සත්‍ය සිදුවීමකි :: නිරයෙන් යළි මනු ලොව පැමි&#3

dev.sahan01

Junior member
  • Apr 23, 2009
    65
    12
    8
    දැන් උඹ හිතපන් කව්රුහරි කෙනෙක් බිව්වා ,බිලා නිදාගත්තා නැත්නම් පිස්සු නැටුවා එහෙම කළා කියල එතන නරක චේතනාවක් ඇති වෙනවද ?
    මතක තියාගනින් කර්මයක් සිදු වෙන්න චේතනාව තියෙන්න ඕනේ , එය සිදු කරන හැටි සිතින් plan කරන්න ඕනේ , ඊට පස්සේ ඒ වැඩේ කරන්නන ඕනේ.

    දැන් බලපන් අපි දන්නේ නැතුව අපේ අතින් මැරෙන සත්තු කොච්චර ඉන්නවද ? එත් අපිට එක පවක් නෙමේ කියලනේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මොකද එතන චේතනාව නැහැ. ටිකක් හිතල බලපාන්

    හැබැයි බොන එක සමාජයකට යහපත් නැහැ , සෞඛ්‍යට යහපත් නැහැ. අන්න එක තමයි පන්සිල් පද පහේ එක ගැන සඳහන් කරලා තියෙන්නේ.

    මම වැරදි නම් නිවැරදි කරන්න :)

    අනේ හලෝ, දැන් ඔබතුමා කියන්නේ බිව්ව මිනිස්සුන්ට චේතනා පහලවෙන්නෙ නැහැ කියලද?:lol: නැත්තං බිව්වම නරක චේතනා පහල නොවෙන්න කෙලෙස් යටපත් වෙන ධ්‍යානයකට සමවැදෙනවා කියලද? බිව්ව මිනිස්සුන්ගේ පංචස්ඛන්දයෙන් එක කොටසක් අයින් වෙනවද? මේක මහා පුදුම කතාවක්නෙ! බිව්වම නරක චේතනා පහල නොවෙන්න??? :frown: ඔක්කොටොම ඉස්සෙල්ල කියන්න ඕනෙ ඔයා බොන කෙනෙක්, ඔයා ඒක සාධාරණීකරණය කරනවා ඇරෙන්න වෙන මොකක්වත් කරයි කියල බලාපොරොත්තු වෙන්න බෑ.:dull: ඒක හරියට මස් කන අය මස් කන එක එක සාධාරණීකරණය කරනවා වගේ (හැබැයි මේක ඊට වඩා බරපතලයි) බුදුරජානන් වහන්සේ නමක් පහල වෙන්නේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය යහපත් කරන්න නෙවෙයි, මිනිසුන්ගේ සංසාරගමන සුවපත් කරන්න, සංසාරගමනින් එතෙර කරවන්න.:yes: මත් ද්‍රව්‍ය පාවිච්චිය නිසා විපාක වශයෙන් මතු භවයන්හි මන්ද බුද්ධීක වෙනවා කියල අහල නැද්ද?:rolleyes: ඔහොම නෙවෙයි, තව කොයි කොයි විදිහට ඇවිල්ල කිව්වත්, වැරැද්ද වැරද්දමයි. වැරැද්ද ඔබතුමා කරන හින්ද නිවැරදි දෙයක් වෙන්නෙ නැහැ. දැන් කියන්න එපා මම බොන කෙනෙක් නෙවෙයි කියල, බොන්නැත්නම් හුඟක් හොඳයි :) නමුත් මෙහෙම කිව්වෙත් ඔබතුමාම තමයි " හැබැයි ඉඳල හිටලා බියර් බොනව".

    ඒක නෙවෙයි, ඔබ තුමා ඉඳල හිටලා ටිකක් කාම මිත්යාචාරයේ යෙදුනොත් ඒ කියන්නෙ ඔබ තුමා කාම මිත්යාචාරයේ යෙදෙන්නේ නැති කෙනෙක් කියන එකද?? නෑ! තෙරුවන් සරණයි.
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මම නම් හිතන්නේ අපාය කියල මේ කියන විදියේ දෙයක් නෑ කියල... අපය තියෙන්නෙත් අපි අතරෙමයි.... හිතපන්, අපිට මේ තියෙන හැමදේම නැතිවෙලා අන්ත දුප්පත් වුන කියල... කන්න නෑ, අදින්න නෑ, ජරාවට යනවා....
    ඕක තම අපායට සමාන වෙන්නේ... මේ කියල තියෙන දේ නම් මම පිළිගන්නේ නෑ.....
     
    dev.sahan01

    Junior member
  • Apr 23, 2009
    65
    12
    8
    මම නම් හිතන්නේ අපාය කියල මේ කියන විදියේ දෙයක් නෑ කියල... අපය තියෙන්නෙත් අපි අතරෙමයි.... හිතපන්, අපිට මේ තියෙන හැමදේම නැතිවෙලා අන්ත දුප්පත් වුන කියල... කන්න නෑ, අදින්න නෑ, ජරාවට යනවා....
    ඕක තම අපායට සමාන වෙන්නේ... මේ කියල තියෙන දේ නම් මම පිළිගන්නේ නෑ.....

    ඔබතුමා කොහොම හිතුවත් හිතන්නෙ වැරදියටනම් කාටවත් කිසිම පලක් නැහැ :) මනුෂ්‍ය ලෝකයෙන් වෙන්වුණු, අකුසල්/පවු සිදුකල, ප්‍රමාද වුනු සත්වයින් ඕපපාතිකව උපදින වෙනම ස්ථානයක් ස්ථිරවම තියනවා. බෞද්ධයෙක් අපාය නැහැ කියනවා කියන්නෙ දේවදුත සූත්‍රය කියවල නැහැ කියන එකයි. අඩුම තරමෙ දේවදුත සූත්‍රයේ මුල්ම කොටසෙ බුදුරජානන්වහන්සේ දේශනා කරපු කොටස දන්නවනම්, මෙහෙම කියන එක ගැන බොහොම කනගාටුයි, දුකයි. 'හිතන්න' ඕනෙ වෙන කවුරුවත් නෙවෙයි, වැරදි දෘෂ්ටියක ඉන්න ඔබ තුමාමයි! අපාය පිළිගන්නෙ නැහැ කියන්නෙ බුදුරජාණන්වහන්සේගේ අවබෝධය පිළිගන්නෙ නැහැ කියන එකයි, ද? ආනන්තරිය පාප කර්ම කරපු අය උපදින්නේ මනුස්ස ලෝකෙ අංගවිකල වෙලා, දුප්පත් වෙලාද? අපාය කියන්නෙ නරකය විතරක් නෙවෙයි, ප්‍රේත, අසුර, තිරිසන් ලෝක සියල්ලම. මිය යන මිනිසුන් තිරිසන් භව වල උපදින්නේ නැද්ද? ප්‍රේතයින්, අසුරයින් වෙලා උපදින්නෙ නැද්ද? ඔබතුම මීට කලින් සතර අපායෙ ඉපදිලා තියෙනවා කියල පිළිගන්නෙ නැද්ද? ඔබතුමා තාමත් ඉන්නෙ ඒ සතර අපායෙ වැටීමේ අනතුරින් බේරිලා නෙවෙයි කියල පිළිගන්නෙ නැද්ද? මේ ටික කිව්වෙ, ඔබ තුමාගේම යහපත සඳහා පමනක්මයි! ඔබතුමාගේ වැරදි දෘෂ්ටියෙන්, නිවැරදි දෘෂ්ටියක ඉන්න අයට බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් ඔබතුමා වැරදි දෘෂ්ටියක ඉන්න ගමන්, <<හිතපන්>> ගගා අනිත් අයට උගන්නන්න යාමෙන් කවුරුහරි කෙනෙක් ඔය වැරදි දෘෂ්ටිය ගත්තොත්? දැන් මටනම් කියන්න එන්නත් එපා, වාද කරන්න එන්නත් එපා ආයිත් අපාය තියෙන්නේ මනුස්ස ලෝකෙමයි කියල! ඒකෙන් කිසිම වැඩක් නැහැ. හේතුව තථාගත සම්මා සම්බුදුරජානවහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කල සද්ධර්මය කියවල, අහල තියෙන අය ඔබතුමාගේ වචනයට වඩා ඒ ශ්‍රී සද්ධර්මය පිළිගන්නවා. තෙරුවන් සරණ වේවා.
     
    kammeliya

    Member
    Aug 31, 2011
    43
    4
    0
    ඔක්කොමට ඉස්සල්ල කියන්න ඕනේ මම බොන කෙනෙක් නෙමෙයි. හැබැයි ඉඳල හිටලා බියර් බොනව. නැත්නම් උඹල හිතයි මම මේ හිත සනසගන්න කියනවා කියල. :)

    අපි අහල තියන විදියට නම් බොන එක නරක පුරුද්දක් මිසක් පවක් නෙමෙයි. අපිට කියල දීල තියෙන්නේ "චේතනාව කර්මයට මුලයි" කියල. ඉතින් බිව්වා කියල වෙන පවක් හෝ පිනක් නැහැ. ඔන්න බිලා මිනිහෙක් මැරුවොත් නම් අන්න එක පවක්. :yes:

    මේක කාගෙහරි ලොකු බොරුවක් මට දුක මේ වගේ වැඩ වලින් අපේ බුදු ධර්මයට වෙන හානිය ගැනයි. :( :frown::growl:

    මේ අපාය සහ යම පල්ලන් ගැන කියනවා නම් . ගොඩක් වෙලාවට අපේ බෞද්ධ සාහිතයේ සඳහන් වෙන්නේ පොලව පලාගෙන අපායට ගියා කියල . ඒ කියන්නේ අපාය තියෙන්නේ පොලොව යට වෙන්න ඕනනේ. එතකොට පොලොව යට තියෙන්නේ ලාවා ගෝලයක්. ඒ ක අපායේ කියන ලෝදිය එක්ක හොඳට ගැලපෙනවා.
    මේ ගැන මගේ පෞද්ගලික විශ්වාසය නම් අපාය යනුවෙන් හඳුන්වන්නේ පොලොව යට පිහිටි මේ ලාවා ගෝලයේ උපත ලබන යම් කිසි ජීවින් කොට්ටාශයක් ගැනයි
    . :nerd:

    මේ යමපල්ලන් , යම රජුන් ගැන නම් මගේ විශ්වාසයක් නැහැ
    මටත් හිතෙනවා ඔහොම. මොකද ඔය කිව්වා මනුස්සය බෞද්ද කෙනෙක් එයාගේ ඔලුවේ තිබුන දේවල් තමා ඔය කියන විදියේ යම පල්ලෝ, නිරය ආදිය.. කොච්චර කට මැත දෙඩෙව්වත් මෙයා ඕවා ගැන විස්වාසෙකින් ඉඳල තියෙන්නේ, අර සමහරු කියන්නේ මම හොල්මන් වලට බය නෑ කියල.... එත් එහෙම කියන උන්ම හොල්මන් වලට බය වෙන්නේ... ඒ පුද්ගලයන්ගේ යටිසිතේ ඒවගේ සිතුවිලි තමන්ට නොදැනුවත්වම හැංගිලා තියෙන නිසා. එනිසා මේකටත් කියන්න පුළුවන් මිහිහෙක්ගේ හිතේ ඇඳුන මනෝ විකාරයක් කියල විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පින් පවි කියල දෙකක් තියෙනව වගේම ඒවට විපාක ලැබෙන්නත් වෙනම තැන් ඇති :yes:
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    අපි සංසාරේ පුරාම ගමන් යන ගමන් මේ ආත්මේ මේ ඉන්නේ
    අපි දන්නේ නෑ අපි කොහේ ඉපදුනද ඉපදෙයිද කියල
    හොදින් ඉන්න ඕනේ පිනක් කරගෙන
    ඊලග පාර කොහේ යයිද කව්ද දන්නේ
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මම මේ ත්‍රෙඩ් එක කියවගෙන පහළට පහළට ගියාම මට තේරුණ යම් කිසි‍ දෙයක් මම මේ හැමෝටම කියන්නෙ... හැමදෙනාම අපායට යන්න හේතු වන දේවල් ගැන ගොඩක් දේවල් කතා බහ කරල තියෙනව නෙ... නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තියෙන්නෙ තර්ක කර කර.. මගේ තර්කය හරි හෝ අනෙකාගේ තර්කය වැරදියි හෝ යන මතයක පිහිටන්න නම් නෙමෙයි. කවුරු කොහොම කීවත්... මේ ධර්මය... අවබො‍්ධ කරගත යුත්තේ තමන්මයි. ඒ ගැන කාටවත් ගැටළුවක් නැහැ නේද..? පංච ශීලය ආරක්ෂා කරගන්න කාටත් පුළුවනි. තමා අතින් අකුසල් සිදු වන එක වළක්වා ගන්නට හැමතිස්සෙම කටයුතු කරන්නට ඕනි. එහෙම නම්... යම් කිසි කාරණයක් උදෙසා කරන තර්ක කිරීමෙන් ලබාගන්න උත්සාහ කරන සාධාරණියත්වය ඇත්තටම කිව්වොත් සාර්ථක නැහැ. තර්ක කිරීමෙන් ඕනෙම කෙනෙක්ට ඇත්ත බො‍රුව කරන්නත්, බො‍රුව ඇත්ත කරන්නත් පුළුවන්. ‍එහෙම නේද..? වඩාත්ම සුදුසු දේ... ධර්මය තව ගැඹුරට ඉගෙන ගන්න. ඒ විතරක් මදි... එය ජීවිතයට මිශ්‍ර කරගන්න. එය ප්‍රායෝගික කරගන්න. බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මය තියෙන්නෙ... පොතපතකින් කියවල, බණ අහල.. ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන theory එකක් නෙමෙයි. ඒක 100% ක්ම ප්‍රායෝගික වැඩපිළිවෙලක් Practical එකක් වෙන්න ඕනෙ.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    නියමයි. ඇත්තටම වැරදි කරන අපි හැමෝටම මේකෙන් හැදෙන්න පුළුවන්. :yes::yes::yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම මේ ත්‍රෙඩ් එක කියවගෙන පහළට පහළට ගියාම මට තේරුණ යම් කිසි‍ දෙයක් මම මේ හැමෝටම කියන්නෙ... හැමදෙනාම අපායට යන්න හේතු වන දේවල් ගැන ගොඩක් දේවල් කතා බහ කරල තියෙනව නෙ... නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තියෙන්නෙ තර්ක කර කර.. මගේ තර්කය හරි හෝ අනෙකාගේ තර්කය වැරදියි හෝ යන මතයක පිහිටන්න නම් නෙමෙයි. කවුරු කොහොම කීවත්... මේ ධර්මය... අවබො‍්ධ කරගත යුත්තේ තමන්මයි. ඒ ගැන කාටවත් ගැටළුවක් නැහැ නේද..? පංච ශීලය ආරක්ෂා කරගන්න කාටත් පුළුවනි. තමා අතින් අකුසල් සිදු වන එක වළක්වා ගන්නට හැමතිස්සෙම කටයුතු කරන්නට ඕනි. එහෙම නම්... යම් කිසි කාරණයක් උදෙසා කරන තර්ක කිරීමෙන් ලබාගන්න උත්සාහ කරන සාධාරණියත්වය ඇත්තටම කිව්වොත් සාර්ථක නැහැ. තර්ක කිරීමෙන් ඕනෙම කෙනෙක්ට ඇත්ත බො‍රුව කරන්නත්, බො‍රුව ඇත්ත කරන්නත් පුළුවන්. ‍එහෙම නේද..? වඩාත්ම සුදුසු දේ... ධර්මය තව ගැඹුරට ඉගෙන ගන්න. ඒ විතරක් මදි... එය ජීවිතයට මිශ්‍ර කරගන්න. එය ප්‍රායෝගික කරගන්න. බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මය තියෙන්නෙ... පොතපතකින් කියවල, බණ අහල.. ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන theory එකක් නෙමෙයි. ඒක 100% ක්ම ප්‍රායෝගික වැඩපිළිවෙලක් Practical එකක් වෙන්න ඕනෙ.

    Well said..... pin....
     
    Sep 12, 2011
    884
    120
    0
    දැන් උඹ හිතපන් කව්රුහරි කෙනෙක් බිව්වා ,බිලා නිදාගත්තා නැත්නම් පිස්සු නැටුවා එහෙම කළා කියල එතන නරක චේතනාවක් ඇති වෙනවද ?
    මතක තියාගනින් කර්මයක් සිදු වෙන්න චේතනාව තියෙන්න ඕනේ , එය සිදු කරන හැටි සිතින් plan කරන්න ඕනේ , ඊට පස්සේ ඒ වැඩේ කරන්නන ඕනේ.

    දැන් බලපන් අපි දන්නේ නැතුව අපේ අතින් මැරෙන සත්තු කොච්චර ඉන්නවද ? එත් අපිට එක පවක් නෙමේ කියලනේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මොකද එතන චේතනාව නැහැ. ටිකක් හිතල බලපාන්

    හැබැයි බොන එක සමාජයකට යහපත් නැහැ , සෞඛ්‍යට යහපත් නැහැ. අන්න එක තමයි පන්සිල් පද පහේ එක ගැන සඳහන් කරලා තියෙන්නේ.

    මම වැරදි නම් නිවැරදි කරන්න :)

    දැන් මත්පැන් බිව්වා කියල අකුසලයක් සිද්ධ වෙන්නේ නෑ. හැබැයි ප්‍රමාද දෝෂයක් සිද්ධ වෙනවා. ඒ තමයි නිවනට යන මාර්ගය ඇහිරෙනවා. එකයි බොන්න එපා කිව්වේ.හැබැයි අනුන්ට මත්පැන් පොවලා ඒ ගොල්ලොන්ගේ නිවන් මාර්ගය ඇහිරීම, ඒ ගොල්ලොන්ව සිහි විකල් කිරීම පවක්. බොන්නේ නැතිව ඉන්නවනම් හොඳයි ඉතින්.:dull::dull:

    අනික බෞද්ධ සාහිත්‍ය කියන්නේ එකක්, බුද්ධ ධර්මය කියන්නේ තව එකක්. මම පිළිගන්නේ බුද්ධ ධර්මය විතරයි. හැබැයි බෞද්ධ සාහිත්‍යයේ තියෙන දේවල් වලින් යමක් ජිවිතයට එකතු කරගන්නවනම් ඒක හොඳයි.

    අනික මේ පත්තරවල් හරි ඉන්ටනෙට් එකේ හරි තිබ්බ පලියට 100% කිසි දෙයක් ගන්න යන්න එපා. විමසිලිමත් වෙන්න.

    මම කියන්නේ බොන එක ප්‍රමාද දෝෂයට හේතුවක්. නිවනට මෙන්ම දවසේ වැඩකටයුතු වලටද බාධයි. වලි වලට හේතු වෙනවා.

    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බොහෝම ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට. ඒ වගේම මේක කියවල එක්කෙනෙක් හරි නිවැරදි මාර්ගයට ගියානම් ඔයාට ගොඩාක් පිං.
    රෙප්+