සත්‍යක්‍රියාවන් කිරීමට නම්..

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සත්‍යක්‍රියාවන් කිරීමට නම්..

    අපි හැමෝම අපිට හෝ අපේ සමීප කෙනෙකුට ලෙඩක් දුකක් උනාම, ධර්මයේ පිහිට පතන වෙලාවල් තියෙනව නේද ?

    ඒ රෝගය, දුක වේදනාව උත්සන්න උනාම පිරිත් කියනවා, බෝධිපූජා කරනවා වගේ දේ කරල සුවය සැනසුම බලාපොරොත්තු වෙනව නේද ?

    ඔබ පිරිත් කිවු පලියට, බෝධිපූජා කල පලියට, අපේක්ෂිත සෙත ඔබට ඇතැම් විට නොලැබෙන්නේ ඇයි ?
    පොඩ්ඩක් හිතන්න.. තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප පෙරුම් පුරා අප කෙරෙහි අනුකම්පාවෙන් දෙසූ ධර්මය, මැජික් මන්තර දර්මයක් නෙවෙයි. ඒ නිසා ඔබ කරන පිළිවෙත්, පිරිත් දෙසුම් වලින් සෙතක් ලබන්න නම් ඔබ සතුව ශීලය සමාධිය ප්‍රඥාව තිබිය යුතුයි.

    ඇතැම් වෙලාවට ඔබේ දෙමාපියන්ට, ඔබ ආදරය කරන අයට, බරපතල ලෙස අසනීප හෝ වෙනත් උවදුරකදී, ඔබ ශීලවන්තයෙක් නම්, පින් වන්තයෙක් නම් ඔබට පුළුවන් ඒ නමින් සත්‍යක්‍රියාවක් පවා කර අනතුරට පත් අයට සෙතක් ලබාදෙන්නට.

    මෙන්න මෙහෙමයි:
    බොදු ගිහියෙකුට වඩන්නට පංචශීලය තථාගතයන් වහන්සේ දේශනා කලා.
    කට්ටිය දන්නවද සිල් පදයක කොටස් දෙකක් කියල ?
    පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනවා..
    "පාණාතිපාතා වේරමණී" කියන්නෙ මම සතුන් නොමරමි.
    "සික්ඛාපදං සමාදියාමි" කියන්නෙ සතුන් නොමැරීමේ සීලය සමාදන් වෙමි කියලයි. සියලු සත්වග කෙරෙහි අනුකම්පාවෙන් කිසිම විටෙක පරපණ නසන්නේ නැත කියන එක අවබෝධයටයි.
    මේ වගේ අනිත් සිල් පදත් විග්‍රහ කර බලන්න.

    උදාහරනයක් කියන්නම්..
    ඔන්න දඩයක්කාරයෙක් ඉන්නවා.. ඌ පෝය දවසෙ හිතනව අනිත් හැමෝම සිල් ගන්නව නිසා මමත් සිල් ගන්න ඕනි කියල. ඉතින් සිල් රෙදි ඇඳන් පන්සලට ගිහින් ඉන්නවා.. එයා දකිනව පන්සලේ අයිනෙ ලැහැබක ඉත්තෑවෙක්. ඉතින් හිතනව මම අද මූ මරන්නෙ නෑ .. මූ ඉන්න තැන මම දැන් දන්න නිසා හෙට ඇවිත් මරාගන්නම් කියල හිතනවා.
    ඒත් එතන ඉන්නවා සීලය රකින කෙනෙක්, එයා හිතනවා මේ සතා මෙතැන මේ ජනාකීර්ණ තැන හිටියොතින් කවුරු හරි මස් වැද්දෙක් ගෙන් මැරුම් කාවි.. ඒ නිසා මම මේ සතා කැලේට යවන්න ඕනි කියල හිතල ඉත්තෑව ව කැලේ ඇතුලට යවනවා. ඔන්න ඕකයි වෙනස.
    අපට හෝ වෙන කෙනෙකුට සෙත සඳහා සත්‍යක්‍රියාවක් කරන්නට නම් අපි ලඟ සීලය තිබිය යුතුයි.
    අපි කී දෙනෙක් සිල් පද පහම දිවි හිමියෙන් රකිනවද ?

    මම ජීවිතයේ කිසිම දිනක :
    • සතුන් මරා නැත්තෙමි
    • අනුන්ගේ දෙය සොරා නොගත්තෙමි
    • කාමයෙහි වරදවා නොහැසිරුනෙමි
    • බොරු වලින් අනෙකුන් මුලා නොකලෙමි
    • සුරාවෙන් මත්ව ප්‍රමාදයේ නොගැලුනෙමි

    මේ බව සත්තයි නම්, මාගේ <මා ආදරය කරන කෙනාගේ / අයගේ > මේ රෝග / දුක් සන්හිඳේවා. සුවපත් වේවා කියල සත්‍යක්‍රියා කරන්නට අපි කී දෙනෙකුට අවංකව පුළුවන්ද ?

    දැන් වත් පරක්කු නෑ.. උත්සාහ කරන්න.. සිල් පද පහම දිවිහිමියෙන් , අවබෝධයෙන් රකින්නට.
    පහක් බැරිනම් සිල්පද හතරක් රකින්න
    හතරක් බැරිනම් සිල්පද තුනක් රකින්න
    තුනක් බැරිනම් සිල්පද දෙකක් රකින්න
    දෙකක් බැරිනම් සිල් පද එකක් වත් රකින්න මගේ යාළුවනේ.. !

    ඔබට කවදාවත් වරදින්නේ නෑ.. ඒ සිල් පදය අවබෝධයෙන් රැකි පිනෙන් ඔබට, ඔබේ ආදරය කරන අයට සෙත සලසන්නට ඔබට හැකි වේවි.

    මා මෙතුවක් කලක් කිසිවිටෙක වුවමනාවෙන්ම අනුන්ගේ ප්‍රාණය නොනැසුවෙමි-ඒ ශීලය රැක්කෙමි,
    මා කිසිදු විටෙක අනුන් සතු දෙයක් සොරා නොගත්තෙමි -ඒ ශීලය රැක්කෙමි,
    මා මෙතුවක් කලක් කාමයෙහි වරදවා නොහැසිරුනෙමි -ඒ ශීලය රැක්කෙමි,
    මා මෙතුවක් කලක් මුසාවාදයෙන් අනුන් මුලා නොකලෙමි -ඒ ශීලය රැක්කෙමි,
    මා මෙතුවක් කලක් කුසලයෙහි ප්‍රමාද කරවන්නවූ අගතිගාමී වූ සුරාවෙන් වෙන් වූයෙමි -ඒ ශීලය රැක්කෙමි.
    ඒ බැව් සත්‍යයි නම් මාගේ / මාගේ <හිතවතාගේ> රෝග සුවවේවා, සෙත සැලසේවා කියා සත්‍යක්‍රියා කරන්න. සෙත සැලසේ.


    මතකයි නෙ.. පිරිත් වනාහි මන්තර නොවේ. බෝධි පූජා වනාහි මන්තර, ගුරුකම් නොවේ, සත්‍යක්‍රියා වනාහි දුසිල්වතුන් ට කල හැකි දෑ නොවේ, දුස්සීලයන් ගේ ආයාචනා දෙවියන් කණ නොවැකේ.

    ඔබ අවබෝධයෙන් පිළිවෙත් පුරන්න.. සීලයෙහි පිහිටන්න, පින් කරන්න, කුසල් වඩන්න.
    ඔබට තෙරුවන් සරණයි
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම සිල් පද දෙකක් රකිනවා මොනම හේතුවක් නිසාවත් ඒ සිල් පද දෙක කඩන්නේ නෑ...අනිත් සිල් පද තුන රකින්න බෑ කැඩෙනවා :sad:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අග්ග මහා පණඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි e-books nada??????????????
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ma ganne liyawichcha books ganne mukuthe news ekka nada....

    මම හොයල බලන්නම්.. මේ දහම් කරුණු ලඟදි දවසක බෞද්ධයා ගුවන් විදුලි නාලිකාවේ රාත්‍රී 10ට විකාශය උන ධර්ම දේශනාවෙනුත් ඇහුවා මතකයි.

    රාත්‍රී 10ට FM නාලිකා 104.5 ට සවන් දෙන්න.. ජීවිතේට බොහොම වැදගත් වේවි.



    අග්ග මහා පණඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි e-books nada??????????????

    මමත් සොයනවා.. ලැබුන විගස ඔබට දෙන්නම්.
    මෙතන බලන්න, මහනාහිමියන් වහන්සේ ගේ ධර්ම දේශනා කීපයක් :

    http://www.dhammikaweb.com/?cat=49
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    pin siduwewa

    තෙරුවන් සරණයි මචන්

    මම සිල් පද දෙකක් රකිනවා මොනම හේතුවක් නිසාවත් ඒ සිල් පද දෙක කඩන්නේ නෑ...අනිත් සිල් පද තුන රකින්න බෑ කැඩෙනවා :sad:

    තෙරුවන් සරණයි මචන්.. මමත් එහෙමයි.. අපි හැකි පමණින් අවංකව පාරමිතාවක් විදියට, අධිශ්ඨානයක් කරගෙන සීලය රකිමු මචන්.

    ගොඩක් පින් මචන්...
    rep++

    තෙරුවන් සරණයි මචන්

    Bohoma wedagath thread ekak. Obata pin :)

    තෙරුවන් සරණයි මචන්


    තෙරුවන් සරණයි මචන්
     
    • Like
    Reactions: sudu pusa

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    චගු;12946636 said:
    මම හොයල බලන්නම්.. මේ දහම් කරුණු ලඟදි දවසක බෞද්ධයා ගුවන් විදුලි නාලිකාවේ රාත්‍රී 10ට විකාශය උන ධර්ම දේශනාවෙනුත් ඇහුවා මතකයි.

    රාත්‍රී 10ට FM නාලිකා 104.5 ට සවන් දෙන්න.. ජීවිතේට බොහොම වැදගත් වේවි.





    මමත් සොයනවා.. ලැබුන විගස ඔබට දෙන්නම්.
    මෙතන බලන්න, මහනාහිමියන් වහන්සේ ගේ ධර්ම දේශනා කීපයක් :

    http://www.dhammikaweb.com/?cat=49


    සතියේ හැම දවසම රාත්‍රී 10ට ?????????