ස්ත්‍රී ලිංග

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ස්ත්‍රී ලිංග

    කොළඹ තියෙන ඉංගිරිස් ප්‍රයිවට් ඉස්කෝලෙක වාර විභාගයක් පැවැත්වුණාලු. ඉංගිරිස් ඉස්කෝලේ කියලා වෙනසක් නෑ. උන්ට සිංහලත් උගන්නනවා. ඉතින් වාර විභාගේ වෙලාවේ ඒ ඉස්කෝලෙ හතර වසරේ පොඩි එවුන්ට සිංහල ප්‍රශ්න පත්තරේ දුන්නාලු. ඒකේ තිබුණාලු මෙන්න මෙහෙම ප්‍රශ්නයක් (පළවෙනි වාක්‍ය 2 නම් මට හොඳට මතකයි. අනිත් ඒවා නම් හරියටම මතක නෑ)

    පහත සඳහන් වාක්‍ය ස්ත්‍රී ලිංගයට හරවා නැවත ලියන්න.

    1) මොණරා පිල් විදහා නටයි.
    2) වඳුරා ගසෙන් ගසට පනියි.
    3) මල්ලී කරණම් ගසයි.
    4) තාත්තා රැකියාවට ගොස් ගෙදර එයි.
    5) අශ්වයා වේගයෙන් දුවයි.

    ඉතින් එක ඇඹිටිල්ලන් කොලුවෙක් උත්තරේට ලියලා තිබුණේ මෙන්න මෙහෙමලු.

    1) ස්ත්‍රී ලිංගය පිල් විදහා නටයි.
    2) ස්ත්‍රී ලිංගය ගසෙන් ගසට පනියි.
    3) ස්ත්‍රී ලිංගය කරණම් ගසයි.
    4) ස්ත්‍රී ලිංගය රැකියාවට ගොස් ගෙදර එයි.
    5) ස්ත්‍රී ලිංගය වේගයෙන් දුවයි.






    සිංහල ටිකක් එහෙම දන්න ඇමරිකානුවෙක් ගියාලු ලංකාවේ දුෂ්කර ගමකට. එහෙදි පොරට ලංකාවෙ වයසක සීය කෙනෙක් හමු වුනාලු. ඉතින් මේ පොර ලඟ තියන ගැජට් දැකල ඒ වයසක උන්දැට හෙන පුදුමයි ලු.

    දවසක් මේ ඇමරිකානුවා තමන්ගෙ ලොකුව පෙන්නන්නත් එක්ක මේ වයසක උන්දැට චැලේන්ජ් එකක් දුන්නලු...

    මං උඹෙන් සාමන්‍ය දැනීම ප්‍රශ්නයක් අහනවා උඹට උත්තර දෙන්න බැරි උනොත් මට රුපියල්5 ක් දීපන් උඹ අහන එක මට බැරි උනොත් උඹට මං රුපියල්500 ක් දෙනවා කියලා.
    වයසක උන්දැත් දෙසැරයක් කල්පනා කරන් නැතුව මේකට කැමති උනාලු..

    අමෙරිකානුවා :
    පෘථිවිය ඉදන් හඳට දුර කීයද?

    වයසක උන්දැ කල්පනා කරල බැරිම තැන රුපියල්5 ක් අරං ඇමරිකන් පොරට දුන්නලු..ඇමරිකන් කාරය කින්ඩි හිනාවක් දැම්මලු..

    දැන් වයසක උන්දැගෙ වාරෙලු

    වයසක උන්දැ :
    කකුල් තුනෙන් කන්දක් නැගලා කකුල් හතරෙන් කන්ද බහින සතා කවුද?

    ඇමෙරිකානුවා, තමන්ගෙ ලැප් එකෙන් නෙට් සර්ෆ් කරලා, යාළුවො එක්ක ප්‍රශ්නෙ ගැන චැට් කරල, පැයකට විතර පස්සෙ බැරිම තැන පර්ස් එකෙන් රුපියල්500 ක් අරං දුන්නලු..

    ඇමෙරිකානුවා :
    ඇත්තටම ඒ සතා මොකාද සීයෙ?















    ඒක අහපු වයසක උන්දැ පර්ස් එකෙන් රුපියල්5 ක් අරං ඇමරිකානුවට දුන්නලු





    මධ්‍යසාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක,මධ්‍යසාර රසබලන්නා මියගිය හෙයින් එම තනතුර සදහා සුදුසු පුද්ගලයකු තෝරා පත්කර ගැනිමට කර්මාන්ත ශාලා හිමිකරු විසින් තිරණය කරන ලදි....

    ඒ සදහා පුවත්පත් දැන්වීමක් පලකල අතර, හිමිකරු ඇතුලු කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂක වරු ඉදිරියේ සම්මුක පරික්ෂණයක් පවත්වන්නට තිරණය කෙරිනි...

    සම්මුක පරික්ෂණය සදහා සහබාගිවු පිරිස අතරෙහි සිටි වැරහැලි ඇදගත් බේබද්දෙකු දුටු කර්මාන්ත ශාලා හිමිකරුට මහත්වු කෝපයක් ඇතිවිය.. තම කෝපය යටපත් කරගත් හිමිකරු ඔහුව එලවා දැමීමෙ අටියෙන් ඔහුම ප්‍රශ්ණ ඇසිමට ඉදිරිපත් විය...

    ''හොදයි දැන් මම තමුසෙට දෙනවා මධ්‍යසාර වීදුරුවක්. තමුසෙ මේකේ බ්‍රැන්ඩ් එක කියනවා බලන්න...''

    වහා ‍ගිජුලෙස මධ්‍යසාර විදුරුව ගිල දැමු ඔහු...

    ''මේ තමා රතු වයින්, මෙක මස්කට් වයින් වල ප්‍රභේදයක්,අවුරුදු තුනක් පමන පරණයි..මෙවා හදල තියෙන්නෙ පර්ත් වල තිබ්බ මිදි වගාවකින්. එතකොට පදම් කරල තිබෙන්නෙ වානේ පෙට්ටි තුල. තව කියනවනම් මේවා........''

    පුදුමයෙන් ඔහු දෙස බැලු හිමිකරු නැවත ඔහුට වඩා මිල අධික,දුර්ලභ වයින් විශේෂයක් පිලිගන්වන ලදි...

    ''මේත් රතුවයින් විශේෂයක්,ඉතා දුර්ලභ කාබනේට් වයින් වල ප්‍රභේදයක්. අවුරුදු අටක් පමන පරණයි.මිදිවගාව තිබිල තියෙන්නේ නිරිතදිග නිව්ජර්සි වල.පදම් කරන්නට භාවිතා කරල තියෙන්නේ ඔක් බැරල් වර්ගයක්....''

    තම අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරියේ මහත් අපහසු තාවයට පත්වු හිමිකරු තම ලේඛම් වරියට දුන් සංඥාවක් අනුව නැවත බදුනක් ඔහු ඉදිරියට ගෙන එන ලදි..

    එය පානය කිරිමෙන් මුණ ඇබුල් වු බේබදු තෙමේ කථා කරන්නට විය..

    ''සුදු සමක් තිබෙන, දුඹුරු කෙස් කලඹක් තිබෙන අවුරුදු 26ක් පරණයි. office එක ඇතුලේ හොදට පදම්වෙලා තියනවා.දැන් මාස තුනක ගැබිණියක්....''

    ''ඔයි සර්,
    තමුසෙ මට ජොබ් එක දෙනවද,නැත්තම් මන් තාත්තා කවුද කියලත් කියන්නද..? '


    Repost nam Sorry :cool::cool::cool:
     

    Lansalaral

    Member
    Jun 20, 2011
    1,213
    212
    0
    Kurunegala
    'ඔයි සර්,
    තමුසෙ මට ජොබ් එක දෙනවද,නැත්තම් මන් තාත්තා කවුද කියලත් කියන්නද..? ' Rep+++