<~~සත්‍ය හොල්මන් කතාවක්~~>

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔය කියපු දෙයිනුත්තවත් සමහරක් සිද්දිත් සලකා බලනකොට එක දෙයක් පැහැදිලි වෙනව.ඒ තමයි මේ වයසින් අඩු හදිසි අනතුරු වලින් වගේ මිය ගිය අයගේ ශරීර වලින් ආත්මය නිදහස් වුනාම ඒ නිදහස් වෙච්ච සමහරක් ආත්ම වල ශක්තිය අර ස්ව්භාවික තත්වයෙන් මිය ගිය ආත්ම වල තියෙන ශක්තියට වඩා වැඩී කියන එක.

    මොකද මෙයා උත්සාහ කරනව වෙන්ඩ බැරිද අර එකපාරටම පවුලේ අයගෙන් වෙන්වුනාම ඒ පවුලේ අය සමඟ කොහොම හරි කතා කරන්ඩ හරි එහෙම නැත්තන් මොකක් හරි සම්බන්ධතාවක් ගොඩ නගාගන්ඩ උත්සාහ කරන එක.ඒකත් බොහෝ විට ඒ ඒ සූක්ශම භාවයට පත්වූ ශරීර ස්ව්භාවය අනුව ,ශක්තිය අනුව වෙනස් වෙන්ඩ පුලුවන්.

    අපේ බුදු හාමුදුරුවෝත් එක තැනක කියල තියෙනව මේ අපේ ශරීරයයි සිතයි කියන්නේ හරියට තණකොල ගහක් සහ එහි මැද ඇති කූර වගේ කියල.එතනදි බුදු හාමුදුරුවෝ කිව්වේ තණගසෙන් එහි බොඩය ඉවත් කරන්නාක් මෙන් අපේ ශරීරයෙන් සිත එහෙම නැත්නම් මනසද ඉවත් කල හැක කියල.

    එහෙම නම් මේ එකපාරටම හදිසි අනතුරකින් හරි කොහොම හරි මේ ශරීරයෙන් මනස ඉවත් වුනහම ඒ ආත්මය කොයි මට්ටමකට පත් වෙයිද කියන එක හිතා ගන්ඩ පුලුවන් නේද?

    හැබැයි මේකට පෙර කරන ලද කුශල ශක්තිය අනිවාර්යෙන් නවත ඉපදීමකදි බලපානව.ඒක වෙනම එකක්.නමුත් අන්තරාබව තත්වයට පත්වෙනකොට පෙර කරන ලද කුශල අකුශල බලයෙන් අනිවාර්යෙන් ඔහු ලබිය යුත්තේ මිනිස් ආත්මයකද,ප්‍රේත හෝ භූත ආත්මයකද කියන එක තීරණය වෙනව.

    ඉතින් එහෙම බලපුවහම ඉහතින් සඳහන් කරපු ගෑණු ළමය මොන ආත්මෙක ඉපදුනාද කියන එක තීරණය කරන්ඩ පුලුවන්.ඕක තමා මගේ අදහස නම්
    :dull:
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ඔය කියපු දෙයිනුත්තවත් සමහරක් සිද්දිත් සලකා බලනකොට එක දෙයක් පැහැදිලි වෙනව.ඒ තමයි මේ වයසින් අඩු හදිසි අනතුරු වලින් වගේ මිය ගිය අයගේ ශරීර වලින් ආත්මය නිදහස් වුනාම ඒ නිදහස් වෙච්ච සමහරක් ආත්ම වල ශක්තිය අර ස්ව්භාවික තත්වයෙන් මිය ගිය ආත්ම වල තියෙන ශක්තියට වඩා වැඩී කියන එක.

    මොකද මෙයා උත්සාහ කරනව වෙන්ඩ බැරිද අර එකපාරටම පවුලේ අයගෙන් වෙන්වුනාම ඒ පවුලේ අය සමඟ කොහොම හරි කතා කරන්ඩ හරි එහෙම නැත්තන් මොකක් හරි සම්බන්ධතාවක් ගොඩ නගාගන්ඩ උත්සාහ කරන එක.ඒකත් බොහෝ විට ඒ ඒ සූක්ශම භාවයට පත්වූ ශරීර ස්ව්භාවය අනුව ,ශක්තිය අනුව වෙනස් වෙන්ඩ පුලුවන්.

    අපේ බුදු හාමුදුරුවෝත් එක තැනක කියල තියෙනව මේ අපේ ශරීරයයි සිතයි කියන්නේ හරියට තණකොල ගහක් සහ එහි මැද ඇති කූර වගේ කියල.එතනදි බුදු හාමුදුරුවෝ කිව්වේ තණගසෙන් එහි බොඩය ඉවත් කරන්නාක් මෙන් අපේ ශරීරයෙන් සිත එහෙම නැත්නම් මනසද ඉවත් කල හැක කියල.

    එහෙම නම් මේ එකපාරටම හදිසි අනතුරකින් හරි කොහොම හරි මේ ශරීරයෙන් මනස ඉවත් වුනහම ඒ ආත්මය කොයි මට්ටමකට පත් වෙයිද කියන එක හිතා ගන්ඩ පුලුවන් නේද?

    හැබැයි මේකට පෙර කරන ලද කුශල ශක්තිය අනිවාර්යෙන් නවත ඉපදීමකදි බලපානව.ඒක වෙනම එකක්.නමුත් අන්තරාබව තත්වයට පත්වෙනකොට පෙර කරන ලද කුශල අකුශල බලයෙන් අනිවාර්යෙන් ඔහු ලබිය යුත්තේ මිනිස් ආත්මයකද,ප්‍රේත හෝ භූත ආත්මයකද කියන එක තීරණය වෙනව.

    ඉතින් එහෙම බලපුවහම ඉහතින් සඳහන් කරපු ගෑණු ළමය මොන ආත්මෙක ඉපදුනාද කියන එක තීරණය කරන්ඩ පුලුවන්.ඕක තමා මගේ අදහස නම්
    :dull:


    :yes:
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    "අර මාමා මගේ එක කකුලක් කැඩුවා නෙ මල්ලි"

    :lol:

    tumblr_lopameTibW1qj8n48o1_400.gif

     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නැහැ මචන්! මමත් ගියා ඒ අක්කා ගෙ මළ ගෙදර! එයා ඒ පවුලෙම ලොකු අයියා ගෙ දුව වෙලා ඉපදුනා කියලා සස්තරේට කිව්වලු. එයා මැරිලා පැය 3කින් වගේ තමා බබත් ලැබිලා තියෙන්නෙ

    එම්බාම් එකට කොච්චර වෙලා ගියාද?
    &#133;
    &#133;ඒ කියන්නෙ උඹත් එක්ක ගිහිල්ල ඒ අක්ක කෙලිනම් යන්න ඇත්තෙ එයාගෙ අක්කගෙ බබ හම්බ වෙච්ච ඉස්පිරිතාලෙ
    &#133;
    &#133;මොකද එම්බාම් එකටත් යනවනෙ පැයක් 2ක් විතර වගේ.
    &#133;
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හොල්මන් විශ්වාස කරන අයට වඩා විශ්වාස නොකරන අය වැඩී කියලා මම දන්නවා.මමත් අවුරුදු 15දි හිටියේ ඒ ගොඩේ, ඒත් එක්තරා සිදුවීමක් නිසා මම මගේ මතය වෙනස් කලා. මේ සිද්දිය වෙන කාළේ මම හිටියේ අපේ මාමා කෙනෙක් ගෙ ගෙදර නතර වෙලා. ඒ ගෙදර එළියෙ කාමරේක නතර වෙලා හිටියා අවුරුදු 50ක විතර මනුස්සයෙක්, මිනිහගෙ ජොබ් එක උනේ ජයරත්න මල් ශාලාවෙ මිනී එම්බාම් කරන එක! ටික දවසක් ගෙවිලා යද්දි මටත් ආස උනා මිනියක් එම්බාම් කරන හැටි බලන්න. මම ඒ මනුස්සයාට කාරණේ කිව්වම ඒ මිනිහත් කැමති උනා මාව එක දවසකට එක්කන් යන්න.

    මමත් කොහොම හරි මිනී කාමරේට රිංගුවා කියමුකෝ. මැරිලා හිටියෙ අවුරුදු 20ක විතර කෙල්ලෙක්. වතුරේ ගිළිලා තමා මැරිලා තිබුනේ. ඒක නිසාම බඩ එහෙම හොඳටම ඉදිමිලා ඇවිත්. අර මනුස්සයා මුලින්ම පිහි කෑල්ලකින් මිනියේ ඇදුම් ටික සේරම කැපුවා. මමත් ඉතින් නිකම්ම ඉන්න බැරි නිසා ඇදුම් ටික දාන්න බෑග් එක අල්ලන් හිටියා! ඒ අතරෙ අර මිනිහා බොඩි එකේ තුවාල එහෙම තියද බැලුවා. පේන්න තුවාලයක් නැති නිසා බඩ කපලා ඇතුලේ තියන
    බඩ වැල් ටික අයින් කරන්න ගත්තා. මම ටිකක් එහාට වෙන්න හිට ගෙන බලන් හිටියේ. පැය කාලක් විතර යන කොට ඇතුලේ තිබ්බ අවයව සේරම වගේ බෙලෙක්කෙකට එකතු කරලා ඉවරයි. ඊට පස්සෙ ඇතුලට බෙහෙත් ගහපු රෙදි කෑලි පිරෙව්වා. මේ වෙන කොට මට ආවෙ අපරාදේ කියලා හිතෙන තත්වෙට ඇවිත් තිබ්බේ. ඒත් ඉතින් ආයෙත් බලන්න ලැබෙන්නෙත්
    නැති එකේ මම ඉවසන් හිටියා.

    බැදපු නැති කෙල්ලෙක් නිසා ලස්සන ගවුමක් ඇන්දුවේ. ගවුම භාගයක් අන්දලා බලද්දි තමා තේරුනේ එක කකුලක් ටිකක් වකුටුයි කියලා. ඒක හැදුවෙ නැත්තම් කැත නිසා අර මිනිහා ඒක හදන්න ලෑස්ති උනා. ගෝනි කෑල්ලක් කකුල උඩින් දාලා ලොකු මිටියකින් ගහ ගෙන ගහ ගෙන ගියා. කටස් ගාලා සද්දෙකුත් එක්ක කකුල නියම තැනට වැටුනා. ඒ එක්කම අර මිනිහා කිව්වා
    "දැන් නම් මහත්තයෝ මෙයාට යන්න වෙන්නෙ බකල ගගහා තමා" කියලා! මමත් ඒකට හිනා වෙලාම කිව්ව "අපොයි ඔව්, දැන් ඉතින් තනි කකුලෙන් පැනලා තමා යන්න වෙන්නෙ" කියලා.

    ගවුම අන්දලා ඉවර උනාට පස්සේ මේ මිනිහා ගෙ රාජකාරිය ඉවරයි. ඉතුරු වැඩ කරන්නෙ අනිත් අය. මමත් ඒ මිනිහා එක්කම ලිඳ ගාවට ගිහින් මූන හෝද ගත්තා. එත කොටම වගේ කවුද මන්දා ඇවිත් මොකක් හරි ඈතට විසි කළා. බල්ලො පොර කන සද්දෙත් ඇහුනා. මම නිකමට වගේ අර මනුස්සයා ගෙන් ඇහුවා මොනාද ඒ කියලා. අර මනුස්සයා කිව්වා ඒ අර මිනී කෑළි
    කියලා. බඩ වැල් කෑළි වළලන්න ලොකු ගානක් යන නිසා බල්ලො ටිකක් කොටු කරලා හදලා උන්ට කන්න දානවාලු. උන්ව ලිහන්නෙත් නැහැලු ඒක නිසාම!

    ඔය අතරේ මිනිහෙක් දුවන් ඇවිත් කිව්වා ජයරත්න මුදලාලි ගෙ ළඟම කෙනෙක් මැරිලා බොඩි එක අරන් එනවා කියලා. ඒක නිසා බෙහෙත් ගහන්න අර මාව එක්කන් ආපු මනුස්සයට ඉන්න කිව්වා. ඒ වෙද්දිත් රෑ11ට ලඟ නිසා මම කිව්වා "ඒකත් ඉවර වෙන කල් මට ඉන්න බැහැ, මම එහෙනම් යන්නම්" කියලා! අර මනුස්සයා කිව්වා "මේ වෙලාවෙ ඔය ළමයාව තනියම යවන්නත්
    මොකක්ද වගේ, එහෙනම් එන්න පන්සිල් අරන් යන්න" කියලා! ඒ කාළේ ඉතින් මම හොල්මන් කිව්වම තඹ සතේකටවත් ගනන් ගන්නෙ නැහැ! මම කිව්වා "අපෝ මම බය නැහැ ඕවට, මම මෙහෙමම යන්නම්" කියලා.

    ඔන්න ඉතින් මම දැන් ගේට්ටුවත් වහගෙනම යනවා. ජයරත්න මල් ශාලාවෙ ඉදන් අපේ මාමලාගෙ ගෙදරට කිලෝමීටර් එකහමාරකට කිට්ටු වෙන්න තමා තියෙන්නෙ! වැස්සක්වත් නැති නිසා මම තීරනය කලා වෙ&#567ws@9526#354(¥[B',6'2335ó6t3À6#3501;්තෙන් යන්න. මහ පාරෙන් දුර උනාට වෙල පැත්තෙන් ගියාම කිලෝමීටර් භාගයක්වත් නැහැ! ටෝච් එකත් ගහන් මම දැන් වෙල මැද්දෙන් යනවා. ටිකක් දුරක් යද්දි එක පාරටම ගොරවන්න පටන් ගත්තා. වැස්සොත් එහෙම වෙල පැත්තෙන් දුවන්නත්
    බැහැ. අකුණු ගහන කොට වෙල මැද්දෙන් ඉන්නත් බැහැ කියලා මට මතක් උනා. ආයෙත් ගියොත් තවත් දුර නිසා මම කෙලින්ම මහ පාර පැත්තට ගියා. ටිකක් දුර යද්දි මට තේරුනා පිටි පස්සෙන් මම යනවත් එක්කම තව කෙනෙක් එනවා කියලා. මම එක පාරටම නතර උනා ඒ එක්කම ඒ සද්දෙත් නතර උනා.. මම දැන් හෙමීට අඩිය තිය තිය ඉස්සහරහට යනවා. මට ඇහෙනවා නිකම් පිටි කොටනවා වගේ සද්දයක්. මම ඉස්සර ඉදන්ම මොකක් හරි දේකට හිත
    ගැස්සුනාම ලඟටම ගිහින් බලනවා මොකක්ද වෙන්නෙ කියලා.

    ආයෙත් දෙපාරක් හිතන්නෙ නැතුව මම අනිත් පැත්ත හැරිලා ටෝච් එක ගහලා බැලුවා. මෙලෝ යකෙක් නැහැ පිටි පස්සෙ. මම එහෙමම ටිකක් පස්සට ඇවිදන් ගියා. ඒතකොට මම දැක්කා මගේ අඩි එක්කම තව කාගෙ හරි අඩි තියෙනවා. හැබැයි තියෙන්නෙ වම් කකුලේ අඩිය විතරයි. දකුණු පැත්තෙ එක නැහැ! මට එක පාරටම මතක් උනේ අර එම්බාම් කරන්න ගෙනත් තිබ්බ
    බොඩි එක. ඒ එක්කම මට හිතුනා අර මනුස්සයා මාව බය කරන්න තමා පැන පැන එන්න ඇත්තෙ කියලා. මම ටිකක් හය්යෙන් ඇහුවා "තොට පිස්සුද යකෝ තනි අණ්ඩෙන් එන්නේ, අනික කැඩිලා ද" කියලා. එතකොටම මගේ කන ගාවින්ම කවුරු හරි කෙල්ලෙක් කිව්වා "අර මාමා මගේ එක කකුලක් කැඩුවා නෙ මල්ලි" කියලා..

    මම හොඳටම බය වෙලා ටෝච් එකත් දාලා දුවලා ගියා. තුන් හතර වතාවක්ම වැටිලත් මම ආයෙත් දිව්වා. ඊළඟ දවසේ සිහිය එද්දි මම හිටියේ මාමාගෙ ගෙදර! මම රෑ වෙනකල් ආවෙ නැති නිසා මාමා තව කීප දෙනෙක් එක්ක මාව හොයන්න ඇවිත්. හොයන කොට මාව පොල් ලෙලි පල් කරන වලක් ගාව ඉදලා හම්භ වෙලා! කට්ටියටම පුදුමයි මම වලට වැටෙන්නෙ නැතුව ඒදන්ඩ දිගේ ආපු එක ගැන. සමහර විට අර ගෑණු ලමයට හිතෙන්න ඇති එයාට වෙච්ච දේම මටත් වෙන එක නවත්තන්න!

    මේ සිද්ධියෙන් පස්සෙ මම හොල්මන් විශ්වාස කරන්න පටන් ගත්තා. සම්පූර්නයෙන්ම සත්‍ය කතාවක්

    machan umba oya minee kapapu siddiya balan indiddi a miniye kakula kadapu scene eka thamai godakma yati hithe thanpath wela thiyenne aththe...eeta passe umba thaniyen yana welawe a siddiya umbema yati hithen udata aragena umbawa baya karaa wage deyak hithen nadda....mokada holmanak ohoma kathaa karaa kiyala nam hithanna tikak amarui wagee....
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඕවා බොරු බන්ස්.අපිට හරියට හීන පේනවා වගේ තමයි.එදා දවසේ සිදුවුන දේවල් නේ ගොඩක් වෙලාවට රැට හීනෙන් පේන්නේ.ඒ වගේ තමයි උඹේ යටි හිතට උඹ නොදැනුවත්ම එම්බාම් කරන සීන් එක කා වැදිලා තියෙනවා.ඉතින් ඊට පස්සේ උඹ මහ ලොකුවට භය නෑ වගේ ආවට උඹේ යටි හිතේ කැළඹිල්ලක් වගේ තිබුන එක නිසා උඹට ඒක මැවිලා පේන්න ඇති.හිත අධික ලෙස භය උනාම උඹේ හිත තීරණය කරනවා ඒකට ඇකශන් එකක් ගන්න.ඒ හින්දා උඹ හොයන්නේ බලන්නේ නැතුව දුවන්න ඇති.ඒක අනිච්චානුගව වෙන සීන් එකක්.

    මම මේ ලොකුවට කිව්වට සමහර විට මම උනත් භය වෙන්න තිබුනා.මොකද අපේ සිස්ටම් හැදිලා තියෙන්නෙ ඒ විදියට.:confused: