<~~සත්‍ය හොල්මන් කතාවක්~~>

SickHead

Member
Aug 26, 2011
597
39
0
<~~සත්‍ය හොල්මන් කතාවක්~~>

හොල්මන් විශ්වාස කරන අයට වඩා විශ්වාස නොකරන අය වැඩී කියලා මම දන්නවා.මමත් අවුරුදු 15දි හිටියේ ඒ ගොඩේ, ඒත් එක්තරා සිදුවීමක් නිසා මම මගේ මතය වෙනස් කලා. මේ සිද්දිය වෙන කාළේ මම හිටියේ අපේ මාමා කෙනෙක් ගෙ ගෙදර නතර වෙලා. ඒ ගෙදර එළියෙ කාමරේක නතර වෙලා හිටියා අවුරුදු 50ක විතර මනුස්සයෙක්, මිනිහගෙ ජොබ් එක උනේ ජයරත්න මල් ශාලාවෙ මිනී එම්බාම් කරන එක! ටික දවසක් ගෙවිලා යද්දි මටත් ආස උනා මිනියක් එම්බාම් කරන හැටි බලන්න. මම ඒ මනුස්සයාට කාරණේ කිව්වම ඒ මිනිහත් කැමති උනා මාව එක දවසකට එක්කන් යන්න.

මමත් කොහොම හරි මිනී කාමරේට රිංගුවා කියමුකෝ. මැරිලා හිටියෙ අවුරුදු 20ක විතර කෙල්ලෙක්. වතුරේ ගිළිලා තමා මැරිලා තිබුනේ. ඒක නිසාම බඩ එහෙම හොඳටම ඉදිමිලා ඇවිත්. අර මනුස්සයා මුලින්ම පිහි කෑල්ලකින් මිනියේ ඇදුම් ටික සේරම කැපුවා. මමත් ඉතින් නිකම්ම ඉන්න බැරි නිසා ඇදුම් ටික දාන්න බෑග් එක අල්ලන් හිටියා! ඒ අතරෙ අර මිනිහා බොඩි එකේ තුවාල එහෙම තියද බැලුවා. පේන්න තුවාලයක් නැති නිසා බඩ කපලා ඇතුලේ තියන
බඩ වැල් ටික අයින් කරන්න ගත්තා. මම ටිකක් එහාට වෙන්න හිට ගෙන බලන් හිටියේ. පැය කාලක් විතර යන කොට ඇතුලේ තිබ්බ අවයව සේරම වගේ බෙලෙක්කෙකට එකතු කරලා ඉවරයි. ඊට පස්සෙ ඇතුලට බෙහෙත් ගහපු රෙදි කෑලි පිරෙව්වා. මේ වෙන කොට මට ආවෙ අපරාදේ කියලා හිතෙන තත්වෙට ඇවිත් තිබ්බේ. ඒත් ඉතින් ආයෙත් බලන්න ලැබෙන්නෙත්
නැති එකේ මම ඉවසන් හිටියා.

බැදපු නැති කෙල්ලෙක් නිසා ලස්සන ගවුමක් ඇන්දුවේ. ගවුම භාගයක් අන්දලා බලද්දි තමා තේරුනේ එක කකුලක් ටිකක් වකුටුයි කියලා. ඒක හැදුවෙ නැත්තම් කැත නිසා අර මිනිහා ඒක හදන්න ලෑස්ති උනා. ගෝනි කෑල්ලක් කකුල උඩින් දාලා ලොකු මිටියකින් ගහ ගෙන ගහ ගෙන ගියා. කටස් ගාලා සද්දෙකුත් එක්ක කකුල නියම තැනට වැටුනා. ඒ එක්කම අර මිනිහා කිව්වා
"දැන් නම් මහත්තයෝ මෙයාට යන්න වෙන්නෙ බකල ගගහා තමා" කියලා! මමත් ඒකට හිනා වෙලාම කිව්ව "අපොයි ඔව්, දැන් ඉතින් තනි කකුලෙන් පැනලා තමා යන්න වෙන්නෙ" කියලා.

ගවුම අන්දලා ඉවර උනාට පස්සේ මේ මිනිහා ගෙ රාජකාරිය ඉවරයි. ඉතුරු වැඩ කරන්නෙ අනිත් අය. මමත් ඒ මිනිහා එක්කම ලිඳ ගාවට ගිහින් මූන හෝද ගත්තා. එත කොටම වගේ කවුද මන්දා ඇවිත් මොකක් හරි ඈතට විසි කළා. බල්ලො පොර කන සද්දෙත් ඇහුනා. මම නිකමට වගේ අර මනුස්සයා ගෙන් ඇහුවා මොනාද ඒ කියලා. අර මනුස්සයා කිව්වා ඒ අර මිනී කෑළි
කියලා. බඩ වැල් කෑළි වළලන්න ලොකු ගානක් යන නිසා බල්ලො ටිකක් කොටු කරලා හදලා උන්ට කන්න දානවාලු. උන්ව ලිහන්නෙත් නැහැලු ඒක නිසාම!

ඔය අතරේ මිනිහෙක් දුවන් ඇවිත් කිව්වා ජයරත්න මුදලාලි ගෙ ළඟම කෙනෙක් මැරිලා බොඩි එක අරන් එනවා කියලා. ඒක නිසා බෙහෙත් ගහන්න අර මාව එක්කන් ආපු මනුස්සයට ඉන්න කිව්වා. ඒ වෙද්දිත් රෑ11ට ලඟ නිසා මම කිව්වා "ඒකත් ඉවර වෙන කල් මට ඉන්න බැහැ, මම එහෙනම් යන්නම්" කියලා! අර මනුස්සයා කිව්වා "මේ වෙලාවෙ ඔය ළමයාව තනියම යවන්නත්
මොකක්ද වගේ, එහෙනම් එන්න පන්සිල් අරන් යන්න" කියලා! ඒ කාළේ ඉතින් මම හොල්මන් කිව්වම තඹ සතේකටවත් ගනන් ගන්නෙ නැහැ! මම කිව්වා "අපෝ මම බය නැහැ ඕවට, මම මෙහෙමම යන්නම්" කියලා.

ඔන්න ඉතින් මම දැන් ගේට්ටුවත් වහගෙනම යනවා. ජයරත්න මල් ශාලාවෙ ඉදන් අපේ මාමලාගෙ ගෙදරට කිලෝමීටර් එකහමාරකට කිට්ටු වෙන්න තමා තියෙන්නෙ! වැස්සක්වත් නැති නිසා මම තීරනය කලා වෙළ පැත්තෙන් යන්න. මහ පාරෙන් දුර උනාට වෙල පැත්තෙන් ගියාම කිලෝමීටර් භාගයක්වත් නැහැ! ටෝච් එකත් ගහන් මම දැන් වෙල මැද්දෙන් යනවා. ටිකක් දුරක් යද්දි එක පාරටම ගොරවන්න පටන් ගත්තා. වැස්සොත් එහෙම වෙල පැත්තෙන් දුවන්නත්
බැහැ. අකුණු ගහන කොට වෙල මැද්දෙන් ඉන්නත් බැහැ කියලා මට මතක් උනා. ආයෙත් ගියොත් තවත් දුර නිසා මම කෙලින්ම මහ පාර පැත්තට ගියා. ටිකක් දුර යද්දි මට තේරුනා පිටි පස්සෙන් මම යනවත් එක්කම තව කෙනෙක් එනවා කියලා. මම එක පාරටම නතර උනා ඒ එක්කම ඒ සද්දෙත් නතර උනා.. මම දැන් හෙමීට අඩිය තිය තිය ඉස්සහරහට යනවා. මට ඇහෙනවා නිකම් පිටි කොටනවා වගේ සද්දයක්. මම ඉස්සර ඉදන්ම මොකක් හරි දේකට හිත
ගැස්සුනාම ලඟටම ගිහින් බලනවා මොකක්ද වෙන්නෙ කියලා.

ආයෙත් දෙපාරක් හිතන්නෙ නැතුව මම අනිත් පැත්ත හැරිලා ටෝච් එක ගහලා බැලුවා. මෙලෝ යකෙක් නැහැ පිටි පස්සෙ. මම එහෙමම ටිකක් පස්සට ඇවිදන් ගියා. ඒතකොට මම දැක්කා මගේ අඩි එක්කම තව කාගෙ හරි අඩි තියෙනවා. හැබැයි තියෙන්නෙ වම් කකුලේ අඩිය විතරයි. දකුණු පැත්තෙ එක නැහැ! මට එක පාරටම මතක් උනේ අර එම්බාම් කරන්න ගෙනත් තිබ්බ
බොඩි එක. ඒ එක්කම මට හිතුනා අර මනුස්සයා මාව බය කරන්න තමා පැන පැන එන්න ඇත්තෙ කියලා. මම ටිකක් හය්යෙන් ඇහුවා "තොට පිස්සුද යකෝ තනි අණ්ඩෙන් එන්නේ, අනික කැඩිලා ද" කියලා. එතකොටම මගේ කන ගාවින්ම කවුරු හරි කෙල්ලෙක් කිව්වා "අර මාමා මගේ එක කකුලක් කැඩුවා නෙ මල්ලි" කියලා..

මම හොඳටම බය වෙලා ටෝච් එකත් දාලා දුවලා ගියා. තුන් හතර වතාවක්ම වැටිලත් මම ආයෙත් දිව්වා. ඊළඟ දවසේ සිහිය එද්දි මම හිටියේ මාමාගෙ ගෙදර! මම රෑ වෙනකල් ආවෙ නැති නිසා මාමා තව කීප දෙනෙක් එක්ක මාව හොයන්න ඇවිත්. හොයන කොට මාව පොල් ලෙලි පල් කරන වලක් ගාව ඉදලා හම්භ වෙලා! කට්ටියටම පුදුමයි මම වලට වැටෙන්නෙ නැතුව ඒදන්ඩ දිගේ ආපු එක ගැන. සමහර විට අර ගෑණු ලමයට හිතෙන්න ඇති එයාට වෙච්ච දේම මටත් වෙන එක නවත්තන්න!

මේ සිද්ධියෙන් පස්සෙ මම හොල්මන් විශ්වාස කරන්න පටන් ගත්තා. සම්පූර්නයෙන්ම සත්‍ය කතාවක්
 

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
හොල්මන් වලට බය වෙන්නෙ එපා සුහදව කථා කරන්න බය පෙන්නනේ නැතුව. :rofl:
ඇත්තටම ඔතන ඇත්ත මිනිහෙක් හිටියා නම් තමයි බය වෙන්න ඕනේ මොකද එහෙනම්
ඔයාවත් මරලා ළග තියෙන ඒවාත් හොරකම් කරගෙන යන්නේ.
 

SickHead

Member
Aug 26, 2011
597
39
0
eka parak man ape gewal laga cemetry lagin enawa ra 8.30 witara,,

a kale mat satha 5a baya na,,eka parata paduru helawena saddayak awa,,
man gazzila gfya ban,,
mage heart beat eka matama ahenawa,,

kadagena bidagena duwagena giya ban gedarata
hehehe

ඒ නම් වෙන මොකක් හරි වෙන්න ඇති බන්!:lol: උබ චෙක් කරලා බැලුවේ නැද්ද?
 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
හොල්මන් වලට බය වෙන්නෙ එපා සුහදව කථා කරන්න බය පෙන්නනේ නැතුව. :rofl:
ඇත්තටම ඔතන ඇත්ත මිනිහෙක් හිටියා නම් තමයි බය වෙන්න ඕනේ මොකද එහෙනම්
ඔයාවත් මරලා ළග තියෙන ඒවාත් හොරකම් කරගෙන යන්නේ.

සිරා කතාව... ලොල්ස්..
 

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මචන් බොරෑල්ලේ වෙල් සහ එදඩු තියෙනවද? මොකද ජයරත්න මල් ශාලාව තියෙන්නෙ බොරෑල්ලේ නේ? :shocked:
     
    Last edited:

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    KALPANAAWEN INDAPAN...UBATA AASAWELADA DANNAA UBE PASSEN AWE....OKUN EHEMA AWAMA LESIYEN YANNE NA....SAMAHARAWITA THAMATH ATHI...NIDAGANNA GIYA WELAWATA EHEMA MATHAK KARAPAN...UBA LAGINMA AWILLA HAANSI WEI...

    නැහැ මචන්! මමත් ගියා ඒ අක්කා ගෙ මළ ගෙදර! එයා ඒ පවුලෙම ලොකු අයියා ගෙ දුව වෙලා ඉපදුනා කියලා සස්තරේට කිව්වලු. එයා මැරිලා පැය 3කින් වගේ තමා බබත් ලැබිලා තියෙන්නෙ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචන් මං අහල තියෙනව හොල්මන් දැක්කම ඇඳුම් ඔක්කොම ගලවල දාල කුණු හරුපෙන් බනින්න ඕන කියල අනිත් පාර එහෙම කරලා බලල ප්‍රතිපල අපිට දන්වපන් :eek:
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    මචන් බොරෑල්ලේ වෙල් සහ එදඩු තියෙනවද? මොකද ජයරත්න මල් ශාලාව තියෙන්නෙ නේ? :shocked:
    මල් ශාලා එකද බන් තියෙන්නෙ? ජයරත්න මල් ශාලා 30කට වඩා තියෙනවා ලංකාව පුරාම. මේක උණේ කැලනියෙ ජයරත්න මල් ශාලාවට ගිහින් එද්දි