සත්තු කියන්නෙ පරිණාමිකව අපිට වඩා පහත් පිරිසක් නෙමෙයිනෙ. අපි උන්ට වඩා ගොඩක් පරිණාමය වෙලා හින්ද මොළයක් ඇවිල්ල නෙමෙයි.
වවුලන්ට ultrasonic sense කරන්න පුලුවන්, කුරුල්ලන්ට පියඹන්න පුලුවන් වගේ තව එක දෙයක් විතරයි මොලේ කියන්නෙ.
පරිණාමයේ එකම අරමුණ ජීවී ප්‍රභේදයක survive වීමේ හැකියාව වැඩි කරන එක විතරයි. නැතුව බුද්ධිමත් ජීවීන් හදන එක නෙමෙයි. Survive වීම අතින් මිනිස්සුන්ට වඩා ගොඩක් සත්තු කොහොමත් ඉස්සරහින්.
ඒ නිසා අමුතුවෙන් මොළයක් එන්න අමුතු අවශ්‍යතාවයක් නෑ. එන්නත් පුලුවන්.
(පරිණාමයේ අරමුණ කිවුවට පරිණාමය කියන්නෙ එහෙම අරමුණක් තියෙන දේකුත් නෙමෙයි. ඒක නිකන්ම අරමුණක් නැති ස්වභාවික ක්‍රියාවලියක්)