා ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිට ක්‍රිස් නෝනිස් හමුවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් ඇත.
තම කට නිසා අනවශ්‍ය පරිදි සතුරන් ඇතිකර ගැනීමේ දක්ෂයෙකු වන වෛද්‍ය ක්‍රිස් නෝනිස් විදේශ අමාත්‍යංශයේ ලේකම්වරිය වන ෂෙනුකා සෙනෙවිරත්නට ‘බ්ලඩි බිච්'
යනුවෙන් පවසනු ඇසීමෙන් කෝපයට පත්වී ඇති සජින් වාස් ගුණවර්ධන එකෙනෙහිම ක්‍රිස් නෝනිස්ට කම්මුල් පහරක් එල්ල කොට ඇත. ගැටුමෙන් පසු එදිනම ලන්ඩනය කරා ගොස් ඇති ක්‍රිස් නෝනිස් තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යවා ඇත.
මෙම පුවත පිලිබදව කිසිවක් වාර්තා නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සියළුම සති අන්ත පුවත්පත්වලට දැනුම් දී ඇත. ඊයේ (28) පලවූ කිසිදු සති අන්ත පුවත්පතක මෙම සිද්ධිය වාර්තා නොවී තිබුනේ එම නිසාය. ලබන වසරේ අගෝස්තු මාසය දක්වා සේවා දිගුවක් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පසුගිය මාසයේදී ජනාධිපතිවරයා විසින් ලබා දී තිබිණ. ඒ පිළිබඳව විදේශ අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරීන් සමග සජින් වාස් ගුණවර්ධන පවසා ඇත්තේ ‘ක්‍රිස්ට එක්ටෙන්ෂන් එක දුන්නෙ ඡන්දය ළඟ එන නිසා. ඡන්දෙන් පස්සෙ මං ඕකව ගහල හරි එළවනව' කියාය. සජින් වාස් ගුණවර්ධන පහර දෙන අවස්ථාවේ සිට ඇත්තේ දැඩි බීමතිනි. තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයා සජින්ගේ කම්මුලට ගසා ඇති බවයි.
- http://sinhala.lankanewsweb.net/news/13952-2014-09-29-14-38-05
විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මංත්‍රී සජින් වාස් ගුණවර්ධනගෙන් මීට දින කිහිපයකට ඉහත දී පහර කෑමට ලක් වූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිය ඇමරිකානු සංචාරය නිමා කොට නැවත කොළඹ බලා පැමිණ සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ, මෙම පුවත වාර්තා නොකරන ලෙසට රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය වෙත උපදෙස් දී ඇති අතර සිද්ධියට අදාල සියලු පාර්ශ්ව සමග පුද්ගලිකව සාකච්ඡා පවත්වා තිබේ.
මෙම සිද්ධිය සිදුවී ඇත්තේ නිව්යෝක් නුවර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂක වරයා වන ඩිලාන් ආරියවංශ මහතාගේ නිවසේ දී ය. ජගත් මහ සමුළුවට සහභාගී වීමට පැමිණි ජනාධිපතිවරයා ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට ඔහු විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබේ. ආරියවංශ මහතා 2000 වසරේ දී ලලිත් කොතලාවල විසින් මූලිකව නිව්යෝක් වෙත යවා ඇත්තේ ශ්‍රී ලංකා ට්‍රැවල්ස් හි සේවක කලමණාකරු ලෙසට වන අතර එහිදී ආන්දෝලනාත්මක සිද්ධීන් රැසකට ඔහුගේ නම ඈඳී තිබිනි.
මෙම සාදයට සහභාගී වූ එක් පුද්ගලයකු “කලම්බෝ ටෙලෙග්‍රාප්” වෙබ් ඇඩවියට පවසා ඇත්තේ මෙම භෝජන සංග්‍රහයට නෝනිස් මහතා, විදේශ අමාත්‍යාංශ ලේකම් ක්ශේනුකා සෙනෙවිරත්න මහත්මිය හා සජින් වාස් ගුණවර්ධන මංත්‍රීවරයා ද සහභාගි වී සිටි බව යි.
මෙහිදී අධික ලෙස බීමත්ව සිටි ගුණවර්ධන මංත්‍රීවරයා නෝනිස් මහතා සමග වාදයක පැටලී ඇති අතර එහිදී “වල් පරයා” “හු.. බැල්ලිගේ පුතා”
ආදී අසභ්‍ය වචනයෙන් නෝනිස් මහතාට බැනවැදී ඇති සජින් වස් මංත්‍රීවරයා එකවරම නෝනිස් මහතාගේ මුහුණ හරහා අතුල් පහරක් එල්ල කර ඇති අතර එහිදී මහ කොමසාරිස්වරයා බිම ඇදවැටී තිබේ. ඉන් පසුව මංත්‍රීවරයා නෝනිස් මහතාට පාපහර කිහිපයක් ද එල්ල කර ඇති අතර එහිදී සිය පාදයේ ඇඟිල්ලකට තුවාල සිදුවීම නිසා සජින් වාස් මංත්රීවරයාට ප්‍රතිකාර ගැනීමට ද සිදුව තිබේ.
මෙම සිදුවීමෙන් පසුව නෝනිස් මහතා භෝජන සංග්‍රහයෙන් පිටවී ගොස් ඇති අතර ජනාධිපතිවරයා නැවතී සිටි නිව්යෝක් නුවර තරු පහේ හෝටලයට ගොස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. ඊට පසු දින ඔහු නෑවත එක්සත් ජනපදය බලා ගොස් තිබේ.
මෙහිදී ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමේ එක් අයකුට නෝනිස් මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරයා මෙම සිද්ධිය සම්බන්ධව කිසිදු පියවරක් නොගනු ඇති බව යි.
- http://sinhala.theindependent.lk/index.php/news2/6103-2014-09-29-07-50-28
ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි!
විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සහ ජනාධිපති රහස්‍ය මූල්‍ය උපදේශක සජින් වාස් ගුණවර්ධන හෙවත් ‘බැගේජ් බෝයි' ගේ පහරදීමකට නිව්යෝක් නුවරදී ලක්වූ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වෙමින් ජනාධිපතිවරයාට යැවූ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති ලේකම් කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කරයි.
වෛද්‍ය ක්‍රිස් නෝනිස් හා කතාබහ කොට ප්රශ්නය සමතයට පත්කිරීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ජනාධිපතිවරයා විසින් ලන්ඩනය වෙත විශේෂයෙන් එවා ඇත. මේ දිනවල ප්‍රංශයේ පුද්ගලික සංචාරයක යෙදෙන ගාමිණී සෙනරත් මහතා එම සංචාරය අතරමග නවතා දමා ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිට ක්‍රිස් නෝනිස් හමුවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් ඇත.
තම කට නිසා අනවශ්‍ය පරිදි සතුරන් ඇතිකර ගැනීමේ දක්ෂයෙකු වන වෛද්‍ය ක්‍රිස් නෝනිස් විදේශ අමාත්‍යංශයේ ලේකම්වරිය වන ෂෙනුකා සෙනෙවිරත්නට ‘බ්ලඩි බිච්'
යනුවෙන් පවසනු ඇසීමෙන් කෝපයට පත්වී ඇති සජින් වාස් ගුණවර්ධන එකෙනෙහිම ක්‍රිස් නෝනිස්ට කම්මුල් පහරක් එල්ල කොට ඇත. ගැටුමෙන් පසු එදිනම ලන්ඩනය කරා ගොස් ඇති ක්‍රිස් නෝනිස් තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යවා ඇත.මෙම පුවත පිලිබදව කිසිවක් වාර්තා නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සියළුම සති අන්ත පුවත්පත්වලට දැනුම් දී ඇත. ඊයේ (28) පලවූ කිසිදු සති අන්ත පුවත්පතක මෙම සිද්ධිය වාර්තා නොවී තිබුනේ එම නිසාය. ලබන වසරේ අගෝස්තු මාසය දක්වා සේවා දිගුවක් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පසුගිය මාසයේදී ජනාධිපතිවරයා විසින් ලබා දී තිබිණ. ඒ පිළිබඳව විදේශ අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරීන් සමග සජින් වාස් ගුණවර්ධන පවසා ඇත්තේ ‘ක්‍රිස්ට එක්ටෙන්ෂන් එක දුන්නෙ ඡන්දය ළඟ එන නිසා. ඡන්දෙන් පස්සෙ මං ඕකව ගහල හරි එළවනව' කියාය. සජින් වාස් ගුණවර්ධන පහර දෙන අවස්ථාවේ සිට ඇත්තේ දැඩි බීමතිනි. තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයා සජින්ගේ කම්මුලට ගසා ඇති බවයි.