සත්තුංගේ සංසර්ග රටා

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    සත්තුංගේ සංසර්ග රටා

    ඔන්න ඉස් ඉස්සෙල්ලම ලෝකේ බැක්ටීරියා කියන ඒක සෛලික ජීවීන් ඇති උනාලු නේ.ඒ අය ප්‍රජනනය කළේ ඒ කියන්නේ වර්ගයා බෝ කළේ ද්වීඛණ්ඩනය කියන ක්‍රමයෙන්.ඒ කියන්නේ එකෙක් දෙකට කැඩිලා දෙන්නෙක් වෙනවා.හැබැයි මේ ක්‍රමේදි දෙකට කැඩෙන එකාගෙ ලක්ෂණ ඔක්කොම අඩුපාඩුවක් නැතුව අළුතෙන් හැදෙන දෙන්නට ලැබෙනවා.
    8719358.jpg


    මේකේදි පොඩි පොඩි වෙනස්කම් සෛල අතරේ ඇති උනත් ලොකු වෙනසක් වෙන්නෙ නැති එක පාඩුවක්.ඒ කියන්නේ දෙකට බෙදෙන මුල් මව් සෛලයේ මොකක් හරි ජානමය දුර්වල කමක් තිබ්බොත් ඒ දුර්වල කම දරු සෛල දෙකටම ලැබෙනවා.ඒ දරු සෛල බෙදිලා හැදෙන හැම සෛලයකටම මේ දුර්වල ජානය යනවා.ඒ කියන්නේ මොකක් හරි ලෙඩක් හරි පරිසර තත්ත්වයකට හරි ඒ දුර්වල ජානය නිසා මුහුණ දෙන්ඩ බැරි උනොත් අර සෛල පරම්පරාවම එක පාර විනාශ වෙලා යෑමේ අවධානමක් තියෙනවා.ඒක නිසා තමයි පරිණාමයේ ඊළඟ පියවර විදිහට ලිංගික ප්‍රජනනය ඇති වෙන්නේ.

    ඔය අපි කවුරුත් දැකලා තියෙන මුහුද යට තියෙන කොරල් හදන ජීවීන් ප්‍රජනනය කරන්නෙ මෙහෙමයි. ඒ අය ඩිම්බ වගේම ශුක්‍රාණුත් නිකම්ම මුහුදු වතුරට නිදහස් කරනවා.එතකොට වතුරෙදි මේවා දෙකක් එකතු වෙලා අළුත් ජීවියෙක් හැදෙන්ඩ අවස්ථාවක් තියෙනවා. මෙයාලට මෙහෙම කරන්ඩ වෙලා තියෙන්නේ ඒ අයට නිදහසේ එහේ මෙහේ යන්ඩ බැරි නිසා.

    ඊට පස්සේ අපි බලමු මාළු ප්‍රජනනය කරන හැටි.

    clowns_laying5.jpg



    මාළුංගේ ගෑනු සතායි පිරිමි සතායි දෙන්නා පොඩි ආලිංගන නැටුමකට පස්සේ ගෑනු සතා බිත්තර ටික වතුරට දානවා.එතකොට පිරිමි සතා එයාගේ ශුක්‍රාණු ටික අර බිත්තර උඩට දානවා.ඒ ක්‍රියාවෙදි මේ බිත්තර ශුක්‍රාණුවකිං සංසේචනය වෙන්ඩ තියෙන අවස්ථාව ටිකක් වැඩියි.හැබැයි මේ ක්‍රියාවෙදිත් සිද්ද වෙන්නේ බාහිර සංසේචනයක්.ඒ කියන්නේ සංසේචනය සිද්ද වෙන්නේ ගෑනු සතාගේ ශරීරයෙන් බැහැරදි.


    අපි හැමෝම ආසා කරන, අපේ ජීවිත වෙනස් කරපු විප්ලවය හෙවත් 'සංසර්ගය' මුලින්ම කරන්න පටං ගන්නේ එසේ මෙසේ සතෙක් නෙමෙයි.ඒ තමයි මෝරා. "සිරියාමේ සාරා නැගේවි හද මෝරා" කියලා උපහාර ගීත එහෙමත් ලියැවෙන්නේ ඒ හින්දා වෙන්ඩ ඇති.
    හැබැයි මෝරාගේ ශිෂ්ණය ප්‍රාථමික නිසා සහ ඔවුන්ගේ ශරීරවල පිහිටීම නිසා මෝරාට මෝරිව මේ වැඩේ කරන වෙලාවේ අල්ලගෙන තියා ගන්ඩ බැහැ.අනික වතුරේ පා වෙවී මේක කොරද්දි මෝරි පාවෙලා අහකට යනවා නෙව.ඒ හින්දා මෝරා මේ වැඩේ කරන්නේ මෝරිගේ උරහිස් වරල කටිං හපලා අල්ලගෙන.ඉතිං පරිණාමයේදී ඔය පරණ ජාන අපිටත් හම්බ වෙලා තියෙන හින්දා තමයි ඔය ආදර හැපීම් හෙවත් love bite අපි අතරේ තියෙනවා ඇත්තෙ.හැබැයි මෝරුංගේ තුවාල සුව වීමේ හැකියාව බොහොම විශිෂ්ඨයි.අපේ එච්චර විශිෂ්ඨ සුව වීමේ හැකියාවක් නැති හින්දා හපද්දි හෙමිං හපන එක ඇඟට ගුණයි.

    9101339_orig.jpg


    කිඹුලා කියන්නේ ලෝකේ ගොඩාක් ඉස්සර ඉඳං හිටපු සතෙක්.මෝරාට වඩා දියුණු උනත් කිඹුලට තියෙන්නෙත් අපරිණත ශිෂ්ණයක්.උගේ ශිෂ්ණය තියෙන්නේ උගේ ඇඟ ඇතුලේ හැංගිලා.සංසර්ගය වෙලාවෙදි මේක ශරීරයෙන් එලියට එනවා කියලා තමා කියන්නේ.ඒ කියන්නේ කිඹුලට හෙළුව වහ ගන්ඩ ඇඳුම් ඕනෙම නෑ.

    "අලි කෙළියයි මහරජ" කියාගෙන ඇමතිතුමා රාජ සභාවට දුවගෙන ආවලු. "ඔහෙ කෙළපු දෙං මගෙ අලිනේ" කියලා රජතුමා කිව්වලු.ඇත්තට අලි කෙළියත් හෙණ කෙළියක් තමයි.උන්ට අපිට වගේ ඉරියව් මහා ගොඩක් තියෙනවා කියලයෑ.එකම විදිහටනේ හැමෝම, හැමදාම.වැඩේ කියන්නේ අලියා අලි බිරිඳගේ කොන්දට උගේ ඉස්සරහා කකුල් දෙක තියලා හිටගෙන මේ වැඩේ කළා වගේ නෙමෙයි ලු. කාලයක් තිස්සේ මේ විදිහට වෙද්දි අලි බිරිඳගේ කොන්ද, උකුළ වගේ අස්ථිවල පිපිරීම් ඇති වෙනවලු.සුලුපටු බරක් කියලද?

    Elephant_Sex.jpg



    ප්‍රජනන කාර්යයෙං සත්තු වගේම මිනිස්සුත් බලාපොරොත්තු වෙන්නේ තමුංගේ ජානවල පැවැත්ම.ඒ කියන්නේ තමුංගේ ජාන ටික ඊළඟ පරම්පරාවට දායක කරන එක.සත්තු කසාද බඳින්නැති හින්දා උං ගෑනු සතා ලවා තමුංගේ ජාන සහිත පැටවු ඇති කරන්ඩ විවිධ විදිහට හැඩ ගැහිලා ඉන්නවා.උදාහරණයක් විදිහට පිරිමි සත්තු රණ්ඩු වෙලා අනිත් පිරිමිංව එළවලා දාලා ගෑනු සතා එක්ක රමණයේ යෙදෙනවා.එතකොට ගෑනු සතාගෙං බිහිවෙන්නේ අර තරඟයෙන් දිනන පිරිමි සතාගේ පැටවු විතරයි.


    Ischnura_heterosticta02.jpg



    බත් කූරො වර්ගයක් වෙන ඩැම්සෙල් මැස්සාට තියෙනවා අපූරු ශිෂ්ණයක්.ඒක හරියට බුරුසුවක් වගේ.ඌ සංසර්ගය කරන කොට ගෑනු සතාගේ යෝනි මාර්ගය පිහදැමිලා ඇතුලේ තියෙන දේවල් එළියට එනවා.ඉතිං බැරි වෙලාවත් මූට කළිං වෙනින් පිරිමි සතෙක් රමණයේ යෙදිලා තිබ්බොත් ඒ සතාගේ ශුක්‍රාණු ටික ඔක්කොම වගේ ගෑනු සතාගේ යෝනි මාර්ගයෙන් පිහ දැමිලා ඉවත් වෙනවා.ඒ කියන්නේ පස්සේ සංසර්ගයේ යෙදෙන එකා උගේ ශුක්‍රාණු විතරක් ගෑනු සතාගේ ඩිම්බ වෙත යන එක ගැන වග බලා ගන්නවා.

    එහෙම තමං සංසර්ගයේ යෙදුනාම තමුංගේ ජාන විතරක් තියෙන පැටව් බිහි වෙයි කියන එක සහතික කරන්ඩ තව ක්‍රමයක් සමහර සත්තු ළඟ තියෙනවා.ඒ තමයි ශුක්‍ර තරලය යෝනි මාර්ගයට ඇතුල් උනාම ඒක හයි වෙලා ඇබයක් විදිහට ක්‍රියා කරනවා.එතකොට වෙනත් පිරිමි සතෙක් සංසර්ගයේ යෙදුනත් ඒ සතාගෙ ශුක්‍රාණුවලට ගෑනු සතාගේ ඩිම්බ වෙත ළඟා වෙන්ඩ තියෙන ඉඩ අඩු වෙලා යනවා.මිනිස්සුංගෙත් ශුක්‍ර තරලය ඒ විදිහට ඝණ බවට පත් වෙලා සුළු වෙලාවක් තියෙනවා.හැබැයි ඒකෙං මේ අවශ්‍යතාව ඉටු වෙනවද කියල නං දන්නේ නෑ.

    tumblr_inline_milcxlcdlg1qz4rgp.jpg



    ශුක්‍ර තරලයෙං ඇබයක් හැදෙන එකට වඩා සාර්ථක, වඩා නිර්භීත ක්‍රමයක් සිද්ද වෙනවලු මී මැස්සොංගේ. උංගේ පිරිමි සතා ලිංගිකව එක් වෙන්නේ රැජිනත් එක්ක විතරනේ.ඉතිං පිරිමි සත්තු අතරේ තියෙන ලොකු තරඟෙකිං පස්සේ එක පිරිමියෙක්ට රැජිනත් එක්ක සංසර්ගයේ යෙදෙන්ඩ අවස්ථාව හම්බවෙනවා.හැබැයි ශුක්‍ර මෝචනයෙන් පස්සේ පිරිමි සතාගේ ශිෂ්ණය කැඩිලා රැජිනගේ යෝනිය ඇතුලේ හිර වෙනවා.පිරිමි සතා එහෙමම මැරිලා යනවා.ඒකෙං රැජිනට වෙනත් පිරිමි සතෙක් එක්ක සංසර්ගයේ යෙදෙන්ඩ තියෙන අවස්ථාව නැති වෙලා යනවා.

    මී මැස්සංගේ පිරිමි සත්තු රමණ සංග්‍රාමයට එකතු වෙන්නේ ගෙවල් ඉඩං එහෙම ලියලා දීලා, නෑයින්ට යාළුවන්ට සමු දීලා එහෙම වෙන්ඩ ඇති.හැබැයි රැජින කොහොම හරි අමාරුවෙං මේ ශිෂ්ණ ඇබය ගලෝ ගෙන වෙනින් උං එක්කත් සංසර්ගයේ යෙදෙනවා කියලා තමයි කියන්නේ.මී මැස්සොංගේ උනත් ගෑනු සතා චපලයි නේද?


    render_0000.png75c77b01-0110-43f6-8d09-ed8786fcaa1dLarge.jpg


    කෝටු වන්දා ද කොහෙද කියන මේ කෝටු කෑල්ලක් වගේ පේන සතා මී මැස්සා තරං මෝඩ නෑ.ඌ සංසර්ගයෙන් පස්සේ කෝටු වන්දිගේ ඇඟේ එල්ලිලාම ඉන්නවා ටික වෙලාවක් යනකං.ඒකෙං වෙන එකෙක්ට ආයේ සංසර්ගය කරන්ඩ තියෙන අවස්ථාව නැති වෙලා යනවා..බල්ලන්ගේ සිද්දියත් මේ හේතුව හින්දම වෙන්ඩ ඇති කියලයි මට හිතෙන්නේ.

    SX00129_9_868280a.JPG



    ආදර මකුණා කියලා හඳුන්වන මේ කෘමි සතා සංසර්ගයෙන් පස්සේ සදහටම ගෑනු සතාගේ යෝනි මාර්ගයේ ශිෂ්ණය හිර කර ගන්නවා.ඊට පස්සේ ඌ ගෑනු සතාත් එක්කම ගෑනු සතා යන එන දිහාවලට ඇදිලා යමින් ඉඳලා ටික කාලෙකින් මැරිලා යනවා.මැරිච්ච සැමියගේ මිනියත් එල්ලගෙන ගෑනු සතාට ජීවත් වෙන්න වෙනවා.පිරිමි සතාගේ ශරීරය නරක් වෙලා වැටෙන කල්ම.කොහොම හරි බිත්තර දාන කාලෙට කලිං පිරිමි සතාගේ සිරුර ගැලවිලා යනවා.

    ජර්මන් කැරපොත්තා කියන්නේ වඳ කරන්ඩ අමාරු කරදරකාරයෙක් කියලයි කියන්නේ.ඒකට හේතුවක් විදිහට ඒ අය කියනවා මේ කැරපොත්තාගේ ගෑනු සතා හෙවත් කැරපොත්තීට එක පාරක් පිරිමි සතෙක් එක්ක සංසර්ගයේ යෙදුනොත් ඒ ශුක්‍රාණු ටික ඇඟ ඇතුලේ තියාගෙන ජීවිත කාලෙම සැරින් සැරේට බිත්තර දැමීමේ හැකියාවක් තියෙන හින්දලු.ඒ කියනෙන සංසර්ගයෙ යෙදිච්ච කැරපොත්තියෙක් ගෙදරකට ආවොත් ආයේ ඉතිං දිගටම ඌට බිත්තර දදා පරම්පරාව බෝ කරන්ඩ පුළුවං කියන එක.

    ප්‍රජනනය ගැන කතා කරද්දි මේ ලිංගික තේරීම කියන එක ගැනත් කතා කරන්ඩ ඕනේ.සාමාන්‍යයෙන් ලෝකේ සත්තු ගත්තම පිරිමි සතා තමයි ලස්සන, උත්තුංග, තේජවන්ත, ශක්තිමත්.පිරිමි සතා තමුංගේ ශාරීරික අංගෝපාංග පෙන්නපුවහම තමයි ගෑනු සතා සංසර්ගයට කැමති වෙන්නේ.
    උදාහරණයක් විදිහට මොණරුංගේ නං උගේ පිල.ලොකුම ලස්සනම පිල තියෙන එකාට තමයි මොනරී කැමැත්ත දෙන්නේ.ඇත්තුංගේ නං ලොකුම දල තියෙන සද්දන්ත ශරීරයක් තියෙන ඇතාට තමයි ඇතින්න කැමති වෙන්නේ.ජිරාෆ්ලගේ දිගම බෙල්ල තියෙන ශක්තිමත්ම සතාට තමයි ජිරාෆි කැමති වෙන්නේ.එහෙම උනාම මොකද දන්නවද වෙන්නේ.ඒ පිරිමි සතාගේ ශාරීරික ලක්ෂණ තීරණය වෙන්නේ උගේ ජානවලින් නිසාත් එහෙම විශේෂ ලක්ෂණ තියෙන එකාට වැඩිපුර සංසර්ග අවස්ථා හිමිවෙන නිසාත් උගේ ඒ ලක්ෂණ පරම්පරා ගත වෙනවා.ඒ කියන්නේ ඊගාව පරම්පරාවට අර කියපු විශේෂ ලක්ෂණය ලැබෙනවා.

    අයිරිෂ් එල්ක් කියන ගෝන්නුංට ලස්සන ලොකු අං තට්ටුවක් තිබ්බලු.ඒත් මේ ලිංගික තේරීම නිසා රමණ අවස්ථා වැඩිපුර ලැබිලා තියෙන්නේ උං අතරින් ලොකුම අං තට්ටුව තියෙන එවුන්ට.ඒකෙං වෙලා තියෙන්නේ කාලයත් එක්කම පරම්පරාවෙන් පරම්පරාවට මේ අං තට්ටුව එන්ඩ එන්ඩ විශාල වෙලා මේ ගෝනාගේ ශරීරයට දරාගන්ඩ බැරි තරමට අං තට්ටුව ලොකු වීම නිසා උං වඳ වෙලා ගියා කියලා තමයි කියන්නේ.

    ශරීර ප්‍රමාණයට සාපේක්ශව ලොකුම පුරුෂ ලිංගය තියෙන්නේ මිනිස්සුන්ට.අපේ ආදී මුතුන් මිත්තියෝ සංසර්ගයේදී පිරිමියාගේ බලලා තියෙන්නේ මොනවා වෙන්ඩ ඇද්ද?


    ජිබ්‍රෝල්ටාවල ඉන්න මැකාකු වඳුරෝ ගැන පර්යේෂණ කරපු අය කියනවා මේ වැඳිරියෝ සංසර්ගයේදී කෑ ගහනවා කියලා.ඒ ගොල්ලො ඒ ගැන හොයලා බලද්දි දැනගෙන තියෙනවා එහෙම සංසර්ගයේදී කෑ ගහපු ගෑනු සත්තු ගැබ් ගැනීමේ හැකියාව වැඩියි කියලා.ඒ එහෙම ගෑනු සතා කෑ ගැහුවාම පිරිමි සතාගේ ශුක්‍ර මෝචනය ඉක්මං වෙනවලු.ඉතිං ගැබ් ගන්ඩ නං ශුක්‍ර මෝචනයක් තියෙන්ඩ එපායැ.

    ගණිකා වෘත්තියේදී වැඩි ගැණුම්කරුවන් ප්‍රමාණයක් දවසකදී සතුටු කළොත් වැඩි ආදායමක් ලබා ගන්ඩ ගණිකාවන්ට පුළුවං.ඒ සඳහා එක් එක් ගැනුම්කරුවා ඉක්මනින් සුරාන්තයට පත් කරන්ඩ උවමනා වෙනවා. ඉතින් ගණිකාවෝ මේ උපක්‍රමය හෙවත් කෑ ගැසීම, සිය ගැණුම්කරුගේ උත්තේජනය වැඩි කරන්ඩ පාවිච්චි කරනවා කියලා තමයි කියන්නේ.එතකොට ඒ ගැණුම්කාරයාට ඉක්මනින් ශුක්‍ර මෝචනය වෙන හින්දා ගණුදෙනුව ඉක්මනට ඉවර වෙනවා. දැක්ක නේද මැකාකු වඳුරංගේ සොයා ගැනීම මිනිස්සු පාවිච්චි කරන හැටි.

    මේ මැකාකු වඳුරෝ ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ උංගේ සංසර්ග ප්‍රමාණය හින්දා.සාමාන්‍යයෙං මුං පැයකට එක් වතාවක්වත් රමණයේ යෙදෙනවලු.හැබැයි ඒ සංසර්ගයේ පරමාර්ථය දරුවන් බිහිකිරීම නෙමෙයි. මිත්‍රත්වය ප්‍රකාශ කිරීම, තමුංගේ බලය පෙන්වීම වගේ මානසික කාරණා පෙරටු කරගෙන සංසර්ගයේ යෙදෙනවා කියලා තමයි කියන්නේ.ඒ කියන්නේ වලියක් ෂේප් කර ගන්ඩ ඕනේ උනාම ගෑනු වඳුරා පිරිමි එකාට සංසර්ග අවස්ථාවක් දෙනවලු. එතකොට පිරිමි එකා වලිය අමතක වෙලා සංසර්ගයේ යෙදෙනවලු.

    මේ කිව්ව එක එක සත්තුංගේ ප්‍රජනන රටා අපිට කොච්චර අදාලයිද කියලා හිතලා බලන්ඩ ඈ.....

    පෑල දොර ඇසුරෙනි.[/SIZE]
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මනු සතාටනම් ඉතින් රටා කීයක් කියල තියනවද...?