සතා මොකාද?

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    සිංහල ටිකක් එහෙම දන්න ඇමරිකානුවෙක් ගියාලු ලංකාවේ දුෂ්කර ගමකට. එහෙදි පොරට ලංකාවෙ වයසක සීය කෙනෙක් හමු වුනාලු. ඉතින් මේ පොර ලඟ තියන ගැජට් දැකල ඒ වයසක උන්දැට හෙන පුදුමයි ලු.

    දවසක් මේ ඇමරිකානුවා තමන්ගෙ ලොකුව පෙන්නන්නත් එක්ක මේ වයසක උන්දැට චැලේන්ජ් එකක් දුන්නලු...

    මං උඹෙන් සාමන්‍ය දැනීම ප්‍රශ්නයක් අහනවා උඹට උත්තර දෙන්න බැරි උනොත් මට රුපියල්5 ක් දීපන් උඹ අහන එක මට බැරි උනොත් උඹට මං රුපියල්500 ක් දෙනවා කියලා.
    වයසක උන්දැත් දෙසැරයක් කල්පනා කරන් නැතුව මේකට කැමති උනාලු..

    අමෙරිකානුවා :
    පෘථිවිය ඉදන් හඳට දුර කීයද?

    වයසක උන්දැ කල්පනා කරල බැරිම තැන රුපියල්5 ක් අරං ඇමරිකන් පොරට දුන්නලු..ඇමරිකන් කාරය කින්ඩි හිනාවක් දැම්මලු..

    දැන් වයසක උන්දැගෙ වාරෙලු

    වයසක උන්දැ :
    කකුල් තුනෙන් කන්දක් නැගලා කකුල් හතරෙන් කන්ද බහින සතා කවුද?

    ඇමෙරිකානුවා, තමන්ගෙ ලැප් එකෙන් නෙට් සර්ෆ් කරලා, යාළුවො එක්ක ප්‍රශ්නෙ ගැන චැට් කරල, පැයකට විතර පස්සෙ බැරිම තැන පර්ස් එකෙන් රුපියල්500 ක් අරං වයසක උන්දැට දුන්නලු..

    ඇමෙරිකානුවා :
    ඇත්තටම ඒ සතා මොකාද සීයෙ?

    ඒක අහපු වයසක උන්දැ සාක්කුවෙන් රුපියල්5 ක් අරං ඇමරිකානුවට දුන්නලු.
    :lol::lol: