සජින්ගෙන් ගුටි කෑ ක්‍රිස් නෝනිස් ඉල්ලා අ&#3523

monson

Well-known member
  • May 7, 2007
    25,770
    28,917
    113
    සජින්ගෙන් ගුටි කෑ ක්‍රිස් නෝනිස් ඉල්ලා අ&#3523

    විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මංත්‍රී සජින් වාස් ගුණවර්ධනගෙන් මීට දින කිහිපයකට ඉහත දී පහර කෑමට ලක් වූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    සිය ඇමරිකානු සංචාරය නිමා කොට නැවත කොළඹ බලා පැමිණ සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ, මෙම පුවත වාර්තා නොකරන ලෙසට රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය වෙත උපදෙස් දී ඇති අතර සිද්ධියට අදාල සියලු පාර්ශ්ව සමග පුද්ගලිකව සාකච්ඡා පවත්වා තිබේ.

    මෙම සිද්ධිය සිදුවී ඇත්තේ නිව්යෝක් නුවර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂක වරයා වන ඩිලාන් ආරියවංශ මහතාගේ නිවසේ දී ය. ජගත් මහ සමුළුවට සහභාගී වීමට පැමිණි ජනාධිපතිවරයා ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට ඔහු විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබේ. ආරියවංශ මහතා 2000 වසරේ දී ලලිත් කොතලාවල විසින් මූලිකව නිව්යෝක් වෙත යවා ඇත්තේ ශ්‍රී ලංකා ට්‍රැවල්ස් හි සේවක කලමණාකරු ලෙසට වන අතර එහිදී ආන්දෝලනාත්මක සිද්ධීන් රැසකට ඔහුගේ නම ඈඳී තිබිනි.

    මෙම සාදයට සහභාගී වූ එක් පුද්ගලයකු “කලම්බෝ ටෙලෙග්‍රාප්” වෙබ් ඇඩවියට පවසා ඇත්තේ මෙම භෝජන සංග්‍රහයට නෝනිස් මහතා, විදේශ අමාත්‍යාංශ ලේකම් ක්ශේනුකා සෙනෙවිරත්න මහත්මිය හා සජින් වාස් ගුණවර්ධන මංත්‍රීවරයා ද සහභාගි වී සිටි බව යි.

    මෙහිදී අධික ලෙස බීමත්ව සිටි ගුණවර්ධන මංත්‍රීවරයා නෝනිස් මහතා සමග වාදයක පැටලී ඇති අතර එහිදී “වල් පරයා” “හු.. බැල්ලිගේ පුතා” :rofl: ආදී අසභ්‍ය වචනයෙන් නෝනිස් මහතාට බැනවැදී ඇති සජින් වස් මංත්‍රීවරයා එකවරම නෝනිස් මහතාගේ මුහුණ හරහා අතුල් පහරක් එල්ල කර ඇති අතර එහිදී මහ කොමසාරිස්වරයා බිම ඇදවැටී තිබේ.

    ඉන් පසුව මංත්‍රීවරයා නෝනිස් මහතාට පාපහර කිහිපයක් ද එල්ල කර ඇති අතර එහිදී සිය පාදයේ ඇඟිල්ලකට තුවාල සිදුවීම නිසා සජින් වාස් මංත්‍රීවරයාට ප්‍රතිකාර ගැනීමට ද සිදුව තිබේ.

    මෙම සිදුවීමෙන් පසුව නෝනිස් මහතා භෝජන සංග්‍රහයෙන් පිටවී ගොස් ඇති අතර ජනාධිපතිවරයා නැවතී සිටි නිව්යෝක් නුවර තරු පහේ හෝටලයට ගොස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. ඊට පසු දින ඔහු නෑවත එක්සත් ජනපදය බලා ගොස් තිබේ.


    මෙහිදී ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමේ එක් අයකුට නෝනිස් මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරයා මෙම සිද්ධිය සම්බන්ධව කිසිදු පියවරක් නොගනු ඇති බව යි.


    - http://sinhala.theindependent.lk/index.php/news2/6103-2014-09-29-07-50-28

    ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි!

    විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සහ ජනාධිපති රහස්‍ය මූල්‍ය උපදේශක සජින් වාස් ගුණවර්ධන හෙවත් ‘බැගේජ් බෝයි' ගේ පහරදීමකට නිව්යෝක් නුවරදී ලක්වූ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වෙමින් ජනාධිපතිවරයාට යැවූ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති ලේකම් කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කරයි.

    වෛද්‍ය ක්‍රිස් නෝනිස් හා කතාබහ කොට ප්‍රශ්නය සමතයට පත්කිරීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ජනාධිපතිවරයා විසින් ලන්ඩනය වෙත විශේෂයෙන් එවා ඇත. මේ දිනවල ප්‍රංශයේ පුද්ගලික සංචාරයක යෙදෙන ගාමිණී සෙනරත් මහතා එම සංචාරය අතරමග නවතා දමා ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිට ක්‍රිස් නෝනිස් හමුවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් ඇත.

    තම කට නිසා අනවශ්‍ය පරිදි සතුරන් ඇතිකර ගැනීමේ දක්ෂයෙකු වන වෛද්‍ය ක්‍රිස් නෝනිස් විදේශ අමාත්‍යංශයේ ලේකම්වරිය වන ෂෙනුකා සෙනෙවිරත්නට ‘බ්ලඩි බිච්' :rofl: යනුවෙන් පවසනු ඇසීමෙන් කෝපයට පත්වී ඇති සජින් වාස් ගුණවර්ධන එකෙනෙහිම ක්‍රිස් නෝනිස්ට කම්මුල් පහරක් එල්ල කොට ඇත. ගැටුමෙන් පසු එදිනම ලන්ඩනය කරා ගොස් ඇති ක්‍රිස් නෝනිස් තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යවා ඇත.

    මෙම පුවත පිලිබදව කිසිවක් වාර්තා නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සියළුම සති අන්ත පුවත්පත්වලට දැනුම් දී ඇත. ඊයේ (28) පලවූ කිසිදු සති අන්ත පුවත්පතක මෙම සිද්ධිය වාර්තා නොවී තිබුනේ එම නිසාය. ලබන වසරේ අගෝස්තු මාසය දක්වා සේවා දිගුවක් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පසුගිය මාසයේදී ජනාධිපතිවරයා විසින් ලබා දී තිබිණ. ඒ පිළිබඳව විදේශ අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරීන් සමග සජින් වාස් ගුණවර්ධන පවසා ඇත්තේ ‘ක්‍රිස්ට එක්ටෙන්ෂන් එක දුන්නෙ ඡන්දය ළඟ එන නිසා. ඡන්දෙන් පස්සෙ මං ඕකව ගහල හරි එළවනව' කියාය. සජින් වාස් ගුණවර්ධන පහර දෙන අවස්ථාවේ සිට ඇත්තේ දැඩි බීමතිනි. තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයා සජින්ගේ කම්මුලට ගසා ඇති බවයි.


    - http://sinhala.lankanewsweb.net/news/13952-2014-09-29-14-38-05

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහා එකා හිටගෙන රෙනකොට
    පොඩි එවුන් දුව දුව රෙනවා කියන්නේ ඕකට
     

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    තම කට නිසා අනවශ්‍ය පරිදි සතුරන් ඇතිකර ගැනීමේ දක්ෂයෙකු වන වෛද්‍ය ක්‍රිස් නෝනිස් විදේශ අමාත්‍යංශයේ ලේකම්වරිය වන ෂෙනුකා සෙනෙවිරත්නට ‘බ්ලඩි බිච්' යනුවෙන් පවසනු ඇසීමෙන් කෝපයට පත්වී ඇති සජින් වාස් ගුණවර්ධන එකෙනෙහිම ක්‍රිස් නෝනිස්ට කම්මුල් පහරක් එල්ල කොට ඇත.


    මේක ඇත්ත වෙන්ඩ පුලුවන්ද ???
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83
    තම කට නිසා අනවශ්‍ය පරිදි සතුරන් ඇතිකර ගැනීමේ දක්ෂයෙකු වන වෛද්‍ය ක්‍රිස් නෝනිස් විදේශ අමාත්‍යංශයේ ලේකම්වරිය වන ෂෙනුකා සෙනෙවිරත්නට ‘බ්ලඩි බිච්' යනුවෙන් පවසනු ඇසීමෙන් කෝපයට පත්වී ඇති සජින් වාස් ගුණවර්ධන එකෙනෙහිම ක්‍රිස් නෝනිස්ට කම්මුල් පහරක් එල්ල කොට ඇත.


    මේක ඇත්ත වෙන්ඩ පුලුවන්ද ???

    I do not think Dr Nonis has use any sort of bad language at anyone. Even we know who is the educated person and who's not.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තම කට නිසා අනවශ්‍ය පරිදි සතුරන් ඇතිකර ගැනීමේ දක්ෂයෙකු වන වෛද්‍ය ක්‍රිස් නෝනිස් විදේශ අමාත්‍යංශයේ ලේකම්වරිය වන ෂෙනුකා සෙනෙවිරත්නට ‘බ්ලඩි බිච්' යනුවෙන් පවසනු ඇසීමෙන් කෝපයට පත්වී ඇති සජින් වාස් ගුණවර්ධන එකෙනෙහිම ක්‍රිස් නෝනිස්ට කම්මුල් පහරක් එල්ල කොට ඇත.


    මේක ඇත්ත වෙන්ඩ පුලුවන්ද ???

    ෂේනුකා කියන්නේ කොටින්ට සපෝට් කරපු ngo එක්ක වැඩ කරපු ගැනියෙක්. දැන් මැරිලා ඉපදිලා වගේ ඉන්නේ බ්ලඩ් බීච්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,917
    113
    සජින් - නෝනිස් ගැටුමට මුලපුරා ඇත්තේ ෂෙනුකා!

    පසුගිය අගහරුවාදා (23) නිව්යෝක් නිව්ජර්සි නගරයේ ඩිලාන් ආරියවංශ මහතාගේ නිවසේ පැවති රාත්‍රී සාදයකදී එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා හා විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අතර ඇතිවූ ගැටුම අවුලවා ඇත්තේ විදේශ අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න විසිනි.

    විදේශ අමාත්‍යංශයේ සම්ප්‍රදාය අනුව විදේශ අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යංශ ලේකම් එකවිට විදෙස් සංචාරය කළ නොහැකි වුවත් ඒ සම්ප්‍රදාය තුට්ටුවකට මායිම් නොකරමින් විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සිය සමීපතම යෙහෙළිය වන ෂෙනුකා සෙනෙවිරත්න ජනාධිපතිවරයාගේ නිව්යෝක් සංචාරය සඳහා සහභාගි කරවාගෙන ඇත. දිවංගත ඒ.සී.එස්. හමීඩ් මහතා විදේශ ඇමතිව සිටි කාලයේ සිටම කේලාම් කීමට හා අතිරේක කාර්යන් සඳහා නමක් දිනා සිටින ෂෙනුකා සෙනෙවිරත්න, වෛද්‍ය ක්‍රිස් නෝනිස් පදවියට පත්වූ කාලයේ සිටම ඔහු කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් හා ක්‍රෝධයෙන් කටයුතු කරන බව විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්ට නොරහසකි.

    ෂෙනුකා සෙනෙවිරත්න ක්‍රිස් නෝනිස්ගෙන් පලිගැනීම සඳහා සෑහෙන කාලයක සිට පෙරුම්පුරා බලාසිටි අවස්ථාව උදාවී ඇත්තේ ඩිලාන් ආරියවංශගේ නිවසේදීය. ෂෙනුකා විසින් තම හිතවතා වන සජින් වාස්ට ‘ජොනී වෝකර් - බ්ලූ ලේබල් ' යහමින් පොවා එසේ පොවන අතරතුරදී ක්‍රිස් නෝනිස් සම්බන්ධ විවිධ කාරණා ඔහුට පවසනු සාදයට පැමිණි සිටි පිරිස් අසා සිට ඇත. මෙසේ ඔවුන් තිදෙනා එකට මුණ ගැසී ඇත්තේ ෂෙනුකා අමාත්‍යංශ ලේකම්ධූරයට පත්වීමෙන් පසු ප්‍රථම වතාවටය.

    මීට වසර කිහිපයකට පෙර ක්‍රිස් නෝනිස් විසින් තමා හැඳින්වීම සඳහා ‘හාෆ් බේක් බිච්' යන විශේෂණ පදය යෙදූ බව ඇඬුම් බර ස්වරූපයෙන් ෂෙනුකා ප්‍රේමාන්විතව සජින් වාස්ට මතක් කර දී ඇත. තම සිහින රැජිනගේ චිත්ත සන්තානය වේදනාවට පත්කළ එම වචන කිවූ ක්‍රිස් නෝනිස්ගෙන් ඒ පිළිබඳව විමසා සිහින රැජිනගෙන් ලකුණු දා ගැනීමට දැඩි ලෙස වෙරිමතින් සිටි මෙම අම්බලන්ගොඩ ආදි මානවකයාට සිතක් පහල වී වෙරිමතින්ම ක්‍රිස් නෝනිස් කරා ගොස් මීට වසර කිහිපයකට පෙර තම සුරදූතියට ‘හාෆ් බේක් බිච්' යනුවෙන් හැඳින්වූයේ ඇයිදැයි විමසා ඇත. සජින්ගේ පැනයෙන් උඩබිම බලා ඇති ක්‍රිස් ‘Why should I call her half bake bitch?' යනුවෙන් සිනහවෙමින් පෙරළා විමසා තිබේ. එයින් කෝපයට හා සන්ත්‍රාසයට පත්වූ අම්බලන්ගොඩ ආදී මානවකයා සිය ග්‍රෝත්‍රවාදී ප්‍රහාරය ශිෂ්ඨ සමාජයක් හමුවේ අශිෂ්ඨ ආකාරයට ප්‍රදර්ශනය කොට ඇත.

    සජින් වාස් ගේ මෘග ප්‍රහාරයෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටවී ජනාධිපතිවරයා නැවතී සිටි ‘වෙල්ඩොෆ් ඇස්ටෝරියා' හෝටලයට පැමිණ ඇති ක්‍රිස් නෝනිස් තමාට විදින්නට සිදුවූ ලැජ්ජාව සහ ප්‍රහාරය පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වී ඇත්තේ ‘ඕව ගණන් ගන්න එපා ක්‍රිස්. ඕක මහ පිස්සෙක්. ඕක ඔහොම හැසිරෙන්නෑ අර අම්මන්ඩි තමයි ඕකව වයින් කරන්න ඇත්තෙ. මං උන් දෙන්න ගැනම බලාගන්නම්' කියාය. ජනාධිපතිවරයාගෙන් සමුගෙන පසුදින උදෑසන ක්‍රිස් නෝනිස් ලන්ඩනය කරා ගොස් ඇත. ඔහු මේ වන විට තම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාටද පිටපත් සහිතව විදේශ අමාත්‍යංශය වෙත යවා ඇත. කාලයක් බලා සිටි තමන්ගේ පලි ගැනීමේ අරමුණ ඉෂ්ඨ කරගත් ෂෙනුකා සෙනෙවිරත්න ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීමෙන් මහත් සේ ප්‍රබෝධයට පත්වී සිටින්නීය. මේ වන විට පියවි සිහිය ලැබ සිටින අම්බලන්ගොඩ ආදී මානවක සජින් වාස් ගුණවර්ධන හට එසේ පියවි සිහිය ලැබී ඇත්තේ ජනාධිපතිවරයාගෙන් කණ හරහා ලැබුණ පසුවය.

    මෙම සිද්ධිය පිළිබඳව වෛද්‍ය ක්‍රිස් නෝනිස්ගෙන් විමසා ඇති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ක්‍රිස් පවසා ඇත්තේ ‘ජනාධිපතිවරයා තමා හෝ සජින් වාස් යන දෙදෙනාගෙන් එක් කෙනෙකු තෝරා ගත යුතු බව'යි. බොහෝවිට ජනාධිපතිවරයාගේ තේරීම වනු ඇත්තේ තමාගේ සියලු ඕනෑ එපාකම් පිරිමහන සජින් වාස් ගුණවර්ධනය.


    - http://sinhala.lankanewsweb.net/news/13957-2014-09-30-08-25-44
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ෂේනුකා ගන ලිපයක් ගිය ලනක පත්තරේ මන් හොයලා දැන්නම්.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    meya neda ammandi..

    Naml-Sajin-05.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Erozan ta anuwa Dr. Chris Nonis kiyanne ekko JVP karayek, neththam UNP karayek ehema neththam suddata puka deepu ekek..
     

    waligamaya

    Well-known member
  • තම කට නිසා අනවශ්‍ය පරිදි සතුරන් ඇතිකර ගැනීමේ දක්ෂයෙකු වන වෛද්‍ය ක්‍රිස් නෝනිස් විදේශ අමාත්‍යංශයේ ලේකම්වරිය වන ෂෙනුකා සෙනෙවිරත්නට ‘බ්ලඩි බිච්' යනුවෙන් පවසනු ඇසීමෙන් කෝපයට පත්වී ඇති සජින් වාස් ගුණවර්ධන එකෙනෙහිම ක්‍රිස් නෝනිස්ට කම්මුල් පහරක් එල්ල කොට ඇත.


    :oo::oo::rolleyes::rolleyes:
     

    Similar threads