සත්තු වත්තෙන් පන්නා - සෆාරි සිහිනය සැබෑ කර&amp

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සත්තු වත්තෙන් පන්නා - සෆාරි සිහිනය සැබෑ කර&amp

    3806434352_2b6f27c00d.jpg


    මිනිසා වනාන්තරයෙන් එළියට පැමිණ රාජධානි ගොඩනගා ගැනීමෙන් පසු සතුන් හා මිනිසුන් අතර වූ සහජීවනය කෙමෙන් කෙමෙන් දුරස් වන්නට විය. වනාන්තර එළිවෙමින් නගර නිර්මාණය වෙද්දී වනසතුන් උදෙසා සත්වෝද්‍යාන නිර්මාණය වන්නට විය. ඒ සතුන් උදෙසාම නොව මිනිසුන්ගේ විනෝදාස්වාදය උදෙසාය.

    වර්තමානය වනවිට යළිත් කූඩු කළ සතුන් උදෙසා නිදහස් භූමි ලබාදීමේ සැලසුම් ලෝක මට්ටමෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. ලාංකේය අපට නිදහස් සත්වෝද්‍යාන නැතහොත් සෆාරි පාක් යනු අලූත් අත්දැකීමකි.

    සෆාරි යැයි පැවසූ පමණින් අපට මතකයට එන්නේ යාල අභය භූමියයි. එහෙත් යාල යනු අලි, දිවි හා මුවන් වැනි දේශීය සතුන් පමණක් දැකගත හැකි සෆාරි පාක් එකකි. රටක් දියුණු වීම මෙන්ම රටකට අලූත් අත්දැකීම් එක්වීම යහපත් ප්‍රවණතාවකි.

    එහෙත් දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් රිදියාගම සෆාරි උද්‍යානයටත් පින්නවල සත්වෝද්‍යානයටත් ඛෙදා වෙන් කිරීම පසුපස දෙහිවල සත්වෝද්‍යානයේ හෙට දවස පිළිබඳ ගැටලූකාරී මතිමතාන්තරයන්ද එහිම සේවකයන් තුළින් මතුවෙමින් පවතී.

    සත්තු වත්තේ ඉතිහාසය
    දෙහිවල සත්වෝද්‍යානයේ ඉතිහාසය පසුගිය සියවසේ මුල්භාගය දක්වාම දිවයයි. ඉංග්‍රීසින් අප රට අල්ලා ගැනීමෙන් පසු අප රටේ සතුන් අල්ලා අපනයනය කළ සුදු ජාතිකයකු වූ ජෝන් බාගන්බර්ග් දෙහිවල සත්වෝද්‍යානයේ මුල් හිමිකරුවා ලෙසින් සඳහන් වෙයි. අපේ වනාන්තරවලින් අල්ලා ගන්නා සතුන් යුරෝපයට යවන තෙක් කූඩුකර රඳවා තබාගන්නා ලද්දේ එදා දෙහිවලින් මිලදී ගත් අක්කර 5ක භූමි ප්‍රදේශයේය.

    ඉන්පසුව එම භූමි ප්‍රමාණය අක්කර 11ක් දක්වා විශාල කිරීමට ඔහුට සිදුවූයේ අපේ සතුන්ට යුරෝපයෙන් ලැඛෙන ඉල්ලූම ඉහළ යෑමත් සමගිනි. 1936 වසරේදී මෙම භූමි භාගය රජයට පවරා ගැනීමත් සමගම එය සත්වෝද්‍යානයක් බවට පත් කෙරුණි. වර්තමානය වනවිට එහි විශාලත්වය අක්කර විසිපහකි.

    සත්ව ඝනත්වය

    දෙහිවල සත්වෝද්‍යානයේ දැනට සත්ව විශේෂ ඛෙදීම් 7ක් යටතේ සතුන් තුන්දහසක් පමණ දැකගත හැකිවෙයි. මෙහිදී සතුන්ගේ බෝවීම් අනුව වේගවත්ව වෙනස් වීමේ හැකියාවද පවතින බව කිව යුතුය. ක්ෂීරපායී විශේෂ සියයක් පමණ, කුරුලූ විශේෂ එකසිය දහයක් පමණ, උරග විශේෂ 35ක්, මත්ස්‍ය විශේෂ 65ක්, උභයජීවී විශේෂ 3ක්, සමනළ විශේෂ 30ක් හා මුහුදු සත්ව විශේෂ 10ක් පමණ දෙහිවල සත්වෝද්‍යානය තුළ දැකගත හැකි වෙයි.

    මෙම සත්ව විශේෂ අතර වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති රතු දත්ත ජීවී ලැයිස්තුවට ඇතුළත් වූ දේශීය සත්ව විශේෂ 17ක් හා විදේශීය සත්ව විශේෂ තුනක්ද ඉතා ආරක්ෂිතව ඔවුන්ගේ ගහනය වර්ධනය කරවීම උදෙසා ක්‍රියාමාර්ගයන් ගනිමින් සිටියි.

    රතු දත්ත ලැයිස්තුව තුළ සටහන්ව ඇති දුම්බර පෙතියා, පතිරණ සාලයා, බුලත් හපයා වැනි මත්ස්‍යයන්ද, මූදු කරවලා, පලා පොළඟා වැනි සර්පයන්ද, අළු ගිරවා, ගිරා මලිත්තා වැනි පක්ෂීන්ද දෙහිවල සත්වෝද්‍යානය තුළ දැකගත හැකිවෙයි. මේ අතරතුර වඳවී යෑමේ තර්ජනයට ලක්වූ විදේශීය සතුන් වර්ග කිහිපයක් වන කළු රයිනෝසිරස්, ඔරික්ස් ගවයා, ඔරංඔටං ආදී සත්ව විශේෂද මේ තුළ බෝ කරමින් පවත්වාගෙන යමින් සිටිති.

    සංචාරක ප්‍රවර්ධනය
    සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම හරහා ලංකාව දියුණු කිරීමේ රජයේ සැලසුම් යටතේ සත්වෝද්‍යාන සංචාරක කර්මාන්තයට ගැළපෙන ලෙස ප්‍රවර්ධනය කිරීමට ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව පින්නවල අලි අනාථාගාරයට ආසන්නයේ නව සත්වෝද්‍යානයක් නිර්මාණය කිරීම එහි එක් පියවරකි.

    දෙවැන්න වනුයේ හම්බන්තොට සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් රිදියාගම ඉදිකරනු ලබන ලංකාවේ පළමු සෆාරි සත්වෝද්‍යානයයි. රිදියාගම සෆාරි පාක් එක නිර්මාණය කිරීමේ මුල් සැලසුම් 2008 වසරේදී කරළියට පිවිසෙන අතර ඒ සඳහා අක්කර 500ක භූමි භාගයක් වෙන් කෙරුණි. මෙම භූමි භාගය තුළ ප්‍රධාන කලාප හයක් නිර්මාණය කිරීමට නියමිතය.

    අප්‍රිකානු කලාපය, ආසියානු කලාපය, ඔස්ටේ්‍රලියානු කලාපය, ශ්‍රී ලංකා කලාපය, සිංහ කලාපය, දිවි අරණ මෙන්ම උරග කලාපය ලෙස මේවා දැනට වර්ග කර ඇත. රිදියාගම සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් උදෙසා ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 1.6කි.

    දෙහිවලින් රිදියාගමට
    දෙහිවල සත්වෝද්‍යානයේ දැනට සිටින අතිරික්ත සතුන් යැයි හඳුනාගනු ලැබූ කුළු හරක්, ලෙක්සි ගවයන්, ඔරික්ස් ගවයන්, ජිරාෆ් ගැහැනු සතුන් දෙදෙනකු හා ජර්මනියෙන් හා රුසියාවෙන් ගෙන්වූ සිංහයන් තිදෙනකු ඇතුළු සතුන් විශාල ප්‍රමාණයක් සෆාරි පාක් එකට රැගෙන යෑම උදෙසා සැලසුම් සකස් වෙමින් පවතී. සත්වෝද්‍යාන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි ජිරාෆ් වැනි සතුන් රැගෙන යෑම හුරුකිරීම උදෙසා නිර්මාණය කළ විශේෂිත කූඩුවලට ඇතුළු කිරීමද මේ දිනවල සිදුවෙමින් පවතී. එසේ නම් සතුන් රැගෙන යෑම ඉතා කඩිනමින් සිදුවන්නක් බවට ඉඟි පළවෙමින් පවතී.

    සතුන්ට එල්ලවන අවදානම

    ජාතික සත්වෝද්‍යානය තුළ කූඩුකර හුරුකරන සතුන් ස්වාභාවික පරිසරයකට වඩා හුරු වී ඇත්තේ කෘත්‍රිම පරිසරයකටය.

    එවන් තත්ත්වයක් තුළ එම සතුන් ශුෂ්ක කලාපයීය පරිසරයකට මුදාහැරීම තුළ මතුවන ප්‍රධාන ගැටලූ කිහිපයක් ඇත. ඉන් පළමු ගැටලූව වන්නේ ශුෂ්ක ස්වභාවය මත සතුන් විජලනයට ලක්වීම පාලනය කරගන්නේ කෙසේද යන්නය. දෙවැනි ගැටලූව වනුයේ ස්වභාවික පරිසරයට හුරුවන තාක් කල් මෙම සතුන්ට ආහාර සපයන්නේ කෙසේද යන්නය.

    මෙම ගැටලූ සහගත තත්ත්වයන්ට අමතරව රිදියාගම හම්බන්තොට ශුෂ්ක කලාපයටම අයත්වීම තුළ ජල හිඟය උග්‍ර ගැටලූවක් ලෙසින් වසරේ එක් කාලසීමාවක් ක්‍රියාත්මක වීම සිදුවෙයි. මෙවන් තත්ත්වයක්ම පවතින කුමන හා යාල පරිසර පද්ධතිය තුළ උෂ්ණ කාලයේදී සතුන් මිය යෑම හා අධික ජල හිඟයට තවම විසඳුම් ඉදිරිපත් වී නැති පරිසරයක කෘත්‍රිම පරිසර පද්ධතියකදී මේ තත්ත්වය උග්‍රවනු මිස පාලනයකට ලක්වේ යැයි සිතිය නොහැකිය.

    දෙහිවල අවදානම
    දෙහිවල සත්වෝද්‍යානයේ අතිරික්ත යැයි කියන සතුන් පින්නවලට හා රිදියාගමට ගෙන යෑමට සැලසුම් කර හමාරය. එනම් දෙහිවල සත්වෝද්‍යානයේ සත්ව ගහනය අඩු කිරීමට කටයුතු සැලසුම් කර ඇත. මේ හරහා සත්වෝද්‍යානයේ භූමි ප්‍රමාණය අවම කිරීමේ සැලසුමක් ඇතිදැයි යන්න පිළිබඳ සැක සංකා මතුවෙමින් පවතී. ඔවුන් පවසනුයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ආර්ථීකමය වටිනාකමක් සහිත රජයේ ඉඩම් වෙනත් කාර්යයන් උදෙසා යොදාගැනීමේ ක්‍රමවේදය තුළ සත්වෝද්‍යානය ලංකාවේ වෙනත් ප්‍රදේශයකට ගෙන යෑමට උත්සහ දරන බවය.

    එවන් තීරණයකට යෑමටද රජයකට අයිතියක් ඇත. එහෙත් එය විය යුත්තේ පාරදෘශ්‍ය භාවයෙන් යුතුවය. සතුන් හිරකර තැබීමට වඩා සතුන්ට නිදහසේ සිටින්නට අවස්ථාව උදාවන්නේ නම් එය ඉතා යහපත් කටයුත්තකි. එහෙත් යාල තුළ දිවියන් මරා දැමෙයි. උඩවලවෙන් ගංජා අසුවෙයි. පින්නවල අලි අනාථාගාරයේ අලින් දසවධවලට ලක්වෙයි. මෙවන් පසුබිමක් තුළ අක්කර 500ක් තුළට මුදාහැරෙන සතුන්ගේ හෙට දවස ගැන වගකිව හැක්කේ කාටද යන්න උත්තර නැති ගැටලූවකි.

    පරිසරවේදීන්ගේ ඉල්ලීම

    දේශීය පරිසරවේදීන් දිගින් දිගටම පෙන්වා දෙන කරුණ වනුයේ සෆාරි කලාපයක් උදෙසා වඩා උචිත ප්‍රදේශය වනුයේ පින්නවල බවය. එයට හේතු වනුයේ එහි පවතින යහපත් පාරිසරික තත්ත්වයයි. නිදහස් පරිසර පද්ධතියකදී සතුන්ගේ ආරක්ෂාව සඳහා කලාප වෙන් කිරීමේදී ස්වාභාවික පාරිසරික තත්ත්වයන් කෘත්‍රිමව නිර්මාණය කිරීම ප්‍රබල අවශ්‍යතාවකි.

    එහෙත් සෑම ශාකයක්ම වගා කළ නොහැකි ශුෂ්කපරිසරයක් තුළ එවැනි පරිසර පද්ධතීන් නිර්මාණය කළ නොහැකි වෙයි. මේ හේතුවෙන් පරිසරවේදීන් පෙන්වා දෙන්නේ පින්නවල සකස් කිරීමට සැලසුම් කරන ලද සෆාරි කලාපය දේශපාලන අවශ්‍යතා මත රිදියාගමට ගෙනයෑම හරහා සතුන්ට විශාල අවදානමකට මුහුණදීමට සිදුවන බවය.

    සිංගප්පූරුවේ ඉතා ජනප්‍රියත්වයට පත් සෆාරි සත්වෝද්‍යානය සැලසුම් කරන ලද්දේ ලංකාවේ ජාතික සත්වෝද්‍යානයේ හිටපු අධ්‍යක‍ෂවරයකු වූ ලීන් ද අල්විස් මහතාය. ඒ මහතාගේ සැලසුම් ඉතා සාර්ථක වූ බව අද සිංගප්පූරුව දෙස බැලුවිට පෙනී යන්නකි. දේශීය ඥානයත් මුල්කර ගනිමින් මෙම කටයුත්ත සද්භාවයෙන් ඉටුකරන්නේ නම් ඉතා වැදගත්ය.

    කාංචන ගීත මනමේන්ද්‍ර ලිපියක් ඇසුරිනි
    29520572.jpg


    Safari02.jpg


    Safari03.jpg


    Safari04.jpg


    ඉස්සුවෙ මෙතනින්
    33000 lk


     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    මෙහිදී දේශීය මෙන්ම විදේශිය සතුන්ද ඔබට දැකගැනීමට හැකිවේ... ඔවුන් අතරින් ලංකාවට පමණක් ආවේනිකවූ දුර්ලබ ගණයේ සතුන් 6 දෙනෙකුගේ චායරුප මෙම සතුන්වත්තට ඇතුළුවන ස්ථානයේ ඇති ප්‍රදර්ශන පුරුවේ දිස්වේ.....;);):shocked::shocked:;);)
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මෙහිදී දේශීය මෙන්ම විදේශිය සතුන්ද ඔබට දැකගැනීමට හැකිවේ... ඔවුන් අතරින් ලංකාවට පමණක් ආවේනිකවූ දුර්ලබ ගණයේ සතුන් 6 දෙනෙකුගේ චායරුප මෙම සතුන්වත්තට ඇතුළුවන ස්ථානයේ ඇති ප්‍රදර්ශන පුරුවේ දිස්වේ.....;);):shocked::shocked:;);)
    :lol::lol:
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මෙහිදී දේශීය මෙන්ම විදේශිය සතුන්ද ඔබට දැකගැනීමට හැකිවේ... ඔවුන් අතරින් ලංකාවට පමණක් ආවේනිකවූ දුර්ලබ ගණයේ සතුන් 6 දෙනෙකුගේ චායරුප මෙම සතුන්වත්තට ඇතුළුවන ස්ථානයේ ඇති ප්‍රදර්ශන පුරුවේ දිස්වේ.....;);):shocked::shocked:;);)

    :lol::lol::lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12821_zps7f4e3023.png


    කොහෙන් ඉස්සුවත් පට්ට ලිපිය එඩියෝ,,,
    බොහෝම ස්තුතියි මේක අපට බලන්න දැම්මාට.
    දුක තියෙන්නේ මේක කියවලා බම්ප් එකක්වත් දාන්නේ නැතිවුන්
    ලංකාවේ සත්ව සංහතිය ගැන හිතයිද බන්...

    +12
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒ අනුව පින්නවල අලි අනාථාගාරයට ආසන්නයේ නව සත්වෝද්‍යානයක් නිර්මාණය කිරීම එහි එක් පියවරකි.

    :lol::lol::lol::(
    මේකේ මුල් ගලයි වැටයි නම් දැන් අවුරුදු දහයක විතර ඉදලා පැලවෙනවා.
    මම මේ ලගදි ගියා බලන්න,,අයියෝ බන් එහෙමත් අපරාධයක්.
    ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නේද මුන් මේ විනාශ කරන්නේ.
    ඕක ඇතුලේ ජොබ් අරන්දෙන්නම් කියලා මෙහේ මහ ඇමතියා සෑහෙන්න ගානකින් සල්ලිත් අරන් දැන් අවුරුදු හත අටක් වෙනවා බන්.:lol:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සෆාරි කලාපයක් හරියට හදනවනම් ගොඩක් හොදයි !
    ++++
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    12821_zps7f4e3023.png


    කොහෙන් ඉස්සුවත් පට්ට ලිපිය එඩියෝ,,,
    බොහෝම ස්තුතියි මේක අපට බලන්න දැම්මාට.
    දුක තියෙන්නේ මේක කියවලා බම්ප් එකක්වත් දාන්නේ නැතිවුන්
    ලංකාවේ සත්ව සංහතිය ගැන හිතයිද බන්...

    +12
    11.gif
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මෙහිදී දේශීය මෙන්ම විදේශිය සතුන්ද ඔබට දැකගැනීමට හැකිවේ... ඔවුන් අතරින් ලංකාවට පමණක් ආවේනිකවූ දුර්ලබ ගණයේ සතුන් 6 දෙනෙකුගේ චායරුප මෙම සතුන්වත්තට ඇතුළුවන ස්ථානයේ ඇති ප්‍රදර්ශන පුරුවේ දිස්වේ.....;);):shocked::shocked:;);)

    :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ekath Hambanthota ta geniyala neda..henama gahapan..redda yako lankave Hambanthota tama okkoma karala hariyanavada.. saththu tika ta devi pihitai.. pulum puravala thama ehe gihin thiyanna venne..