:::... සත්ත්ව ලොවේ අසිරිමත් පුරුදු 15 ක් ...:::

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    :::... සත්ත්ව ලොවේ අසිරිමත් පුරුදු 15 ක් ...:::

    :::... ත්ත්ව ලොවේ සිරිමත් පුරුදු 15 ක් ...:::

    e0163cb72ad6bebc01559d5e064d8979.jpg


    01. “ඔයා නෙමෙයි මමයි තාත්තා” – අම්මෙක් නොවී තාත්තෙක් වීමට වලිකන පැතලි පණුවෝ (Flat Worms)

    Platyhelminthes-Pic.jpg


    මවක් වෙන එකද පියෙක් වෙන එකද වඩා පහසු? මේ ගැන කරදර වෙන සත්ත්ව කොට්ඨාශයක් ගැන තමයි මේ කියන්න යන්නේ. පැතලි පණුවා කියන්නේ බහු ලිංගික සත්ත්වයෙක්. ඒ කියන්නේ එකම සත්ත්වයා තුල ස්ත්‍රී සහ පුරුෂ ලිංගයන් දෙකම පිහිටනවා. සාමාන්‍යයෙන් මෙම එක් පණුවෙකුගේ ස්ත්‍රි සහ පුරුෂ ලිංගයන් කිහිපයක් පවතිනවා. මෙම සතුන් දෙදෙනෙකු ලිංගිකව එක් වීමේදී දෙදෙනාම පුරුෂයා වීමට දැඩි ලෙස සටන් කරන අතර, සම සීරී තුවාල වනතුරු පවතින මෙම සටන නිම වන්නේ ජයග්‍රාහකයා පුරුෂයා බවට පත් වීමෙන්.

    02. මී මැස්සා (Honey Bee)

    1-Honey-Bee-001.jpg


    මී පැණි… ඇහුවත් කටට කෙල උනනවා නේද? ඉතින් අපි කවුරුත් ආසා කරන මී පැණි හදන්න මී මැස්සන් ගන්නා වෙහෙස අපූරුයි. මී වදයක් කියන්නේ ඇත්තටම ශ්‍රම බලකායක්. එහි එක් එක් කාර්යයන් සඳහා විශේෂිතවූ මී මැස්සන් කාණ්ඩයක් සිටිනවා. මේ අයගෙන් එක් කොටසක් වන ක්ෂේත්‍ර මැස්සන් (Field bees) තමයි මලින් මලට ගිහින් මල් පැණි එකතු කරගෙන එන්නේ. මේ ගෙන එන පැණි, මී පැණි බවට හරවන වගකීම පැවරෙන්නේ වැඩකාර මැස්සන්ට (Worker bees). ඉතින් ඔවුන්ගේ කාර්යභාරය තමයි මේ මල් පැණි, මී පැණි බවට පත් වෙනකම්, එහෙම නැත්නම් මල් පැණි වල තිබෙන ජලයෙන් යම් ප්‍රමාණයක් ඉවත් වෙනකම් ඒවා ගිලිමින් නැවත වැමෑරීම. ඔන්න ඔහොමයි අපි කවුරුත් ආසා මී පැණි ලැබෙන්නේ.

    03. පළතුරු, එලවලු සෝදා කන ජපන් හිම වඳුරා (Japanese Macaque / Snow Monkey)

    3dc794700fc53a0d00e81947b151770b.jpg


    එළවලු, පළතුරු කනකොට හොඳට හෝදලා කෑමට ගන්නයි අපි පුරුදු වී ඉන්නේ. මේ පුරුද්ද තිබෙන තවත් පිරිසක් ගැනයි මේ කියන්නේ. ජපන් හිම වඳුරා ගස් වල දලු, පළතුරු වැනි ශාඛ ආහාර රැසක් ආහාරයට ගන්නවා. මොවුන් පිළිබඳව අධ්‍යනය කරන විද්‍යාඥයින් කණ්ඩායමක් නිරීක්ෂණය කර ඇත්තේ ඔවුන් තම ආහාර මුහුදු ජලයෙන් සෝදා ආහාරයට ගන්නා බවයි. මෙම පුරුද්ද සඳහා ඉවහල් වී ඇත්තේ පිරිසිඳුකම පමණක්ම නොව, ලුණු ජලය මගින් ආහාරයට ලැබෙන රසයත් විය යුතු බවයි විද්‍යාඥයින්ගේ අදහස.

    04. “කෑම මදිවුනත් අපි බය නෑ” – රතු ලේනාගේ උපක්‍රමය (Red Squirrel)

    red-squirrel.jpg


    ශීත සමය සඳහා ආහාර රැස් කරන සතුන් ගැන ඔබ අසා ඇති. මෙම ලේන් විශේෂයත් මෙසේ ශීත සමය සඳහා ආහාර රැස් කරන සත්ත්ව විශේෂයක්. මොවුන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නේ ශාඛවල ඇට වර්ග. ශීත සමයේ ආහාර ගබඩාවේ ආහාර අඩුවෙමින් යන විටදී මොවුන් අපූරු උපක්‍රමයක් භාවිතා කරනවා. මේපල් ගසක පොත්ත සපා කා එයි වැගිරෙන යුෂ ඝන වනතුරු බලා සිටින මොවුන් එය ආහාරයට ගන්නවා. රසයෙන් සහ පෝෂණයෙන් අනූන මෙම ආහාරය මගින් ඔවුන්ට ශීත සමයට ඔරොත්තු දීමේ හැකියාවක්ද ලැබෙන බවයි පැවසෙන්නේ.

    05. “කෑම කල්තබා ගන්න අපිත් දන්නවා” – අත්තම්මාගේ උපක්‍රම දන්නා වළලන කුරුමිණියා (Burying Beetle)

    burying-beetle.jpg


    අපි පුංචි කාලේ අත්තම්මා විවිධ විවිධ කෑම ජාති කල්තබා ගන්න යොදන අනේකවිධ උපක්‍රම දැක තිබෙනවා නේද? මේ කුරුමිණියා කරන්නේත් මේ වගේම වැඩක්. මේ කුරුමිණියාට මැරුණු සතෙකුගේ සිරුරක් හමුවුනාම මුලින්ම කරන්නේ එම සිරුර පුරාම තම කෙළ තවරන එක. මේ කෙළ බැක්ටීරියානාශක සහ දිලීරනාශක ගුණයෙන් සමන්විතයි. ඉන් පසු සිරුරට වඩා මදක් විශාල වලක් සාරා ගන්නා මෙම කුරුමිණියා එහි දාර සිරුරෙන් ගලවාගන්නා පිහාටු, කෙඳි, ලෝම ආදියෙන් ආවරණය කරනවා. සකස් කරගත් සිරුර වැළලීමෙන් අනතුරුව ඒ හා බැඳී පවතින ලෙස හාරන තවත් වලක් තුල තමයි බිජු ලෑම සිදු කරන්නේ. මෙමගින් මෙම බිත්තර පුපුරා එලියට එන කුරුමිණි ලාවන්ට පහසුවෙන් යාබද වලට ඇතුලුවී මෙම සිරුර ආහාරයට ගැනීමෙන් පෝෂණය ලබාගැනීමට හැකි වනවා. අපූරුයි නේද?

    06. ගඳ සුවඳ නොදැනෙන ඊජිප්තු ගිජුලිහිණියා (Egyptian Vulture)

    egyptian-vulture.jpg


    ගඳ සුවඳ නොදැනෙන මේ කුරුල්ලා ආහාර සොයා ගැනීමට ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ තම දෑසයි. අනෙත් ගිජුලිහිණියන් මෙන් නොව මෙම කුරුල්ලා පලතුරු, කොල වර්ග ආදිය ආහාරයට ගන්නා අතර වසුරු පවා අහාරයට ගනු නිරීක්ෂණය වී තිබෙනවා. එසේම කුරුල්ලන් අතර ඉතා දුර්ලභ පුරුද්දක් වන කුරුලු බිත්තර ආහාරයට ගැනීමද මෙම කුරුල්ලාගේ පුරුද්දක්. පැස්බරුන්ගේ බිත්තර ආහාරයට ගැනීමට ගිජු බවක් දක්වන මෙම කුරුල්ලා ඒ සඳහා අපූරු උපක්‍රමයක් භාවිතා කරනවා. මෙහිදී තම හොටින් හෝ පාද වලින් ඔසවාගෙන යා නොහැකි මෙම බිත්තර මතට ගල් කැට ගෙනවුත් අත හැරීමෙන් එහි බිත්තර කටුව බිඳහෙලන අතර එමගින් පහසුවෙන් බිත්තර සාරු රස විඳීමට හැකියාව ලබා ගන්නවා.

    07. කෙබාබ් කන උතුරු ශාරිකාවා (Nothern Shrike)

    nothern-shrike.jpg


    කූරක ගැසූ ආහාරයක් (කෙබාබ්) ඔබ ජීවිතයේ එක වරක් හෝ රස විඳ ඇති. කැනඩාවේ දකුණු දෙසට සහ ඇමරිකාවේ උතුරු දෙසට පිහිටා ඇති ප්‍රදේශයේ ජීවත්වන මෙම කුරුල්ලා ආහාර ගැනීමේදී භාවිතා කරන උපක්‍රමයත් මේ වගෙයි. තම ගොදුර ඩැහැ ගන්නා මෙම කුරුල්ලා මුලින්ම කරන්නේ එය ගසක කටුවක්, උලක් වැනි ස්ථානයක රැඳවීමයි. මේ සඳහා වැටවල නෙරාගිය උල්, කම්බි, වයර් වැනි දේ පවා භාවිතා කරන බවයි පැවසෙන්නේ. මෙමගින් කුරුල්ලාට තම ගොදුර පහසුවෙන් ආහාරයට ගන්නට හැකි වනවා මෙන්ම ඉතිරිය නැවත භාවිතා කරනතෙක් තබා ගැනීමද පහසු වනවා. විද්‍යාඥයින් පවසන ආකාරයට විෂෙන් යුතු ගොදුරු ආහාරයට ගැනීම සඳහාද මෙම කුරුල්ලා මෙම උපක්‍රමය භාවිතා කරනවා. මෙහිදී සිදු කරන්නේ ගොදුර මෙසේ රඳවා විෂ වියළී ඉවත් වන තුරු කිහිප දවසක් තබා ආහාරයට ගැනීමයි.

    08. අපිත් දන්නවා රවට්ටන්න… මේ දැල් මකුළුවා (Nursery Web Spider)

    Nursery_Web_Spider.jpg


    මෙම මකුළු විශේෂය තම සහකාරිය ආකර්ෂණය කර ගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රමය අපූරු එකක්. ඒ ආදරණීය ආහාරයක් පිලිගැන්වීමයි. ඒ එක්කම පුංචි රැවටීමකුත් කරනවා කීවොත් වරදක් නැහැ. මෙහිදී තම දැලෙහි පැටලෙන ගොදුරක් වටා තම සේද වැනි නූල් එතීමෙන් සරසාගන්නා ආහාරය, තම සිත් ගත් තැනැත්තියගේ දැල වෙත පතිත කරනු ලබනවා. මෙම ගොදුරට ආකර්ශනය වන සහකාරිය එය භුක්ති විඳින අතරතුර මකුලුවා තම ලිංගික කාර්යය සිදු කරනවා. ඇතම් විට මෙම මකුලුවන් ගොදුරක් නොමැති අවස්ථාවලදී මේ සඳහා කුඩා ලී කැබලි, රොඩු ආදියද යොදාගනු දක්නට ලැබෙනවා. මෙහිදී මකුලුවා ඉතා ඉක්මනින් තම ලිංගික කාර්යය අවසන් කල යුතු වන්නේ තම බොරුව සහකාරියට හසුවීමට පෙරයි.

    09. වසුරු කුරුමිණියා / ගොම කුරුමිණියා (Dung Beetle)

    110115_sm_dung-beetle_free.jpg


    වසුරු කුරුමිණියා / ගොම කුරුමිණියා – වසුරු එහෙම නැත්නම් අශූචි කියන නම ඇහුවත් අපිට නම් අප්‍රසන්නයි නේද? හැබැයි මෙයා නම් ඉපදෙන්නේ, ජීවත් වෙන්නේ, දරුවන් හදන්නේ ඔක්කොම වසුරු වල. ආහාරයට ගන්නෙත් වසුරු. මොවුන් වඩාත් ප්‍රිය කරන්නේ ශාඛ ආහාරයට ගන්නා සතුන්ගේ වසුරු වලට. ඒ වගේම අලින් වැනි සතුන් සපා ඉවත ලන ආහාර හප මතත් ඔවුන් ජීවත් වෙනවා. ඒ වගේම මේ කුරුමිණියා තමන්ටත් විශාල වසුරු බෝල / ගොම බෝල තම ගාත්‍රා වලට හිර කර ගනිමින් හිසෙන් තල්ලු කරගෙන විශාල දුරක් ගෙන යන අයුරු දැක ගන්නට පුලුවන්.

    මේ වසුරු කුරුමිණියන් චර්යා රටාව අනුව තුන් ආකාරයක් ගන්නවා

    1. බෝල ගෙන යන්නෝ (Rollers) – තම වසුරු බෝලය වසුරු පිඩෙන් ඉවතට ගෙනයන මොවුන් එය වළලා තබන්නේ පසු කලක බිත්තර දමන අදහසින්.
    2. උමං හාරන්නෝ (Tunnel makers) – මොවුන් වසුරු පිඩ යට හාර ගන්නා උමංවල වසුරු කොටස් තැන්පත් කරන්නේත් පසු කලක බිත්තර දමන අදහසින්.
    3. වසුරුවලම ජීවත් වන්නෝ (Dwellers) – මොවුන් ජීවත්වන්නේ වසුරු පිඩ තුලටම වෙලයි.


    10. වවාගෙන කන කොළ කපන කුහුඹුවෝ (Leaf Cutter Ants)

    leaf_cutter_ant.jpg


    සත්ත්ව ලෝකයේ අයත් තමන්ගේ ආහාර තමන්ම වවාගන්නවායැයි අහුවොත් ඔබ පුදුම වේවි. මේ හපන්කම කරන්නේ කොළ කපන කුහුඹුවන්. ඔව්. අර පුංචි කොළ කෑලි කපාගෙන පේලියට, පේලියට යන පුංචි හපන්නු. ඔවුන් කපා ගෙන යන කොළ එක් රැස් කරන එම කුහුඹුවන් ඒ මතට තම වසුරු, කෙළ, මුත්‍රා ආදිය යොදන්නේ අපි වගාවට පොහොර යොදන ආකාරයෙන්. මෙම පත්‍ර මත වැඩෙන දිලීර ආහාරයට ගනිමින් තමයි ඔවුන්ගේ සුහුඹුලන් වර්ධනය වන්නේ. වැඩිහිටි කුහුඹුවන් වැඩෙන්නේ ශාඛ පත්‍ර යුෂ ආහාරයට ගනිමින්.

    11. යෝධ කබල්ලෑවාගේ ඇඹරුම් යන්ත්‍රය (Giant Anteater)

    giantanteater.jpg


    අපි කවුරුත් සිතාගෙන ඉන්නේ කබල්ලෑවා උගේ දිගු බටයක් වැනි හොම්බ භාවිතයෙන් කූඹින් වැනි පුංචි කෘමින් උරා ගන්නා බව නේද? ඒත් ඇත්තටම මේ බටය වැනි උපාංගය සෑදී ඇත්තේ කබල්ලෑවාගේ හනු වලින්. මෙමගින් අපි හිතන ආකාරයට කෘමින් උරා බොන්න කබලෑවාට හැකියාවක් නැහැ. කබල්ලෑවා තම දිවෙන් තමයි කෘමින් අල්ලා ගන්නේ. අඩි 2 පමණ දුරකට දිගු කල හැකි මෙම දිවෙහි පවතින ඇලෙනසුලු කෙළ මගින් දිවට අලවාගන්නා කෘමින් කබල්ලෑවා ආහාරයට ගන්නේ වරකට දහස් ගණනින්. කබල්ලෑවාගේ මුව තුල පවතින ඝනවීම් මේ කෘමින් අඹරන යන්ත්‍රයක් මෙන් ක්‍රියා කරනවා. ඇතැම්විට මෙම ඇඹරුම් කාර්යය වඩා කාර්යක්ෂම කිරීම සහ ආමාශය දක්වාම පවත්වාගෙන යාම සඳහා කබල්ලෑවන් ගල් කැට ගිලිනු දක්නට ලැබෙනවා.

    12. උතුරට නැත්නම් දකුණට – නැගෙනහිර, බටහිර මග හරින ගවයෝ

    cows.jpg


    මග දෙපස තණ උලා කන ගව රංචු ඔබ ඕනෑතරම් දැක ඇති. ඒ වුනත් ඔවුන් ආහාර ගන්නා රටාවේ විශේෂත්වයක් ඔබ දැක නැතිවාට පුදුමයක් නැහැ. විද්‍යාඥයින් පවසන්නේ ගවයන් තණ උලා කන විටදී සෑම විටකම හැරී සිටින්නේ උතුරට නැත්නම් දකුණට බවයි. ඔවුන් නැගෙනහිර හා බටහිර මගහරින්නේ ඇයිදැයි විද්‍යාඥයින්ටත් ගැටලුවක්.

    13. ගලින් තෑගි දෙන පෙන්ගුවින්ලා

    980x.jpg


    පෙන්ගුවින්ලා සැලකෙන්නේ එක් සහකරුවෙක් සමග ජීවත් වන සත්ත්ව කොට්ඨාශයක් ලෙසයි. එසේ වුවත් ප්‍රජනන සමයේදී පෙන්ගුවින් ගැහැනු සතුන් තම සහකරුවාට අමතරව තවත් පිරිමි සතුන් හා එක් වන බව නිරීක්ශණය වී තිබෙනවා. මෙම පෙන්ගුවින් ගැහැනු සතුන් තමන් හා එක්වන අමතර සහකරුවන්ගේ කැදලි වලින් ගල් ඉවත් කරගන්නා අතර ඒ ගල් තම කැදලි සෑදීම සඳහා යොදාගන්නවා. මේ ආකාරයට පැයක් තුල ගල් 62ක් ඉවත් කරගත් පෙන්ගුවින් ගැහනු සතෙකුද නිරීක්ශණය වී තිබෙනවා. එසේම ඇතැම් පෙන්ගුවින් ගැහැනු සතුන්ගේ අමතර සහකරුවන් එක්වීමට අවසර ලබා ගැනීම සඳහා තම ගැහැනු සහකරුවාට ගල් ප්‍රදානය කරන බව සඳහන්.

    14. ඉවෙන් පාර සොයන හමුදා කුහුඹුවෝ

    MA_00463963_mo3dga.jpg


    හමුදා කුහුඹුවන්ගේ ඇස් නොපෙනෙන නිසා ඔවුන් තම ගමන් මග සොයා ගන්නේ තම සගයන්ගේ සුවඳින්. ඇතැම් විට මේ නිසාම මග වරද්ද ගන්නා මෙම කුහුඹුවන් දහස් ගණනින් එකම මග ඔස්සේ නැවත නැවතත් ගමන් කරමින් ගෝලාකාර රංචුවක් ලෙස සිටිනු දකින්නට පුලුවන්.

    15. අපි නම් කැමතියි කියන්නේ මෙහෙමයි :D

    maxresdefault.jpg


    ඔබ ඔබේ සහකරුවාට කැමැත්ත ප්‍රකාශ කරන්නේ කොහොමද? මෙන්න මේ අය නම් ඒ සඳහා හොයාගෙන තියෙන්නේ අපූරු ක්‍රමයක්. පිරිමි ජිරාෆ් සතෙකුට ප්‍රජනන කාර්යය සඳහා ස්ත්‍රි ජිරාෆ් සතෙකුගෙන් අවසර ලබාදෙන්නේ පිරිමි සත්ත්වයාගේ මුවට මුත්‍රා නිකුත් කිරීම මගින්. හිපපොටේමස් ගැහැණු සතෙකු මෙයින් නවතින්නේ නැහැ. තම සිත්ගත් සහකරුවාට තම කැමැත්ත ඇඟවීමට හිපපොටේමස් ගැහැණු සතෙකු තම මුත්‍රා පමණක් නොව වසුරුද පිරිමි සත්ත්වයාගේ මුවට මුදා හරිනවා.


    up+down+anim.gif


    Source - refresh.lk​
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    774
    113
    ela . cannot give rep "You must spread some Reputation around before giving it to Franklin EK again."
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    11. යෝධ කබල්ලෑවාගේ ඇඹරුම් යන්ත්‍රය (Giant Anteater)

    giantanteater.jpg



    Nice post.
    පොඩි නිවැරදි කිරීමකට අවසර

    ඔය ඉන්නේ කබල්ලෑවෙක් නෙවෙයි.
    මේ ඉන්නේ කබල්ලෑවෙක්
    pangolin_3180820b-large_trans_NvBQzQNjv4BqpJliwavx4coWFCaEkEsb3kvxIt-lGGWCWqwLa_RXJU8.jpg

     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    You must spread some Reputation around before giving it to Franklin EK again.:nerd: