සත්‍ය සොයා...

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මට මක් වෙලාද? :dull:

    මට හිතෙනවා මේ අනිත් මිනිස්සු කරන හැමදේම තේරුමක් නැති බොරු වැඩ බව.
    කිසි මිනිහෙක් නැති නිශ්ශබ්ද කැලෑවකට ගිහින් ජීවිතේ ඇත්ත හොයන්න.
    (භාවනා කරගෙන ඉන්න. ඒත් එහෙම තැනක් නෑ. ඒක ප්‍රායෝගිකත් නෑ.)

    දැන් මට අඩුම තරමේ සින්දුවක් ඇහුවත් චිත්‍රපටයක් බැලුවත් ඒක ඉස්සර වගේ දැනෙන්නේ නෑ.
    තේරුමක් නැති බව, හරසුන් බව දැක්කම මේවා බල බල ඉන්න එකේ තේරුමක් නෑ කියලත්,
    මේ ජීවිතේ ඇත්ත හොයන්න මේ විනාශ කරන කාලය අපරාදේ කියලත් හිතෙනවා. :rolleyes:

    කලින් no fap thead එකේ මං කියලා ඇති පෝර්න් නොබලා හිටියහැකි ඒත් ස්වයං වින්දනය නැතිව බෑ කියලා.
    ඒත් දැන් ඒකත් පාලනය කරගන්න පුළුවන් වුනා.
    දැන් දින කිහිපයක ඉඳලා ගෙවන්නේ සම්පූර්ණ බඹසර රකින ජීවිතයක්. :yes:

    නමුත් මං මහණ වෙන්න කැමැත්තක් නැහැ.
    මොකද මං විශ්වාස කරන දේවල් එක්ක බැලුවාම වර්තමානයේ භික්ෂුවකට
    උගෙන පිළිපැදිය යුතු දේවල් අතර මගේ විශ්වාසයන්ට නොගැළපෙන දේවල් තියනවා.
    [පුනර්භවය විශ්වාස නොකරමි.]
    එතකොට මහණ ජීවිතය හරියට කරන්න බැරි නිසා.

    මේක ලෙඩක්ද? නැත්නම් සාමාන්‍යයිද? :dull:

    බුදු දහම අැසුරින් මේ විදියට අවබෝධයෙන් කළකිරුණ අයට ඉදිරි මඟ පෙන්වාදෙන තැන් තියනවාද?
    මං අහන්නේ සෝවාන් සහතික දෙනවා වගේ තැන් නෙවෙයි.
    බොහෝදුරට නිවැරදි බුද්ධ දර්ශනය ඇසුරින් ලාභ අපේක්ෂාවෙන් තොරව මඟ පෙන්වන තැන්?
    මට වැටහෙන විදියට මට දැන් අවශ්‍ය ඒ විදියේ මඟ පෙන්වන කෙනෙක්. :)
     
    • Like
    Reactions: Pessimist

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    You have gone to one extreme side,It's not the middle path.You're slowly becoming a jaina who dwells on the negative side:oo:

    You hv gone into a depression thinking that everything is impernant,no meaning of anything,have to find the truth.:sorry:The moment you drop these one side thinking you hv found the truth.

    Truth is right there infront of you but you are lopped to one extreme end:dull:
     
    • Like
    Reactions: Dishta Didin

    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    මට න්ම් හිතෙන්නේ උඹටම තමයි ඉතුරු ටිකත් හොයගන්න වෙන්නේ. මොකද එහෙම මග පෙනවන තැන් තිබ්බත් එතන කියල දෙන්නේ උන්ට හරියි කියල හිතෙන දේ

    හැබයි මම දන්න තරමින් බුදු දහමේ ඔහොම හැම දේම එපා වෙලා වගේ පත්තකට වෙලා ඉන්න ක්‍රමයක් නම් උගන්වන්නේ නෑ
     
    • Like
    Reactions: Dishta Didin

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තේරුමක් නැති වැඩ තමා බං :( අපි දන්නැතුව සමාජයෙන් අපිව program කරනව :( ඉස්කෝලෙ යවල අරහෙම වෙන්න මෙහෙම වෙන්න එතකොට තමා සාර්ථක ජීවිතේ කියල brain wash පාරක් දෙනව ආයෙ brain wash වුනා කියලවත් නොදැනෙන්න :( ඊට පස්සෙ ඒ ටික කල්ල මැරිල යනව :( නිකං සතෙක්ගෙ ඇඟේ සෛල සතා රකින්න කඹුරල කඹුරල මැරිල කුණුවෙලා හේදිලා යනව වගේ සමාජය වෙනුවෙන් අපි කඹුරල කඹුරල මැරිල නිකංම කුණුවෙලා සමාජයෙන් අහක් වෙලා යනව :(

    අපේ ඇඟේ අපි වෙනුවෙන් වැඩ කරල මැරිල ගිය සෛලයක් ගැන අපිට මතක නෑ වගේ, පරම්පරා දෙකක් ගිය තැන අපිත් සමාජෙ තවත් එක සෛලයක් වගේ හිටියද කියලවත් කවුරුත් දන්නෑ :(

    ඒ ඉන්න ටිකේ අපි අවට ඉන්න අයව impress කරන්න අපි නොකරන දෙයක් නෑ :( අපි පව් :(
     
    • Like
    Reactions: Dishta Didin

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet

    මටත් ඔය ටිකම තමා හිතෙන්නේ නිතරම :dull::rolleyes:
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Sounds like depression mate.
    වෙන්නැති, මං හිතනවා වැඩියි ටිකක්. :yes: Thanks :)

    You have gone to one extreme side,It's not the middle path.You're slowly becoming a jaina who dwells on the negative side:oo:

    You hv gone into a depression thinking that everything is impernant,no meaning of anything,have to find the truth.:sorry:The moment you drop these one side thinking you hv found the truth.

    Truth is right there infront of you but you are lopped to one extreme end:dull:
    Thanks පැහැදිලි කිරීමට. මගේ විශ්වාස වැරදි ඇති.
    ඔප්පු කරන්න බැරි නිසා පුනර්භවයක් ගැන විශ්වාස කරන්න හිතෙන්නේ නෑ.
    ඇත්ත, මං අන්තගාමී වෙලා වගේ. :)

    මට න්ම් හිතෙන්නේ උඹටම තමයි ඉතුරු ටිකත් හොයගන්න වෙන්නේ. මොකද එහෙම මග පෙනවන තැන් තිබ්බත් එතන කියල දෙන්නේ උන්ට හරියි කියල හිතෙන දේ

    හැබයි මම දන්න තරමින් බුදු දහමේ ඔහොම හැම දේම එපා වෙලා වගේ පත්තකට වෙලා ඉන්න ක්‍රමයක් නම් උගන්වන්නේ නෑ
    ඒක තමයි ප්‍රශ්නේ. net එකේ බැලුවත් එක දේ තියෙන්නේ එක එක විදියට. :yes:

    මං සාමාන්‍ය ජීවිතෙත් සාමාජශීලී අඩු චරිතයක්. ඒ නිසා වෙන්න ඇති. :)
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    තේරුමක් නැති වැඩ තමා බං :( අපි දන්නැතුව සමාජයෙන් අපිව program කරනව :( ඉස්කෝලෙ යවල අරහෙම වෙන්න මෙහෙම වෙන්න එතකොට තමා සාර්ථක ජීවිතේ කියල brain wash පාරක් දෙනව ආයෙ brain wash වුනා කියලවත් නොදැනෙන්න :( ඊට පස්සෙ ඒ ටික කල්ල මැරිල යනව :( නිකං සතෙක්ගෙ ඇඟේ සෛල සතා රකින්න කඹුරල කඹුරල මැරිල කුණුවෙලා හේදිලා යනව වගේ සමාජය වෙනුවෙන් අපි කඹුරල කඹුරල මැරිල නිකංම කුණුවෙලා සමාජයෙන් අහක් වෙලා යනව :(

    අපේ ඇඟේ අපි වෙනුවෙන් වැඩ කරල මැරිල ගිය සෛලයක් ගැන අපිට මතක නෑ වගේ, පරම්පරා දෙකක් ගිය තැන අපිත් සමාජෙ තවත් එක සෛලයක් වගේ හිටියද කියලවත් කවුරුත් දන්නෑ :(

    ඒ ඉන්න ටිකේ අපි අවට ඉන්න අයව impress කරන්න අපි නොකරන දෙයක් නෑ :( අපි පව් :(

    :yes: :yes: :yes: :yes: :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    ]We misunderstood the buddhas teaching of anitya,dukkha,anata.:yes: He pointed out that those are the marks of the exsistance.But we took it as depression like eveything is pointless,nothing is forever,nothing is real,no point of living thinking like that we got into a depression.

    But it was not the teaching the teaching was to shread the dellusions we have by realizing the nature of everything.But we took it wrong:dull:.If ws unserstood the 3 marks correctly we should be in ultimate peace and bliss.But our minds fooled us again by taking one extreme side
     
    Last edited:

    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    මටත් හිතෙනවා බන් ඔය ටිකම වෙනස් විදිහකට.

    ගස් ටික කපාගෙන,කෘතිම ආහාර අරගෙන, කඳු වල ගල් ටිකයි පස් ටිකයි, ගංගා වල වැලි, එක එක කෙමිකල් පරිසරයට එකතු කරල මොනවගේ දියුණුවක් ලබන්න හදනවඳ මුන් ටික කියලා. අපේ රටේ පට්ට විදිහට පරිසරය විනාශ කරනවා,මම දන්නවා අහිතකර කෙමිකල් පොලවට ,ගෑස් ,දුම් මාර විදිහට පරිසරයට එකතු කරනවා. කම්පැණි වල අයිති කාරයෝ ඒවා ගැන හිතන්නැත්තේ ඇයි? රජයේ ඒවා බලන්න ඉන්න වුන් ඔක්කොටම ඒහා උන් සල්ලි දුන්නම එන්නෙත් නැ. මට හිතෙනවා කොහෙ හරි කැලැ දුපතනට ගිහින් ඉස්සර කාලේ මිනිස්සු හිටියා වගේ ඉන්න. එත් ප්‍රැක්ටිකල් නැ.දැන් මම හිතන්නේ ලංකාවේ දෙවනියට වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නේත් කැන්සර් නිසාඳ කොහෙද?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මටත් ඔය ටිකම තමා හිතෙන්නේ නිතරම :dull::rolleyes:
    හරි ගුරුවරයෙක් නැත්නම් තනියම හරි නිවන දක්වා යන්න උත්සාහ කරන්න තියෙන්නේ. :yes:
    ඒත් විශාදය වගේ ලෙඩත් ඔය විදියටම එනවා. ඒවට ඕනේ බෙහෙත්, පරිස්සමින්... :)

    ]We misunderstood the buddhas teaching of anitya,dukkha,anata.:yes: He pointed out that those are the marks of the exsistance.But we took it as depression like eveything is pointless,nothing is forever,nothing is real,no point of living thinking like that we got into a depression.

    But it was not the teaching the teaching was to shread the dellusions we have by realizing the nature of everything.But we took it wrong:dull:.If ws unserstood the 3 marks correctly we should be in ultimate peace and bliss.But our minds fooled us again by taking one extreme side

    :)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,099
    113
    මට මක් වෙලාද? :dull:

    මට හිතෙනවා මේ අනිත් මිනිස්සු කරන හැමදේම තේරුමක් නැති බොරු වැඩ බව.
    කිසි මිනිහෙක් නැති නිශ්ශබ්ද කැලෑවකට ගිහින් ජීවිතේ ඇත්ත හොයන්න.
    (භාවනා කරගෙන ඉන්න. ඒත් එහෙම තැනක් නෑ. ඒක ප්‍රායෝගිකත් නෑ.)

    --------------

    බුදු දහම අැසුරින් මේ විදියට අවබෝධයෙන් කළකිරුණ අයට ඉදිරි මඟ පෙන්වාදෙන තැන් තියනවාද?
    මං අහන්නේ සෝවාන් සහතික දෙනවා වගේ තැන් නෙවෙයි.
    බොහෝදුරට නිවැරදි බුද්ධ දර්ශනය ඇසුරින් ලාභ අපේක්ෂාවෙන් තොරව මඟ පෙන්වන තැන්?
    මට වැටහෙන විදියට මට දැන් අවශ්‍ය ඒ විදියේ මඟ පෙන්වන කෙනෙක්. :)

    චන්ද විමල හාමුඩුරුවන්ගේ වන්චනික ධර්ම පොත කියවපන්.
    බලපන් වන්චනික ධර්ම උබ ඇතුලේ හැන්ගිලා තියනවාද, ඒවාද උබව මෙහෙයවන්නේ කියලා හැමදේකින්ම ඈත් උනා කියලා හිතවන ගමන්.
    උබට සාමාන්‍ය ලෝකේ දේවල් වලින් තෘප්තියක් නැත්තන්, බනක් දහමක් අහගන ඉදපන්.ඒ සම්බන්ධ පොත් කියවපන්. එතකොට ඔලාරික රසයට ප්‍රිය නැති උබට ධර්ම රසය දැනෙන්න ඔනේ.
    උබට ආෂ්වාදය අසාරයි කියලා තේරෙනවානම්,මොනවා කරන්නද.අසාරනම් අසාරයි.එහෙනම් සිහියෙන් ජීවත් වෙයන්.සතර සතිපට්ටානය ඉගන ගනින්.
    (උබගේ ප්‍රතිචාරය නොදන්න නිසා ඒක මෙතන කියන්න උවමනා නෑ).
    මොකද භාවනා කරන එක ප්‍රායෝගික නෑ කියන්නේ
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    චන්ද විමල හාමුඩුරුවන්ගේ වන්චනික ධර්ම පොත කියවපන්.
    බලපන් වන්චනික ධර්ම උබ ඇතුලේ හැන්ගිලා තියනවාද, ඒවාද උබව මෙහෙයවන්නේ කියලා හැමදේකින්ම ඈත් උනා කියලා හිතවන ගමන්.
    උබට සාමාන්‍ය ලෝකේ දේවල් වලින් තෘප්තියක් නැත්තන්, බනක් දහමක් අහගන ඉදපන්.ඒ සම්බන්ධ පොත් කියවපන්. එතකොට ඔලාරික රසයට ප්‍රිය නැති උබට ධර්ම රසය දැනෙන්න ඔනේ.
    උබට ආෂ්වාදය අසාරයි කියලා තේරෙනවානම්,මොනවා කරන්නද.අසාරනම් අසාරයි.එහෙනම් සිහියෙන් ජීවත් වෙයන්.සතර සතිපට්ටානය ඉගන ගනින්.
    (උබගේ ප්‍රතිචාරය නොදන්න නිසා ඒක මෙතන කියන්න උවමනා නෑ).
    මොකද භාවනා කරන එක ප්‍රායෝගික නෑ කියන්නේ

    බොහොම ස්තුතියි...!
    චන්දවිමල හාමුදුරුවන්ගේ ම සතිපට්ඨාන භාවනා ක්‍රමය පොත කියෙව්වා.
    ඒකේ විදියට කරනවා දැන්. තාම පටන් ගත්තා විතරයි.
    ඔය කියන පොතත් කියවන්න ඕනේ.

    මේ දවස් ටිකේම වෙනදා නැති කැමැත්තකින් ඒ වගේ පොත් පත්තර තමයි කියෙව්වේ.
    ධර්ම රසය දැනෙනවා... :yes:

    භාවනා කරන එක නෙවෙයි ප්‍රායෝගික නෑ කිව්වේ. කැලයකට යන එක. :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටත් හිතෙනවා බන් ඔය ටිකම වෙනස් විදිහකට.

    ගස් ටික කපාගෙන,කෘතිම ආහාර අරගෙන, කඳු වල ගල් ටිකයි පස් ටිකයි, ගංගා වල වැලි, එක එක කෙමිකල් පරිසරයට එකතු කරල මොනවගේ දියුණුවක් ලබන්න හදනවඳ මුන් ටික කියලා. අපේ රටේ පට්ට විදිහට පරිසරය විනාශ කරනවා,මම දන්නවා අහිතකර කෙමිකල් පොලවට ,ගෑස් ,දුම් මාර විදිහට පරිසරයට එකතු කරනවා. කම්පැණි වල අයිති කාරයෝ ඒවා ගැන හිතන්නැත්තේ ඇයි? රජයේ ඒවා බලන්න ඉන්න වුන් ඔක්කොටම ඒහා උන් සල්ලි දුන්නම එන්නෙත් නැ. මට හිතෙනවා කොහෙ හරි කැලැ දුපතනට ගිහින් ඉස්සර කාලේ මිනිස්සු හිටියා වගේ ඉන්න. එත් ප්‍රැක්ටිකල් නැ.දැන් මම හිතන්නේ ලංකාවේ දෙවනියට වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නේත් කැන්සර් නිසාඳ කොහෙද?

    :love:
    https://patternsofmeaning.com
    මූ ලියන ඒව කියෝපං උඹට අල්ලල යයි :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මටත් හිතෙනවා බන් ඔය ටිකම වෙනස් විදිහකට.

    ගස් ටික කපාගෙන,කෘතිම ආහාර අරගෙන, කඳු වල ගල් ටිකයි පස් ටිකයි, ගංගා වල වැලි, එක එක කෙමිකල් පරිසරයට එකතු කරල මොනවගේ දියුණුවක් ලබන්න හදනවඳ මුන් ටික කියලා. අපේ රටේ පට්ට විදිහට පරිසරය විනාශ කරනවා,මම දන්නවා අහිතකර කෙමිකල් පොලවට ,ගෑස් ,දුම් මාර විදිහට පරිසරයට එකතු කරනවා. කම්පැණි වල අයිති කාරයෝ ඒවා ගැන හිතන්නැත්තේ ඇයි? රජයේ ඒවා බලන්න ඉන්න වුන් ඔක්කොටම ඒහා උන් සල්ලි දුන්නම එන්නෙත් නැ. මට හිතෙනවා කොහෙ හරි කැලැ දුපතනට ගිහින් ඉස්සර කාලේ මිනිස්සු හිටියා වගේ ඉන්න. එත් ප්‍රැක්ටිකල් නැ.දැන් මම හිතන්නේ ලංකාවේ දෙවනියට වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නේත් කැන්සර් නිසාඳ කොහෙද?

    :yes:
    මේ මිනිස්සු ගෙවන ජීවිතේ හිතේ නිදහසත් නෑ. :yes: